Followers

Wednesday, June 24, 2015

කිරි දියෙයි දෙවියත්?




කිරි දියෙයි දෙවියත්?
..................................

බලමු අපේ රසිකයො ඊලඟ පදය සම්පූර්ණ කරයිද කියල.?

(කිරි දියෙහි දෙවියත් කියන කවි පදයත් අල්ලගෙන දෝශාරෝපනේකුත් ලංකා ඊ නිව්ස් එකේ මාස දෙකකට වගේ ඉහතදී තිබුනා මෛත්‍රීට එරෙහිව. මහිතන්නේ මෛත්‍රී ඒකෙන් කොහොම හරි ගොඩගියා.)

අපේ ඉස්කෝලේ හැමතැනම ඒවගේ උපහැරණ, කවි, ආප්තෝපදේශ,
රාමු කරල කුළුණුවල එල්ලල තිබුන.
ඒකයි මට මේ කවිය මේතරම් මතක.

ගුත්තිල කාව්‍යයේ තමයි මේ කවිය තියනවයි කියන්නේ.

මං මේ කැරකිල ආවේ වෙන කතාවක් කියන්න,
සුපුරුදු පරිදි දේශපාලනේට.

කිරිවලින් හේදුවත් අඟුරු සුදු වේද ඉතින් ඒ වගේම
ලංකාවේ කොච්චර කලත් හරියන්නෙ නැති දේවල් කීපයක් තියෙනව.
ඔබත් මේ ගැන හිතල ඇති, බලන්න මෙන්න මේ කාරණා කීපය.

1. නවක වදය

2. පොලිසියෙන් සැක කරුවන්ට ගහන එක

3. පෝලිමේ ඉන්න බැරි එක- පනින්නමයි හිත. පැනිල්ලමයි වෙන්නේ

4. මේ පාර්ලිමේන්තුවෙන් ජනතාවට හිතකර තීන්දු බලාපොරොත්තු වෙන එක

දැන් චිරාත් කාලයක් තිස්සෙ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය දෙනව නවක ශිෂ්‍යයනට. බලාපොරොත්තු වෙන්නේ මොනවද? හැමෝම සමානත්වයට ගන්න.
ඉතින් මෙපමණ කලකට නවක වදය දීල තියෙන තරමට ලංකාව ෆුල් සමාජවාදී කොමිනිස් රාජ්‍යයක් වෙන්න එපායෑ. ඒ නිසා නවක වදය යනු පරපීඩක මොකද්ද එකක් මිස කෙල්ලෙක් යාලු කරගන්න උප්පරවැට්ටියක් මිස වෙනෙකක් නොවේ.
ඒ නිසා නවක වදය කොච්චර කලත් වැඩක් නැත. එය නම් කිරිවලට අඟුරු දැමීමකි
දෙලොවටම වැඩක් නැති යල් පැනගිය අමානුශික ක්‍රියාවකි. මං කලිනුත් මේ ගැන ලියල තියෙනව ; අවුරුදු බර ගානකට පෙර අපේ කාලේ රැග් නවත්තන්න ''අපේ'' කාලෝ ෆොන්සේකා මහත්තය  අපේ විශ්ව විද්‍යාලවලට ඇවිල්ල කරපු කතාවක කෑල්ලක්.
ඔහු අරගත්තේ ග්‍රීක උපමාවක්
"කොල්ලෝ ගෙම්බන්ට ගල් ගසන්නේ විහිලුවටය. ඒත් ගෙම්බන්ට රිදෙන්නේ ඇත්තටමය"

සමහර ශිෂ්‍යාවන් ශිෂ්‍යයන් රෝහල් ගතවෙනව, සමහරු මරණයට පත්වෙනව, අම්මපල්ල මේ රැග් කරන එවුන්  විස්සද්‍යාලේ තියා අම්බලමකටවත් වැද්දගන්න වටින එවුන්ද?
අම්මලගෙ කිරි බීපු එවුන්ද?

(මට අතුරු ප්‍රශ්නයක් තියෙනව.  නවක වදයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞරුෂයට යම් බලපෑමක් එල්ල කරන බැවින් ජනවාරි 8දා සිදු වී යයි කියන කුමන්ත්‍රණය නැවතුනේ කා නිසාද ඒ අය විශ්ව විද්‍යාලයේ නවක වදයට අසුවූ අයද කියා සොයා බලන්ට වටිනවා.  මේ පිරිස එනම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි වෘත්තිකයින් පිරිස අපේ විශ්වවිද්‍යාලවලට ගිය පිරිසක්ද කියල.)

                                                                    ****
ධර්ම චක්කරේ වම් හෝ දකුණු අතේ එම්බ්‍රොයිඩර් කරල කාකි සූට් එකේ අලවල තිබුනට අධර්මිෂ්ඨ වැඩක් ගැන තමයි අද කතාව. ඇඟට අමාරු දවසක සමහර අය කියනව අහල තියෙනව පොලිස්සියෙන් ගුටිකෑව වගේ කියල. හොරකම් අල්ලන්න යයි පොලෝසියේ කස්ටිය අල්ලාගත් සැකකරුවන්ට  දසවද දීම දැන් චිරාත් කාලයක් තිස්සේ සිදුවේ.
ඒ නිසාවෙන් හොරකම් අඩුවී නෑ නේද ?
ඒ නිසා සැකකරුවන්ට වදදීමේන් කිසි පලක් නැත.
                                                                    ****

පෙට්‍රෝල් ශෙඩ් එකට ගියත් බැංකුවට ගියත් ළමයි ඉස්කෝලේ දාගන්න ගියත් රස්සාවක් ගන්න ගියත් පෝලීමෙන් පනින්න පුලුවන් එකා තමයි දිනන්නේ. වැදගත් ලෙස පෝලිමේ සිටියාට වැඩක් නැත. මහ එවුන් පෝලිමෙන් පනින විට පොඩීවුන් එය කොපි නොකරාවිද?

                                                                   ****

අනෙක මේ වත්මන් පාර්ලිමේන්තුවෙන් ජනතාවට හිතකර තීන්දුගන්න උදව්කරයි යන බලාපොරොත්තුව. දවල් හීනයක් පමණි. ජේ ආර් තුමා එම් ආර් තුමා ඒ අයගෙන් වැඩ ගත්තේ ලියුම් හා ෆයිල් පෙන්වමිනි.
ඒ අයට මොනවා දුන්නත් දැන් වැඩක් නැත. අනෙක බොහෝ දෙනා දන්නවා මේ යන්නේ අවසාන ජොලිෆුල් කාලය බව. පාර්ලිමේන්තු  නැවත නො එන බව.
එකනේ ලඟදී නැටුවේ මාර නාඩගමක්.
කිරිවලින් හේදුවත් අඟුරු සුදු වන්නේ නැත.


19 තරමකින් ගොඩ දාගත්තා. ?
20 යම් තරම්කට ගොඩ දාගත්තා. ????
පාර්ලිමේන්තුව විසුරුවන්න දැන් කාලය පැමිණ ඇත.
මං කීවත් නොකීවත් දැන් වෙන්ට තියෙන දේ ඒකයි.

20 comments:

  1. අපි අඟුරු නෙව..

    ReplyDelete
    Replies
    1. නැත මිතුර ඔබ නීල මානිඛ්යක්ය.

      Delete
  2. අද රෑ නැත්තන් වැඩිම උනොත් හෙට රෑ පාර්ලිමේන්තුව විසුරුවනවා

    ReplyDelete
    Replies

    1. විස්ස සම්මත කිරීමෙන් මෙහා එය නොවෙන පාටයි.
      මෛත්‍රී සැලෙන්නේ නෑ.
      ජනවාරි 8 ජනතා නැගිටීමේ ප්‍රධාන අරමුණක් තමයි ''මනාපේ'' අහෝසි කිරීම.
      එය කළ යුතුමයි; එහෙත් සුලු ජන- සුලු පක්ෂ වල අයිතිය යට නොකොට.

      Delete
  3. කිරි දියෙහි දෙවියත්..
    දෙයියො කිරිදෙන හැඩක් නම් නැත්..

    ReplyDelete
    Replies
    1. දෙයියන්ව අප කිරිදියෙන් දොවම්
      දෙයියන් අපිව කිරියෙන් පැණියෙන් උතුරවත්

      Delete

  4. //අපේ ඉස්කෝලේ හැමතැනම ඒවගේ උපහැරණ, කවි, ආප්තෝපදේශ,
    රාමු කරල කුළුණුවල එල්ලල තිබුන.
    ඒකයි මට මේ කවිය මේතරම් මතක.//

    චැහ්..... ගෝත්‍රික පාසලකට නේ ගොහින් තියෙන්නේ....

    මම හිතුවේ මාතලන් මහත්තයාගේ ශ්‍රාවකයෙක් වගේම රනිල් තුමා අදහන්නෙක් උනාම අඩු තරමින් බන්ඩාරවෙල සැන් තෝමස් එකට වත් ගොහින් තියේ කියලා...

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඔය කියන ඉස්කෝලෙට ගිහින් තියෙන්නේ එකම බයියායි නේද ස රස? අයියෝ පව්!

      Delete
    2. //රසිකොලොජිස්ට් - RasikologistJune 24, 2015 at 5:20 PM

      බලාගෙන ගියාම ඔය කියන ඉස්කෝලෙට ගිහින් තියෙන්නේ එකම බයියායි නේද ස රස? අයියෝ පව්!


      //


      වඩාත් ම දුක ඕට්ටෙලියාවේ ඉන්නා "පද්දන්" ගෙනුත් කතා අහන්න සිද්දවීමයි රසික....

      අර කිඹුලා කනවා ඉවසන්න පුලුවන්.. ඒත් ඕට්ටේලියානු කොහිල කටු ඇනෙනකොට...??

      Delete
    3. ඉස්කෝලෙට කලක් ගියා කියා
      සරසගෙ පැත්තත් වැරදියි
      කරුණට පස්සයි කියා කියා
      රසිකගෙ පැත්ත ගත්තත් වැරදියි
      එබැවින් මල්ලියෙ කෙලින්ම පවසමි
      දෙන්නම හොඳයි කියා

      Delete
  5. "කොල්ලෝ ගෙම්බන්ට ගල් ගසන්නේ විහිලුවටය. ඒත් ගෙම්බන්ට රිදෙන්නේ ඇත්තටමය" ඒක මාරයි

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල කාලෝ හොඳ සිහියෙන් හිටියා!

      Delete
  6. මා දන්නා තරමින් නිවැරදි වචනේ දියෙනි යන්නයි, දියෙයි නොවෙයි.

    කොපමණ ගුණ කළත්
    දුදනෝ නොවෙති යහපත්
    කිරි දියෙනි දෙවියත්
    අඟුරු සුදු වන කලෙක් නම් නැත්

    පාසල් කාලයේ කණ්ණාඩි දැම්මේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. තුති බොහෝම රසිකට
      ඇද හැරියාට කවියේ

      දැනුත් දරමි වෙර
      නොපළඳින්නට
      පාට පාට උපැස්

      Delete
  7. Adding to # 4.
    කිරෙන් හේදුවත් සුදු නොවන කලුම කලු පට්ට කලු අඟුරු කෑලි තමයි මහජනතාව. කොච්චර රට විනාශ කළත් උන්ට ඡන්දේ දෙනවා, ඊලඟට මුන්ට ඡන්දේ දෙනවා!!!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි රසික

      Delete
    2. මා නම් මෙයට එකඟ නැත

      Delete
  8. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොපමාව සිදු කල යුතුයි.
    දයා කියනවා වගේ මේ පවතින පාර්ලිමේන්තුව කිරි කල හතකින් දෝවනය කෙරුවත් සුදු කරනවා බොරු.

    ReplyDelete
  9. අපි අඟුරුය.....හෝදලා වැඩක්නෑ කියලා උන්දලාටත් හිතෙනවා ඇති

    ReplyDelete
  10. විසුරුවා ඇරිය ඔන්න.
    http://nelumyaya.com/?p=3306

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්