Followers

Wednesday, May 13, 2015

දලෙයි ලාමාට වැඩියෙ මහයාන කස්ටිය

අපි ජාතියක් හා
බුද්ධාගම්කාරයන් ලෙස
ඇත්තටම නිදහස් වන්නේ කවදාද?
මහිතන්නේ යම් තරමකට හෝ
දලෙයි ලාමාට ආරාධනය කොට
එතුමාගේ දේශනයකට සවන්දීමෙන් පසුවය කියල

ඇයි මෙතුමා මෙතරම් බිල්ලෙක් වී ඇත්තේ?

ඇයි එතුමාට ආරාධනය කරන්නට භය?

එතුමාගේ 'ලොකු ඔලුව',
මහායාන බුද්ධාගම නිසාම නොව

චීනයේ බලපෑමය?

මහිතන්නේ ඔහු රජකෙනෙක් සේ හැදී වැඩුනත්
ඔහුගේ නිදහස් චින්තනය නිසාය

ඔව් පුලුවන්නම් දීල බලමු

දහසක් ජනයාට පලතුරු මිලදීගන්න,
පරිභෝජනය දරාගන්න බැරි රටේ
පලතුරුවලින් පාරවල් මෙන්ම චෛත්‍යත් වහන රටේ
දලෙයි ලාමා තුමාගේ නිදහස් චින්තනයට
පුලුවන් නම් ඉඩදීලබලමු

දලෙයි ලාමාට වඩා
සිල්ක් සිවුරු අඳින කස්ටිය
හොරුන්ට පිරිත් නූල් බඳින කස්ටිය
මහයානය
කියලයි මට නම් හිතෙන්නේ

බැරිවෙලාවත් දෙමල ජනයාට අසාධාරණයක් කලා යයි කීවොත්
71 තරුණයන් මරා දැමූ බව කීවොත්
77 ගෙවල් ගිනිතැබූ බව කීවොත්
83 දෙමලුන් මැරූ බව කීවොත්
88-89 සිංහල තරුණයන් මරා දැමූ බව කීවොත්
දැන් ඉන්න බොහෝ කහ චීවරධාරීන් බුදුන්ව විකුණාගෙන කන බව කීවොත්
යන භය මිස
වෙන කිසිවක් ද?

21 comments:

  1. පොඩි වචනයක් හරි කියල මිත්‍යා දුරුස්ටිකයන් මට බනියිද?

    ReplyDelete
    Replies
    1. භය වෙන්න එපා, එහෙම අය නෑ ලංකාවේ

      Delete
  2. හ්ම්ම්. ඒ කතාවත් ඇත්ත...

    ReplyDelete
    Replies
    1. දලෙයි ලාමා තුමා එක්ක හැරෙනව බොරු!

      Delete
  3. "දලෙයි ලාමාට වඩා
    සිල්ක් සිවුරු අඳින කස්ටිය
    හොරුන්ට පිරිත් නූල් බඳින කස්ටිය
    මහයානය"
    කියලයි මට නම් හිතෙන්නේ"
    ==========
    දයාල් බති,ඕනෑම බුරුවෙකුට ඕනෑම දෙයක් හිතන්න පුළුවන්.ඒක ඒ බුරුවාගේ හිතීමේ නිදහස. ඒ උනත් එහෙම අදහසක් සමාජ ගත කරන්න ඉස්සර වෙලා ඒ ගැන ප්‍රමාණවත් අධ්‍යනයක් කරන්න ඕනෑ.ඒකට කියන්නෙ සාමාන්‍ය බුද්ධිය කියල. ඔබ දලයි ලාමා තෙරුන් වහන්සේ ගැන ලියන්න පෙර මහායාන බුද්ධාගම ඒකෙ අතු දෙකක් වන වජ්‍ර යානය සහ ටිබැටයේ අධ්‍යාත්මක නායකයා වෙන දලයි ලාමා තෙරුන් වහන්සේ අනුගමනය කරන තන්ත්‍රයානය ගැන සොයා බැලුවොත් හොඳයි. මහායානය කියන්නේ ඔබට හිතෙන පරිදි සිනිදු සිවුරැ ඇඳීම නම් නෙමෙයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මොලේ කොලොප්පන් වෙලා

      Delete
    2. සමරේ ඔබත් හරි, ඇනෝත් හරි
      හැබැයි ඔය මොන යානෙ උනත්
      දලෙයි ලාමා පොලොවෙ පය ගහල ජීවත්වෙන මෑන්ස් කෙනෙක්.
      පුලුවන් නම් ඔබත් එයාට එන්න කියල
      ඔබේ ඔය තියෙන ප්‍රශ්න ටික ඇහැවුව නම්
      බූරු උණ ටිකක් අඩුවෙනව.

      Delete
  4. ලංකාවෙ ජනප්‍රිය බුද්ධාගමනම් ඔය එකක්වත් නෙමෙයි..... සිංහල බුද්ධාගම ..
    ඒක දේශපාලනය හා මිත්යා විශ්වාස යොදාගෙන ඉන්දියාවෙන් ආ දර්ශනය දේශීයකරණයකර හදාගත් ආගමක්

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක නං මටත් ටිකක් තේරුනා

      Delete
    2. ජනප්‍රිය හරි මොක හරි බුද්ධාගම
      වතිකානුවෙ ලොක්කට එනම් පාප්තුමාට එන්න දෙනව
      හැබැයි බුද්ධාගමේ කෙනෙකුට එන්න දෙන්නෙ නෑ.

      Delete
  5. හැබෑටම මහායානයට බය වෙන්න ඕනිද ? මහායානය කියන්නේ මොකද්ද ? දළයිලාමා තුමා ආවොත් මහායානය හින්ද රටට නරකක් වෙයිද ? ලිපිය යයි සමරසේකරගෙ කොමන්ටුවයි කියෙව්වාම අතරමං උනා.

    ReplyDelete
    Replies
    1. දලයි ලාමා තෙරුන් වහන්සේ සහ ටිබැට් වැසියන් අපේ රටේ මිනිසුන්ට විශේෂ ලැදි කමක් දක්වන හේතු සහ 12 වන සියවසේ අපේ රටින් ටිබැටයට වැඩිය ජයභද්‍ර හිමියන් ටිබැට් බුදු සසුනට ඇතිකළ බලපෑම ගැන මා මිට කලින් ලිපියක් ලියා හිබෙනවා. මේ දිනවල මා අධ්‍යයන කරන්නේ එහි දෙවෙනි ලිපිය ලිවීමට අදාළ කරුණු ගැනයි. ඔබට වෙලාවක් ඇත්නම් මගේ දැනට පළවූ ලිපිය කියවන්න.

      සමරසේකර

      Delete
    2. මා මිට කලින් ලිපියක් ලියා හිබෙනවා. link pl.

      Delete
    3. //හැබෑටම මහායානයට බය වෙන්න ඕනිද ? මහායානය කියන්නේ මොකද්ද ? දළයිලාමා තුමා ආවොත් මහායානය හින්ද රටට නරකක් වෙයිද ? ලිපිය යයි සමරසේකරගෙ කොමන්ටුවයි කියෙව්වාම අතරමං උනා.

      ඔයි සරමසේකරලොජි දෙවෙනි වෙන්නේ නලීන් ලොක්කට විතරයි.

      Delete
    4. @ Anonymous මා මිට කලින් ලිපියක් ලියා හිබෙනවා. link link pl.
      -----------------------------------------------------------
      මා අන්වර් මනතුංගට පිළිතුරු කියල වෙබ් පිටුවක් පටන් ගත්තා.karunadasa68.blogspot.com බලන්න.

      සමරසේකර

      Delete
    5. බුද්දාගමයි
      බඩයි
      කුහකකමයි පටලෝ ගත්ත අයට
      මහයාන හීනයාන වජ්‍ර යාන මෙලෝ මලදානයක් වලංගු වන්නේ නැත.
      ලොකු ලොකු වදන් දාල අහන් ඉන්න අයව මෙස්මොරයිස් කරන්නයි ඒ අය තනන්නේ.
      who cares?

      Delete
  6. man hithanne meka liyapu ubata pissu naththan uba liyana liyana eka thol lewakaka kiyawana anith unta pissu aththatama thopita wadak nadda me wage gon idias denna kewattayo..........

    ReplyDelete
    Replies
    1. ඔබට හොඳ වචන දෙක තුනක් ලියාගන්න පුලුවන් ;ඒකත් ලොකු දෙයක්

      Delete
  7. දළයි ලාමා - තේරවාදී මහායානිකයා

    ReplyDelete
    Replies
    1. උදේට දවාලට පන්සල් යන
      රෑට හොරකමේ යන එවුන්ට දනගහල වඳින පුදන අපි
      එහෙම නොකරන කෙනෙකුට රටට එන්න නොදීම
      මහ විහිලුවකි. මේ කුහකත්වයෙන් ගැලවෙන තාක් අපි
      නියම බුද්ධාගම් කාරයෝ වෙන්නේ නැත.
      මේ රට නිදහස් වෙන්නේ නැත

      Delete
    2. දයාල් බති,
      ඔබ එක්කෝ කරුණු හරියට දන්නේ නැත. නැත්නම් කරුණු දැනගෙන ඒවා පටලන්න උත්සාහ කරන අයෙකි. දලයි ළමා තෙරුන් වහන්සේට ලංකාවට එන්නට නොහැකිවී ඇත්තේ සිංහල බෞධයන්ගේ විරෝධයක් නිසා නොවේ. චීනයේ විරෝධය නිසා ලංකා රජය විසා නොදෙන නිසාය. චීනය ටිබැටය තම රටට ඇඳා ගැනීමෙන් පසු ටිබැටයේ රාජ්‍ය පාලකයා මෙන්ම අධ්‍යාත්මක නායකයා වන දලයි ළමා තෙරුන් වහන්සේ ඉන්දියාවට පලාගොස් එහි ජීවත්වෙයි. දලයි ලාමා තෙරුන් වහන්සේ මෙන්ම අන් සැම ටිබැට් බෞධයන්ගේ පැතුම වන්නේ ජිවිතයේ එක්වරක් හෝ සිරිපාදේ වන්දනා කිරීමට හා දළදා හාමුදුරුන්වන් වන්දනා කිරීමටය.

      නමුත් චීනය උන් වහන්සේට සලකන්නේ ත්‍රස්තවාදියෙකු ලෙසින්ය. 2009 වසරට පෙර උන් වහන්සේගේ ලංකා ආගමනයට විසා දීමට චීනය විරුද්ධවුවේ අපේ රට එසේ කලොත් ඔවුන් ප්‍රභාකරන්ට චීනයට පැමිණීමට ආරාධනා කරනවා යයි පැවසිමෙන්ය. අපේරටේ ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනය දුන් මහඟු සහයෝගය මෙන්ම 2009 වසරින් පසු බටහිර රටවල් අපට කෙනහැලි කම් කරද්දී චීනය තවමත් අපට දෙන සහයෝගය ඔබ දන්නවා ඇතැයි සිතමි. මේ නිසා අප රජයට චීනය අමනාප කර දලයි ලාමමා තෙරුන් වහන්සේට අපේ රටට පැමිණීමට විසා ලබා දීම කල නොහැකිවී තිබේ. මේ සරල කරුණු ඔබ නොදනී. නැත්නම් නොදන්නා බවක් අඟවයි. පොදුවේ අපේ රටේ හාමුදුරුවරුන්ට අපහාස කරයි. ඔබ වැන්නවුන්ට කියවීම සඳහා මා ලියා ඇති ලිපිය පළමුව කියවා ඉන් පසු පිළිතුරු ලියන්නේ නම් හොඳයි.

      දලයි ලාමා තෙරුන් වහන්සේ මෑතකදී ඉන්දියාවේ මුස්ලිම් පල්ලියකට ගොස් ලංකාවේ සහ බුරුමයේ බෞධයන් විසින් මුස්ලිම් ජනයාට හිරිහැර කර ඇතැයි කියා කල ප්‍රකාශය ගැන අපේ රටේ හාමුදුරුවරු විරෝධය පැ බව ඇත්තයි. නමුත් උන්වහන්සේට විසා නොදීමට හේතුව එම ප්‍රකාශය නොවේ. මේ කාරණය මතම අපේ රටේ හාමුදුරුවරු දලයි ලාමා තෙරුන් වහන්සේ ප්‍රතික්ෂේප කර නැත. ඔබට ඉන්දියාවට ගොස් හිමාචාල් ප්‍රදේශයේදී දලයි ළමා තෙරුන් වහන්සේ මුණගැසීමේ භාග්‍ය ලැබුනොත්, ඔබ ශ්‍රි ලාංකිකයෙකු බව උන්වහන්සේට හඳුන්වා දීමට අවස්තාවක් ලදොත්, සින්හල බෞධයෙකු වීම නිසාම ඔබ උන්වහන්සේගෙන් ලබන විශේෂ සැලකිල්ල අත්විඳින්නට හැකිවේවි.

      සමරසේකර

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්