Followers

Sunday, March 8, 2015

ශ්‍රී ලංකාව පැරදුනාද? නැත. loss that Choreographed.


අද  සිඩ්නි ක්‍රිකට් පිටියේ මොකක්ද උනේ.
මං ගොං කමට හැමදාම කියන එක.
''Big Picture story'' and 
cricket market පිළිබඳව කතාවකි.

ලංකාව තමන් දිනීමට වඩා වඩා උත්සහ කලේ තමන් ඔස්ට්‍රේලියාව තරම්ම හොඳ බව පෙන්වීමටයි. 
ඉස්සරහට එන්නට තිබෙන තරඟවල තත්වය පෙන්වීමටයි. 
ඒවගේම ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟය දින්නා කියා ලංකාවට අත්වන විශේෂ වාසියක් නැත.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙළඳ පොල කඩා වැටුනොත් එයින් පීඩාවට පත්වෙන්නේ ඔස්ට්‍රේලියාව පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ද වෙළඳ පළටද එයින් බලපෑම් ඇතිවේ.

චන්දිමාල්ගේ කතන්දරය රඟ පෑමකි.?

හැම ක්‍රීඩකයාටම ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කිරීමේ අවස්ථාවද උදාකරදීමද සිදුවිය. එමෙන්ම අවසාන මහ තරඟවලට මුහුණ දීමට පුහූණුවීමත් මෙයින් සිදුවේ.

සංඝා හා ඩිල්ශාන් පෙන්නුවා ජෙෂ්‍යඨයින්ගේ හැකියාව, 
චන්දිමාල් හා මැතිව්ස් පෙන්නුව අනාගතය- ක්‍රිකට් ක්‍රීඩාවේ-වෙළඳ පලේ ශ්‍රී ලංකික සහභාගීත්වය.

අවසානයේ හැමෝම සතුටින්, මුදල්ගෙවා මැච් එක බැලූ ශ්‍රී ලාංකිකයා ඇර.

බලමු අපේ ආදරණීය පාඨකයින් මොනවද කියන්නේ කියල.



23 comments:

  1. මෙහෙමයි..........................

    ලංකාව ලේසි නැති වගනම් පෙන්නුවා... ඒත් තිබුණ අාරම්භය හැටියට මීට වඩා දෙයක් කරන්නට තිබුණා.. විශේෂයෙන් ම ළකුණු අතර නැති මහේලට මේක හොද අවස්ථාවක් දිගට ම හිටියා නම්... මහේල වගේ කෙනෙක් ටිකක් කඩුල්ලේ හිටියා නම් තත්වය තවත් වෙනස් වන්නට තිබුණා...... මෙතනදී අපේ දුර්වලතාවය වුනේ පන්දුයවන්නන්ගේ...... මැක්ස්වෙල්ට අපිට කිසිම උත්තරයක් තිබුනේ නැහැ...... ඒක ගැනයි හිතන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. කොහොමත් පිච් එක ලෑස්ති කරල තිබුනෙ හයි ස්කෝරින් මැච් එකකට
      අපි කොහොමත් ගියේ පරදෙන්න බලාගෙන,
      ඒත් හොඳට පරදින්න.

      Delete
  2. මට හිතෙනවා කුලසේකරව නැවතත් ගන්න ඕන‍ෙ කියලා...අනිත්පැත්තෙන් හිතෙනවා යම් සැලසුමක් ඇතුව ඔහුව විවේක ගන්නා ඇති බව...කුසල් ජනිත්ව ආරම්භක පිතිකරු විදියට අරගෙන අංක 3 ට තිරිමාන්න යොදවන්න ඕනෙ. ආරම්භක පිතිකරුවො දෙන්නම වේගයෙන් ලකුණු රැස් කරනකොට පන්දු යවන්නො අඩාල වෙනවා. ඉලක්කය ගිලිහෙනවා. මම දකින අනිත් කාරණය තමයි මාලිංගගේ වේගය ගොඩාක් පහත වැටිලා තියෙනවා. ඒ නිසා ඔහුට විකට් අඩුවෙන් ලැබෙන්නෙ දැන්...

    ReplyDelete
    Replies
    1. මොනව උනත්
      ඉන්දියාව නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව යන රටවල් අපිට පැහැදිලි අභියෝග
      නමුත් ඔය තුන දෙනා අතර තරඟවලදී ඔය තුන්ගෙනාගෙන් එක් අයෙකු හැලෙනවා.
      අපිට නරියගේ භූමිකාව තමයි රඟපාන්න වෙන්නේ

      Delete
  3. Tharangaya dinuwanam vasiyak thiyenawa - group A eke 2weniya weema saha quarterfinal eketa tharamak durwala kandayamak lebeema. Den boho durata South Africa ekka quarterfinal match eka wetewi. Mema loka kusalanayata honda wega panduyawannan awashyayai, ema thana thiliwala suwabawaya anuwa. Lankawa me sandaha niyama akarataya puhunu wee ho therim kara nethi bawa penawa...

    ReplyDelete
    Replies
    1. මට හිතෙනව ලංකාව ගේමට ලෑස්තියි

      Delete
  4. හපොයි චිප්ස් ගොඩාරියකුයි, කෝපි ගොඩාරියකුයි බඩට දාගත්තු එක තමා වුනේ. :(

    ReplyDelete
    Replies
    1. boru poyya epaa oyi

      Delete
    2. meyaage patta pada show neda?

      Delete
    3. පොඩි කුමාරි,

      ච්ප්ස් නං අරහං
      කෝපි ටිකක් නම් ඉතිං කමක් නෑ ඕං
      ඔබගේ පෝස්ට් කියෙව්වත් හුඟ කලෙකින් කොමෙන්ට් එකක් දාන්නනම් බැරි උනා. මේ දේශපාලනය ගැන වැඩි අවධානයක් දාන්න සිදු වූ නිසා.

      Delete
  5. ඉස්සරහට ගේමක් තියෙන බව නම් පෙන්නුවා.. කිව්වා වගේ බලපු අපි තම සතුටු නැත්තෙ.....හික් හික් .

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවයි නිව්සීලන්ඩ්වයි හප්පලා එකෙක් අයින් කරගන්න පුලුවන් උනොත් අපිට යම් ගොඩ යෑමක් තියෙනව.

      Delete
  6. බාලාගන ඉන්න තමයි වෙලා තියෙන්නෙ ක්‍රිකට් දිනුම් එන්නෙ වාසනාවට කියලත් කියමනක් තියනවා නේ.

    ReplyDelete
    Replies
    1. වාසනාවයි
      ක්‍රිකට් ඔලුවයි.
      ලංකාවට වගේ නම්
      පොඩි චූටිමල්ලිගෙ චරිතය රඟ පාන්නත් වෙනව.
      මොකද ක්‍රිකට් කියන්නේ බහුජාතික සමාගමක්.

      Delete
  7. /ඒවගේම ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟය දින්නා කියා ලංකාවට අත්වන විශේෂ වාසියක් නැත./
    තරගය දිනුවනම් ශ්‍රී ලංකාව අර්ධ අවසාන පූර්ව වටයට ඊයෙ දවසෙදි තේරෙන්නට තිබුන. ඒ නැතත් ඊළග තරගය අනිවාර්යෙන් දිනන්න වෙයි තරගයේ ඉදිරි වටයට යන්නනම්.අනෙක් කාරනාව මේ වටයේ පොයින්ට් ටේබල් එකේ අපි ඉන්න ස්ථානය අනුව ඊළග වටයේ අපට මුණගැහෙන කන්ඩායම තීරනය වෙනව.ඒ නිසා පොයිට් ටේබල් එකේ මුල් ස්ථානයක සිටීම අපට යම් තරමකට වාසි දායක තත්වයක්. ඉරියව්ව වෙනස්කළ නිසා සේනානායකගෙන් ඉස්සර වගේ දස්කම් බලාපොරොත්තු වෙන්න අමාරුයි. කෝකටත් තෛලය වගේ හිටියෙ මාලින්ග විතරයි, තව වේග පන්දු යවන්නෙක් කන්ඩායමට ඕන කරන වගක් පේන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ නියම වෙලාවට ඒවා සෙට්වෙයි
      අපේ ක්‍රිකට් කාරයින්ගේත් ඇඟ පුරාම මොලේනේ!

      Delete
  8. පන්දු යවන්නන්ගේ අඩුව නොතිබෙන්න දිනන්න තිබ්බා.අවුලක් නැහැ හොඳ සටනක් දුන්නා.

    ReplyDelete
    Replies
    1. අපේ තියෙන දස්සකම් හොඳටම ඇති හොඳ ගේමක් දෙන්න
      එහාට මෙහාට කරල ගන්න ඕනෙ.

      Delete
  9. ඉන්ගලන්තෙ 309
    ඔස්ට්‍රේලියාව 376
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව (අපිට දෙකම ප්ලේකරන්න ලැබුනොත්) - 450?

    දැනට ඉන්න බෝලර්ස්ල ගෙන් ( මාලින්ග හැර ) වර්ල්ඩ් කප් දිනන්න අපිට මැක්ස්වෙල්/ ඩි විලියර්ස්/මැකලම් clone කරල ගත්තොත් සමහර විට පුලුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. එංගලන්තෙ අවුට්

      Delete
  10. ///ඒවගේම ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟය දින්නා කියා ලංකාවට අත්වන විශේෂ වාසියක් නැත.// නෑ.. එයිට වැඩිය කතාවක් තියෙනවා මං හිතන්නේ.. මැච් එක දිනුවනම් අපි පොයින්ට් ටේබල් එකේ දෙක.. එහෙම උනානම් බොහෝ විට අපිට ක්වාටර් ෆයිනල් වැටෙන්නේ හරි හරි.. දකුණු අප්‍රිකාවට සාපෙක්ශව ඒ කණ්ඩායම් දෙක එක්ක තරඟය ලේසියි. අනික ඒ මැච් එක දිනුවොත් ඉන්දියාව සෙමි වලදි.. නියුට්‍රල් වෙනියු එකක් නිසා ඉන්දියාවට විශේෂ වාසියක් නෑ. ඒ වගේම ඉන්දියාවට ප්‍රෙශර් වැඩියි. 96ත් බැක් ඔෆ් මයින්ඩ් තියෙනවනේ. දැන් වෙන්නේ ක්වාටර් දකුණු අප්‍රිකා.. ඒක දිනුවත් සෙමි නවසීලන්තේ. ඒ මැච් එක ගහන්නෙත් නවසීලන්තෙමයි.. හෝම් ඇඩ්වාන්ටේජ් එක වගේම පිච් සපෝට් එකත් අනිවා නවසීලන්තෙට.. ඒක අමාරුයි.. ඔසී මැච් එක දිනල තිබ්බනම් හොඳයි.... ඒත් දැන් මොනව කරන්නද? අනික ලෝක සූරයෝ නියම විදියට වෙන්නනම් ඔය හැම අභියෝගයක්ම දිනන්න වෙනවා.. කේන්තිය තියෙන්නේ ඉන්දියන් උන් ඩ්‍රොව් එක ඇඳල තියෙන්නෙ ඔය ඔක්කොම ස්කිප් කරලා..

    ReplyDelete
    Replies
    1. //අපිට ක්වාටර් ෆයිනල් වැටෙන්නේ Pak හරි WI හරි..// :)

      Delete
    2. අපිට වැටෙන්නෙ සවුත් ඇෆ්‍රිකාවලුනේද?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්