Followers

Friday, April 10, 2015

හොරු හිටං හොරුන්ට හූ කියති, පුදුමයි!







හොරුන්ට හොරු හූ කියති
හොරු හොරු හොරුන්ගෙ පන්සල්වලට යත්
හොරු හොරකම්වලට සමාවදේ යයි කියත්
ලෝකෙට හොඳ රටට හොඳ ජනයාට හොඳ යයි
ඕනම බූරුවෙකුටෙ පෙනෙන දෙයක් වෙනුවෙන්
හොරුන්ට කප්පම් දෙන්න වෙලා තිබෙන රටක්
පුදුමයි.!


පක්ශ ලේකම් යයි කියන කෙනෙකු
කියා තිබුනේ අපි  බැඳුම්කර සීමා වැඩිකිරීමේ
යෝජනාව පරාජය කලේ රවීගේ  කයිවාරුව නිසා බවය.
(රට ගැන සිතා නොවේ)
පුදුමයි.!


කරන්නට තිබෙන අකටයුතුකම් සියල්ලම කලත්
ඡන්දෙන් පැරදුනු දුෂ්ඨයෝ සිල් සුදු රෙදි පොරෝගෙන
බුදුන්ගේ සිවුර කිලුටු කල සමහරුන් සමග එක්වී
නටන නාඩගම්,
පුදුමයි.!


ඒ මදිවට මෛත්‍රීව පරදවන්න හැමදේම කල අය
මෛත්‍රීටත් අයිතිවාසිකම් කියනව,
පුදුමයි !

ඒකට සෙට්වෙච්ච කලාකාරයො ටිකකුත්,
පුදුමයි!

පසුගිය ආන්ඩුව පෙරලුනේ නැත්නම් බලන්න තිබුනා සෙල්ලම.

"සත්‍යාගාරය" නවතා ඇති බව ආරංචියි.
පුදුමයි.!



ඩීල් දාන,
හැම බලකේන්ද්‍රයකටම තමගේ හෙන්චයියන් රිංගවා
සියබලය
මුදල්බලය තහවුරු කරගැනීම සඳහා
මහ පරිමාණ බදුගෙවීම් පැහැර හැරීම් කරන
සිය මාධ්ය ආයතන සිය උවමනාවන් වෙනුවෙන් පාවිච්චිකරන ලොක්කන්ටත්
සුදු ඇඳුම් ඇඳ ඒ කොටස්වෙනුවෙන් දැන හෝ නොදැන පෙනී සිටින අයටත් ජයමගුල්.

ලෝකෙම ඉන්න දේශප්‍රේමීන් බලාගෙන ඉන්නෙ  මොකද වෙන්නෙ කියල.

10 comments:

  1. මේ ආන්ඩුව තරම් පොන්න ආන්ඩුවක් සහ පොන්න පාළකයෝ පිරිසක් ඉතිහාසයේම ඉන්නේ නැතිව ඇති.. ටිරාන් අලස් කියන කම්බ හොරත් එක්ක පොලිස් මූලස්ථානය ගාවට එන්න තරම් හොරු බලවත්.. ඒ මදිවට උන් අභියෝගත් කරනවා.. ඉතින් මුන් පොන්නයෝ නෙමෙයිද..?

    ReplyDelete
    Replies
    1. 20දායින් පසුව පත්වෙන ආණ්ඩුව දිහා බලා ඉමු.
      මේක 19 සම්මත කරගන්න අටෝපු ආණ්ඩුවක්නේ!

      Delete
    2. මාත් බතී එක්ක එකඟයි!

      Delete
  2. ප්‍රජාතන්ත්‍රවාදයනේ මචං...................

    අනික යහපාලනයෙනේ...........

    ReplyDelete
    Replies
    1. සමහරුන් මේ තත්වය කලින්ම දැන සිටියා.

      රජවරුන් යුවරජවරුන් පලාත් රජවරුන්ගේ පාලන ක්‍රමයකට
      හුරුවී සිටි ජනතාවකට විශේෂයෙන් ජරාවට සෙට්වී සිටි
      කස්ටියට ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉවසන්න බෑ

      Delete
  3. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවලා චන්දෙකට යන්න , හැබැයි අපේ රටේ වැඩි දෙනෙක් තමන්ගේ අයිතිවාසිකම් ගැන දන්නේ නැති නිසා අයෙමත් , නලුනිලි , ගණිකාවෝ, කුඩු මුදලාලිලා , වාගේ හොරුන්වම පත්කර ගනීවිද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මනාප ඡන්ද ක්‍රමය ඉවත් කල යුත්තේ ඒ නිසයි

      Delete
  4. තොපි වගේ මි හරක්ට හරියන්නේ මේ වගේ පොන්න ආණ්ඩුවක් තමා......

    ඡන්දේ දීල පත්කරගත්තනම් පුන්නක්කු ටිකක් කාල කොත්තමල්ලි ටිකක්
    බීල නගුට අධෝමර්ගයේ ගහගෙන හිටපියවූ....

    ගොන් විචාර දන්නේ නැතුව.

    ReplyDelete
  5. පුන්නක්කුත් ලාබ කළ බවත්
    මෙයැයිට නගුටක් තිබෙන බවත් දැනගත්තේ දැන්

    ReplyDelete
  6. බොරු දේශප්‍රේමයෙන් හා හඳහන්වලින් රට පාලනය කරපු හොර කපටි කෑදර රාජාණ්ඩුවක් පරාදකිරීමේ අරමුණෙන් විතරක් (ඔය දිනපු එකෙකුටවත් විශේෂ කැමත්තක් නැතුව), මං වගේ චන්දෙ දුන්නනම් කරපුදේ ගැන කිසිම පසු තැවීමක් නෑ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්