Followers

Friday, April 17, 2015

නිමල් මෙන්ඩිස් මලේ නීලගෙ විකාර ඉවසන්න බැරුවද? Perhaps Nimal Mendis had enough?



හිටපු ජනපති ලොක්ක කවුරුත් කීව පරිදි මේ සම්මතේකට හොල්ලන්න බැරි ලොක්කෙක් කියල ඔහු ගැන බලාපොරොත්තු තියාගෙන මුලු ජීවිතයම ගොඩනැගූ, සිහින මැවූ බොහෝ අයගේ හීන මාලිගා කඩා වැටී චකබ්ලාස් වී සිටින නරි සෙට් එක දැන් මෛත්‍රී වැටෙන කම් බලා සිටිති. තාවකාලික ආණ්ඩුව ව්‍යවස්තා සංශෝදන ආදී යහපාලන ආයතන හා යහ සංස්කෘතියක් ගොඩනැගීම ඇරඹීමට හදාගත් උපකරනයක් මිස දිගු කාලයක් දුවන්නට හැකිවන ලෙස දෘඪ පදනමක්,  දැඩි විනයක් හා ආර්ථික උපායමාර්ගයක් මත ගොඩනැගූ ආණ්ඩුවක් නොවේ.  ඒනිසා නොයෙකුත් අඩුපාඩු දුෂණ අක්‍රමිකතා චෝදනා මතුවෙන්නට ඉඩ ඇත.

ඒත් බොහෝ අය කියන ලෙස මේ කැඳ හැලිය අනෙකාගේ ඈශ්චර්‍යට වඩා මයිල දහසක් හොඳ දිශාවට ලංකාව ගෙන ගොස් ඇත.

මාස්ටර් "සර්ගෙන්" හා ඔහුගේ පවුලේ ගෝලබාල ඇම්බැට්ටයන්ගෙන් සිරිලංකාවට විවේකයක් ගෙනදුන්නේ බුද්ධිමත් ඡන්දදායකයා විසිනි. එවන් සර් කෙනෙකුට පුද්ගලික හේතු නිසා  නැවත රටබාරදීමට හොඳින් හෝ නරකින් බලයගන්න යයි විලිලැජ්ජ නැතිව කියනා කලාකාරිනියක ගොඩනැගීමට දායකවූ පව දරාගන්න බැරුවද නිමල් මෙන්ඩිස් හදිසියෙන් අපෙන් සමුගත්තේ.?

අපට ජීවිත කාලයක් රසවිඳින්නට නිර්මාණ කීපයක්ම දායද කල මාස්ටර් සර්, නිමල් මෙන්ඩිස්, ඔබට ස්තූතියි, සුභ ගමන්!

ඔබ සතුටින් ඔබේ ගමන යන්න. ඔබ වැනි කලාකරුවන් විසින් පෙන්වූ මග ගමන් කල පිරිස් අවදියෙනි. යක්ෂයා වෙත අප මව්බිම ගෙන යන්නට ටිකක් අමාරුවෙයි!

බහිරවයින්, මලප්‍රේත කුම්භාණ්ඩයින්, වැඩකරන අහිංසක ජනතාවගේ රීරි මාංස උරා බොමින් ජනයා මුලාකරන මිථ්‍යාදෘෂ්ටික සැට් එක කුපිත වීම සාමාන්‍ය දෙයකි.

17 comments:

  1. නිමල් මෙන්ඩිස් දිගටම මෙහෙ පදිංචි වෙලා හිටිය නම් මොකකින් මොකක් වෙයිද මංද.... මොනව උනත් 'අයිකන්' එකක්.
    ඔහුට මොක් සුව.

    ReplyDelete
    Replies
    1. මෙහෙ හිටියෙ නෑනේ. ඒ නිසා ඒ ගැන, නැති අවුලක් හදාගන්න ඕන නෑ.

      Delete
  2. නිමල් මෙන්ඩිස්ට සුභ ගමන්! නීලාටද එසේම වේවා!

    ReplyDelete
    Replies
    1. නිමල් මෙන්ඩිස්ට සුභ ගමන්! නීලාටද එසේම වේවා! x2

      Delete
    2. එසේම වේවා

      Delete
  3. නිමල් මෙන්ඩිස් මලා කිව්වම මටත් මතක් උනේ මේක.

    දයාල් මේ බ්ලොග් එක ෆෝන් එකෙන් කියවද්දිත් එන්නෙ සාමාන්‍ය අඩවියමයි. මොබයිල් සයිට් එකත් හදන්න.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දෙන්නම් රාජ්

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සුපිරි....මේ වගේ අදහස් අනොලටම එන්නේ මොකද කියන එක තමයි ප්‍රශ්නේ

      Delete
  5. ඒතකාෙට නීලාව හැදුවේ නිමල් මෙන්ඩිස් ද????

    ReplyDelete
    Replies
    1. නීලව විතරක් නෙමෙයි ජයරත්නත් හැදුවෙ සී ද එස් කුලතිලක...

      Delete
    2. ස්තූතියි ප්‍රශ්නය මතුකළාට හා දැනුවත් කළාට.

      Delete
  6. neelaa ge hati danaganna T.M.Jayarathnagen ahanna

    ReplyDelete
  7. වික්ටර් හාරාලා නැත
    බොබ් ඩිලන්ලා විසෝස්කිලා නැත​
    ඇත්තේ අත්තෙන් අත්තට පනින
    ඇක්‍ෂන් ජැක්සන්ලා හා දීන කලා මනප්පුලා පම​ණි

    ReplyDelete
    Replies
    1. අපිටත් ඇති
      (සුනිල් ශාන්ත කොන්දක් තිබුනු කෙනෙක්
      කරවල විකුණමින් ජීවත් උනා තමන්ගේ ආස්තානය රැකගනිමින්)
      මාධ්‍යයවලට අහුවෙන්නෙ විකුනන්න පුලුවන් අය විතරයිනේ

      Delete
  8. ඕනෑම කෙනෙක්ට තමන් කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන් කම තියෙන්න ඕනේ.නමුත් නීලා කෙරුවයි කියන ප්‍රකාශය නම් අන්තිම නින්දිතයි.

    ReplyDelete
    Replies
    1. ඇය වගේ කෙනෙකුගෙන් බලාපොරොත්තුවෙන්න බැරි දෙයක් නිසයි අපිට දුක!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්