Followers

Sunday, October 4, 2015

ඕන පාටකින් සල්ලි ඕනෑ කර තිබේ! Cash Wanted in Any Color!

පේන විදියට
ජිනීවා යන්නේ ලොක්කන්ව එල්ලුම් ගහෙන් බේරන්නටය
සේයාගේ කේස් එක පාර්ලිමේන්තුවට භාර දෙන්නේ වනචාරීන් එල්ලුම් ගස් යවන්නටය
මාර ප්‍රතිපත්තියකි

හොරුන්ට දූෂකයන්ට නොමිනේසොන් දුන්හ
ජනයාට උන්ගෙන් කවුරු හෝ තෝරනවා මිස අන් දෙයක් නැති විය
වැරැද්ද ඡන්දය දුන් ජනතාවට පවරන ලදි
මාර ප්‍රතිපත්තියකි

එල්ලුම් ගසේ රාජකාරිය සමහර ජඩ මාධ්‍යය විසින් භාරගෙන ඇත
නඩු නොඅසාම සැකරුවන්ව එල්ලුම් ගස් යවනු ලැබේ
එල්ලුම් ගසේ රාජකාරිය පොලෝසියත් භාරගෙන තිබේ
සැකකරුවන්ව උසාවියට ගෙන යාමට පෙර නොමරා මරනු ලැබේ
එක මිනියක් වෙනුවෙන් නඩු නොඅසාම මිනි කීපයක් මරා අවසන්ය
සමහර අපරාධ සෙවීමට ඡන්දයට පෙර තිබු හදිසිය දැන් නැත
මාර ප්‍රතිපත්තියකි

අරයාගේ අය ආණ්ඩුබලය පාවිච්චි කිරීම පවුල් වාදයයි
මෙයාගේ දරුවන් ආණ්ඩු බලය පාවිච්චි කිරීම පවුල් වාදය නොවේ
මාර ප්‍රතිපත්තියකි

සල්ලි ඕන උනාම කලු සල්ලිත් සුදු වෙනවාය
රවීට දැන් ඕන පාටකින් සල්ලි ඕනෑ කර තිබේ
අල්ලනු බැරි බිලියන් ගෙන්වා ගන්වා විදික්‍රමය හරිම අපූරුය
මාර ප්‍රතිපත්තියකි

ඔනෑම පාටකින් මංත්‍රීවරුන්ද ඕනෑකර තිබේ
මෙය නම් ටිකක් පැරණි දැන්වීමකි

8 comments:

  1. ජන්දය දුන් නොදුන් බොරු වලට අසු වූ නොවූ සියල්ලන්ටම දැන් ඇත්තේ කට ඇරන් බලා සිටීම පමණි

    ReplyDelete
    Replies
    1. කොහොමත් ටික දවසක් දෙන්න ඕනනේ

      Delete
  2. මාරම මාර ප්‍රතිපත්ති රාශියකි... එය යහපාලනය නම් වන්නේය...

    ReplyDelete
    Replies
    1. ඉන්දික තොටවත්ත දැන්ම ඉඳන් කියන්න පටන් අරගෙන
      මී ලඟ අගමැති අහවලා කියල

      Delete
  3. දයාගෙන් ආපු හොඳම නිර්මාණයක්.පට්ට ලයික්.

    ReplyDelete
    Replies
    1. එහෙමනං මටත් සතුටුයි

      Delete
  4. එකෙක් වෙනුවට ඔක්කොම පිස්සු කෙලින එක ප්‍රජාතන්ත්‍රවාදයයි.. ඒ අනුව යහපාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට ඇත.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුවක් හරි කෙලින්න භාන්ඩාගාරෙට සල්ලි ඕනා.
      ඒවා නෑ. පොඩ්ඩක් හිටින් ලොක්ක ජපන් ගියා කීයක් හරි ඉල්ලගෙන එන්න

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්