Followers

Tuesday, March 10, 2015

කියන්න එකක්. කරන්න එකක්. කමක් නෑ; කරන්න හොරෙන්!

පසුගිය දවස් කීපයේ,
ජීවිතයේ පලමු වතාවට
අපි ශ්‍රී ලාංකිකයින් විසින් අවුරුදු දහස් ගනනක් පුරාවට 
රැක ගෙන ආ සංඝ පරපුර ගැන 
මට හෘදයංගම, 
අවංක ආදරයක් ඇති උනා
Image result for image of ven sobhitha thero

මැදපෙරදිග ගොස් අපේ සහෝදරියන් විඳින
 දසවද පෙනුනත්
 මෙතුවක් කල් නොපෙනුනා සේ සිටි
 තක්කඩි පාලකයින්ගේ 
ව්‍යාපාරිකයින්ගේ ඇස් කන් අරවමින් 
සෝභිත හිමියන් කල ප්‍රකාෂයට මාගේ ප්‍රණාමය.



Image result for dambara amila

තවත් හිමි නමක් ප්‍රකාෂ කරලා තිබුනා  අලි ඇතුන් 
බැඳ ගෙන උන්ට කරනා කරදර අඩං තේට්ටං 
දෙන දසවද වලින් නිදහස් කරලා කැලයට යවමු කියලා.
උන්වහන්සේටත් මාගේ ප්‍රණාමය!
















අස්ගිරි මා නාහිමියෝ රහත් පල ලැබුවා යයි 
පාරම් බාන හිමි නමකට අවවාද කලා මස් කනව නම් හොරෙන් කන්න කියලා.
මේ ප්‍රකාෂය මහිතන්නේ ඉතාම විවාදපන්න ප්‍රකාෂයක්
එමෙන්ම සමහර දෙනෙකු සෝවාන් වෙන්න ඇති 
මේ ප්‍රකාෂය අහල.
අප රටේ සියලුම දුරාචාරයන්ට හේතුව 
මේ ප්‍රකාෂය තුල ගැප් වෙලා තියෙනව කියලයි 
මග පල නොලද මගේ පොඩි මොලේට තේරෙන්නෙ?
කියන්න එකක්. කරන්න එකක්.

කමක් නෑ; කරන්න හොරෙන්!

20 comments:

  1. මැද පෙරදිග කතාව දැං ඉස්සර යුද්ධෙ වගෙ වෙලා... ඕක වෙනස් කරන්න පුලුවන්... හැබැයි මුල ඉඳලම හදන්න ඕනෙ.. ඒක කරන්න නං එකෙක් කෑ ගහලා වැඩක් නෑ... ජනාධිපතිගෙ ඉඳන් පීඩනයක් එන්න ඕනෙ... හොරු, තක්කඩි එක්ක ඕක කරන්න නං කොන්ද තියෙන ජනාධිපතියෙක් එන්න ඕනෙ... ඒ කියන්නෙ අධ්‍යාපනයෙ ඉඳල වෙනස් කරගෙන එන්න ඕනෙ... ( එකෙක් කෑ ගැහුවට කෙරෙන්නෙ නෑ කිව්වෙ ඒකයි.. හැබැයි ඉතිං හැමදාම වේදිකාවල පට්ට ගහන්න නං මරු මතෘකාව... )

    ReplyDelete
    Replies
    1. ඔව්, සරලව සිතුවොත් එකෙක් කෑගහනකොට එය දෙන්නක් වෙනවා
      දෙන්නෙක් කෑගහන කොට හතරක්වෙනවා
      ආදී වශයෙන් දැන් යම් මතයක් ගොඩනැගී තිබෙනවා.
      අනිවාර්‍යයෙන්ම ආන්ඩුව පියවරගතයුතුවෙනවා.

      Delete
  2. පට්ට හාන්දුරුහොරු...

    ඊට හොඳයි බුදු හාමුදුරුවො වගේ ජීවත් වෙන එකා...

    ReplyDelete
    Replies
    1. සංඝ සාසනයට එල්ලවී ඇති බලපෑම තමයි ඒ පෙන්නුම් කරන්නේ
      පව්කරපු අය කියල අහකබලං හිටපු අයනේ.
      හොඳ තත්වයක්

      Delete
  3. Replies
    1. ඒ ප්ලේකරන්නේ උපාසක උපාසිකාවන් දාන බෝල අනුව
      ඒවගේම ග්‍රවුන්ඩ් එක අනුව
      අපි හොඳ බෝල දාන කොට
      ග්‍රවුන්ඩ් එකත් හොඳ නම්
      අනිවාර්‍යයෙන්ම හොඳට ප්ලේකරන්න ඕනෙ

      Delete
  4. එයා කිවුවත් නැතත් හැමෝම කන්නේ හොරෙන් තමා .ඒ අතින් සමන්තභද්‍ර හොඳයි.එයාට කොන්දක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඉල්ලුමට සැපයුම කියල කීවත් වරදක් නෑ.

      Delete
  5. ධාර්මික සමජයක් සාදන බව කියමින්
    අධර්මය ප්‍රවර්ධනය
    දුප්පත්කම පිටු දකිමු කියා
    දුගී බව බෝ කිරීම
    විවෘත ආර්ථිකයට මානුශික මුහුණුවරක් දෙන බව කියා
    පාදඩ ආර්ථිකයක් ඔසවා තැබීම
    මතට තිත කියමින්
    කුඩු එතනෝල් පෙවීම​

    එකක් කියමින්
    එයට හාත්පසින් දෙයක් කිරීම
    අපගේ ජන්ම ගතියක්ද ?
    මේ දෙබිඩි බව අහෝ කුමකටද
    අප රවටන්නේ කාවද ?
    මහා නායකලාත් දැන් කියන්නේ
    කනවා නම් මස් මාංශ
    හොරෙන් කාපිය කියා නේද ?

    හොරෙන් කිරීම
    කොලේ වසා ගැසීම
    කරන්නේ කිම
    අවසානයේ රැවටුනේ කවුද ?
    (From Transylvania blog)

    ReplyDelete
  6. අස්ගිරි මා නාහිමියෝ මහනායකකමට සුදුසුද? මෙන්න එයා ඒ දවස්වල කරපු තවත් වැඩක්.
    http://gossip9news.blogspot.co.uk/2012/08/blog-post_3124.html

    ReplyDelete
    Replies
    1. මාත් එය බැලුවා,
      අර දේවාලේ හොර කපුවා,
      අහිංසක මිනිසුන් මුලාකරන හැටි
      තගරිය දාන හැටි

      Delete
  7. එළිපිට ඉන්න හොරාගෙන් පරෙස්සම් වුනෑකි. හැංගිලා හොරකම් කරන එවුන් ගෙන් කොහොම බේරෙන්නද ?

    ReplyDelete
    Replies
    1. මහිතනව හැංගිලා කරන දේවල් සිවුරු දරන උදවිය විසින් නොකළ යුතුයි කියල.

      Delete
  8. බුද්ධාගමට අනුව මස්කෑමෙන් පවක් වෙන්නේ නෑ මමුත් මාංශ අනුභවයෙන් වැලකෙනවා නම් වඩා හොඳයි මුස්ලිම් වචනවලින් කියනවනම් වෙජිටේරියන් වීම සුන්නත් ක්‍රියාවක්
    මෙතනදී ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ප්‍රසිද්ධියේ මාංශ අනුභව කිරීම නොකල යුත්තේ ඒ අරුතින්.

    ReplyDelete
    Replies
    1. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට
      අස්ගිරියෙ ලොකුහාමුදුරුවො හරි අංසෙන්

      Delete
  9. මට නම් කේන්ති එන්නෙ මස් කෑ එකට නෙවෙයි. ඒක කාපු විදිහටයි..කෝටි ගණන් වැය කරලා උපන්දින පාටි දාන රටේ හාමුදුරුවරු කන්න නැතුව ඉන්න වහලක් නැතුව දුක් විඳිනවා. අපේ රටේ ජනතාව අඳුරේ අගාධයට අරන් යන්න මෙයාල ලොකු සේවයක් කරනවා. හැබෑ බුදු දහම වෙනුවට වාසියට තමන්ගෙ වැරදි සුදු හුණු ගෑමට බණ විකෘති කලාම මිනිස්සු අවිද්‍යාවෙ ගැලෙනවා. අනිත් පැත්තෙන් සාස්තර හූනියම් වශී ගුරුකම් කරන රොත්ත. ඒ වගේම දේශපාලනේට ඇවිත් ඒ වෙනිඋවෙන් ඕනෙ දහදුරා කමක් කරමින් ජනතාව භේද කරන රොත්ත.. ඒ වගේම ඕනෙම දෙයක් වෙනුවෙන් කිසිම හරයක් නැති ප්‍රකාශ කරන මහානායකලා. මේ ඔක්කොම සේවය කරන්නෙ හොරුන්ට තක්කඩියන්ට .. නිර්වානය ගැන නොකියා සාමන්‍ය මනුස්ස ජීවිතය ගැනයි මං කියන්නෙ. මහණ වෙන හැම කෙනෙකුටම නිවන් මගේ යන්න බැහැ නොයෙකුත් දේවල් උදෙසා මහණ වෙන නිසා ඒත් මූලික විනයවත් රකිනවා නම් ඒකත් මිනිස්සු යහමගට ගන්න ප්‍රයෝජනයි..
    බුදුන්වහන්සේ මේ සිදුවීම් ගැන සඳහන් කරලා තියෙනවා. අනාගතයේදී කහ නූලක් අතේ බැඳගත් අය භික්ෂුව හැටියට පිළිගන්නා කාලයක් එනවා..

    ReplyDelete
    Replies
    1. කරන්න බැරිදේවල් කිය කිය
      තමන් තමන්වම රවටා ගැනීමක් අනුන්වත් රැවටීමක්
      එහෙත්
      විද්‍යාත්මකව ඔවුන් විසින් කරනා සේවාවේ ස්වභාවය
      හඳුනාගෙන එය ප්‍රවර්ධනය කළ යුතුයි,
      මෝහයේ නොගිලී

      Delete
  10. උන්වහන්ෙස් රහසින්වත් පවු ෙනාකල ෙස්ක

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අනෙත් අය එහෙමම කරන්න ඕනද?

      හැබැයි උන්නාන්සෙලා බලාපොරොත්තු වෙන සැලකිල්ලේ ගෞරවයේ ප්‍රමානය?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්