Followers

Wednesday, April 1, 2015

නෙලුම් යාය, මාතලන්, බස්සී හා සම්මාන ලාභීන්-Congratulations! ( late but not too late.) ස්තූතියි අජිත් ධර්මා

Image result for image of moonlit night

අද හඳ පායල
හොඳටම නොවුනත්
සෙවනැලි
කලුවර
ලස්සනේ බෑ,
හඳ දිහා බලාගෙන හිටිය.
වලාකුලු ඇවිදින් වහගන්නව
සුලඟට ඒවා ගහගෙන යනව බෝම හෙමින්
ආයි හොඳට එලියයි

පසන්,
සිරිලාල්,
මහගෙදර ලොකු අයිය(තිස්ස අබේසේකර ),
කරුණාසේන ජයලත්,
ජෝති,
මිල්ටන් ඩබල,
ක්ලැරන්ස්
ඇයි මැරෙනකම් බිව්වේ නැතිනම් මැරෙන්නම බිව්වේ ?
කැතාසිස් නැතිනම් භාව විසුද්ධිය පතා නිර්මාන කරන බොහෝ අයගේ ස්වභාවය.
තමුන් වෙනුවෙන් නොවෙයි අනුන් වෙනුවෙන් නිර්මාන කරන ඇත්තන්ගේ ජීවිතේ ලේසිනෑ.
මයිකල් ජැක්සන් තව කෙනෙක්.

..

ගස්ලබ්බාගෙ බ්ලොගෙට මං දාපු කොමෙන්ට් දෙකක් හා උගේ පිලිතුරු මෙහි දක්වමි.

  1. සතියෙ දවස?( ඕල් ටැයින් ගෙවන්නේ කවුද ඇමතිලට? )
    හිස් පුටු ? (කිව්වට කස්ටිය ඉඳල තියෙනව )
    තේරුව පදනම ? (කුමක් වුවත් ආරම්ඹය හොඳයි කියා සැනසෙමු )
    බ්ලොග් කාරයෝ ලොකු වෙනසක් කලා ? (ඒකයි අත් ඉඹින්නේ)
    ReplyDelete

    Replies




    1. මොට ආයුධයකින් ඔලුවට ගැහුවා වගේ...
  2. කවිය කියන යෙදුම සුමට වැඩි
    පිහිය වගේ බොක්කට අනින
    පද ගැට මොලේ අඹරන
    ලියන ඔබට ගහමි සැලුට් එක
    ReplyDelete

    Replies


    1. නිල් කට්‍රොල් වැලක වැට්කොල් මල්..
      (ලිව්වෙ ඔහේ නේද?)
      හිස නමමි... ප්‍රති සැලියුටයද ගසමි.

15 comments:

  1. මොලේ නහර අද නං ගැට ගැහෙනවා.. මේවා අමුවෙං තේරුම් ගන්න බෑ..

    ReplyDelete
  2. මචං දයල්.......උඹේ මේ සිතුවිල්ලට මම ආසයි!!!!!!! හරියටම හරි.

    මම සාහිත්‍ය පකීර්ලා දැක ඇත්තෙමි. මම සංගීත පකීර්ලා ඇසුරු කෙරුවෙමි. මම මීඩියා ඔස්තාද්ලා සමග එකට වර්චස් වෙලා ඇත්තෙමි. ඉන් බොහොමයක් කුහකයින් (මෙලෝ රහක් නැත්තේ උන් ඩබල් ගේම් නිසාය. එලොවටත් නැත. මෙලොවටත් නැත. වල්ල ලොකු තැන, මල්ල දිග හැරන් බලා සිටී. ) බ්ලොග් කාරයින් එසේ නොවිය යුතු බව මගේ මතයයි. එන්න එන්නම බොගාලාද, සම්ප්‍රදායික මාධ්‍ය භාවිතාව නැමති ඉබි කටුව ඇතුලට රිංගනවා දැයි සැක සිතේ. නොකල යුතු දේ සහ කලයුතු දේ තෝර බේරා ගැනීම බ්ලොග්කරුවා සතුය.

    සම්මාණ වඩාත් වැදගත් වෙන්නේ, සම්මාණ හිසේ තබාගන්නා එවුන්ට නොව, ඒ සම්මාණ බර නිසාම, ඒ තුලින් නිදහස් මතවාදියෙක් වීමටත්, ලේඛන හැකියාව වර්ධනය කර ගත යුතු යැයි, හිතන අයට පමණි.


    කවුරු මොනවා කීවත්, නෙළුම් යාය උත්සාහය මම අගය කරමි!!!

    බැඳීම් මුදාහල යුත්තේ....වඩාත් නිවැරදි දිසාවට මිස වඩාත් අගෝචර භාවිතාවකට නොවන බව, අප කවුරුත් වටහා ගත යුතුවේ.

    (පොඩි වෙලාවක් අහුවුනා...ගොඩාක් දේ කියෙව්වා...නැවත හමුවෙමු.)

    ReplyDelete
    Replies
    1. මට දමියා එක්ක මල පැනලා ඉන්නේ.. මේ වගේ උන් නම් බ්ලොග් ලියන්නේ.. ලියනවට වඩා හොඳයි නොලියා ඉන්න එක.. පොඩි උන් වගේ හරියට.. හොඳ බබාලා වෙන්න යනවා.. සම්මාන දුන්න උන්ගේ කනට ගැහුවා නම් මීට හොඳයි..

      Delete
    2. කවද්ද අරූ ආයිත් ලියන්නෙ?

      Delete
    3. අරූ
      ආයි පුලු පුලුවන් වෙලාවට පොඩ්ඩක් අවුල් වෙයං

      Delete
    4. මාතලන්
      දමියා ඇයි එහෙම උනේ කියල කියවල බලන්නම්
      ප්‍රා ජේ
      මාත් කීවෙ ඒක තමයි

      Delete
  3. ස්තූතිය දයාල්... මේ සම්මානේ වගේම.. එක වෙබ් එකක මාතලන් හඳුන්වා තිබුනේ.. බ්ලොග් ළෝකයේ ගරිල්ලා ප්‍රහාරකයා කියලා.. ඒකට මම පට්ට ලයික්...

    ReplyDelete
    Replies
    1. ඒකට මාත් ලයික්, ගැලපෙනව ස්ටයිල් එකට

      Delete
  4. ස්තුතියි දයාල්. බොක්කටම වැදුනා.

    ReplyDelete
    Replies
    1. Ajith Dharma
      ස්තූතියි,
      ඔබගේ කැපවීමට,
      එංගලන්තේ ඉඳන් මේ වෙනුවෙන්ම ඇවිත් කල කටයුත්තට

      Delete
  5. බ්ලොග් සම්මාන ගැන දැක්ක හොඳම පෝස්ට් එකක්.. (නිර්වචනයක් කිව්වත් වරදක් නෑ)

    ReplyDelete
  6. වෙල්කම්ස් බස්සී!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්