Followers

Tuesday, July 21, 2015

මනෝ ඉන්දියාවෙදි හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබයි

දේශපාලනේ නිසා අමතකව ගිය වැදගත් කලා පුවතක්


 චිත්‍රපට අධ්‍යක්‍ෂ සරත් ධර්මසිරි විසින් නිර්මාණය කළ "සූවිසි විවරණ" චිත්‍රපටයේ සම්ප්‍රදායීය උඩරට නර්තන ශිල්පියෙකුගේ භූමිකාව මැනවින් නිරූපණය කිරීම හේතුකර ගනිමින් ආචාර්ය මනෝරත්නයන්  ඉන්දියානු අන්තර්ජාතික බයස්‌කෝප් සිනමා උළෙලේදී  හොඳම නළුවා ලෙස සම්මානයෙන් පුද ලැබීය.
 29 May 2015 0 comment

    මනෝ ඉන්දියාවෙදි හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබයි
    ඉන්දියාවේ දිල්ලි නගරයේ පසුගියදා පැවැති මෙම සම්මාන උළෙලට මනෝරත්නයන්ට සහභාගීවීමට නොහැකිවූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ වයි. කේ. සිංහ මහතා අතින් එම සම්මානය පෙරේදා (27දා) සවස කොළඹදී පැවැති විශේෂ ප්‍රණාම උත්සවයකදී මනෝරත්නයන් වෙත ප්‍රදානය කෙරිණි.
    මම චිත්‍රපට කීපයක රඟපෑවත් "සූවිසි විවරණ" ප්‍රධාන චරිතයක්‌ රඟන ප්‍රථම චිත්‍රපටය. පළමු ප්‍රධාන චරිතයට හොඳම නළුවා ලෙස විදෙස්‌ සම්මානයක්‌ ලැබීම සතුටක්‌ යෑයි ආචාර්ය මනෝරත්නයන් කීවේය.
    ප්‍රංශ, ඉතාලි චිත්‍රපට දෙකක්‌ සමඟ ඉන්දියානු චිත්‍රපට තිස්‌ ගණනක්‌ මේ උළෙල නියෝජනය කර තිබෙනවා. දැන් මගේ වයස අවුරුදු හැටපහක්‌ පැනලා. මේක ගැඹුරු මාධ්‍යයක්‌. මෙතරම් කලක්‌ කළ අභ්‍යාසයන්ගේ ප්‍රතිඵලයක්‌. විදේශීය ජූරියක්‌. මාව හඳුනන්නෙත් නෑ. එවන් තත්ත්වයක්‌ මත මේ සම්මානය ලැබීම වැදගත්.
    ජයලත් මනෝරත්නයන් මෙම සම්මානයෙන් පුදලැබීම අගයමින් පේරාදෙණිය විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාව විසින්ද ගෞරව ප්‍රණාම පුදකිරීමක්‌ සිදුකෙරිණි.

    4 comments:

    1. දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති විය යුත්..

      ReplyDelete
    2. පරණ නිව්ස් එකක් නේ බොලං...

      ReplyDelete
    3. මේ නිව්ස් එක කිව්වත් වගේ බති කියනකම් දැනන් හිටියේ නැහැනේ.දේශපාලන සහා ඕපාදුප නිව්ස් වලට මේ නිව්ස් එක යටවෙන්න ඇති.
      මා කැමතිම රංගන ශිල්පියෙක් ඔහු.

      ReplyDelete
    4. පරණ නිව්ස් එකක් නේ බොලං

      ReplyDelete

    ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්