Followers

Monday, March 16, 2015

රාජපස්සලාගේ ෆයිල් තිබේ නම් උඹ ගොඩ මල්ලියේ




  මාර්තු 15 ප්‍රඥප්තිය එනම් බොහෝ පක්ෂ එකතුව අත්සන්කොට එකඟවූ  පාර්ලිමේන්තුවට, පලාත් සභාවට හා පලාත් පාලන ආයතනවලට අපේක්ෂකයින් තේරීමේ නිර්දේෂ මධ්‍යයම කාරක සභාපත්වීම්වලට අදාල නැත. මයිත්‍රී විසින් මර්වින්ව ශ්‍රී ලනිපයේ මධ්‍යයම කාරක සභාවට පත්කරලාලු. පසුව පහල උසාවිවල නඩු අහපු ලොකු පෙරකදෝරුවන් හා ගොඩ පෙරකදෝරුවන් විසින් මේ තර්කය ගෙන එනු ලැබේ. මධ්‍යයම කාරක සභාවේ ඉන්නට හොඳ නම් පාර්ලිමේන්තු ගියාම මක්කද? ඊට පස්සෙ විමල් අහනව මරවින්ව සෙන්ට්‍රල් කොමිටියට හොඳනම් මහින්දව අගමැති අපේක්ෂකය කරාම මොකද? ඒ අනුව ඉහත ප්‍රඥප්තියට පලමුවෙනි සන්ශෝධනය ගෙන එනු ලැබේ. රාජපස්සලාට විරුද්ධව පයිල් තියෙන අයට ඉහත නිර්ණායක බලපාන්නේ නැත.

12 comments:

  1. ඉන්නේ කවුදැයි දැන ගත් පසු ඊලඟට වෙන්නේ කුමක්දැයි තෝරා ගන්නට සහ කරන්නේ කුමක්දැයි සිතා ගන්නට මහ මොලයක් ඇවැසි වේද?
    ඉතිහාසය පුනරුච්චාරණය වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත උවමනාව හා ප්‍රායෝගිකත්වය අතර ගැටුම තමයි මෙයින් පෙනෙන්නේ.

      Delete
  2. ඉතිං මැකෝ පිලිගත්තෙත් නෑ නෙව

    ReplyDelete
    Replies
    1. බොරු නොකිය හිටිං!

      Delete
  3. බැටළු හම් බැඳගත් කැනහිළුන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. හරියටම ඇණේ ගහන්න ඕන තැන කොතැනද කියල දැන ගන්න එකත් එහෙම කරන එකත් දස්ස කමක්.

      Delete
  4. //විමල් අහනව මරවින්ව සෙන්ට්‍රල් කොමිටියට හොඳනම් මහින්දව අගමැති අපේක්ෂකය කරාම මොකද?//

    මර්වින්වම අගමැති කරාම මොකද?

    අඩුගණනෙ විමල්ට වැඩියවත් හොඳයිනෙ මෑන්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පක්ශ විසින් ජනතා අපේක්ශා නියෝජනය කරනවා නම්
      ජනතාව ගංජා ගහල ඉන්නේ කියල නොහිත තීන්දු ගන්නව නම්
      නිවැරදි පුද්ගලයින් නිවැරදි තැන්වලට දැමිය යුතුයි.

      Delete
  5. මර්වින් හෑම වරදක්ම පහුකාලෙදි, බොරුවට හරි පිලිගන්නවා,ඒකටත් එක්ක මු විමලය අම්ම මුත්තා,කිව්වත් කවදා වත් ඌට වරදිනව කියල පිලිගන්නෙ නෑනෙ. ඒනිසා ඌට වඩා මර්විය හොදයි.

    ReplyDelete
    Replies
    1. මෑන්ස් මැරෙන මිනිහෙකු වගේ ජීව්ත වෙන බව පෙන්වනවා බොරුවට හරි?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්