Followers

Sunday, November 15, 2015

දෙමලෙක් සිංහල පක්ෂයක නායකයා වීම හා පිසාචයින් විසින් කට්ටඩියන්ව නැටවීම


පැරිස් නුවර Bataclan රංග ශාලාවේ ඝාතනයෙන් පසු

සිංහල රටේ නායකයා වීමේ ලක්ෂන  හා අවශ්‍යතාව  මතුවෙනවාත් සමගම කදිරාගාමර් අන්තර්දාන විය. විභවයක් තිබූ එවන් නායකයින් කී දෙනෙකුගේ සම්සාර ගමන කෙටි වූයේද?


ඒ ලංකාවේ හැටියි. තවත් එවැනි අවස්ථාවක් මතුව ඇත.
කුමාර් ගුණරත්නම් සිංහල පක්ෂයක නායකයා වී ඇත.
ඔහුටත් විශාල කරදර ගොඩකට මුහුණපාන්නට සිදු වු බව ලංකාවේ දේශපාලනය ගැන අවධානයෙන් සිටින අප හැමෝම දන්නා කරුණක්.
එය දෙමල සම්භවයනිසාම සිදුවෙනවායයි නියත වශයෙන්ම කීමට නොහැකියි. කෙසේ හෝ වේවා දෙමල සම්භවයක් ඇති කෙනෙකු සිංහලයන් වැඩිපුර සිටින පක්ෂයක නායකයා වීම ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ දියුණු ලක්ෂනයක් බව කිව යුතුය. ඒ අතින් පෙරටුගාමීන් පෙර ගමන් කරු වී ඇත.

 ඒත් ජනතා හිතවාදී ආන්ඩුව්ක් පත්වූ ගමන් ජවිපෙ ජන්ම උරුමයෙන් ලද ආණ්ඩුවිරෝධී සටන් මවා පා වහ වහ ලකුණු දාගන්නා මානසිකත්වය නිසා හැදෙන කැසිල්ලට නම් මනාපයක් නැත. අලුත් ආන්ඩුවක් පත්වූ ගමන් 71 මෙන් ඉක්මනින් කොක්ක ගසාගත හැකි ගමෙන් පැමිණි තරුණ විශ්ව විද්‍යාල සිසුන් අල්ලාගෙන කැරලි ගැහීම සමාජයේ ඉදිරිගමනට කෙසේ ඉවහල් වේද? යන්න ඉතිහාසය ගැන විපරම් කිරීමෙන් යම් අදහසක් ගත හැකිය.

අනෙක් කාරණාවට යන්න පෙර තව කාරණාවක් පැහැදිළි කර ගත් යුතුවෙනව. මේ දිනවල මාධ්‍ය මෙහෙයුම් කීපයක් තීයෙනව.
එකක දෙකක පැහැදිලිවම ඒවායේ හැලුවැල්ල පෙනෙන්න තියෙනව.

1. මෛත්‍රී-ර්‍අනිල් අතර තිබෙන කාණුව ඇලක් කිරීම

2. අනුර කුමාරව ගර්හාවට ලක්කිරීම හා කුමාර්ගේ අත් අඩංගුවට අනුර කුමාරව ගාවා ගැනීම

3. ජවිපෙ හා ලල් කාන්ත අතර භේදයක් ඇතිකිරීම

4. යූ එන් පිය තුල රනිල්-සජිත් අතර
කාණුව ගඟක් කිරීම

රනිල්- මෛත්‍රී සංයෝගය දරාගන්න බැරි කස්ටියක් ඉන්නව.
අනුර කුමාරගෙ භූමිකාව දරාගන්න බැරි කස්ටියක් ඉන්නව; අනුර කුමාර ඉතිහාස ගත්වෙන්නේ, ඉරිසියාකරා ග්‍රාමීය මධ්‍යම පංතික මානසිකත්වයෙන් ජවිපෙ ගලවාගෙන නිර්ධන හා උගතුන්ගේ ප්‍රායෝගික හා නූතන පක්ෂයක් බවට පත්කිරීමට ගත් උත්සහය නිසයි කියල දයල් බතී කල්පනා කරන්නේ.
ආණ්ඩුවිරෝධය ගානට කලමනාකරනය කරන ලාල් කාන්ත හා ජවිපෙ සම්බන්දය දරාගන්න බැරි කස්ටියක් ඉන්නව
සජිත් සිය භූමිකාව තේරුම් ගෙන රනිල් යටතේ වැඩකරගෙන යාම ඉවසන්න බැරි කස්ටියක් ඉන්නව

පුද්ගලික අභිමථාර්ථ පෙරටුකොටගත් රට දෙවනුවට දමාගත් ලංකාවේ ජාතික දියුණුවට හරස්කපන උන් එහි මූලය තිබෙන්නේ කොහිදැයි හොඳාකාරව දනිති. කල යුත්තේ කුමක්දැයි මනාව අවබෝධකරගෙන සිටිති.
වර්තමානයේ පවතින ආණ්ඩුවේ යහපාලන පීඩනය හා ශක්තිය, එන්නේ කොතැනින්දැයි ආන්ඩුව කඩාවැටෙනකම් බලාසිටින මලපෙරේතයෝ හොඳි දනිති. ඔවුන් කුමාර හා කුමාර් යන නම්වල වෙනස හල් කිරීම පමනක් නොවන බව ප්‍රත්‍යක්ෂව දනිති. හොඳ තුරුම්පුවක්, ජාතීන් දෙකක් අතර ලේ ගංගාවක වෙනසක්, සංස්කෘතීන් අතර කෙන්ද කන්ද කල හැකි වෙනසක් කල හැකි සම්බන්දන් එකක් බව දනිති. ඒ වෙනුවෙන් දිවා රෑ නොතකා වැඩ කරති. මේ අස්සේ යහපාලනය සිය මෙහෙයුම හරියට අරඹා ඇතිද, එපා කියා ජනතාව විසින් විසි කරන ලද පිසාචයින් මේ ආණ්ඩුව තුල තොවිල් නටා කට්ටඩියන්ව නටවන්නේ කෙලෙසදැයි හැමටම ප්‍රශනයකි. ආතුරයාට තවම සෙතක ශාන්තියක ඡායාවක්වත් පෙනෙන තෙක් මානයේ නැත.

එතෙක්
 ඔව් අපි සවන්දෙමු දැන් නවතම ඇවන්ගාට් තත්වයට...

18 comments:

  1. පොඩි වතුර පාරක් මහ ගංගාවක් කරන එක අපිට කජ්ජක්යැ දයල්.. හැක්

    ReplyDelete
    Replies
    1. හාරන්න අපි අති දස්සයෝ නොවැ!

      Delete
  2. සාමාන්‍ය මිනිස්සුන්ට වෛර කරන එවුන්ට රට යකා නටන තැනට ගෙනත් අන්ද මන්ද කරන එක තරං ජොලියක් තියනවද ? දයල් ගෙ විග්‍රහය නං කදිමයි

    ReplyDelete
    Replies
    1. ඒ ගිනිකුන්දම අන්ද මන්දය අස්සේ ගාණ කපාගන්නව කාටත් නොතේරෙන්න

      Delete
  3. පුකේ ගාඩ් දාගත්තොත් හොඳයි වගේ... ළඟදීම ඒකේ අරිනවා...

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ ජනෙරු අට වෙනිදා ඇරියාය කියලා...!

      Delete
    2. කලිනුත් ඇරියා මිනිසුන්ව භය කරල තියාගෙන, අඩුම තරමින් දැන් භයක් නෑ.

      Delete
  4. මේ කුමාර් ගුනරත්නම් කියන මිනිහව මේ රටේ සාමාන්ය ජනතාව දැන හිටි මිනිහෙක් නොවෙයිනෙ.ඒනිසා කලක ඉඳල පෙරටුගාමීන් මාධ්ය මෙහෙයුමක් කලා මෙයා ජනතාව අතරට ගෙනියන්න.(හරියටම මෙයා කව්ද කියලා මිනිස්සු කලින් දැන ගත්ත නම්.මෙයා රිමාන්ඩ් වෙන්න නෙවේ ඊට වඩා විනාසයක් මෙයාට වෙන්නෙ.)88-89 අයියයි මල්ලියි කරපුවාට.

    ReplyDelete
  5. අවන් ගාඩ් ඉවර වුනාට පස්සේ මොකක්ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි දැක්කෙ නැද්ද අර ඩිජිටල් තුමා පටන් අරන් තියෙන්නේ ගෙම්බත් එක්ක...!

      Delete
    2. වසීම් ටාජුඩීන්

      Delete
  6. ඔබ මැදහත් ලියවිල්ලක් කරලා තිබෙනවා.

    ReplyDelete
  7. කොයි දේ වෙතත් බලයට එන්න කලින් හිටපු සජිත්ට වඩා ඇමතිකමක් තියෙන මේ සජිත් නුවණ මෙහෙයවා කටයුතු කරන බවක් පේනවා.

    ReplyDelete
  8. Read the book " Revolution in the farm". (Govipole peraliya) Then it will be very easy to understand what is going on.

    ReplyDelete
    Replies
    1. Have done before and I will do it again, thanks

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්