Followers

Saturday, October 10, 2015

මෙගා පොලී කමින්ග් ජනතා පොකට් අපි ගොයින් Megapolis, Mega Poli(interest payments) and Politricks



මින් අවුරුදු බර ගණනකට  පෙර 154 කිරිබත්ගොඩ- රත්මලාන බස් එකේ සින්දු කිවූ පෝලියෝ වැලඳුනු යාචකයෙක් මසිහියට නැගුනේ පසුගිය ජපන් ගිය රනිල් අගමැතිඳු කිවූ බණ ගැන පලවූ වාර්තා කියවීමෙනි. මේ තරුන යාචක තෙමේ එක දාස් නවසිය අනූ ගනන්වල හිරේද ලැග්ගේය. හේතුව මෙතැනට අනවශ්‍යය. මිත්‍රයෙකුගේ මාර්ගයෙන් අසන්නට ලැබුනු පරිදි මේ තරුණ යාචක තෙමේගේ දෛනික ආදායම ඒ දිනවල රුපියල් 800ක් පමණ වූවාලු. (මගේ මාසික පඩිය එකල 12000කි. පුද්ගලික සමාගමක විධායක මට්ටමේ රැකියාවකි.) මේ යාචක තෙමේ සියලුම ආදයම රාත්‍රී යාමේ බොරැල්ලේ රේස් බයි රේස් එකට පුදන්නේය. පසුවදා නැවතත් සින්දු කියමින් යාචක වෘත්තියට බසී. මොහු ගයන්නේ ජනප්‍රිය ගීතය. ප්‍රියා සුරියසේන මිල්ටන් මල්ලවාරච්චි ජෝතිපාලගේ ගීත ඉතාම ලයාන්විතව ගයන්නේ කබල් රබානකට තට්ටු කරමිනි. අසරණ පෙනුම හා පෝලියෝ රෝගයේ ලක්ෂන නිසාත් ගයන ගීතවල ඇති කන්කලු ගතිය නිසාත් කීයක් හෝ නොදෙන කෙනෙක් නැත.

ඔවුන් යම් ආයතනයකින් වෘත්තිය ලෙස පුහුණුකර ඇතිවාක් මෙනි. අපේ හදවතේ කරුණා රසය සැඟවී තිබෙන තැනටම ලජ්ජාව සැඟවී ඇති තැනටම නිවැරදි ලෙස තට්ටු කරයි.
එවැනි යාචක යාචිකාවන්ගෙන් නිතරම ඇසෙන කවියක් දෙකක තේරුම මතකය. ඔබටත් එසේම විය යුතුය.
මේ සැපට හදන කුණු කය කවදා හෝ දිරා යනව
ඉතිරිවන්නේ දුන් දේ පමනයි
ගුන දහම් දන්නෝ බෙදාගෙන තමයි කන්නේ
ඒ නිසා තියෙනව නම් මාරු කාසි කීපයක් දීල යන්න

මේකෙන් තමයි අසනීප වී ඇති තාත්තගෙ බඩගිනි නිවෙන්නේ
ඉස්කෝලෙ යන නංගිලට පොත් පත් අරන් දෙන්නේ මේ හමබවෙන සතයෙන්

 *   *   *

ඇත්තටම මට රනිල්ල ගැන නොවෙයි
අපේ මව් රට ගැන දුක හිතුන.
1950 ගනන්වල හැට ගනන්වල
ඩී එස් නැත්නම් පසුව ජේ ආර්ල විසින්
බුදු දහමේ පාටයක් කියා හිඟමන්
ඉල්ලු ලෙසම ඔවුන්ගේ බෑනණුවන් විසින්
ඉන් දශක පහකට හයකට පසුවද ආධාර ඉල්ලා යදිනු ඇසේ

*  * *
මේ මුදල්වලින් රේස් බයි රේස් සූදු නොකෙලී යයි කියන්නට පුලුවන්ද?
කෙනෙකු චීන යුවාන් වලින් මත්තල එයාපෝට් හැදුවේය.
මෙගා පොලී ගෙවන්නේ ඔහු නොවේ.

නහී වෙරේන් වේරානී
ජපන් යෙන් සරණං මෙගා පොලිසි-යෙන්
මෙගා පොලී කමින්ග් ජනතා පොකට් අපි ගොයින්
20% ඉවසීමෙන් සැනසීමෙන්

11 comments:

  1. 1965-1970 එක්සත් ජාතික පක්ෂ රජයේ බොහෝ වසර වල තිබුණේ අතිරික්ත අයවැයකි. එම කාල වල හිඟමන් යැද්දා යැයි කීම වැරදිය.

    ReplyDelete
    Replies
    1. dayal bathi e kaale thaaththage ate wath naha. e nisa owwaa danne naha.

      Delete
    2. Ianට, 1965-70 ආණ්ඩුව පෙරලුනේ ඇයි

      Delete
  2. ලංකා දේශපාලනයේ..තේමාව...හිගා කෑමයි ..මෙසේ අනුන්ට ඇත පෑවේ නැතිනම්...දේශපාලකයා බද ගින්නේය...වරප්‍රසාද හබක්ය...duty free වාහන අප්සෙට් ය..විදේශ සංචාර හීනයකි..පාර්ලිමේන්තු රාජ භෝජන නැත....උත්සව පවත් වීඒමට කෙල කොටි ගණන් වියදම් කිරීමට බැරිය. උන්ගේ බදජආරි නය ගෙවීමට...චන්ද දායකයන් ලක්ෂ 200 කට ආසන්න හරක් රැලක් සෑදී පැහැදී සිටින නිසා හිග කෑමට බිය විය යුතු නැත....

    ReplyDelete
    Replies
    1. ණය අත්‍යවශ්‍ය වූවත් ණය ගෙන ඒවායින් සූදු කෙළීමයි නරක නේද?

      Delete
  3. රනිල් ජපානේ යනවා හිඟමනේ...
    චීනා මෙයාලට දෙන්නේ නැති පාටයි..
    හිඟ නොකා ගොඩ ඒමක් නෑ...
    ප්‍රධාන ආදායම මැද පෙරදිගට ගෘහ සේවිකාවන් සැපයීම..
    75% ගොයියොලු... හැමදාම උන් ණය කාරයෝ.. ඒත් වවනවා.
    අවුරුදු 2500 ප්‍රව්ඩ් ඉතිහාසයක්ලු..
    ළෝකෙන් උතුම් රටලු..
    අම්මගේ රෙද්ද..
    මම මේ කේන්තියකට කිව්වා නෙමෙයි..
    හෝදලා වැලේ දාලා තිබුනා..
    ජාතික කොඩිය ගාවින්.. සිංහයා උඩට..
    කඩුවත් අතේ...
    තාම අත් ඇරලා නෑ..

    ReplyDelete
    Replies
    1. ලිංගික සේවක සේවිකාවන්ගේ නැගීම නිසා බොහෝ අයගේ ඇස් ඇරේවී

      Delete
  4. මෙහෙම හිඟා කකා ආණ්ඩු කරන්න මොකට බාර ගන්නවද මන්දා අප්පා..

    ReplyDelete
    Replies
    1. ණය මුදල් නිසි ලෙස ආයෝජනය නොකර දේශපාලකයින්ගේ පෞද්ගලික වුවමනා මත සූදු කෙලීමයි නොකල යුතු

      Delete
  5. සිගමන් යැදීම සහ ණයට ලබා ගැනීම යනු කරුණු 2කි. ලංකා ආණ්ඩුව කරමින් සිටිනුයේ ලංකාවේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ණයට මුදල් ලබා ගැනීමය. බෝහෝවිට සිදුවනුයේ විවිධ ක්‍රම මගින්, විදේශ වලින් ලබා ගන්නා ණය මුදල් ජනතාව අතට ලබා දීමය.
    විදේශ වලින් අපට ණය මුදල් ලබා දෙන්නේ විවිධ ව්‍යපෘති ( පාරවල්, ගුවන්තොටුපල, වරාය, ජල ව්‍යපෘති සැදීම) කිරීම සදහාය. එම ව්‍යපෘති වලට අවශ්‍ය ශ්‍රමය (කම්කරුවන්, රියදුරන්, වැඩපරික්ෂකයින්, වෘත්තිකයන් (ඉංජිනේරුවන්, කළමනාකරුවන්, ගණකාධිකාරිවරුන්) ) අමුද්‍රව්‍ය (ගල්, වැලි, පස්.......), අනෙකුත් සේවවන් (කම්කරුවන්ට කෑම දෙන තැන සිට වාහන වලට අමතර කොටස් ගෙන්වන්නන් දක්වා දුරකතන, ප්‍රවාහන, ආදී මෙකි නොකි සියලු සේවාවන්) සදහා එම සියලුම මුදල් ගෙවා දමයි.

    රට තුල යටිතල පහසුකම් සදහා මිස වෙනත් ආයෝජනයන් සදහා මෙම රටවල් ණය ලබා නොදෙන අතර ලාභ ලැබිය හැකි සියලුම ආයෝජනයන් සිදු කරනුයේ පුද්ගලික ආයෝජකයින්ය

    රටේ නීශ්පාදනය දියුණු කරනතුරු දිගටම අපිට ණය ගැනීමට සිදුවනු ඇත. එබැවින් මෙය සිගමන් ඇදිමක් ලෙස විහිලුවට ලක් කිරීම වෙනුවට කර්මාන්ත සංවර්ධනයට විධිමත් වැඩපිලිවෙලක් සහිතව දිගු කාලීන සැලසුමක් සහිතව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ණය මුදලු ලබා ගත යුතුය.

    මත්තල ගුවන් තොටුපල මෙන්ම රටේ සෑම ගමකම සියලුම අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරීම වෙනුවෙන්ද වැය කරනු ලැබුයේ කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල මාර්ග තදබදය අවම කිරීම වෙනුවෙන් යෙදවීමට තිබුන මුදල්ය. එමෙන්ම මත්තල හා ගමේ පාරවල් කොන්ක්‍රීට් කල බැවින් වාහනද වැඩිවී ඇත. ඒ සදහා වියදම් වුයේද විදේශ ණය මුදලුමය

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට එකඟයි

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්