Followers

Tuesday, May 26, 2015

ඇස් නැති කන් නැති නාසා නැති බඹ ලොව ජීවීන් වගේ අපේ ජීවිතේ මල්ලී!! A Bloody Hell on Earth

Meethotamulla garbage dump: tense situation in Kolonnawa

http://srilankans.com.au/sri-lankan-news/ada-derana-news/anger-over-kolonnawa-garbage-dump?page=33


මෛත්‍රී - රනිල් මැතිඳුනි

කොළඹට ගලක් ගහන් දුරකිනි
මේ මහ විනාශය සිදුවී ඇත්තේ
අහස පොලොව නුහුලන අපරාධයකි
සිදුව ඇත්තේ

වී ඇති පරිසර විනාශය
වදන් මදිය විස්තර කරන්නට
හුස්මක් ගන්නට බෑ මිනිකුණු ගඳයි
ලෙඩ රෝග බෝවෙලා පවුල් නැතිවෙලා
ලින් වතුර බොන්නට බෑ විශ වෙලා
පාසල් වසලා ගන්දස්කාරේ ඉවසන්නට බෑ
පන ඇති මිනිහෙකුට ඉන්නට බෑ පලාතකවත්
මිහිපිට නිරයකිය

පසුගිය රජයේ ප්‍රතිපත්තියමද
ඔබලාගේ ප්‍රතිපත්තියත් ?


කවුරු හෝ බොරදියේ මාලු බානා හැඩයි
නැතිනම් සාධාරණ විරෝධතාකරුවන්ට 
තුවාල කරන්නේ 
දඬුවම් කරන්නේ කවුද?

නොපමාව පියවරක් නොගත හොත්
අබ සරණයි කාට කාටත්

-----------------

Meethotamulla garbage dump:Kolonnawa UC files action against CMC

Kolonnawa Urban Council Chairman, D.P. Ravindra Udayashantha and Councillor Saliya Wickremesinghe filed a complaint against Colombo Municipal Council Mayor A.J.M. Muzammil with the Human Rights Commission with regard to the Meethotamulla garbage dumps that worsen by the day due to the CMC dumping more than 1,500 tonnes of garbage daily.

23 comments:

  1. //මිහිපිට නිරයකිය//
    කතාව ඇත්තය
    ඇත්ත කියන උන්ට ගහන්නේ
    අවසානය ළංවූ උන්ය.. :(

    ReplyDelete
    Replies
    1. වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

      Delete
    2. පරණ පොලිසිය සැකකරුට/ අහිංසකයට ඉස්සෙල්ල ගහල තමයි;
      මොකද ප්‍රස්නෙ කියල අහන්නේ
      අලුත් පොලිසියත් එහෙමද?

      Delete
  2. පරිසර ඇමති බුදිද හිටං.

    ReplyDelete
    Replies
    1. නීතිය හා සාමය සුරැකුම
      ''සාධාරන පොලිසියට'' භාරදීලයි තියෙන්නේ හිටං

      Delete
  3. ඔය කුණුගොඩ තමන්ගේ ජීවන වෘතිය කරගත්තු පිරිසකුත් ඔය කුණුගොඩ වටේට ඉන්නවා.ඒ අය සාමාන්‍ය පිරිසක් නෙමෙයි.දේශපාලන හයියෙන් ප්‍රදේශයේ බලවත්වී සිටින ලයිශන් නැති චන්ඩි.මේ යූ.ඇන්.පීයට ලොකු ප්‍රශ්නයක් තියනවා.ඒක අත්දැකීම් නැති කමනම් නෙමෙයි.මොන මගුලක් නිසා මෙහෙම කරනවද කියලා තේරෙන්නේ නෑ.මේ මිනිස්සුන්ට ගැහුවා.කැම්පස්වල ශිෂ්‍යන්ට නෙලනවා.දැන් අර සෞඛ්‍ය සේවකයන්ව රැකියාවෙන් දොට්ට දාන්න හදනවා.මිනිස්සු වෙනසක් තුලින් බලාපොරොත්තුවුනේ මේකනම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කතාව සිංහ
      හදවත කටුසු එහෙමද?

      Delete
  4. යූ එන් පී එකෙන් වෙන දෙයක් ද බලාපොරොත්තු වුනේ?හිටපු උනුයි දැන් උනුයි එකට එලිපිට මාරු ගහන්නෙ මිනිස්සුන්ට කොකා පෙන්නලා.විකල්පෙකුත් නෑ උන් ඇර.අපොයි රට..

    ReplyDelete
    Replies
    1. විකල්ප තිබෙනවා
      ඉක්මන් නොවෙනු
      මග එනවා
      එක රැයකින් නොවේ

      Delete
  5. කෝටී ප්‍රකෝටි ගනන් අනවශ්‍ය මහා පරිමාන ප්‍රොජෙක්ට් වලට වියදම් කරනවා. ප්ලේන් එන්නේ නැති එයාර් පෝට් හදනවා..

    කුණු ටික ප්‍රතිචක්‍රීයකරන වැඩ පිලිවලක් හදන්න බෑ. ඔක්කෝම එකයි..

    ReplyDelete
    Replies
    1. මෙතැන තියෙනව වගේ පේන්නේ
      මෙන්න් මේ වගේ දෙයක්
      මෙතෙක් කල් මාතර සිට කතරගම දක්වා දුම් රිය මග දමන්න බැරිඋනේ සල්ලි නැතිකම ඕනකම නැති නිසාමද?

      Delete
    2. ඔන්න දැං ඒකත් නවතින්න යන්නෙ.. ස්ටාෆ් අඩු කරනවා,වාහන අයින් කරනවා බුරුතු පිටින්.

      Delete
    3. GUSටත් කොළඹට ට්‍රාන්සර් එකක්...!

      Delete
    4. එහෙම උනොත් අයියෙ ඒක මම දකින්නෙ තෑග්ගක් විදිහට..
      දැන්
      දුන්න දුනු ගමුවේ
      ඊතල කිතල ගමුවේ
      රාල මීගමුවේ.......
      මුවැත්ති හඬනව හැමදාම කොළඹ.
      දෙපයින්ම යනවා ඔන්න.තාම නම් යවන පාටක් නෑ.

      Delete
    5. ගස් හා චෙෆ් රාජ්‍යය සේවය කපන එක තමයි ලෝකෙ හැම තැනම කෙරෙනව වගේ පෙනෙන්නේ
      ලේසිම වැඩේනේ
      ආයෙ පස්ස පැත්තෙන් ගන්නව

      Delete
  6. ඔතන තියෙන්න අපි හැමෝගෙම කුනු නේද..? ඒකයි එලව එලවා පහර දෙන්නේ...කුනු කමු..එතකොට පොලොවට පස් වෙනවනේ...!!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම කුණු තියෙන තැනටමලු කුණු එකතුවෙන්නේ

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මම දැක්කේ නැහැ කල්‍යාණ මිත්‍ර දාල තිබෙනවා. දේශපාලකයන්ට බල කරනන් ඕනේ විසඳුමක් දෙන්න මේවට.

    ReplyDelete
    Replies
    1. ඔව් පැත්ත කුමක් වුවත් බලපෑමක් නැතිව වැඩක් කෙරෙනව අඩුයි
      මේ ලිපිය නෙලුම් යායේ නැත.

      Sorry, the page your requested could not be found, or no longer exists.

      Delete
  9. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17214-a-bloody-hell-on-earth-meethotamulla-garbage-dump-tense-situation-in-kolonnawa

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්