Followers

Friday, December 11, 2015

රෝසිගේ රසඥතාව-ජනවාරි 8 විප්ලවයේ ෆික්ස් ඩිපොසිට් එක- Can Jan 8th Revolution be stoned to death!


දැන් දැන් පෝස්ට් අතර සෑහෙන කාලයක් ගතවෙන නිසා කවර් කරන්න පැති බොහොමයක් තිබේ. 

අයි ටීන් එන් එකේ ගිය සංහිඳට පසුව මා ප්‍රියකරන සංගීත වැඩසටහනක් තිබෙනව ජාතික රූපවාහිනියෙ ''සිහිනයකි රෑ'' කියල  රෝසි සේනානායක හා කීර්ති පැස්කුවල් සහභාගී වූ රාත්‍රියේ රෝසිගෙ ගී තේරීම මහිතනව අප බොහෝ අයව පුදුමයට පත්කරන්න ඇති. ඇත්තටම රහම රහ ගී දහයක්. හැම සිහිනයකි රෑ වැඩසටහනක්ම එකකට එකක් දෙවැනි නෑ කිව්වොත් අතිශයෝක්තියක් නොවෙයි. 

ඉතින් අපේ වර්ධනය වී ඇති සංගීත රසඥතාව වර්ධනයට අමරදේව ශූරීන් කළ බලපෑම සුලුපටු නෑ,  ඒ වගේම එතුමාට ඇති සැලකීම කෙසේද කියනව නම් දැන් හැම රජෙක්ම අමරෙ එක්ක සින්දු කියන්න අමතක කරන්නේ නෑ. අමනාප නොවේවා. අමරේ කීවේ අමරදේව ශූරීන්ව තව ටිකක් තරුණ කරල ගන්න. එසේම මහිතනව එතුමා මගේ කල්‍යාණ මිතුරෙකු කියලා.
අමරදේව සංගීත නිර්මාණඥයාට දිගාසිරි පතමි.


                                                 ***********
Avante Garte
ඇවන්ගාට් එක තනිකරම honey pot එකකි.. මී පිරුණු මීවදයකි, රන් රිදී මුතු මැණික් පිරුණු නිධානයකි, හරිම ස්වීට් පලබර රුකකි. සිතූ පැතූ දේ සපයන කප් රුකකි. හුණු (නැත්නම් කැල්සියම් කාබනේට් ) පෝරණුවකි.

මීමැස්සෝ, නිදන් හොරු හා වවුලෝ නොමදව ඒ වටා සැරිසරත්. සමහරුනගේ කෙල රූරා වැටෙන බවකුත් පෙනේ. 6000ගණනකගේ රැකියා නැති වූ බව පවසමින් කෙනෙකු හොටු පෙරා හඬත්. ඔවුන්ගේ හද තුල තැන්පත්ව ඇති මනුස්ස ගුණදර්ම පෙරන කෙළ ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික බව ගනන්කාරයෙක් හිටියනම් නාථ දෙවියන්ගේ බලයෙන් කියනු ඇත. ඇවන්ගාටය කාගේ කාගේත් කිල්ලෝටවලට පොඩ්ඩ පොඩ්ඩ හෝ හුණු සප්ලයි කරල තියෙනව වගේ.!. හ්ම්...

අනේ...අපෝයි.. කොහෝම තිබුනු රටක්ද, පව්!
ආචාර්‍ය උපාධි ලාභ,
ජනයාගේ මුදලින් ජනයාට දන්සල් විවෘත වූ
සුවඳ විලවුන් ගල්වන,
 හීල කොළඹ හොඳම රෙස්ටොරන්ට් එකකින් ගන්නා
 අපේ සංග පීතෘවරුන්ගේ රාජෝෂ්ණයෙන් පිරිපුන් දේශය,

ඇවන්ගාටයෙන් දැන් ගුරුත්ව කේන්ද්‍රය  බිත්තර හැඩ රගර් බෝලයට මාරු උනේ බොහෝ අයගේ ගිරහයන්ද නීචකරමින් වගේ පෙනෙන්නේ.
ඉන්දික තොටවත්ත මගුල් ගෙදර ගිහිල්ල පින් අඩි ගහලා තවම වෙරි නැත්නම් එයත් එය ස්තිර කරයි.  අනේ පව්! ඒ මනුස්සයව හොඳට අන්දල වගේ.  කූටක කූටාලීන් යහපාලන සම්මුති ආණ්ඩුව අස්ථාවර කරන්නට කරන්නට හැකි හැම දහන් ගැටේම් ගසමින් සිටී. ඒවා සියල්ලම සුනඛ බිරුම් බවට පත්වී ඇත.  තුනෙන් දෙකෙන් පාස් වූ අයවැය හා ඒ අතර විපස්සේ ලොක්කෝ ලොවෙත් නැතිවීම හොඳ සාක්කිය. දැනට ඒ බිරුම් සැම පෙනෙන්නේ එකම ක්ලබ් එකේ සැට්වෙච්ච කස්ටියගේ මායම් වගේ.

මේ ඔක්කොම මායම් නාට්‍යයක් මෙන් දිග හැරෙන අතරේ ජනවාරි 8වෙනිදා ජනතාව විසින් සිය විශ්වාසය ස්ථිර ලෙස තැන්පත් කල බැංකු කීපයක් තිබෙන බව අවබෝධකරගනු වටී.



1. මාදුලුවාවේ සෝභිත හිමිගේ අභාවයෙන් පසු මහාචාර්‍ය සරත් විජේසූරිය ප්‍රමුඛ යහපාලන ජාතික ව්‍යාපාරය
2. ජනතා විමුක්ති පෙරමුණ
3. සිවිල් සංවිධාන
4. වික්‍රමබාහු ප්‍රමුඛ වමේ ක්‍රියාකාරීන්

දයල් බතී කලිනුත් ලියල තීයනව මෛත්‍රීගේ අටුව කඩා පුටුව සෑදීමේ ව්‍යාපෘතිය ගැන.
නැත්නම් අර ලිගෝ කෑලි ටික අලුත් විදියට එහා මෙහා කරල හදපු සෙල්ලම් ගෙයක් ගැන.
මේ සෙල්ලම් ගෙය හැමෝටම අතවනනව වගේ.
එන්න එන්න සෙල්ලම් කරන්න කියල.

සෙල්ලම් ගෙයි හයිය තියෙන්නෙ ජනතාව සිය විශ්වාසය ස්තිර තැන්පතුවක් ලෙස දමාපු බැංකු මතය කියල හොඳටම දන්නේ කවුද ?


ජනවාරි 8 විප්ලවය ගල් ගසා මරාදැමිය හැකිද?

ඔබට මොකද හිතෙන්නේ?

13 comments:

  1. මට හිතනේනේ අපි අනාතයි කියල විතරයි..

    ReplyDelete
    Replies
    1. සිරි ලංකාවේ ධනපති පංතිය වෙනුවෙන් පවතින පාර්ලිමේන්තුවලින් ලොකුදේවල් බලාපොරොත්තු විය නොහැක. ජනතා පීඩනය හා මාධ්‍ය තුලින් පීඩනය එල්ලකරමින් ලබාගතහැකිදෙයක් පමනි.

      Delete
    2. Dayal Bathee,

      //සිරි ලංකාවේ ධනපති පංතිය වෙනුවෙන් පවතින පාර්ලිමේන්තුවලින් ලොකුදේවල් බලාපොරොත්තු විය නොහැක.//

      ලෝකේ සමාජවාදී වාමාංශික ක්‍රමය ඇති රටවල පාර්ලිමේන්තුවලින් විශාල දේවල් බලාපොරොත්තු විය හැකිද ?
      එහෙම තියෙනවානම් ඒ කොහෙද ?

      Delete
  2. දීර්ඝ කාලයක පටන් (හිටං) අපි හිතාගෙන ඉන්නේ දේශපාලකයන් ඉන්නේ මැජික් පෙන්වන්නය. අපි ඉන්නේ මැජික් බලන්නය. අපිට හැමදාම හැන්දෙන් කටට ඔක්කොම ලැබෙන්න ඕනෑය කියලා. (හිටං) ජනවාරි 8 වෙනිදට පස්සේ (හිටං) රටේ මිනිස්සුන්ට තේරුම්ගන්න ඉඩ ඇරලා තියනවා (හිටං) අත හෙලෙව්වොත් කට හොලවන්න පුළුවනි කියලා (හිටං) සමගිය බලය වේ කියලා (හිටං) මැජික් පෙන්නුව කාලේ ඉවරයි දැන් අපි ඔක්කොම එකතුවෙලා මහන්සිවී වැඩ කලයුතු කාලයක් ඇවිත් තියනවාය කියලා (හිටං) මෙතනදී අපේ රෙටේ ඉතිහාසයේදී කවදාවත් වුනේ නැති නයි පොළොංගු දෙගොල්ල එක ගෙයි කෑම ආරම්භ කර තිබීම තරම් විප්ලවයක් තවත් නැහැ (හිටං) පරාජිත කුජීතයෝ බයවෙලා කෑ ගහන්නේ ප්‍රතිවිප්ලවයකට යන්න හදන්නේ ඒකයි. (නෑ නෑ එතනට හිටං නෑ)

    මේ වැඩපිළිවෙලේ තියන සාධනීය ලක්ෂණය තමයි වෛරයෙන් ක්‍රෝධයෙන් පලිගැනීමෙන් තොරව නීතිය නීතිය හැටියටම පමණක් ක්‍රියාත්මක කිරීම හා නීතිය සැමට සාධාරණ විදිහට ක්‍රියාත්මක කිරීම. එය මැජික් නැති කාලය ගතවන වැඩකි. අනාගතයේදී පැණි වරකා වලට හෙන ගහණු ලැබේ. එකගෙයි කෑ සමහරු ඇඳගෙන හිටිය චීත්තයත් දාලා යනවා සිකුරුයි. නමුත් මේ ආණ්ඩුව නොවැටේ. මිනිස්සුන්ට යමක් තේරෙන්නේ 2017 අග භාගයේදීය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත; කෑදර සැට් එක එකට තියාගන්න එක ලේසි නෑ. හැම බඩජාරියටම කන්න දෙයක් ලෑස්ති කර නොදුන්නොත් හෙට ඌ අනෙක් පැත්තේ. කෙසේ හෝ වේවා මේ අයට එකට ඉඳල යමක් කරන්නම සිදුවෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. සිවිල් සමාජය දැනුවත්,එකමුතුයි, ජනතාව ජන 8 යම් ප්‍රමාණයක් ෆික්ස් ඩිපොසිට් එකක දාලයි තියෙන්නේ.

      Delete
  3. දෙසපාලනේ ගැනම ලියන නිසා "සිහිනයකි රෑ" ගැන කතා කරන්නම්..

    පට්ට ජනප්‍රිය වැඩසටහනක්. මම ආස වෙන මොකටවත් නෙමෙයි.. හැම ජාතියෙම ගීත ගායනා කරන්න පුළුවන් වෙන්න ඕන කියලා රියැලටි ෂෝ වල පොර ටෝක් දෙන උන් ඔතන ඇවිත් කොර වෙන හැටි දැක්කම.

    උදා - සමිතයි, නිරෝෂයි දෙන්නම ඇදගෙනම නෑවා..

    ReplyDelete
    Replies
    1. අමල් පෙරේරගෙ කොලුව නදීමාල්ව(අහල තියන ලස්සනම නමක්) සහ සංගීත් වික්‍රමසිංහගෙ කොලුව සනුකව බිමල් රත්නායක අරන් ඇවිත් තිබුන... සිංහලෙන්ම කිව්වොත් they nailed it!!! මගෙත් ආසම වැඩසටහනක්...

      Delete
    2. පොදුවේ වැඩ සටහන හොඳයි.

      Delete
  4. වෙනසක් තියෙනවා.නැතුව නෙමේ.හැබැයි මේ අර අපි පැතුව පාරිශුද්ධ වෙනස නෙමේ.

    ReplyDelete
    Replies
    1. පාරිශුද්ධ වෙනසක්? ලංකාවෙ? විහිලු කරනවා නේද මිස්ටර් ෆර්නෑන්ඩු?
      මං එක වෙනසක් කියන්නම්. දැන් කේන්දර සුමනදාසයා රාජ්‍ය බැංකුවක පිං පඩි තනතුරක නෑ. තොටවත්තයා ප්‍රයිවට් පිස්සු කෙලිනවා, ඒත් තාම රාජ්‍ය අනුග්‍රහය ඇති දයිවඥයෝ හා ඊලියන්ත වයිට්ලා නෑ.
      තව වෙනසක් - MS එක එක බෝල බස්සනවා ඇති. ඒත් වසී බෝලයක් මිරිකමින් හැම මගුලටම යන රාජ්‍ය නායකයෙක් නෑ

      මට ඔය වෙනසම ඇති

      Delete
    2. පාරිශුද්ධ වෙනසක් බලාපොරොතු උනේ අපේ තියෙන අහිංසක කමට...:D
      ඔව්,ප්‍රා කියන ඒ වෙනසට මමත් මනාපයි.

      Delete
  5. අනෙක් දේවල් ගැන කිසිත් නොලියමි
    සිහිනයකි රෑ ගැන දුන් ඔත්තුවට ස්තූතියි
    රසවින්දෙමි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්