Followers

Friday, March 13, 2015

අරූටත් මට කියන්නට තිබෙන්නේ එයයි.!

මට මතකයි මාතලනුත් වරක් ඔහොම සමුගත්තා
එදා මං ලීවේ ඔබ එනතුරු මා දන්න හැටියට කරගෙන යන්නම් කියලයි
ඒ වගේම මාතලනුත් නැවතත්  ආවා.
මාත් හිටියා.
ඒවගේම ටැබූත් වරක් විස්සෝපයට පත්වී සිටියා.
එදා මා කීවේත් අපි මෙය කරන්නේ එනම් බ්ලොග් ලියන්නේ සද් පරමාර්ථයෙන් නම් මේ කර්තව්‍ය අතනොහැර කරගෙනයා යුතුයි කියල.
අරූටත් මට කියන්න්ට තිබෙන්නේ එයයි.
ඔබට කරන ගරු කිරීමක් හැටියටත්
ඔබ නැවත එනතුරු මේ වැඩේ දන්න හැටියට
 මගේ වැඩේ කරගෙන යන්නම්!

ඔබගේ රචනා විලාසය පරදවන්න නම් මට බැරිවෙයි!
----------------------------------------------

අරූගෙ අන්තිම ලිපි


නිහඬ විප්ලවය සහ නිහඬවු මා……….

ආදරනීය මිතුරනි.
නිහඬ විප්ලවයක ප්‍රතිපල ආදරයෙන් දකින්නෙමි. විප්ලවයව නිහඬ යැයි කියනා නිසාම, මමද කටහඬ අවදි කරේ බ්ලොග් තුල නොව, එංගලන්තයේ සිට දුරකතනයෙනි. මම බොහෝ දේ කතා කලෙමි. මම සතුටුවන්නේ මා රට වෙනුවෙන් දැක්වූ දායකත්වයටය. කිසිදු පෞදගලික බලාපොරොත්තු මා සතු නොවීය. ඒ කාගේවත් පිට පැට නොවීම මා සතුය. ඉදිරිය තීරනාත්මකය!!! නමුත් මා නිදහස් මිනිසෙක් බව හැඟේ.
අට ඉවරය! හෙට අප වෙනුවෙන්ය!! හෙට අප වෙනුවෙන් කියන්නේ, මේ අට වෙනිදා නිදහස් කල අහිංසක රට වැසියා ගැනය. තව දුරටත් ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන්නේ කෙසේද කියා, පෙරදා ලෙසින්ම බලා සිටින්නෙමි. අවස්තාවාදි මඩ ගොහොරුව තුල දඟලන මඩකරියන්ද, වැලි අස්සේ සැඟවෙන වැලි ගොව්වන්ගෙන්ද, ඔළුවේ ගූ ඇති ඉස්සන්ගේද බේරී සිටීම හැර, නිදහස් මතකයකින් හැසිරීම ලෙහෙසි පහසු නොවන බව මම වටහා ගත්තේ , නිදහස් යැයි කියනා බ්ලොග් ලෝකය තුලින්මය. ඒ මගේ ඇති පටු ආකල්පය නිසා යැයි කිසිවෙකු කිව හැක. නමුත් එය නිවැරදි නොවන නිසා මම නිහඬ වුනෙමි. මම බ්ලොග් ලෝකයට වඩා වෙනස් ආකරයකින් ඒ වෙනුවෙන් දායක වුනෙමි. මේ නිහඬ විප්ලවයට, ඉතා නිහඬව දායක වීමට ලැබීම මගේ පරම්පරාවේ මෙහෙවර ලෙස මම දකිමි.
මෙවන් ගමනකට ඉඩ පාදාදුන් සමස්ථ ජනතාවට මම සුබ පතන්නේ වෙන කිසිවක් නිසා නොව, මේ කෲර ඒකාධිපතියට විරුද්ධව හඬ නැගීම වෙනුවෙන්ම පමනි!!!නැවතත් මගේ ප්‍රණාමය!!
රාජකාරී කටයුතු නිසාවෙන් දැනට නිහඬ වෙනුමුත්, අදහස් තුලින් කිවයුතු වන්නේ, රට මොකාට ගියමුත්, ජනතා බලය, එක එකාගේ අතට පැවරීමට, අප සුදානම් නොවිය යුතුය බවය. මේ මෑතකදි පටන්ගත් හුටස්පර අළුත් රස්සාවෙන් පොඩි නිදහසක් ලැබුනු දවසක, මම අවුල් නොවී ඔබ හමුවන්නෙමි!!!!!
අවස්තාවාදයට තිත තබමු…..හැබෑ මිනිසා හඳුණාගමු…ඒ වෙනුවෙන් මඩකරි හිස් සහ බඩපිරි කුස් සහිත, නිවටයින්ගෙන් තොර ලෝකයක් සහ නිර්ව්‍යාජ බ්ලොග් ලෝකයකට සුභාසිරි!!!!!!!!!!

36 comments:

  1. අරු නිහඬවීම මහත් දුකක්. ඔහු ලියාගෙන ආ ජීවන අද්දැකීම් සමුදාය බොහෝදෙනෙකුට පාඩම් පොතක් වුන බව නොඅනුමානයි. දුරකථනයත් නිහඬයි. හැබැයි අරු ආපහු ඒයි. මට විශ්වාසයි.

    ReplyDelete
  2. ඔව් ඔව් මාත් යනවා. උඹ එහෙනං එතකං මේ වැඩේ කරං පලයං. හැක්..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි
      ගාමිණී ෆොන්සේකට යන්න එපා කියන කොට
      කැටගොඩත් යන්න යනවලු

      Delete
    2. හැක් හැක්.. කැටගොඩ නෙමෙයි බං... තංගලල් පාදේශිය සභාවේ හිටපු මන්තිරි කෙනෙක්

      Delete
    3. මං කීවේ කැටගොඩස්
      පිච්චර් එකක
      ඇහින්දාස් චරිතයක්
      කරපු කෙනෙක් යන තේරුමෙන්

      Delete
    4. හි හි හු ඈ දේශකයෝ

      Delete
  3. සම්පුර්ණයෙන් ඇත්ත අරූ ඕනම කෙනෙක්.......... ඒ වගේ අවුලක් මමනම් හිතන්නේ නෑ වෙනකාටවත් එතරම් නිරවුල්ව ලියන්න පුළුවන් කියලා

    ReplyDelete
    Replies
    1. සිය අත්දැකීම් වචනවලට
      ලස්සනට ගොතන්න ලේසියෙන් කෙනෙකුට බෑ

      පිට කසානා නොවෙයි ඔන්න
      මුරුංගා අත්තෙ ට්‍රීට්මන්ට් එකත් නොවෙයි ඔන්න

      Delete
  4. අරූ වහං උනේ ඇයි කියන එක ප්‍රශ්ණයක්! අවුල් වන්නට පෙර අවුල්කරගත්තෙ මොකක් හරි අවුලක් නිසා. කොහොම උනත් ඔබාට පස්සෙ ඒ කිට්ටුවට ආ එකම මිනිහ පැනල ගිය එක ගැන දුකයි!

    ReplyDelete
    Replies
    1. මහින්ද පැරදුන නිසා වෙන්න බෑ?

      Delete
  5. ඇත්තට අරූවට මොකද වුණේ.බලාපොරොත්තු වෙච්චි යහපාලනේ ඇවිල්ලා තියෙද්දිත්.?

    ReplyDelete
  6. ඔව් මාත් බ්ලොග් නොලියන කාලේ පවා එයාගේ "අවුල් වන්නට පෙර කියන ලිපි පෙළ " කියෝගෙන ආවේ එක දිගට අපිට ඇස් වලින් දකින්න නොලැබෙන ඒ යටගියාව එයාගේ ලිපි වලින් අපි දැක්කා, ආයෙම එයි

    ReplyDelete
  7. බ්ලොග් ලොකේට නවකයෙක් වුන ඒ දවස්වල අරූ අයියා ගොඩක් උපදෙස් දීලා තියනවා මගේ අඩුපාඩු හදා ගන්න.මට විතරක් නෙමෙයි.දැනුවත්ව ඒ කාලේ ආපු ගොඩක් නවකයන්ට.අනික තමා "අරූගේ අඩවියේ අවුල් වන්නට පෙර ලිපි.ඒවා කියවනකොට අපි මොන චූ කොල්ලොද කියලා හිතෙන මගේ පරම්පරාවේ එවුන් කොච්චරද?ආපහු එනකන් බලා ඉන්නවා ඇරෙන්න වෙන මොනව කරන්නද අපි.

    ReplyDelete
    Replies
    1. පොඩියක් නැවත මතක් කරල බලමු!

      Delete
  8. මා එකල බ්ලොග් ලියන්නියක නොවුනත් “අරූ“ ගේ ලිපි හැම එකක්ම වගේ ආසාවෙන් කියෙව්වා. එක දවසක් අරූගේ අඩවියෙ ලියවී තිබුණා “මට උන.........“ කියලා. එදා අපි ශෝකයට පත්වුනා. ඇත්තටම අරූ අයියාට මොකද උනේ කියලා ඉන්න තැනක් දන්න කියන කවුරු හරි හොයා බලන්න. ඇත්තටම අසනීපයක් දුකක් නම් අපි මොනවා හරි කරමු.

    ReplyDelete
    Replies
    1. මහිතන්නෙ මොකක්වත් වෙලා නෑ
      වරක් නිහාල ගුරුසිංහත් ඔයවගේ ගල්වෙලා හිටිය

      Delete
  9. අරු අයියා අනිවා ආයෙත් එනවා , මම දන්න තරමට මේක තාවකාලික සමුගැනිමක් විතරයි , වැඩ රාජකාරි වැඩි හන්දා ටික දවසකට නොයෙන බවයි දන්වල තිබුනේ , එයාගේ වැඩ රාජකාරි ඉවර උන ගමන් එයා එයි. ...................හැබැයි එයාව සම්බන්දකරගන්නත් බැ , දන්න දුරකථන අංකයට එයා ප්‍රතිචාර දක්වන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. එයාගේ වැඩ රාජකාරි ඉවර උන ගමන් එයා එයි.
      එහෙම පතමු!

      Delete
    2. @අටම්පහුර, ඊ මේල්වලටත් නෝ ප්‍රතිචාර

      @DB, අරූ එනකම් මූ ?

      Delete
  10. අරූ ගෙ අඩවිය හරි ආසාවෙන් කියෙව්වේ. නවත්තන්ට එපා කියන්ටෝ

    ReplyDelete
  11. මගේ උපන් දිනෙන් පස්සේ අරූ එනේව එනවාමයි. ආවේ නැත්නම් ඉතින් මන් අරූ නෙමයි මිට පස්සේ මූ කියල කතා කරන්නේ.

    ReplyDelete
  12. සියළුදේම තාවකාලිකයි. ඒ වගේම කිසිවෙකු ඉන්ඩිස්පෙන්සිබල් ද නැත.

    ReplyDelete
    Replies
    1. දයල් බතීල වගේ අය ඩිස්පෙන්සබල්
      ඒ උනාට රත්නශ්‍රීල වගේ අය ඉන්ඩිපෙන්සබල්
      ඉතින් අරූ වගේ අයත් කලාතුරකින් තමයි හමුවෙන්නේ

      Delete
  13. දයාල්.......................

    අපිටත් නිතරම අැවිත් උපදෙස් අවවාද දුන්නු කෙනෙක් තමයි අරූ............... මම ඔබලාට සීයා කෙනෙක් වගේ කියලා නිතර ම කියනවා...... අැත්තට ම ඒ පරිණත අාශ්‍රය මේ විදිහට අෑත් වීම අපිටත් ලොකූ අඩුවක්.... ඔහු නැවතත් ඉන්නා බ්ලොග් අවකාශයක් දකින්නයි අපිටත් අවශ්‍යය....

    ReplyDelete
    Replies
    1. ඔව් අපි පතමු ඉක්මනින්ම නැවත අවුල්වෙන්න කියල.!

      Delete
  14. දයාල් බතී, අරූ කිව්වා දැනට අරූට වැඩිය ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවක් නැති කමක් තිබෙනවා කියල. නමුත් මෙහෙම මතක් කරලා පෝස්ට් එකක් දාපු එකට හද පතුලෙන්ම ස්තුතියි කියන්නත් කිව්වා. ඇවිල්ල කොමෙන්ට් එකක් දාන්න නොහැකි වීම ගැන කණගාටුයි කියන්නත් කීවා . (මේ කොමෙන්ටුව දාන්නේ අරූ වෙනුවෙන්. )

    ReplyDelete
  15. අජිත් ස්තූතියි ඔබටත්!
    ඉක්මනින්ම නැවත අරූට අවුල්වේවායි පතමු.!

    ReplyDelete
  16. වැඩේ අවුල් උනේ මේ කෙහෙල්මල් චන්ද මගුලක් ආපු නිසා.. අරූ අයියගේ අලුත් ජොබක් හින්ද මේ දවස් වල ෆුල් බිසී කියල තිබුන.. මොනා උනත් එයාම ඇවිත් අවුල ලිහනකං ඉන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් ඉමු හදිසියක් නෑ. මාසයක් කියන්නෙ ලොකු කාලයක් නොවෙයිනේ.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්