Followers

Wednesday, April 22, 2015

සුදු කොඩි සන්නිය

















(සුදු කොඩියක් අතැති 
සුදු ඇඳගත් විශාල මිනිසෙක්
වැනි වැනී ගීයක් ගයමින් කොඩියත් 
හිසින් ඉහලට දෙපසට වනමින් එයි
 මැණික් කටුවට යටින් පිරිත් නූල් අතරින්
 රන් පාටට යමක් දිලිසේ )

මං අලි හොඳ  චූටි බබා
මං වැරදි ගොඩක් කොලා //

කුපාඩියන්ගේ කුපාඩිකම් වහලා
වලත්තයන්ගේ වලත්ත කම් වහලා
හොරුන්ගේ හොරකම් වහලා

මං අලි හොඳ  චූටි බබා
 වැරදි ගොඩක් කොලා //

ආයි නං ඉතිං
වැරදි නං කොරන්නෑ ආයිබෝං
මයිත්‍රී ( සෙමින් තමාටම කියාගනී ඕකගෙ මෑණියන්ටත් ආදරෙයි මං ) 
හා..... මයිත්‍රීව
අනේ අර හරි සීදේවී මිනිහා 
හිච්චි මලයාත් නැති උනා 
ලඟදී පව් මට දුකේ බෑ
අඩි හතක් යටට දානවා එච්චරයි බං
යවල හිටං මේ සුදු කොඩිය ගහනවා ඕං

වැරදි ගොඩක් කොළා මං
මට සමාවෙයල්ල බං //

(සුදු කොඩිය පොරවක 
දැවටා ඇති බව පෙනෙන්නේ ලං වන විටය )

10 comments:

  1. පොරවක දැවටුවත් ඉතින් සුදු කොඩියක් නේ?? ඊටත් අඩි 7ක් යටට දානවා ඇත්තේ ආරක්ෂාවට මයේ හිතේ....

    ReplyDelete
    Replies
    1. Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

      වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.

      Delete
    2. සියලුම කොමෙන්ට්වලට ඉක්මනින් උත්තර දෙමි.

      Delete
  2. ඕයේ.........................
    පප් පප් පර පපප් පප්ප පරපං...
    චිකි බුං

    ReplyDelete
  3. කලෙකින් පට්ටම වූ නිර්මාණයක්...

    මොකුත් නොදන්න තොත්ත බබා.. ඉන්වීටේසොන් එක අතටම දීලත්, මක්කත් නොදන්න තොත්ත බබා..

    ReplyDelete
  4. කට්ටිය වැරදි කරනකොට මම නොදැක්කා වගේ හිටියා එකට මට සමාවෙන්ට කියලා දැන් කියන එකත් හරියට පයිල් කතාව වගේ ආතල් ටෝක් එකක් හිටං.

    ReplyDelete
  5. ජපන් කොඩියක් වගේ පේන්නේ!

    ReplyDelete
  6. කොයි පඩියද?

    ReplyDelete
  7. පිරබා සුදු කොඩිය අරන් ආවයි කියූ හැටි මතක් උනා.. හැක්.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්