Followers

Thursday, September 17, 2015

ගොයම් කොළ මිනිමරති- අපිට හරිම සතුටුය
















නව යහපාලන ආණ්ඩුව සිය 
මැතිවරණ පොරොන්දු වේගයෙන් ඉටුකරමින් සිටී
පසුගිය ආණ්ඩුවට නොහැකිව තිබූ, 
නොමැතිව තිබූ, 
නව න්‍යායක් වර්ධනය වෙමින් ඇත 
අපට හරිම සතුටුය

පොරොන්දු වූ ලෙසම මත්තල 
වී ගබඩාවක් බවට පරිවර්තනය කරන ලද්දේ
මහ බණ්ඩා 
සින්හල රාජ්‍යය භාශාව කළාට වඩා ඉක්මනටය
අපිට හරීම තුටුය

පරන හන්වඩු වැදුනු හොරමුල ද
එහි මෙහෙයුම් කරුවන්ද 
පාර්ලිමේන්තුවට පත්කර එවීම
ජනතාවගේ වැරැද්දකි
ජනවාරී 8දා ජනතාවගේ විසින් පලවා හරින ලද 
හොර මුලට නොමිනේසොන් දෙන ලද්දේද 
ඒ ජනතාවවිසින්මය
මා ගහට බැඳගත්තේ මා විසින්මය 
අපිට හරීම සතුටුය

කොට කෙතනට 
කොටි ලොක්කන්ට 
සින්හරාජයින්ට
දාන නඩු; අව නඩු ගානය
ඒ අස්සෙ අර ගෙදර වැඩට හිටිය උන්දට ගහපු පිස්තෝල මිටත් වරදකරු 
නූනොත්ය පුදුමේ.

ඊයේ පෙරේදා 
හදිසියක් නිසා ගුවන් යානයක් මත්තල ට බස්සා තිබේ
කවුද කියන්නේ 
මත්තල වී ගබඩාවක් කරල කියල;
 න්‍යාචාර්‍යවරු අහන්න ඉඩ තියෙනව
 සතුටුය, මත්තල වසා නැත.

මල ප්‍රේත කුම්භාණ්ඩයින්ට
දොළ පිදේනි කතා කර කර දෙනවාය 
කුඩුද ඇල්කොහොල්ද කියල වෙනස් කමක් කරන්නේ නැත
හරිම සාධාරණය.
කියන්නේ නම් හැදුනු පුටුව කඩා නැවත
අටුව හදයිද කියල බයට මෙහෙම කරනව කියලයි?
අපිට  හරිම සතුටුය
අඩුම තරමින් රජයේ සේවකයින් 95 කට හෝ හොඳින් ඉන්න  ලැබෙනවාය 
වාහන රියදුරු දැසි දසුන් ලේඛම් වරුන් 
ආරක්ෂකයින් අපේ බදු මුදලෙන් ලැබෙනවාය

අසාධාරණයට භාජනය වූ 
සිල්වා ඩබලට 
ජනපති උප්දේශක කමක්වත් දෙන්නේ නම් 
අපි හරි සතුටුයි!
නැත්නම් ඔවුන්ට සිදු වී ඇති
අසාධාරනය වෙනුවෙන් නඩු ගියොත් නම්

ආන්ඩුවට අබසරණය!

නොකියාම බැරි තවත් එකක්!

පවුල් වාදය අර්ථදැක්වීමට කාලය පැමින ඇත
එය සියයට ගනනින් හෝ බිලියන් ගනනින් හෝ
රූපවාහිනියේ පවුල අරක් ගන්නා කාලය අනුව හෝ
මෙරට හා පිටරට අක්කර ගනනින් හෝ ගෙවල් ගනනින් හෝ
ලැම්බෝගිනි හෝ රත්තරන් අස්සයන් ගනනින්
හෝ මැනීමට හැකි මිම්මක් සාදාගත යුතුව ඇත.

-----------------
Photo- http://www.nalakainfo.com/2013/03/blog-post_21.html

10 comments:

  1. මත්තල ගබඩාවල වී ගබඩා නොකර මහින්දගෙ අම්මගෙ රෙද්ද ගබඩා කරන්නය...

    ReplyDelete
    Replies
    1. පුන්නක්කු කෑවට කමක් නෑ උම්බෑ කියන්න එපා.

      Delete
  2. මටත් දුක සිල්වා ඩබල ගැන

    ReplyDelete
    Replies
    1. රටේ සාධාරණව සිතන සැමට දුකයි!
      අනේ හරිම දුකයි

      Delete
  3. අපිට දුක අපි ගැනය.

    ReplyDelete
    Replies
    1. දුක් නොවන්න
      යහපාලනය යනු නොනවතින ගමනකි
      එය හෙමින් නමුත් දැනුවත්ව යා යුතු ගමනකි

      Delete
  4. ^ //අපිට දුක අපි ගැනය.// එකගයි...........

    ReplyDelete
    Replies
    1. දුක් නොවන්න
      යහපාලනය යනු නොනවතින ගමනකි
      එය හෙමින් නමුත් දැනුවත්ව යා යුතු ගමනකි

      Delete
  5. මට නම් ක ගැනවත් දුක නැත.

    ReplyDelete
    Replies
    1. හිතක් පපුවක් නැති එකා..(හික්ස්)

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්