Followers

Saturday, September 12, 2015

අලුත් ලොක්කගෙත් පුතන්ඩිය කඩුව හොයාගෙන ගිහිල්ලලු!


අනේ හැබෑට, 
කිව්වේ කොහොමද? 
කටුගෙට පැන්න කීව, 
කං ගැට්ට කියල එකෙක් ගැන කීව, 
රත්තරන් අස්සයොයි, 
හෙලිකොප්ටරුයි, 
ඒ මදිවට අභූත චෝදනායි, 
ඔය කියපු කටවල්වලට හෙනම ගහපල්ලා.

              * * *
එංගලන්තෙනෙ ගිහිල්ල තියෙන්නෙ
              * * *
හැබෑට එහෙනම් එකත් එකටම එලිසබෙත් රැජිනගේ කඩුව වෙන්ඩෑ, 
පේනව නේද පුත්තු හදන හැටි, 
පැජිරෝ එකෙන් ගිහිල්ල හංදියෙ කඩෙන් සෙරෙප්පු කුට්ටමක් ගන්න තරම් නිහතමානී
අවුරුදු හතරෙන් සූට් කේස් අරගෙන පරාක්‍රම සමුද්දරේ හුලං වදින්න යන්න ඉන්න මිනිහ
පොලිස් බංකුව උඩ ඉඳගෙන ඉඳල පුත්තු හදල තියෙන හැටි,
අනේ රත්තරං ටිකට නීති උපාදිය අරගත්ත ලමයින්ටනේ
මුං මේ කතා හැදුවේ
ඉරිසියාවේ පැලෙනව 
හෙනම ගහපල්ලා ඕකුන්ට
පවුල් වාදෙ පවුල් වාදෙ අයියල මල්ලිල 
නෑදෑ සනුහරේ ගැන කිව්ව,  10% කිව්ව
දැන් ඔය දෝණියන්දවත් බස්සල තියෙන්න ෆීල්ඩ් එකට
ලඟදිම එයාගෙ ලියවත් බස්සයි!

වයිෆ්ට 22222 ද ලියද මොකද්ද කියල එකවුන්ට් තිබුනලු කියල එක එක කීව
ලැම්බෝගිනිද මොනවද අරගෙන දලදාව වටේ රේස් පැද්ද කීව
ඒ ළමයිගේ සිරිමුඛයෙන්ම කීව රේස් පැද්දේ නෑ කියල
හෙජින් වලින් කෝටි දාස් ගානක් ලංකාවට පාඩු උනා කීව
ජනපතිවරණේ ලංගම බිල් ගෙවල නෑ කීව
හිටපු ඇමති බිරියකට උප්පැන්න දෙකක් තිබුනා කිව්වා
කොලොන්නාවේ කුණු ගොඩ ගඳයි කීවා
ජන මාධ්‍යවේදියන්ව ක්‍රීඩකයන්ව මැරුව කීව
කැබිනට් එක ලෝකෙ ලොකුම එක කීව
18ට අත උස්සන්න සල්ලි දීල මන්ත්‍රීන්ව බිලිබා ගත්ත කීව
ශිරානි බණ්ඩාරනායකව ඉවත්කල විදිය වැරදියි කීව
බිලියන් ගනන් හොරකම් කලා කීව
මහ බැංකුවේ රත්තරන් හොරකම් කලා කීව
විදේස සේවාවට නෑදෑ සනුහරේ දාගත්ත කිව්ව
කුඩුකාරයො කිව්ව එතනෝල් කාරයො කිව්ව
කොටින්ට කප්පම් දුන්න කීව
පාරවල් හදන්න කිලෝමීටරේකට බිලියන් අච්චරයි මෙච්චරයි කීව
ආලා පාලු අර්ථිකේ කීව
මහ බැංකුවේ ගනන් හොර ඉල්ලක්කම් දත්ත දාල හදල කීව
මාධ්‍යාතනවලට නිදහසක් දුන්නේ නෑ කීව
                  
කහ ඉර ලඟ නවත්තලයි වැඩේ පටන්ගත්තේ
දැන් ලොක්කගෙ ඩැයිවර්ල සුදු ඉරත් කපාගෙන යන්නේ
( ඩිෆෙන්ඩරේ ඔච්චර හයියෙන් හැප්පිලත් ගිනිගත්තෙ නැත්තේ වැස්ස නිසා වෙන්නැති, හික්ස්)
                  
පෙනේද දැන් එකාගේ පුතා එංගලන්තෙ නිදන් හොරකමේ ගිහිල්ලා ඈ, ...
රැජිනගෙ කඩුව උස්සන්න, මෙහෙ තියෙන ඔක්කොම නිදන් හාරල ඉවර ඇති?
                   * * *
පිස්සු නම් එපා
මේ මං කීවේ ඒ පුත්තරය ඉංග්‍රීසි ඉගෙන ගන්න එංගලන්තෙ ගිය එක ගැන, 
මේ විකාර නෙමෙයි 
ඔයා මේ මොන ලොන්ඩරියෙද? 
කඩුව කියල සමාන්‍යය භාශාවෙන් කියන්නෙ ඉංග්‍රීසිවලටනේ

15 comments:

  1. කොයි කඩුවෙත් රග තව ඉස්සරහට බලාගත්තහැකිවෙයි.

    ReplyDelete
    Replies
    1. මේකේ නිකන් පොර ටෝක් දෙන්න කලින් සිරිසේන මහත්තය යන්නේ නෑ කියපු කොටුවේ රජ මාලිගේ ඉන්නේ කවුද බලපල්ලා.












      අලුත් බේබියි යාළුවොයි ඔෆිස් එකක් දාලා. සින්දුත් කියනවා රෑට රෑට

      Delete
    2. ස්තූතියි නලින් හා ඇනෝ

      කඩු පයිට් ඩාන්ස් තව ඉස්සරහට

      අනේ ඉතිං මොනව හරි නිල වැඩ කටයුත්තකට යන්න ඇති පස්සෙ රෑ උනා දන්නෙම නැතිව

      Delete
  2. බටර් පිහියෙනුත් මිනී මරන්න ඇහැකි.කඩුව වගේ නෙමෙයි ඒකෙන් අනිනකන් හිතාගන්න බෑ.. බටර් තියන හින්දා ලෙස්සලා යනවා දැනෙන්නෙත් නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේව බටර් නොවෙයි ඊට වැඩියෙ සිනිදු තෛලයක්

      Delete
  3. කලකට පස්සේ අපූරූ රස වෑහෙන පොලිටිකල් පෝස්ට් එකක් කියෙව්වා..

    කාටෙයි දයල් ළොක්කෝ කියන්නේ...

    ReplyDelete
    Replies
    1. නිකං බොරුවට අපිව පුම්බන්න එපා පුපුරයි

      දෙ-ලොක්- ස්- ම- හ්ම්

      Delete
  4. mathooo ama kiwwa neda oka game ekak kiyala

    ReplyDelete
    Replies
    1. ගේම් එකක් බව දැනගන්න පුලුවන් උනේ දැන් ලොක්ක දිනුව නිසා

      Delete
  5. ඩිෆෙන්ඩර් එක ඩීසල් වලින් දුවන එකක්. ඒකයි ගිනිගත්තේ නැත්තේ. ඔහේ වාහන ගැන මොකුත් දන්නැති හැඩයි.

    ReplyDelete
  6. ගලේ රීපු පුසන් වැනි,
    කැරි කෑ රිලවුන් වැනි,
    ඇටි කෙහෙල් කෑ උගුඩුවන් වැනි,
    ටෝයියන් යැයි හිතන් ඉන්නා,
    ලංකාවෙන් පලාගොස්,
    ලංකාවේ උන්ට කියවන්න,
    සිංහලෙන් බ්ලොග් ලියන
    කුණුම කුණු බයියන්.
    නොදකින් තොපිල.
    තොපිලගේ වරුණේ,
    ඉදිරි පරම්පරා හරි හරියට කියයි,
    ඒ කාලෙත් නොවරදවා බ්ලොග් බලපල්ලා.

    ReplyDelete
    Replies
    1. හෙමින් යන් හෙමින් ඔහොම යන් ඔයත් ඉන්න අපිත් ඉන්නම්

      Delete
  7. අලුත් හොරු පරණ පාරේම.

    කඩුවෙන් කපා ගන්ට තමයි දැන් තියෙන්නේ අපිටත්.

    ReplyDelete
    Replies
    1. ඉවසන්න අලුත් තැටියක් එනකම්
      රොටි පුච්චන්න
      වාදනය කරන්න

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්