Followers

Wednesday, July 8, 2015

මෛත්‍රීයි- ආර් ඒ සිරිසේනගෙයි ඩබොල් ගේම් එක Double game of the Double My3 and Dummy RA Sirisena

මෛත්‍රීව හංගගෙන
ආර් ඒ සිරිසේන ටෙලිෆෝන්වලට උත්තර දෙන්න එවනවද ,
මීටිංවලට එවනවද මන්ද ;
මේ වෙන වැඩ වල හැටියට.!
අපි ඔක්කොම අන්ද මන්ද වික්ශිප්ත වී අඤ්ඤකොරොස් වී චකබ්ලාස් වී අබසරනවී ඇත.

හිටපු ජනපතිගේ ප්‍රචාරක මැෂිම හෝ හෝ ගාල වැඩ
දුන්නා
දුන්නා
හැන්දෑවට දෙනවා,
පලුවක් මහින්දට
හෙට දෙනවා,
දුන්නා දුන්නා,
අත නැත්නම් බුලත් කොලෙන් ඒම් නැත්නම් මල් පොහොට්ටුවෙන්
රට කළඹා එනවා
කැපුවා, නෑ කෝකටත් කියා කපලා නෑ
මෛත්‍රීව විශ්වාස කරන්න එපා. ආප්ප කාලා පැන්නා.
ඒ ගොල්ලොම කියනව ඔහුට ලැබුන ජනවරම පාවා දුන්නා.
 මෛත්‍රී හරීම නරකයි.
මේවා මහා පච ප්‍රචාරබව කාටත් දැන් තේරෙනවා

කෝම නමුත් මෛත්‍රී අතිවිශාල මෙව්ව එකකට භාජනය වෙලා කියල නම් පේනව.
සෝභිත හිමි තරහ වෙලා
රතන හිමි වදාරනව රනිල්ට වැඩියෙ මහින්ද හොඳයි කියල-  මේ 150 තෙක් දික්වූ දවස් සීයේ ප්‍රතිපලද?
රාජිත කිව්ව 20න් මෙහා අපි පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ කියල.
ඒත් විසිරෙව්ව. 19 යාන්තං ගොඩ දාගත්තා.
(18ට අත් උස්සපු අය හොඳට ආයි අත් ඉස්සුව)
20 සංශෝදනේ ඉස්සරහට ගෙනියගන්න බැරි උනා.
ශ්‍රීලනිපයේ පිරිසක් රනිල්ගේ සැලුන් දොරෙන් ඒ පැත්තට යනව.

යූ එන් පියේ ගොඩ ලොකු වෙන සුළඟක් හමන බව පේනවා. හිටපු ජනපති සමග ඔහුගේ Xකයා කල්ලිය ආවොත් සන්ධානයට එකතු උනොත් සුළඟ තවත් තදින් හමන එක ඒකාන්තයි.

ජනවාරි 8 නිහඬ විප්ලවය පාවාදුන්නා කියල කස්ටියක් බැන අඬගහනව.
මෛත්‍රීද ආර් ඒ සිරිසේනද මන්ද කියල තියෙනව ජනවාරි 8 විප්ලවය පාවා දෙන්නේ නෑ කියල.
මෙවන් ප්‍රශ්නයකට මැදිඋනු ප්‍රථම රාජ්‍යනායකයා වෙන්න ඇති. පවුල්වාදයට, හොරකමට, අවනීතියට, අක්‍රමිකතාවයට, අනාරක්ෂිතභාවයට රාජ්‍යායතන කඩාවැටීමට එදිරිව  62ලස්සයක ජනතා පැතුම් කරපින්නාගෙන සිය දිවි නොතකා වැඩකළ දහස් ගානක් ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගේ කලාකරුවන්ගේ අපේක්ෂා කරපින්නාගෙන මේ තරම දුර ආ ඔබට දැන් යන්නට වී තිබෙන්නේ දුර්ඝයකය. ඒක හැමෝම පිළිගන්නව.
පවුල්වාදයට යලි ඉඩ දෙන්නේ නෑ කියල මෛත්‍රීද ආර් ඒ සිරිසේනද මන්ද කියල තියෙනව.

 මේන්න මේ කාරණාව ගැන සිතා බලන්න.

ජනපතිගේ පැවැත්ම පහසුවන්නේ ඔහුට විශ්වාසවන්ත පාර්ලිමේන්තුවක් සිටියොත් පමණයි. 19 න් මෙන්ම 20න් පෙනීගිය කාරණා අනුව මෛත්‍රී යම් යම් නිගමනවලට එන්න ඇති. පාර්ලිමේන්තුවේ සමබර තාවය වැදගත්, එක පැත්තකට වැඩි බලයක් ගියොත් ප්‍රශ්නයක්.

ශ්‍රී ලනිපයේ ගෞරවය ගැන කුහුඹු මොලයක් තරම්වත් තිබෙන කෙනෙකුට තේරුම් යා යුත්තේ ශ්‍රීලනිපය නවයුගයේ පක්ශයක් ලෙස ඉදිරියට යන්නටඕනෑ නම්; අපේක්ෂාකරනවා නම් මහින්ද පාර්ශවය වෙනම තරඟකිරීම වඩා සුදුසු බවයි. ඉදිරියේ ඇතිවන ජාතික ආණ්ඩු හෝ යූ එන් පී ආණ්ඩුව යටතේ කාටකාටත් පාර්ලිමේන්තුවේ පිළිසරණ ජනපතිතුමාගේ සෙවන ඕනෑ වී ඇති හැටියකි.  මහින්දගේ ඇඟේ එල්ලාගෙන ඉන්නා මැක්කෝ හලන්නට මහින්දට සිදුවෙනු ඇත.

මං නං කියන්නේ ආයිබෝං මේ ගේම් එක- විසුලු භියකරු නාටකය තාම ඉවර නැත.
මෙයට එදිරිව අපේ රටේ ජනයාගේ පීඩනය එන තරමට මෛත්‍රීට ලේසියි.

අවසානයේ ආර් ඒ සිරිසේන පරදවා මෛත්‍රීපාල සිරිසේන ජයගනු ඇත.
එය දිවි නොතකා සටන් කළ ජනයාගේ දිනුමයි







8 comments:

  1. දුක තමයි රංජනී
    අනේ මන්දා සරත්

    ReplyDelete
  2. සියලු ලන්කා වාසී බයියන් හා අමනාපව එක ම එක බයියෙක් විස්වාස කර ඌට චන්දය දුන් ටොයියන්ට පොලොන්නරුවේ සිලිසේන පාලම් කොකා පෙන්වයි...

    මීට ෆේක් ස ර ස තුමා

    ReplyDelete
  3. http://nelumyaya.com/?p=3514
    කාටවත්ම තේරෙන්නේ නැත්ද මොකද වෙන්නේ කියල. කොළඹ ගමය නම් කිව්වා. හේ හේ
    http://kolambagamaya.blogspot.co.uk/2015/02/blog-post_0.html
    රනිල් කොහොමත් මේ පිස්සුව කෙලින කොට මෛත්‍රී ට කර ගන්න දෙයක් නැති වෙනවා. කරන්න පුළුවන් දේ තමයි මේ.

    ReplyDelete
  4. ඇත්තටම මේ ඉන්නේ මෛත්‍රීද නැතිනම් ආර්.ඒ සිරිසේනද කියන එක හොඳ ප්‍රශ්නයක් තමයි.

    ReplyDelete
  5. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්