Followers

Monday, November 23, 2015

මේ ආණ්ඩුව වැටෙනවා- ජාතියේ සෝමවංශය ලියන්න ට පටන් ගමු!



යහපාලනය ආවත් හරි
උදේට නැගිටින්නට කිසිම කිසි ගෝ එකක් නැත.
 ඇඟට කිසිම පනක් හිතට පිට් එකක් දැනිච්ච කාලයක් මතක නැත. 
අපොයි මෙහෙමත් මලානික කාලයක්. 
හිරු සලකුණ වැඩ සටහන බැලුව. එතනත් හරි පව්. ජනමාධ්‍යය වේදියො කියල මුරුංග අත්ත උඩ නැගල ඉන්න පොරවල් තුන නිකං නාගාන්නව බාහුව ඉන්ටර්විව් 
(ඇත්තටම ඒක ඉන්ටවිව් එකකට වැඩියෙ ඉන්ටර් රොගේට් එකක්.)කරන්න ගිහිල්ල.
දැන් ගතවෙන දින හරිම අපූරුය, පුදුමය. මලානිකය.
ජනමාධ්‍යවේදීන් ආණ්ඩුවිරෝධීන් උස්සන්නේවත් මරන්නේවත් නැත. ලැම්බෝගිනියක් කාර් රේස් එකක්  දකින්නව්ත් ජනපති ඇමති පුතෙක්ගේ වගාඩම්බර පයිට් ගැන නිව්ස් නැත. 
යන යන තැන දත් තිස් දෙක විරිත්තාගත් පොරවල් බිත්තිවල ලයිට්කණුවල එල්ලී නැත.
මිත්‍රවරුනි මම ඉන්නකම් මේ මාතෘ භූමිය බෙදන්නට ඉඩදෙන්නේ නෑ කේසර සිංහවදන් නැත.
ජනපති පුතා රගර් ක්‍රීඩා කරන්නේ නැත.
දේශද්‍රෝහියා, එන් ජී ඕ කාරයා, ඩොලර් කාක්කා
මුං කොහෙ හැඟිලාද එලියට ඇවිත් අපිට ආතල් එකක් ගන්න මූණු පෙන්නපල්ලකෝ
මැගසින් හා වැලිකඩ බන්ධනාගාරවලට ගොස් නම් අඬ ගසන්නේ නැත. රතුපස්වල හා වෙළඳ කලාපේ වෙඩි තැබූ එවුන්ට මෙන් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ  ඔලු පැලූ එවුන්ට ප්‍රොමෝශන් හෝ ඇම්බැසැඩර් පෝස්ට්  නැත.
සිරි ලාංකික බයි ජීවිතේ අන්තිම පට්ට බෝරින්ය.

දැන් කවුරුත් වැඩියෙ කටවල් කක්කුස්සි කටවල් වගේ අරින්නේ  ගඳ ගස්සවන්නේ නැත. 
ගඳ ආවොත් පසුවදා බයිබරියට හෝ එෆ් සී අයි ඩියට ආරාධනා කරන නිසත් වෙන්නට ඇති.

 උපන් දිනය නිමිත්තෙන් සංවිධානය කරල තියෙන පිං කන් අස්සේ බයිබරියට එන්ටයි කියල ලියුම් කරදහි ඒවන එක අන්තිම වැරදියි.

සෝමවංශත් වීරවංශගේ ත්‍රී වීල් එකේ නැගල කෑ ගසමින් යනව වගේ, දැන් ඉතින් වීරවංශට වැඩියෙ සෝමෙ සීනියර් නිසා ජාතියේ වීරවංශය ලියන්න වෙන්නේ නෑ 
දැන් එහෙනම් සෝමවංශය ලියමු

කවුද රතු ඇඳ, ගත්ත ඇඳ ගත්ත පොරක් කියනව මේ ආණ්ඩුව වැටෙනව කියල.

ආණ්ඩු කවදහරි වැටෙනවා වැටෙනවා වැටෙනවා තමයි, ඕක කියන්නත් දෙයක්ය? ආයේ ලොකු දේශපාලන්ඥයෙක් නැත්නම් ඉන්දික තොටවත්ත ඇවිත් කියන්න ඕනෙ නෑ, 
හොල්ලන්න බෑ වගේ හිටිය රජතුමාටත් ආණ්ඩුවටත් යන්න වෙච්ච එකේ ගල් ඉබ්බොයි, ආඳොයි, ගෙම්බොයි, කටුස්සොයි වගේ කෙනෙකුට කෙනක් නොගැලපෙන පිරිසක් ආන්බාන් කරන එක ලේසි වැඩක් නොවෙයි.

ආන්ඩුව වැටෙනවා ශුවර් එකට.

හැබැයි 2020දී, ඔය විමලුයි, කුරුණෑගල මන්ත්‍රීලයි කියන විදියට ආණ්ඩු වැටෙන්නේ නෑ. උන්ට පිස්සු, 
නැත්නම් උන් හිතනව අපිට පිස්සු කියල. 
පව්!

බලමු බොන්ඩ් ප්‍රශ්නෙට මැදිවෙලා නාගත්ත රවීත් අර්ජුන මහේන්ද්‍රනුත් අපේ ආර්ථිකේ ගොඩදාන්නේ කොහොමද කියල. 2016 අයවැය නම් ෆුල් බැලන්ස් වගේ තමයි පේන්න තියෙන්නේ. ටිකක් සරදියෙල් අයවැයක් වගේ. ඔය සරදියෙල්ලාට බොස්ලා වැඩියෙ කැමති නැත.

20 comments:

  1. මේ ආණ්ඩුව කිසිලෙසකින්වත් වැටෙන්නේ නැත. ඒ නිසා බියට පත් සරණාගත කඳවුර (මහින්ද, විමල්,වාසු,දිනේෂ්,ඩලස්,බන්දුල,සහ පිරිස) විලාප දෙන සද්දේ තමා ඔය ඇහෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව වැටෙනවා සත්තයි.

      Delete
    2. මේ පෝස්ට් එක 2018 දී නැවත පලකරන්න දයාල්. එදාට ඔප්පුවෙනවා ආණ්ඩුව නොවැටෙන බව.

      Delete
    3. අනේ දයාල් එච්චර කල් අදින්න එපා , 2017 දාන්න.

      Delete
    4. මම කරන්නේ විහිළුවක් නෙවේ. 2018 නොවැම්බර් මාසයේදී මේ ලිපිය නැවත දාන්න. මම ප්‍රොෆයිල් එකෙන් එනවා එදාට.

      Delete
    5. කාලය ඉක්මනට ගතවෙනවා, බලමු වැඩිකල් නෑ 2017 ට 2018ට

      Delete
  2. මහජනයා ආණ්ඩුවක් පත්කරගන්නේ ඔවුන් වෙනුවෙන් රට පාලනය කරන්නටයි. එවිට ඔවුන්ට ඔවුන්ගේ දේවල් ගැන සිතීමට සහ ක්‍රියා කිරීමට කාලය ඉතිරිවිය යුතුය. දැනට කාලයක සිට මිනිසුන් ජීවත් වී ඇත්තේ ආණ්ඩුව, රජවරු, ඇමැත්තන්ගේ ක්‍රියා කලාප වලට හුරේ දැමීමට, රහසින් හෙ විවේචනය කිරීමටය. එවිට විවේචනය කිරීමට හෝ හුරේ දැමීමට අවස්ථා නැතිවීම සමහරුන්ට රටේ වැඩක් නොවෙවෙනවා යයි කීමටද හේතු වේ. දේශපාලකයින්ට සැපපහසුකම් සහ පඩි නඩි ලැබෙන්නේ රටට අවශ්‍ය දේවල් කිරීමටයි. එසේ කරන දේවල් ගෙදරින් මුදල් ගෙනත් රටේ මිනිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කලා සේ පැය ගණන් ටී වී එකි යන විවෘත කිරීමේ උත්සව, කථා ආදිය බලා සිටීමට මිනිසුන්ට සිදුවූ යුගය අවසන් වීගෙන යයි. දිනපතාම රජුන්ගේ රැකවරණය ඇති මදාවියෙක් යමක් කර හෝ යමක් කියා මිනිසුන්ගේ කාලය කා දැමූ කාලයද අවසන්වීගෙන යයි.

    ReplyDelete
    Replies
    1. අපගේ ජීවිත කාලය තුලම මෙවැනි තත්වයක් උදාවීම වාසනාවක් කියල හිතෙනවා.

      Delete
  3. මං ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බෝයි
    උන්ව නොදක මොහොතක් වත් ඉන්න බැහැ අපොයි

    ReplyDelete
  4. සිතට දැනෙන්නේ පුදුමාකාර නිදහසකි..

    ආන්ඩුවට මාස තුනකි..
    අඩු පාඩු බොහෝ තිබුනද කෲර දුෂ්ඨ මාධාවී කාළකන්නි පාලනයට වඩා ලක්ෂ ගුණයකින් හොඳය..

    එකම ඉල්ලීම නම් මේ නිදහස නැති කරන්න එපා කියනා එක පමණය...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කවදාවත් සිරි ලන්කාවට නොලැබෙන යහපාලනයක් නොලැබීම ගැන කිසිම දුකක් නැතත් මුන්ගේ වරදින් ආයිත් රජ පාලනයක් එයිද කියන එක ගැන හිතනකොටනම් බයයි

      Delete
    2. එහෙම වෙන්න විදියක් නැත.
      සිවිල් බලවේග දැන් දැනුවත් ශක්තිමත්

      Delete
  5. றாதநா னைல் காய யளனபனயபா​ைடன
    අයවැය සාහිත්‍යයේ හොඳම සටහනක්

    ReplyDelete
  6. වීරවන්ස කතා කරනකොට අප්පිරියයි
    ඒත් සෝමවන්ස මගේ ප්‍රියතම කතිකයෙක්, මුතුහෙට්ටිගමටත් වඩා එන්ටර්ටේනින්.
    ලන්කා දේශපාලනයේ ලයිට් රිලීෆ්

    ReplyDelete
    Replies
    1. සොමේ කියන්නේ කෙටියෙන් මේකයි
      රාජපස්සල ඔක්කොම බලෙට ආවේ ජවිපෙ දීපු තල්ලුව නිසා
      රාජප්ස්සල වැටී යනගෙන කාලේ තමන් විසින් ඇතිකරපු විසකුරු බලවේග
      විනාශ වී යා නොදී අපි දැන් ඒ වාසිය ගන්නේ
      කොහොමද සහ ඇයි එය නොගන්නේ කියන තර්කයයි

      Delete
  7. Look at Telecom, Ports, High commissioner to Australia, investigation of corruptions, fixed price promised for Tea and Rubber the list goes on. "Non are so blind than those who refuse to see"

    ReplyDelete
    Replies
    1. It is better we keep the eyes open and bring these corrupt practices to attention of masses, media etc no matter which side of politics they belong to. This reminds me what MP Mahinda Amaraweera's quote We need only the dessert now
      but if new ones come to power they have to begin from 1

      Delete
  8. සෝමේ අයියායි විරේ මල්ලියි එකට සෙට් වෙනවා මම හීනේන් පවා දැක්කා දයාල්.මේ ගැන ලියන්න ඕනේ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්