Followers

Tuesday, April 28, 2015

හංසය බිල්ලට- හූනියම කැපුවා- කපුවා කපෝති ? Is Swan Bleeding ?




අම්මේ යාන්තං ඇති, 
1978 ඉඳන් අල්ලපු විලිරුජාවේ එක බබෙක් ලැබුනා.
ඒ අතරතුර ජන සංහාර, ආර්ථික හා සමාජ පරිහානි ආදී එකි නොකී දේ දහසක් සිදු උනා.  ලංකාවට හෙණ ගැහුව. 
ඇත්තටම මොනවද නූනේ

ලස්ස 62ක් වූ හංසයාට ආදරය කළ ජනයා වෙනුවෙන් යම් සාධාරණයක් කිරීමට මෛත්‍රීත්, 19 සම්මත කරගැනීමට වැඩ කළ සැම සමත් වී තිබෙනව. බලාපොරොත්තු වූ පරිදිම එය ඉතාම දුෂ්කර කර්තව්‍යයක් විය. එය කාටත් වඩා අවබෝධයෙන් සිටියේ, සිටින්නේ මෛත්‍රීවීම අපගේ වාසනාවක් වී ඇත.

ඒ ක්‍රියාවලියේදී හංසයා බිලිදුන්නාද යන්න නිරීක්ශකයින්ගේ - හංසයාට ආදරය කල සැමගේද සිත තුල නැගෙන සාධාරණ පැනයක්.

පසුගිය ජනපති පාර්ශවයෙන් එන බලපෑම සුලුපටු නොවෙතත් මෛත්‍රී එයට හිසනමනු ඇතැයි සිතීමට ඉඩ නැතත් මූල්‍ය අපරාධ අංශය ගැන මෛත්‍රී පල කර ඇති අදහස් හංසයාට පිහියෙන් අනින්නට ලෑස්තිවන්නේද යයි සැකයක් මතුවේ. මහබැංකු සිද්ධිය වැනි සිද්ධීන් විසින් දියෙන් කිරි වෙන්කර ගැනීමට මෛත්‍රීට ඇති බාධකවලට හොඳ උදාහරණයකි.

පැහැදිලි ස්ථිර විනයක් ප්‍රතිපත්ති මත පදනම් වූ නවරජයක් පත්කරගැනීම හංසයාට ආදරය කළ සැමගේ මීලඟ බලාපොරොත්තුව බව කියනු කුමටද?


දියවන්නා ලබ්බේ තොවිලේ අවසන්
බෙරේ පලුතිබේදැයි හොඳ හැටි බලපන්
කපුවන් සුදු ඇඳන් සාටකේ ඉනේ බැඳන්
හූනියන් කැපීද හන්සය බිල්ලට කුදලං ???


මගේ මේ මොහොතේ සිතට නැගෙන සතුට 19සඳහා වැඩකල කැප කල ප්‍රාර්තනා කල සැම සමග බෙදාගනිමි. අවදියෙන් නොසිටියහොත් ඒ සතුට ඉතාම තාවකාලික වෙන්නට ඉඩතිබෙන බවද දනිමි.




12 comments:

  1. අවදිවන්න... අවදිවන්න.. දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ....
    හිතනවාට වඩා සොඳුරු මිනිසුන් පිරි ළොවකයි අපි ජීවත් වන්නේ...

    ReplyDelete
    Replies
    1. හරිම සොඳුරුයි
      ඔක්කොම පක්ශයි

      Delete
  2. ඉදිරියත් දැන් අවිශ්වාශ තබා ගත යුතු නැති බව තේරුම් නැද්ද ඊයෙ රැයින් පසු දයාල්....

    ReplyDelete
    Replies
    1. දැන් 20,නොවෙයි 21, 22 උනත් ගොඩ දාගන්න පුලුවන් වෙයි!

      Delete
  3. මගේ නං ඔය හන්ස-අලි යනාදී සංකේතාත්මක දේවල් මූලික කරගෙන කෙරෙන විශාලේශනවලට කැමැත්තක් නෑ. ඒවා ඉතා ප්‍රාථමිකයි.

    ReplyDelete
    Replies
    1. රසිකයින්ගේ ප්‍රතිචාර අගය කොට සලකමු
      අප හැම ලියන්නේ රසිකයින් නිසා බැවිනි

      Delete
  4. //මගේ මේ මොහොතේ සිතට නැගෙන සතුට 19සඳහා වැඩකල කැප කල ප්‍රාර්තනා කල සැම සමග බෙදාගනිමි. අවදියෙන් නොසිටියහොත් ඒ සතුට ඉතාම තාවකාලික වෙන්නට ඉඩතිබෙන බවද දනිමි.//

    අනිවර්යෙන් දයාල් තවම විවේකයක් සඳහා කාලය පැමිණ නැත.දිගටම අවදියෙන් සිටිමු.

    ReplyDelete
    Replies
    1. පොඩි විවේකයක් ගන්නයි බලන් හිටියේ?

      Delete
  5. ලබ්බේ තොවිලයක් ගැනනම් මාත් අහල තියනවා ලාවට ( ඇහිලා කියල වෙන්න ඕන )

    ReplyDelete
    Replies
    1. ඒක ලස්සන ජන කතාවක්
      දන්න එකෙක් දාපල්ලකෝ

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්