Followers

Thursday, April 30, 2015

ඩොලර් පවුම් හීන Quick රුපියල්වලින් හැබෑකරගන්න Political ජිල්මාට් ඉගෙනගන්න එන්න අපේ මැයි රැලියට



අද වන්දනාගමන බයිබරි කොමිසන් එක හරහා හයිඩ් පාක් එකට
හෝව්!... හෝව්...!
නිවැරදිකිරීමයි!

නාරාහේන්පිටටයි යන්න ඉන්නෙ.

ගිහියන් සුදු වතින්ද
පොඩ්ඩක් හෝව් තවම තීරනය කර නැති නිසා
නන්නත් වර්ණයෙන් සැරසී

ගිහියන් නොවන අය අදාලවර්ණයෙන් සැරසී

එන් ජී ඕ කාරයින්ගේ උගුල්වලට නොරැවටී
විශ්වාස තැනකින් සහතික කල ජාතික කොඩියක්ද
බීමට ගන්නා වතුර බෝතල්ද
තිබේ නම් පුස්කාපු පරණ ෆයිල්ද රැගෙන
කොළඹ කනත්ත අසලට දහස ගනනින් පැමින රොක්වන්න

ඒ එස් පීගේ සල්ලිවල බරට අපේ සල්ලි යටවී
ඇතිබැවින් ඇදීම ඇබීන්දක් අමාරුවී තිබේ.
ඒ නිසා කාලට වැඩියෙ බලාපොරොත්තුනොවන්න.
බත් වෙනුවට කුරහන් රොටියක් බැගින් දීමට සිදුවී තිබේ.

සටන් පාට දැනටමත් ටෙක්ස්ට් කර තිබේ.
කරුණාකර  හොඳට කියවා කඩපාඩම් කර පැමිණෙන්න,
මේවා අරුන්ගෙන් අහුලගත්ත කොල කෑල්ලක තිබුනු ඒව නොවේ
මතක තියාගනිල්ල..අපේම ඒව කියල


අධිකරණය දේශපාලන හස්තයෙන් මුදවාගනු
බයිබරි කොමිසම කුඩුකරනු
හොරකම දුරලනු
සාධාරණ ඡන්දයක් තබනු.
රතුපස්වල ජනයාට බීමට ජලය දෙනු
ශිරානි බණඩාරනායක නැවත සේවයේ පිහිටවනු
වටරැක හිමියන් නිදහස් කරනු
අධ්‍යාපනයට 16%ක් වෙන්කරනු
සෙලින්කෝ කොල්ලකරුවන් කෝ
මන්ත්‍රීවරුන් පක්ශ මාරුකිරීම නවතනු
පවුල් බලය එපා
සියලුම කලු සල්ලි සුදුකරනු
ආදායම් බදුදෙපාර්තමේන්තුව ගිනි තබනු
රටවිරුවන් වීරවරියන් වහල්බවින් නිදහස් කරගමු

කම්කරුවන්ගේ දිනේ උන් ගැන මොනවත් නැද්ද සර්.

උන්ට ගුණසිංහපුරෙන් ඉල්ලාගන්න කියාපල්ල

(දයල් බතීත් යන්නෙ එහේ)

14 comments:

  1. හැබෑවටම එන්න එන්න. දයාල්බතිල, අපි ඔක්කොම අත්වැල් බැඳගෙන යමු. ගොඩ එන්න මේ විදිහවත් හරියයිද බලන්න එපෑ.

    ReplyDelete
    Replies
    1. යමු යමු අපි අත් වැල් පටලා නංගියේ
      ජිල්මාට් ඉගෙනගමු හනිකට නංගියේ

      Delete
  2. Replies
    1. අපිටත් ඉතින් පට්ට අදහස් එනව හරිය..

      Delete
  3. මම නම් මින් පස්සේ හැමදාම ඉන්නේ එහේ...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ අමාරුවෙයි

      Delete
  4. ඒක හැබැයි හැබැයි හැබැයි..............................................

    ReplyDelete
    Replies
    1. දයල් බතී ළඟ බොරු නැතේ නැතේ

      Delete
  5. දයල් බතී 1981-82 කාලයේ ASP ලියනගේ මහතා ටියුෂන් ගුරුවරයෙක්. අපට සා/පෙ විද්‍යාව උගන්නලා තියනවා. ඔහු ගැන මම පෝස්ටුවක් ලියන්න ඉන්නේ

    ReplyDelete
    Replies
    1. පෝස්ටු ගොඩක් පොලිස් පොතේ ලියවිලා ඇති ; ඔබ ලිවීම අනවශ්‍යයි

      Delete
  6. අද අප වෙනුවෙන් එදා දිවි කැප කළ ඔවුන්ට උපහාරය..!!
    ඔවුන් විකුණන් කන අද උන්ට බඩපලයව්..

    ReplyDelete
    Replies
    1. බුදුන්වත් විකුනන කන්නට සිදුවී ඇත
      අම්මා තාත්තාවත් විකුනන් කෑමට සිදුවී ඇත
      මාක්ස්ටත් එය සිදුවී ඇත
      ඉතින් කම්කරුවාට කියනු කවරේද

      Delete
  7. හරියට හරි දයා,දැන් මැයි දිනයේදිවත් කම්කරුවා ගැන මුන් කතා කරන්නේ නැහැ.එදාට කරන්නෙත් උන්ගේ අමන කතා විතරයි.

    ReplyDelete
    Replies
    1. යකඩ ගුල්ලො ගහල මහත්තයෝ
      පුලුන්වලට කියනු කවරේද?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්