Followers

Thursday, December 24, 2015

නත්තල් තෑගි Thanks Hon MP Hirunika Premachandhra for මඩු වලිගයට



හැමටම ශුභ නත්තල් හා ප්‍රීතිමත් නිවාඩු සමයක් වේවා!

නත්තල් උත්සවයටත් දෙයියෝ තෑග්ගක් එවල අවුරුදු 40 කට පසුව.
දිලිසෙන තාරකාවක් අතරේ පුන්සඳ.
පුරාහඳ.
පිස්සු හැදෙන සඳ.
තෑන්ක්ස් මයි ගෝඩ්. ආයි නත්තලකට හඳ;
 ඒ කිව්වේ පුරාහඳ හඳ බලන්න වෙන්නේ තව අවුරුදු තිහකට පසුවලු.
 එතකොට දැන් පත්තරවල මුල් පිටුව සරසන හෝ කන පොරවල් ගොඩක්
 ලියන මා ද -අතුලුව මයි ගෝඩ් සමග සැතපෙන්න ගොසිනි.

හිරුනිකාත් නත්තල් තෑගි දීල යහපාලනයේ විරුද්ධවාදීන්ට.
ඒ අය තෑන්ක්ස් කියල භාර අරගෙන බෙදනව ශෝක් එකට.

අනේ අපිට ඔහොම කරන්න එපා දුවේ,
නත්තලට තෑග්ගක් විදියට  මඩු වලිගයක් දුන්නනන් හොඳටෝම ඇති

Image result for image of santa claus

සිරිසේන ලොක්කත් නත්තල් සීය වගේමයි,
පරණ තරහ මරහ අමතක කරල මල්ලෙන් අරං බෙදනව,
හෝ හෝ ...ජිංගල් බෙල්.... ජිංගල් බෙල්...
මෙන්න චමල්ටත්
මෙන්න ගීතාටත්,
අනේ අපිට මඩු වලිගයක් එවන්න ජනපති තුමනි, තෑන්ක්ස්

රවී නීතියට පිටින් ලොකු වාහන බෙදනව කියන්නේ ලොකු ලොක්කන්ට
රවී අපිට මඩු වලිගයක් එවන්න  නත්තලට; තෑන්ක්ස්

නිර්මාල් රංජිත්ටත් කඩ හිමියෙක් තෑග්ගක් දීල
පාරිභෝගික අයිතිවාසිකම් ගැන කියා දෙන්න ගොහින්
බෙල්ලෙන් අල්ලල එලියට දාල
කඩ හිමියාට තෑන්ක්ස්ය

ලිප්ටන් වට රවුමේ උද්ගෝෂණ කළ ශිෂ්‍යන්ටත් මගියන් තෑගි දීල.
පාරවල් වහගෙන නයිට් රේස් යන කාලේ ඒ කස්ටියට නම් තෑගි දෙන්න හිතුවෙවත් නෑ.
මල පැන්න මගියන්ට තෑන්ක්ස්ය.

දේශපාලකයින්ට වඳින්න එපා
අප ඔබගේ කීකරු සේවකයෝය කියු මංගලටත් තෑන්ක්ස්ය

හොරු අල්ලපු අයටත් තෑන්ක්ස්ය

සෝභිත හිමියනි ඔබටත් පිරිකරක්?


10 comments:

  1. වෙනස මේකද? මං නම් හිතන්නෙ මේක තමයි වෙනස.. මීට වඩා වෙනසක් ගෙනියන්න කස්ටිය නෑ..ඉතිං ඒකට මොකෑ කරන්නද?

    ReplyDelete
    Replies
    1. වෙනස් කම් ඉල්ලා සිටිය යුතුව ඇත
      නිකන් හිටියොත් කිසිවක් නොලැබේ. ඔබට සුභ නව වසරක් වේවා!

      Delete
  2. ඔන්න මමත් ආවා...
    හිරුනිකාටත් අන්න හිරු ටීවී එකෙන් නත්තලක් තෑග්ගක් දුන්නා..
    සුබ නත්තලක් මචෝ

    ReplyDelete
    Replies
    1. හිරු කස්ටිය එයාගේ ගජ යාලුවොනේ, ඔබට සුභ නව වසරක් වේවා!

      Delete
  3. ඇයි අර එක දවසකට එකාට අපේ 20000 ක් තෑගි කොරන්න යන එක..

    අනේ ඒකටත් රොම්බා තෑන්ක්ස්...

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුවෙත් මුලදී මන්ත්‍රීවරුන්ගේ වැටුප් කීපගුණයකින් වැඩිකලා කියනවා දූෂණය නවත්තන්නසුභ නව වසරක් වේවා

      Delete
  4. සුභ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් සුභ නව වසරක් වේවා

      Delete
  5. සුභ නව වසරක් වේවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ 2016ක් වේවා!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්