Followers

Saturday, May 23, 2015

xක යනු කුණුහරුපයකි Desperation




වාසු පාර්ලිමේන්තුවේදී රනිල් අගමැතිට
කුණුහරුපයෙන් බැන වැදීම දැක්වෙන වත් පොතේ සැරිසරණ
වීඩියෝව බැලීමෙන් පසු මෙසේ ලිවීමට සිත්විය.
මා වාසුවාදියෙක් නොවේ.
මේ සම්බන්ධව දැන් දන්ගෙඩියට දක්කා තිබෙන්නේ වාසුය
දැන් වැරදි මිනිහා වී තිබෙන්නේ වාසුය.
වාසුට කතා නායකගෙන් ලැබුන point of order එක අනුව,
නැගී සිට රීති ප්‍රශ්නයක් මතුකිරීමට යද්දී තමයි මේ බහින් බස්වීම සිදුව ඇත්තේ,
ඒ අතරතුරදී රනිල් කියනවා ඇසුනා.
'ඔයාගේ ඔය රැවුල කපාගෙන එන්න එතකොට මොලේ පෑදේවි' කියල.
ඒ කතාවත් හොඳ නෑනේ!
ඉහ නිකට දිහා බලල එපායෑ, අපේ අගමැති තුමා කතාකරන්න?
වාසු ඉතාම සර්දාවෙන් ආර්ක්ෂාකළ කස්ත්‍රෝ වර්ගයේ රැවුලට අවමන් කිරීමට අපේ විරෝදය පල කරන අතර xක යන්න කුණුහරුපයක් නොවෙන බව වෙනත් බ්ලොග් කරුවෙක් ප්‍රකාශ කර තිබුනා. එහි සාහිථ්‍යමය අර්ථය ලෙස පලතුරු ගෙඩිය/පලය බව ද පුරුශ ලිංගික පදය ගෙඩියා ලෙසද ස්ත්‍රී ලිංගික පදය මොකද්දැයි නොදන්නා බවද කියන්නට යෙදුනා.
සාමාන්‍ය ව්‍යවහාරය අනුව එය ගෙඩිය බව කියනු කැමැත්තෙමි.
යාල්පානම්වල දැරියක් කාලකන්නි පිරිසක් විසින් ගෙඩියක් ලෙස දැකීම නිසා එය අනවසරයෙන් නෙලා තලා පෙලා කෙලෙසා මරාදමා ඇත. මෙයත් අවුරුදු 30ක යුද්දයේ නොවිසඳනු පැත්තකි. යුද්දය ඇති උනේත් අපි කාලයක් අනෙක් අය-විරුද්ධ පාක්ශිකයින් වෙනත් ජාතිකයින්  xයන් ලෙස දැකීමේ පුරුද්ද හා සංස්කෘතිය හේතුවෙන්ද?

වාසුම දෙසූ ජන අරගල මාරුතය විසින් ඔහුව පොදු ජනයා අතරින් ඈතට විසිකර දමා ඇත. ලොකු ගස්වල අතු ඉති ජරබාරස් හඬ නගමින් ඇදහැලෙනු ඇසේ. යු එන් පී විරෝධී මන්ත්‍රය ජපකිරීමෙන් එතරම් ගුණයක් ලැබෙන පාටක් නැත.
අද දවසේ අප ඉදිරියේ ඇති කාර්යභාරය යූඑන් පී විරෝදයට ලඝුකිරීමට ජනයා සූදානම් නැත.
පාර්ලිමේන්තු වරප්‍රසාද උදෙසා පෙන්වන දේශපාලන නන්නත්තාර බවින් මිඳීමට තවමත් පමානැත.

අනිත් පැත්තට ගත්තාම
ගෙඩිය යන වචනය කුනුහරුපයක් කිරීම සම්බන්දයෙන් වාසුට අපේ බලවත් විරෝධය.

-----
පලි
ඔහුට නැති එකක් තිබෙන බව හැඟෙන වාසුගේ ප්‍රකාශය ගැන ඔහු සතුටු විය යුතු බව එක් පාර්ශවයක් කියන අතර නැති එකක් තිබෙන හැඟෙන ප්‍රකාශ කිරීම ගැන ඔවුන්ගේ බලවත් විරෝධය ප්‍රකාශ කරන බව තව පාර්ශවයක් කියනු වත්පොතේ දැක තිබේ.

16 comments:

  1. තව වයසට ගියාම අපේත් ඔය විදියට කටේ බ්‍රේක් ගෙවෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒවා ප්ලෑන්
      වාසුගේ කටේ බ්‍රේක් හොඳයි!

      Delete
  2. Replies
    1. මගේ බ්ලොගයේ පළවූ නිර්නාමික අදහස් මෙතැනටත් අදාල නිසා මෙසේ කොටසක් උපටා දක්වන්නම්.

      QUOTE
      රසික, වාසුදේව මළේ රසිකගේ ආච්චි අවසන් ගමන් ගිය කාලේම තමයි. දැන් ඔය ඉන්නේ පිස්සන් කොටුවෙන් පැන්න ඒ වගේම වෙන පොරක් !!!

      කොළඹ ඉදන් ප්‍රාඩෝ එකෙන් තමන්ගේ ආසනයට (රත්නපුර/ කිරිඇල්ල) යන වාසු "සහෝදරයා" එතන ඉදන් කෑලි හැලෙන ඩබල් කැබ් එකක තම ආසනය වටේ ඉන්න දුප්පත් මිනිස්සුනට සැලියුට් ගගහා ගිය ඉතා විශිෂ්ඨ ගනයේ සමජවදියෙකි. (ලංකාවටම එකයි මයේ හිතේ !!!)

      වාසු ප්‍රාඩෝ එකේ තියා ඊට එහා ගිය සුඛෝපභෝගී වහනයක් පාවිච්චි කරත් මට අවුලක් නැත. කිරිඇල්ල පැත්තේ අන්ත අසරණ මිනිසුන්ගේ චන්දය ලබා ගැනීම සඳහා මේ කපටියා ඔවුන්ව රැවැටීම ගැනයි මම කථා කරන්නේ. ඔහුගේ දරුවන් පවා ඉගෙන ගත්තේ ඇමෙරිකාව නම් ඔහු විසින් ගරහන අධිරාජ්‍යවාදී රටේ මිසක් කියුබාවේවත් රුසියාවේවත් නොවේ. ඔහු කතාවෙන් නියම සමජවදියෙකි. ක්‍රියාවෙන් මොකෙක් දැයි රටේ මිනිසුන් දිනක තීරණය කරනු ඇත. අවුරුදු 40 ක් පමණ ඔහුව දන්නා මටනම් නිකම් බොරු ෂෝ කාරයෙකු විතරයි. මටනම් ඔහු ගැන ඇති එකම අවුල ලෝකයට සමාජවාදය පෙන්නා මිනිසුන් රවටා ක්‍රියාවෙන් ධනවදීන්ටත් එහා ධනවාදියෙකු වීම පමණි.
      ENDQUOTE

      ;-)




      Delete
  3. දයල් බති වාසු-වාදියෙකු නොවන බව ඇසීම සතුටක්.

    ඒ කියන්නේ ඔබ බාහු-වාදියෙකු ද?

    (කසුප්-වාදියෙකු හෝ මුගලන්-වාදියෙකු හෝ කියා නම් කියන්න එපා)

    ReplyDelete
    Replies
    1. බාහු හොඳ ආදර්ශමත් ගුරුවරයෙක්
      නොපසුබස්නා සටන් කරුවෙක්
      ඔහු වැනි පෞර්ශයක් උගත්කමක් ලස්සනක් වෙන පොරකට තිබුනා නම්
      ....???
      මා ඔහුගේ දේශපාලන විශ්ලේශනය අනුගමනය කරන්නෙක්.

      Delete
  4. රනිලුත් පිස්සෙක් වගේ තමයි පාර්ලීමේන්තුවේ හැසිරෙන්නේ. එයාට කාටවත් ඉඳගන්න කියලා කියන්න අයිතියක් නෑ. යූ ඇන් පීයෙත් ඒ ගැන එච්චර කතා බහක් නැත්තේ, උන්ටත් කියන්න බැරි දෙයක්ද දන්නේ නෑ වාසු ඇදලා ඇරියේ..

    ReplyDelete
    Replies
    1. වාසු සිය අවසාන බෝම්බ ටික පත්තු කරමින් යන්නේ
      අද මාධ්‍යයේ තිබුනා ඔහු විරුද්ධයි බැසිල්ට ගෝටට නොමිනේසොන් දෙනවටකියල
      එය ඇත්තනම් ඔහු යම් වංගුවක් ගනිමින් ඉන්නවා
      චම්පික රනවක සිය ජාතිවාදී චන්ද දෙසට හැරෙමින් සිටිනවා
      මේ ඡන්දය ඓතිහාසික ඡන්දයක් වෙනවා නොඅනුමානයි

      Delete
  5. //රනිලුත් පිස්සෙක් වගේ තමයි පාර්ලීමේන්තුවේ හැසිරෙන්නේ.// මේක ඇත්ත.. අගමැති වෙච්චි දවසේ ඉඳන් මූටත් පිස්සු වගේ..

    ReplyDelete
    Replies
    1. රනිල්ට පිස්සු නෑ

      Delete
  6. අනේ මන්දා මේ වගේ මිනිස්සුන්ටද අපි රට බාර දෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේවා ගේම්
      භයවෙන්න එපා
      පොඩියක් ඉවසන්න

      Delete
    2. දේශපාලකයින් චන්දදායකයින්ව නියෝජනය කරනවා. ජාතික ලැයිස්තුවවුනත් චන්දෙ දෙන්න ඉස්සෙල්ල දන්නවනෙ.

      Delete
  7. උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නේත් අපේ වත්තේ ඉන්න අයියලා වගේම සෙට් එකක්නේ.

    ReplyDelete
    Replies
    1. වාසුට පාරිමේන්තුවේ බිම පෙරලගෙන ගහපුවායේ පලිය ගන්නෙ දැනුයි!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්