Followers

Monday, April 13, 2015

රතන සූත්‍රය -රැවුල කැපූ මහින්ද වෙනුවට රැවුල කැපූ ඔසාමා ??

                                                                         

දැන් හූ කියන්න වෙලාතියෙන්නෙත් හෙමිහිට
නීතිය තදයි. ඒතරමට. හ්ම්..
සෙල්ලන් නෑ.

Image result for image of mithreepala sirisena


                                                           * *  *
ලංකාවට ඉතාම වාසනාවන්ත දොරටුවක් විවෘත කළ 2015 වේ,
සිංහල අවුරුදු ලබන්නත් ලඟයි.
හැමටම සුභ නව වසරක් වේවා ! යි
පතමින් උක්ත කාරණාවට එමු.

2015 වසර ලංකා ඉතිහාසයේ නොවූවිරූ වෙනසක් ඇතිකල වසරක්.
එහි ප්‍රතිපලයක් ලෙස ලඟදීම නිදහස් පාර්ලිමේන්තු ඡන්දයක් එනු ඇත.

                                                                 * * * *
අගමැති රනිල්වන ජාතික ආණ්ඩුවක කටුසටහනක් දැන් තිබේ. නුදුරු අනාගතයේදී  ඡන්දයෙන් පත්වන ආණ්ඩුවද මේ කටුසටහන පාදක කරගෙන තනන ආණ්ඩුවක අවශ්‍යතාවය මතුකර ඇත්තේ සතිපතා දිනපතා පන්සල් යන පරාජිතයින් නොකඩවා මාධ්‍යයන් මගින් පෙන්වා බිල්ලෙකු මතුකොට 19 සංශෝධන කඩාකප්පල් කොට ජනතාව විසින් දිනාගෙන ඇති නිදහස යටපත්කොට භිය-පදනම් වූ පාලනයක් නැවත ඇටවීමට දරණ නිහීන උත්සහයන්ය. ජනමාධ්‍යයවලින් පුදුමයකට වගේ රජයේ ජනමාධ්‍යය පවා  යහපාලන ප්‍රතිපත්තිවලට වඩා පැරදුනු මහින්දට ප්‍රචාරයන් දෙන බව ස්වාධීන නිරීක්ශකයෝ කියනව.

Image result for image champika ranawaka

පුදුමයකි.
මහින්දපාලනය බිඳ දැමීමට පෙරමුණගත් හෙළ උරුමය රනිල් ප්‍රමුඛ රජයට විරුද්ධව වැඩකරගෙන යනු පෙනේ. මේ කෙටි සටහන ඔවුන්ගේ ගමන ගැනයි.
Image result for image nalin de silva
ඡන්දයක් ලඟ එන විට
තමන්ගේ ඡන්ද කොහෙද තියෙන්නේ කියල නොදැන
පිස්සු කෙලින්න තරම් චම්පික හා රතනට පිස්සු නැත.

මහින්ද යන්නේ ඒ ඇත්තන්ට ගැලපෙන මාවතේ නොවෙයි
කියල දැනගෙන එයාට කකුල් මාට්ටුවක් දැමීම පමණමයි කලේ.

 මහින්ද ගිය විදියට ගියා නම්,
බදුල්ලෙන් ඌවෙන් හරීන්ල ආපු ගැම්මෙන් ආව නම්
 යූ එන් පිය ඉතාම බලවත්වී ඇවිත්
මහින්දගෙ නැට්ටෙ එල්ලිලා හිටපු දිව්‍යලෝකේ ගිය රොත්තට යන එන මං නැතිවෙනවා.
 ඒ නිසා තමයි රතන රැවුල කපපු මහින්ද කෙනෙක් හොය හොයා අභිනිශ්ක්‍රමණය කලේ.

දැන් නැවතත් ඔවුන් මහගෙදර පැත්තට හැරෙනව. ගොනා ඒ පැත්තට හැරෙනකොට ඒ පැත්තෙ න්‍යායාචාර්‍යවරුන් කුලප්පුවෙලා. 
Image result for image of rathana

මොකද්ද මේ ගේම් එක.

නලින් අර පැත්තෙන් එයාගෙ සායම අරිනව. රෙදිගලවනව. ඒ මොකද?

1. එන වර-2020 ජනපතිවරණයට මෛත්‍රී ඉදිරිපත්වෙන්නේ නැත.
   එයා 2020 ජනපතිවරනයට ඉදිරිපත්වනබව කනින් කොනින් කියවේ.

2. එයාට තිබෙන සුදුසුකම්, ජාතික ඇඳුම, උගත්කම, ගමේ පෙනුම, හොරකමට විරුද්ධය., පෞරුෂය....

3. වික්ටර් එයාවභෞතීස්ම කරනවා ජාතික චින්තනයේ අයිතිකරුවා කියල. පන්සල් යන කණ්ඩායම කියන පරිදි ඒ අයට තිබෙනවයි කියන ලස්ස පනස් අටට හෝ විස්සට 2020දී අයිතිකරුවෙකු ලෙස එයා පත්වෙයි කියන භය. පන්සල් යන කණ්ඩායමට නව න්‍යායාචාර්‍යවරයෙකුද අවශ්‍යවී ඇතිබව  ඇත්ත එළිවෙන පාලනයක් තුල, ඔවුන් ගෙන යන බංකොලොත් වැඩපිළිවෙල විසින් ඔප්පුකර ඇත.

 කෙසේවේවා පලමුව එන ඡන්දෙ ගොඩදාගන්න අවශ්‍යයවෙනව. මහිතන්නේ හෙළ උරුමය යන්නේ ඒ පාරේ ඉව අල්ලමින්. 2020 ජනපතිවරන පාරේ.

රතන සාදු රැක්මන් කොරන කෙනා රැවුල කපපු ඔසාමා කෙනෙක් වගේ කියලයි ඉතිහාසෙ දන්න අය කියන්නෙ?? අලුත් අවුරුද්ද කාල ඉමු ඔන්න ඔහෙ ඕන එකෙක් ආවම අපේ මොකෝ!
Image result for image sinhala avurudu

13 comments:

  1. මේ කාටවත් රටට හොඳක් කරන්න හිතෙන්නෙ නැද්ද හැබෑට??

    ReplyDelete
    Replies
    1. රටට හොඳ කොරන්න චන්දෙ දිනන්න අවශ්‍යයි .

      රටට හොඳයි කියා චන්දෙ දෙන්නේ ටික දෙනයි.
      අනික් උන් දෙන්නේ තම පක්ශයට හොඳක් වීමට,
      තවත් ගොඩක් චන්දෙ දෙන්නේ උඩ රැවුලට, ලමයි උඩ දැමීමට හෝ විදේසීය කුමණ්ත්‍රන බිල්ලන්ට විරුද්දව

      Delete
    2. ගස්ලබ්ස් හා ප්‍රා ජේ
      අපි හැමෝම පෘතග්ජනයො, (සොරි වෙන්න ඕන, සමහර අය නිවන් අවබෝධකරගෙන ඉන්නෙ, ඒ අය අතුරෙන් උපන්දිනවලට 5 ස්ටාර් පාර්ටි දාන දිලිසෙන සිවුරු අඳින මහා මාලිගාවල වැඩඉන්න අයත් ඉන්නව.)
      අපි බොහෝ අය පෘතග්ජනයි. ඒ නිසයි ජනපතිබලතල අඩුකරන්න හොල්ලන්න බෑයි කීව ලොක්කව මැදමූලනට වෙලා අඬ අඬ ඉන්න පෙන්ශන් යැව්වේ. රටට හොඳක් කරන්න තමයි සිය ජීවිතය නොතකා මෛත්‍රී අනෙක් පැත්තට පැන්නේ, ඒ අනුව ගිය බොහෝ දෙනෙකු ඉන්නව. ඡන්දෙ දුන්න 62%ක් රටට හොඳක් කරන්න.

      Delete
  2. එයිට හොඳා ආයේ මහින්ද මහත්තයම එන එක..

    මොකෝ කිඹුලා කන එක ඉව්සන්න පුරුදු වෙලා තියෙන නිසා..

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා හරි හොඳයි!

      අරය අම්මෝ කියල වැඩක් නෑ.
      නොරොච්චොලේ.. විදුලිය ඉතින් කියල වැඩක් නෑ.

      ඉස්කෝලේ ළමයින්ව පොළොඹෝල පාරට අරගෙන..
      ටීචර්ල බැනර් උස්සගෙන
      අරය මරව් මෙයා මරව්
      හරි ශෝක්

      Delete
  3. රටට හොඳයි කියල ඡන්දෙ දෙන අයට සලකන්න ගියොත් උන් මෝඩයො වෙනව. එහෙම එවුන් ඉන්නෙ බොහොම පොඩ්ඩයි. වැඩිදෙනා මෝඩයො බව ඕන ගොනකේ දන්නව.

    ReplyDelete
    Replies
    1. 2015 ජනවාරි ඡන්ද ප්‍රතිපලය ඉතාම ප්‍රඥාවන්ත ජනතාවකගේ ලක්ෂණයකි

      Delete
  4. දවල් හීන තමයි චම්පික දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් තියෙනව පව් සමාකරගන්න
      නොදැනුවත් කොමට කරපුව?
      ඒත් සර්වබලධාරී ජනපති බලතල ඉතින් ටූ මච්

      Delete
  5. අනේ අපොයි --පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා .
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16593-2015-04-16-22-33-56

    ReplyDelete
    Replies
    1. අපි තවම හරි පාරේ
      19 Aපාරේ
      ගිහිං බලමු
      ශ්‍රී ලනිපෙ තියාගන්නවද
      තුනට හතරට කඩනවද තීරණය
      ලොක්කොන්ට භාරයි
      ඒ ගොල්ලෝ 18ට අත් දෙකම උස්සල ඉන්නෙ?

      Delete
  6. Kabalen Lipata Watunada ehemath nathnam Thachchiya rath wenakota Kamak na biththarene Kiyala inna Hithenawada manda....

    ReplyDelete
    Replies
    1. අපිට අරය යටතේ වෙන්න ඕන නරකම දේවල් උනා
      දැන් වෙන දේවල් ඒවට වැඩියෙ ගොඩක් ලපටියි.

      ඒ නිසා බලාපොරොත්තු නැති කරගන්න එපා
      මන්තිරිලා එහෙමටම මෝඩයොත් නොවෙයිනේ.
      නිදහස් අධ්යාපනයේ මොනවහරි රසබලමු අයියලනේ.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්