Followers

Saturday, March 21, 2015

සංඝක්කාර- මහේල හා මෛත්‍රී-රනිල්- Let's bust the Catch 22

රටේ ප්‍රධාන ධාරවේ සිදුවු හා සිදුවන අද දවසට වැදගත් යයි පෙනෙන අංශ දෙකක්ම සංවේදනය වූ බැවින් නැත්නම් නාථ දෙවියන් විසින් හීනෙන් ඇවිත් කියූ බැවින් යමක් ඒ ගැන කීම වටී යයි හිතුනා.

සංඝක්කාර හා මහේලගේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැන්ම ඒ  ඇත්තන්ගේ ක්‍රීඩාවේ සිය දස්කම් පිරිහෙමින් පවතින නිසාම සිදුවන දෙයක් නොවන බව අපව නොසිතූ ලෙස කූජිත ලෙස එලියට විසිවුනු තරඟාවලියෙන් පෙනේ. මතුපිටින් පෙනෙන අයිස් කන්දට යටින් විශාල ප්‍රමාණයේ අයිස් අතිවිශාල ප්‍රමානයක් තිබෙන බව නිසැකය.. සෑම තැනම බලය අල්ලාගෙන සිටින පවුල්, දේශපාලකයින්, නිලධාරීන්, හිටපු හා දැනට හිටින ක්‍රීඩකයින් හා පරපෝෂිතයින් රංචුවට මෙය හොඳ මගුලකි. නිධානයකි. හෙණ්ඩුවකි.

මා එදා පටන්ම කියූ ලෙසින් සංගාත් මහේලත් ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම ජෙනරල් ෆොන්සේකා ඇතුලු ත්‍රිවිධ හමුදා සිය කාර්‍ය සාක්ශාත් කරගැනීමට යම් කැපවීමක් කලේද ඒ හා සමාන කැපවීමක් හික්මීමක් දක්ශතාවයක් අන්තර්ජාතික තලයේ පෙන්නුම් කලහ. රට කෙරෙහි පහන් හැඟීමක් ඇතිකිරීමට ඔවුන්ගේ චර්යාව නොමදව ඉවහල්විය. ලෝකයාගේ අපකෙරෙහි තිබූ වෛරය තුනී කිරීමට ඉවහල්විය. ඒ අතින් අප මව්බිමට කරන ලද සේවය අතිමහත්ය. ඔවුහු ක්‍රිකට් ක්‍රීඩකයන් පමනක් නොවීය. වසර 2500ක ඉතිහාසයේ හික්මීම, දර්ශනය, පැසුණු බව ලොවට සරලව කියාපාන කැඩපතක් බඳු බුද්ධිමත්භාවයක්, වාග්චාතුර්‍යයක් ප්‍රදර්ශනය කළහ. වරක් මාවන් අතුපත්තු අන්තර් ජාතික මාධ්‍යට කීවේ ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමනක් බවත් පිටියෙන් එහාට අපේ කිසිම පසමිතුරු භාවයක් නැතිබවකි. එය මාධ්‍යවල ප්‍රසන්න ලෙස හුවා දක්වා තිබුනි.

ඔවුන්ගෙන් රටට ලෝකයට ලබාගත හැකි සේවය අතිමහත්ය. ලාභ දේශපාලන මලපුඩුවකට හසුනොකොට දූපතක් තුල සිරවී නිරතුරු වන්දනාගමන් යමින් පුද්ගල ගස් ගල් වන්දනා පදනම් කොටගත් පන්සල් හා දාන මාන, ෆෝන් කාඩ් ටියුශන් හා ටෙලිඩ්‍රාමා ආර්තිකයක සිරවී සිටින ජනතාව නිදහස් කරගැනීමට සැබෑ ආර්ථික ක්‍රියාකාරීත්වයක් ඇතිකර ගැනීමට ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට රටේ චින්තකයන් උත්සුක වියයුතුය.

උභතෝකෝටිකය බිඳිමු!

මං කොහෙදිද දැක්කා ඔය දේශපාලකයින් තනි තනි ගස් වගේ පිටතින් පෙනුනට පොලව යටින් මුල්වලින් ඔක්කොම සම්බන්දයි කියල. ඒ නිසා තමයි උභතෝකෝටිකය පෙන්වල මහජනයාව ගොනාට අන්දන්න වෙලාව ගන්නෙ කියල අපට හිතෙනව. මොකද්ද මේ උභතෝකෝට්කය නැත්නම් catch 22 එක, තුනෙන් දෙකක් නැතිව ව්‍යවස්තාව සංශෝධනය කරන්නට බැරි නිසා මේ පාර්ලිමේන්තුව තියාගන්න අවශ්‍ය බව පලමුව කීව. ඒ නිසා පාර්ලිමේන්තුව විසිරුවෙ නෑ. දැන් පාර්ලිමේන්තුව විශේෂයෙන් ශ්‍රීලනිපය කියනව 19 සංශෝදනේට කැමති නෑ කියල.???
වසර 5 සම්පුර්ණ නැති මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නෙ නැති නිසානෙ ඇත්තටම විසිරෙව්වෙ නැත්තෙ. දැන් වඳින්න ගිය දේවාලේ ඉසේ කඩන් වැටුන වගේ මේ වෙලා තියෙන දේ.
ජනතාවම බලාගත්තදෙන් මේ වෙච්චෙ දේ.
මේ අවසාන අවස්තාවයි.
ලෝක වාසි දේශප්‍රෙමී මිතුරනි
ආයි අපිව ගොනාට අන්දන්න ඉඩතියෙන්න එපා.
යුද්ධෙට වඩා මේ කෛරාටිකයින් අපට විකුණා ඇත්තේ ජනපතික්‍රමයයි.
එක්වන්න!

7 comments:

  1. V.true. Sanga and Mahela are trade marks of honesty, simplcity, integrity and and wisdom.

    ReplyDelete
  2. දේශපාලනය ගැන කතා නොකරන බැවින් ඒ ගැන කිසිත් නොකියමි. නමුත් මහේල හා සංඝා ගැන කියා ඇති දේට නම් එක්ඟ වෙමි. වචනයේ පරිසමාප්ත්ත අර්තයෙන්ම මහත්මා ගුණය රැකි ක්‍රීඩකයන් දෙපලකි.
    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
    Replies
    1. දේශපාලනය ගැන කතා නොකරන බැවින් ඒ ගැන කිසිත් නොකියමි

      ඊයා... මේකටත් රින්ගුවද

      Delete
    2. ඇයි කියන්න ඕනෙ දේ මූණ හංගගෙන කියන්නෙ නැතුව කෙලින් කියන එක ගැටලුවක්ද? මම කතා කරන්න අකමැති දේ අකමැතී කියන්න බය වෙන්නෙ නෑ. මාත් බයයි නම් ඇනෝ ඇවිත් කියල යනවා. එත් ඇනෝ එන්නෙ නැතුව කෙලින් එන්න තරම් කොන්දක් මට තියෙනවා.

      Delete
  3. Replies
    1. ස්තූතියි! Aru, Welcome back!

      Delete
    2. නව ලංකාවකට නව චින්තකයො
      මග එමින් සිටී!

      කොමෙන්ට් කළ හැමටම ස්තූතියි,
      ඇනෝලා, යසන්ත හා අරූ ට

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්