Followers

Saturday, May 2, 2015

බණ ටෝකින්

පින්වතුනි


වෙසක් හඳත් ඈතින් මුදුන් වේගෙන එනව
වෙසඟේ සිසිල අප ගතටත් හිතටත් දැනෙනව
ඒත් එක්වරම හිතයන්නේ කරදරයට පත්ව ඇති බුදුන් ඉපදුන දේශය වෙත
බුදුන් බිහිකල දේශයේ අද 6800ක මලමිනි ගොඩගහල
අවාසනාවන්ත තත්වයක්.
2004 දෙසැ 26දා ඔබට මතක ඇති සුනාමි ඛේදවාචකය අවුරුදු 30ක යුද්ධයෙන් නැතිවූවාට වඩා ජීවිත සංඛ්‍යාවාක් එක් මොහොතකින් අහිමි උනා
ජීවිතයේ අනියත බව
අප ස්වභාව ධර්මයාගේ සුවච කීකරු යටත් වැසියන් බව
අද රජගෙදර සිටින්නා හෙට මහ මගට ඇද වැටෙන බව
මොනවට කියාපාන්නේද?

මේ ලෝකධර්මයන් ගැන
අටලෝධර්මයන් ගැන ජීවිතයේ අස්තිරබව ජීවිතයේ තේරුම ගැන මනුස්ස ජීවිතයේ වටිනාකම ගැන අපට කියාදුන් බුදුන්ගේ ධර්මය අප කෙසේ ඉගෙනගනිමුද?

දියුණු වූ ලෝකයත් විද්‍යාත්මක දැනුමත් සමග ඉදිරියට නොගිය ලංකාවේ සමාජයේ කොටසක්වන පන්සල හා එහි භාරකරුවන් දෙස බලාවත්

දැන් කාලේ පන්සල්වල කෙරෙන කටයුතු
කහ චීවරධාරීන්ගේ කතාබහ කටයුතු
දිහා බලාවත්කෙනෙකුට බුද්ධ ධර්මය ගැන පැහැදීමක්
ඇතිකරගන්නට පුලුවන්වේවිද
හික්මුනු කෙනෙකු කතාබහ කරන අඟ පසඟ පිහිටුවගන්නා ආකාරය මේ යයි පසක් කර ගත හැකිද
නිවුනු සරල ජීවිතය මෙය යයි අදහසක් ඇතිකර ගත හැකිද

ඇත්තටම කොහෙද මේ ධර්මය පවතින්නේ
බුද්ධ ධර්මය තිබෙන්නේ පොත්වලද?

මේ උදාහරණය බලමු!

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පිහිටුවා ඇති ලංකාවේ පාර්ලිමේන්තුව දෙසබලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන පැහැදීමක් ඇතිකර ගත හැකිද ?

ජනවාරි 8 සිදුවු වෙනස ඇතිඋනේ පාර්ලිමේන්තුවට පිටිනි.
මන්ද පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් එදිනෙදා ප්‍රශ්නවල සිරවී සිටින බැවිනි.
වැල යන අතට ගහ උලුවස්සා ක්‍රමයට කටයුතු කරනු විනා අන් මඟක් ඔවුනට නොපෙනේ. එය අභාග්‍යයකි. කෙසේ වෙතත් පුරවැසියන් විසින් ඔවුනට දෙවැනි අවස්ථාවක් ලබාදී තිබේ.

පන්සල ගැනත් එසේ සිතීම වරදක්ද?
ගමේ විහාරයක වසන භික්ෂුවකගේ දිනචරියාව ගතහොත්..
පාරිභෝගිකයාට අවශය කාරණාකාරණාවලට දවස ඉඩ මදිය
මල ගෙවල්, මගුල්, පිරිත්, බණ, බුද්ධ පූජ, පිරිත්නූල් බැඳීම, අංගුලිමාල පිරිත්.....

බණ ටෝකින් එක අදට නිමය

12 comments:

  1. ආගමික සංකේතයක් ලෙස තමන්ට වටිනාකමක් ලැබුනේ කෙසේද? එයට තමන් සුදුසුද? මෙම වටිනාකම ඉදිරියටත් පැවතිය යුතුද? ඒ ඇයි?
    ඔන්න ඔය ටිකට උත්තර හැම මහණ කෙනාම තම තමන්ට වත් දී ගත්ත නම්..

    ReplyDelete

  2. කෙටියෙන් බණක්.. ඔයා කියන දේවල් සේරම ඇත්ත. ඉස්සර පන්සල ගැන ස්වාමින්වහන්සේ ගැන තිබ්බ පහන් හැඟීම දැන් නැහැ.. අපි එකිනෙකාට තම තමන්ගේ ජිවිත රැකබලා ගන්න වෙලා තියෙන්නේ.. අනේ මන්දා .. ස්තුතී


    ///දැන් කාලේ පන්සල්වල කෙරෙන කටයුතු
    කහ චීවරධාරීන්ගේ කතාබහ කටයුතු
    දිහා බලාවත්කෙනෙකුට බුද්ධ ධර්මය ගැන පැහැදීමක්
    ඇතිකරගන්නට පුලුවන්වේවිද
    හික්මුනු කෙනෙකු කතාබහ කරන අඟ පසඟ පිහිටුවගන්නා ආකාරය මේ යයි පසක් කර ගත හැකිද
    නිවුනු සරල ජීවිතය මෙය යයි අදහසක් ඇතිකර ගත හැකිද///

    ReplyDelete
  3. සාදු සාදු සා..............................දු

    ReplyDelete
    Replies
    1. පින් අනුමෝදන් කරගන්න..

      Delete
  4. ධර්මය ඇත්තේ හිතේයි....පන්සලේ නොවෙයි...
    ප්‍රජාතත්‍රවාදයත් පාර්ලිමේන්තුවේ නොව පොලවේ තිබුන දාට හැමෝමට ඉර පායයි...

    ReplyDelete
    Replies
    1. කටේ මසුරන්
      දාන්න මට මසුරං නෑ

      Delete
  5. හොඳ බිස්නස් එකක් කරන කොට පොඩ්ඩක් බිසි වෙනවා තමයි.. මහන්සියේ තරමට තමයි ප්‍රතිඵල...

    ReplyDelete
    Replies
    1. හම්, තෑගි හම්බවෙනවා!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්