Followers

Tuesday, October 20, 2015

හොඳට නරකට දෙකටම සරමය, සරදමය! The Dialectic of the "Sarong"(Dialectics of common man's dress)

පොලෝසියක අත් අඩංගුවට පත් කෙනෙකු
ගෙල වැල ලා මියගොසිනි සිය සරමේ එල්ලි


අත් අඩංගුවේ සිටි යු එන් පිය
ගොඩ ආවේ සුදු සරමේ එල්ලී

රජ කමට සුදුසු සුදු සරම
පොලෝසියේ මැරෙන්නට සුදුසු කිලිටි සරම


ඔහු අත් අඩංගුවට පත් කළේ පොලෝසියය
පසු දින ඔහු මරණයට පත් කළේ සිය සරමය

අසරණයා අත් අඩංගුවට පත් කළේ අසරණ සරමය
යූ එන් පිය ගොඩ දැමූ සරම අසරණ සරණය

අසරණ අපට තිසරණ සරණය 

Dead body hanging 
on his own sarong was wearing 
 yesterday the man was taken to police custody 
suspected for no proof of identity

A man wearing the white sarong sitting in the highest chair
who rescued UNP from the custody
A man wearing dirty sarong has to prove his identity in his own country
justice?
The down trodden has no other protection than Triple Gems and God
if this still continues!

12 comments:

  1. කැම්පස් එකේ හිටපු තිසරණී මතක් වෙලා වගෙයි?

    ReplyDelete
  2. මා ලීවේ පොලෝසියේ අත් අඩන්ගුවේ සිටියදී මල අසරණයාට උරුම තිසරන සරණ දෙවිපිහිට පමණකි කියාය

    ReplyDelete
  3. උපරිමයි... දැන් අපිටත් සරමේ එල්ලිලා මැරෙන්න වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අලුගෝසු පුරප්පාඩුව පුරවන්නත් පෙර?

      Delete
  4. සමහර උදවියගේ සරම් ගැලවෙන කාලයක් මේක.

    ReplyDelete
    Replies
    1. ලජ්ජාවක් තියෙන්නෙ ඒපායෑ?

      Delete
  5. Replies
    1. සරමේ බලය නොදැනයි හ්ම් සරමෙන්ම එල්ලන්න හදන්නේ

      Delete
  6. සරම දැක්ක විට සැලකීම අපගේ යුතුකමකි.. කාලෙකින් මේ පැත්තට ආව්..

    ReplyDelete
    Replies
    1. සරමට සලකා හෝ කලකින් මේ පැත්තේ ආවට තුති කන්දක් දෙමි

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්