Followers

Saturday, January 31, 2015

චීවරයේ අස්සෙ හොරු කනෝ! කනෝ! - බයිවඥයා හා දෛවඥයා අතර වෙනස....



තවම මෛත්‍රීගේ, රනිල්ගේ, රතන හිමිලගෙ
අලුත් ආණ්ඩුවේ හනි මූන් කාලෙ බැවින්
කාමරේට එබි බලා,
 අන්න අරූ මෙහෙමයි,
 මූ මෙහෙමයි
කියන එක ඔබින්නෙ නෑ කියලයි
දයල් බතීගෙ පුංචි මොලේට තෙරුන් යන්නේ.
ඒ නිසා වැඩිපුර කියන්නෙ යන්නෙ නෑ.
මාතෘකාවෙන් සහෘද ඔබ සැම තේරුන් ගනීවි කියල හිතනව.

මේ ලඟදී ආණ්ඩුව පෙරලීමට මුල් වූ
තෙර නමක් කියා තිබුනා
හොරකම් සොයන අය
තමන්, පලමුව,
පිරිසිදුද යයි බලන්න ඕනා යනුවෙන්;

එය ඇසු, දැකි මට විශාල භයක් ඇති උනා.
ඉතින් එය තේරෙන අපට කොලකඩා පානව වගේ වැඩක්.
 කෝම කෝම හරි දැන් හොරු හොයන මෙහෙයුම් හුළං බැහැලා.
සී නිව්ස් එකේත් තාලේ පොඩ්ඩක් වෙනස් වෙලා...
ඒ කියන්නෙ විමල් දැන් සුට්ටක් සිවුරට කිටුවෙලා...

-----

දයල් බතී සුමනදාස රාජකීය දෛවඥයාට වඩා හරියන අනාවැකි කියා තිබේ.
(බයිවඥයා හා දෛවඥයා අතර වෙනස නම් බයිවඥයා බයට බොරු කීමයි. නාථ රෑට හීනෙන් කියන කතන්දරවලින් ආසනික් සොයාගත් අය කීවේ මහින්ද ලස්ස 20කින් දිනන බවයි. ඇසෙන ප්‍රවෘත්තීන් අනුව අපට පෙනී රට බෙරාගත්තේ කොඳු නාරටිය තිබූ වෘත්තිය වේදීන් කීප දෙනෙකු විසිනි. විධිමත් අධ්‍යාපනය ලද රෙදි වලින් විලිවහගත් වෘත්තීයවේදීන් රටකට අවශ්‍යවන්නේ එබැබිනි)

http://dayal-bathee.blogspot.com.au/2014/01/blog-post_13.html

http://dayal-bathee.blogspot.com.au/2014/12/50.html

http://dayal-bathee.blogspot.com.au/2014/11/name-of-game.html

http://dayal-bathee.blogspot.com.au/2014/10/blog-post_30.html

http://dayal-bathee.blogspot.com.au/2011/08/metamorphosis-and-reverse-metamorphosis.html


දවස් සියයේ වැඩ පිළිවෙල
 ඇස් බැන්දුමක්,
ඉනාවක් මෙන් මී ලඟ ඡන්දය දිනන අල්ලසකට
පමණක් සීමා නොවිය යුතු  බව අවධාරනය කරමු.

ලෝ වටා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත වූ අනේක විධ හිංසනයටන්ට පාත්‍රවෙමින්
තමන්ගේ මහන්සියෙන් උපයාගෙන ජීවත්වන
ලංකාණ්ඩුවේ දූෂිත ආණ්ඩුවේ රැකියා හා වෙනත් දේ බලාපොරොත්තු නොවී ආණ්ඩු පෙරළිය වෙනුවෙන් අවංකව නිර්භයව අදහස් දැකූ සමාජ ජාල ප්‍රජාවද බලපොරොත්තු වූ සාධාරණ යුක්තිගරුක, නීති ගරුක ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දැල්වූ බලාපොරොත්තු තවමත් දැල්වෙමින් පවතී.

යුරෝපීය ආක්‍රමණයෙන් මිදෙන්න අවුරුදු 500 ක් ගියා.
ලෝකල් සුද්දන්ගේ ආක්‍රමනයෙන් මිදෙන්න- සෑහෙන කාලයක් ගියා.
ලෝකල් ටෙරරිස්ට්ලගෙන් මිදෙන්න 71 සිට 2009 දක්වා කාලයක් ගියා
2015 ජනවාරි අට ලෝකල් ඒකාධිපතියන්ගෙන් මිදුනා.
එයට වැඩිකල් ගියෙ නෑ.
අපිව අන්දන්න දැන් අමාරුයි.
තේරුන් ගත්තොත් හොඳයි.
දැන් අපට විශ්වාසයක් ඇති වී තිබේ.
මෙය කල හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල යුතුව ඇත්තේ පාලිත/පීඩිත ජනකොටස් විසින්මය.
පෙරට එන්න යයි සිරිකොතට ගොස් මතක් කරන්නට පීඩිතයනට සිදුවිය.
ට්‍රොට්ස්කි නිවැරදිය.
මාක්ස්වාදය යයි කියමින් උනුත් එකයි මුනුත් එකයි කියමින්
කූල් එකේ ඉන්නා උන් ගැන ජනතාව දන්නව,
ප්‍රාථමික පාසල්වල සිසුන් කියල.
ලෝකය පුරා ඉන්න දේශප්‍රේමීන්ට හා පීඩිත පාලිත සැමට විශ්වාසය.
මෙය කල හැකිය.


නව ජනාධිපති සිරිසේන මයා කහ ඉරේ වාහන නවතයි.




Image result for indonesian president


Image result for image of modi hugging obama








Jokowi-indonesian president



සිරිසේන අහම්බ්යක් නොවේ,...

සිරිසේන
ඔබාමාගේ,
මෝඩිගේ
ජෝකෝ විඩෝඩෝ
ඌරුගුවේ ජනපති ජෝසේ මූජිකාගේ ලෝකල් චරිතයයි.
මේ චරිතය නිවැරදිව රඟපෑයුතුමය.


Thursday, January 29, 2015

මහින්ද පැරදුනේ ඇයි?


හිටපු මහජන සම්බන්ධතා ඇමති
කරපු එකම අවංක කටයුත්ත නිසායි මහින්ද පැරදුනේ.!!!!!

මහින්ද කරපු
හැම දේම යුද්ධෙ දිනපුව,
පාරවල් හදපුව,
 වරායවල්,
 ගුවන් තොටුපලවල් හදපුව ආදී නොයේක් දේ
බදු අරගෙන තිබූ සියලුම මාධ්‍යයවල
ඒ කියන්නෙ
ටී වී වල,
පත්තරවල,
රෙඩියෝ චැනල්වල
කට්වුට්වල
පෝස්ටර්වල
ෆෙස්බුක්වල
සී නිව්ස් එකේ
කට කතාවල
ඇමති රොත්ත බුරුත්තගෙම
මැතිවරණ වේදිකාවේ ඇර ගත්ත බෝක්කු කටවල්වලින්
පොලෝසිවලින්,
පන්සල්වලින්
රජයේ කාර්‍යාලවලින්
ලියුම්වලින්
ෆැක්ස් මගින්
 ඊමේල්වලින්
ටෙක්ස්ට් මෙසේජ් වලින්
තුන් තිස් පැයේම
එලියට පොම්ප කළා
අවාසනාවට

එකක් ඇර?

මිනිහ අවංකව විශ්වාස කළා
තමුන්ට කාමරේ දාගෙන ගහපු විත්තිය ඡන්දෙට
ඉස්සෙල්ල කියන එක
මහින්දට අවාසියි කියල.....

මං දන්නව මෙය කියවන සහෘද බොහෝ දෙනා
මගේ නිගමනයත් සමග එකඟ වෙන්නෙ නෑ!

Sunday, January 25, 2015

මගෙ තරහ කාරයෝ-1

Image result for image of swrd bandaranayaka

අපේ තාත්තා තද සිරිලංකා කාරය, 
හැබයි අපිට කියල අබ ඇටේක දෙයක් විශේෂයෙන් ලැබිලා නෑ. 
ඉතින් මාව රැස්වීම් බලන්න එක්ක යනව. සුදට සුදේ බැබලෙන තට්ට්ය දිලිසෙන පොත් රාසියක් ලියපු  ඉලංගරත්න මහත්තයව අපිට පෙනුනෙ දෙවියෙක් වගේ. ඇන් ඇම් කතාකරනව අහන්නත් ආසයි. කඩල කරත්තෙන් ගන්න  දුම් දමන තම්බපු කඩල ගොට්ටකුත් ලැබෙන නිසා මං ආසයි ඒවට යන්න. අනෙක් සෙනඟ පිරිල ඉතිරිල.
අම්මගෙ පැත්තෙන් සීය, යූ එන් පී, ඒ කියන්නෙ ඩී එස්ගෙ කස්ටිය. ඉඩම් හම්බවෙලා පොලොන්නරුවෙ ඕනෑගම් ගිය සීයගෙ(අම්මගෙ පැත්තෙන් ආච්චිඅම්මගෙ නංගිව විවාහ වී සිටි) පාට මා දැනගෙන හිටියෙ නෑ. හැබැයි එයාගෙ ලොකු පුතා ජේ වී පී හිරේ ඉඳල ඇවිත් මොන පාටට ගියා දැයි මතක නෑ. දෙවැනිය සිරි ලංකා. එයා 88-89 ආගිය අතක් නෑ. අහන්න කෙනෙක් හිටියෙත් නෑ. ඒ මාමව තවම හොයනව. තන්තෝසයි දැන් ඉන්නව ජනපති කෙනෙක්ම, ඒ පලාතෙන්.

ඉතින් අපේ රට දුප්පත්වෙලා තියෙන්නෙ, අපි දුප්පත් වෙලා තියෙන්නෙ බණ්ඩාරනායක මහත්තයව මරපු නිසා කියල තමයි එදා තාත්තා කියපු කතාවලින් මං තේරුන් ගත්තේ. බන්ඩාරනායක මහතාව ඝාතනය කල සෝමාරාමය ගැන මට මාර තරහක් තිබුනේ.

ඉතින් ඒ වගේම මට තරහක් තිබුන ආනන්ද හාමුදුරුවො එක්ක. 
බුදුහාමුදුරුවො තමන් වහන්සේ  පිරිනිවන් පානවා කියා දෙසූ වෙලාවෙ ආනන්දට මාරාවේශවෙලා හිටියෙ නැත්නම් බුදු හාමුදුරුවො තවම වැඩ වාසය කරමින් දම් දෙසමින් ඉන්නව නේද වැඩහිටිය නම් ඔක්කොම නිවන් දකිනව නේද කියල හිතුනාම.

පස්සෙ විස්ස විද්‍යාලෙදි ඔය මාක්ස්වාදය ගැන මුලින් ඉගෙනගන්න කොට හිතුනෙ මාක්ස් තවම හිටියනම් කියල. පසුව මට තරහක් ආවා ට්‍රොට්ස්කිව මෙක්සිකෝවෙදි ඔලුවට් අයිස් පොරවෙන් ගහල ඝාතනය කරපු ගහලය ගැන.

පසුව බණ්ඩාරනායක මහත්තයව පේන්න ගත්ත තරහ කාරයෙක් හැටියට. ඒ මොකද එයා සිංහල පමණක් රාජ්‍ය භාශාව කල නිසා.
1983 මගෙ විශ්ව විද්‍යාල පලමු වසර. 1983 ඇතිවෙච්ච මහ විනාශ මාව වෙනස් කළා.

Wednesday, January 21, 2015

- ඇමැතිනී තලතා අතුකෝරාල- දිනපතා මැරෙන මරන කාන්තාවන් ගැන ඔබලා මොකද කරන්නේ.????

Rizana
සියලු විදෙස් ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අරඹනවා

- ඇමැතිනී තලතා අතුකෝරාල
2015 ජනවාරි 21 10.15 a.m (පද්මිණි මාතරගේ)
Thalathaවිදේශ රැකියා සඳහා යන සියලු ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ  කරන බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය පැවැසුවාය.
 දින 100 ක් ඇතුළත ක්‍රියාවට නගන ක්ෂණික සහන යටතේ යෝජිත,  විදේශ රැකියාවන් හි නියුතු සේවක සේවිකාවන්ගේ මෙරට අනේවාසික ගිණුම් සඳහා සියයට 2.5 ක ‍පොලියක්, දැනට ඇති ‍පොලියට එකතු කිරීම පෙබරවාරි මුල් සතියේ දී ක්‍රියාත්මක කරන බව ද බත්තරමුල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමැතිනිය සඳහන් කළාය.
මැදපෙරදිග ඇතුළු විදේශයන්හි ශ්‍රමය කැප කරන ශ්‍රී ලාංකිකයින්ගේ පවුල් රැක ගැනීම සඳහා විශේෂ පියවර රැසක් ගන්නා බව කී ඇමැතිනිය එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.
මෙම ආයතනයේ වැඩ බාරගත් පසුවයි දැනුනේ මෙය කෙතරම් භාරදූර කාර්යයක් ද කියලා. රටට අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන මෙම ශ්‍රමිකයින්ගේ පවුල්වලට උසස් ජීවන තත්ත්වයක් ලබා දීම අපේ අරමුණයි. මේ විදේශගතවූ බොහෝ කාන්තාවන්ගේ එකම සිහිනය  වී තිබෙන්නේ තමන්ට කියා නිවසක් සාදා ගැනීම. ඔවුන්ගේ දරුවන්ට යහපත් අනාගතයක් උදාකර දීමයි. මමත් කාන්තාවක් විදියට කාන්තාවන්ගේ ගැටලු තේරුම් ගන්න මට පුළුවන්. ඒ නිසාම මට මේ අමාත්‍යාංශයේ වගකීම දුන් බව මම හිතනවා. මැදපෙරදිග මෙන්ම තවත් බොහෝ රටවලට පුහුණු ශ්‍රමිකයින් යැවීම පිළිබඳව අප අවධානය යොමු කරනවා. 
මෙම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල විවිධ වංචා දූෂණ ගැන තොරතුරු ලැබි තිබෙනවා. මෙහිදී මාධ්‍ය විශේෂ සොයා බැලීමක් කරනවා. අපි වැරැදි කරනවා නම් අපි ගැනත් ලියන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේම විදේශ රැකියා ඒජන්සි ආයතන සම්බන්ධයෙන් ද විවිධ චෝදනා ලැබි තිබෙනවා. එම චෝදනා විමර්ශනය කර නීතිමය පියවර ගැනීමටත් අප කටයුතු කරනවා.
මෙම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍යංශ ‍ලේකම් කර්නල් නිශ්ශංක විජේරත්න, කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.
--------------------------------------------------
ඇමති තුමියනි
මේ වැඩපිලිවෙල නම් විදේශ ශ්‍රමිකයො විදියට අප කිසිලෙසකින් ප්‍රමාණවත් නෑ.
දිනපතා මැරෙන මරන කාන්තාවන් ගැන ඔබලා මොකද කරන්නේ.

ඒ ගැන වචනයක් නැති එක ගැන අප ඉතාම කණගාටු වෙනවා

Tuesday, January 20, 2015

සෙට් අප් පාර්ලිමේන්තු එපා- අනුර, Choreographed parliament



පාර්ලිමේන්තුව රඟහලක් තත්වයට දැන් පත්වී ඇතිබව පෙනේ.
අනුර කුමාර දිසානායක එයට විරෝදය පාල...
 කරන කතාව මං ඇහුව යූ ටියුබ් එකෙන්.

දැන් අවුරුදු දෙකකට පමණ පෙර බාහු සිරිකොත ගිහිල්ල ධනපති පංතියට ආරාධනා කොලා ඇවිල්ල තමුන්ගෙ තැන ගන්නය කියල. ඔන්න දැන් ඒ අය ඇවිත් දයාසිරිය වගේ සාමාන්‍ය පවුලවල එවුන්ව කපල රුවන් බෑනව ආරක්ෂක උප ඇමතියට   දාගෙන ඔන්න පටන් අරගෙන.
කැලණිය මරවින් භාර දීල ආවෙත් ලොක්කෙකුට.

මෙයින් තේරෙන කාරණාව නම් ඒ අය ලොකු ගමනක් යන්න යනව කියන එකයි. පසුගිය ඡන්දෙදි සරත් ජනරාල් තුමාව උස්සන් ගියේ කවුද කියල අපි දන්නවනේ. කකුලෙන් ඇද්දෙ කවුද කියලත් අපි දන්නවනේ.

රනිල් වහින් ඔරෝ කියන්නේ අපි ඔක්කොම ඉන්නෙ මාලු ටැංකියක.
අපිට යන්න පුලුවන් දුර සීමා සහිතයි කියන එකද?

එයා ඔහේ නිකං නිකාංම හිටියත් බඩු ඔඩොක්කුවේ.
මහිතන්නෙ ට්‍රොට්ස්කි වැරදියි, කම්කරු පන්තියට තුනවෙනි ලෝකයේ ප්‍රජාතන්තවාදී කටයුතු භාරයි කියන එක.
නෑ ට්‍රොට්ස්කි හරි
පොරජාතන්ත්‍රවාදෙ කෙලවෙලා ගියොත් ධනපතියන්ට අවුලක් නෑ.
අවුල තියෙන්නෙ කම්කරුවන්ටමයි.
ඒ නිසා පොරජාතන්තරවාදෙ රකින්නත්වෙලා තියෙන්නෙ වැඩකරන ජනතාවටයි.

ඔරිජිනල් රෝයල් පොරව ලොතරැයියක් ඇදිල වගේ හම්බ උන අගමැති කොරගෙන
රිස්ක් එකක් අරගෙන එළියට ආපු ඩුප්ලිකේට් රෝයලිට්ස්ව ජනපති පුටුවෙ තියාගෙන යමු.
මොනා උනත් අර නිකං ගමේ චන්ඩි ටික පොලෝසියෙන් අල්ලාගෙන ගියාවගේ පොඩි කූල් එකක් තියෙනව.

චන්ඩියට තාම භය තියෙන බව නම් පේනව.
හැබැයි මහපැතිවරණෙදි ලස්ස 57ක් නම් හම්බ වෙනව බොරු.
දැන් රූපවාහිනියෙ අරවාහිනියෙ මේ වාහිනියෙ අනෙත් අයගෙ වැඩත් පෙන්වනවානේ.
කටවුට් නෑ.
 ඔරලෝසු නෑ,
සෙවිලි තහඩු නෑ. ,
 අරක්කු-එතනෝල් නෑ.

මා දූශණයට සම්බන්ධ බැවින් දේශපාලනයට කිසිදා නොයමි




මං කියනවට මෛත්‍රීට දැම්මයි කිව්වට අපේ අම්මා ඡන්දෙ දැම්මෙ මහින්ද ලොක්කට. වෙන මාර්ගෙකින් තමයි මට ආරංචි උනේ.  77, පලාතම කොලපාට වෙලාවෙ ඒ පලාතෙ නිල් කොඩි දැම්මෙ අපේ ගෙදර විතරයි. එහෙමයි කියල අපිට අරියාදු කොරන්න කවුරුත් ආවෙ නෑ. ඒත් අපිට හදිසියකට උදව් උනේ යූ එන් පිය මිසක් නිල් පාට හෝ දම්පාට අය නොවේ. ඉතින් අපේ අම්ම කියනව යහපාලනේ කියල ඇතිවෙච්ච සුගතියක් නැතිලු. ඒ ආඩාපාලිය ඇහෙනකොට මට හිතෙන්නෙ  ඡන්දෙ දීලත් තියෙන්නෙ මහින්දටම තමයි.
ලස්ස පනස් හතක් නැත්නම් හොර ඡන්දම දැම්මයෑ. නන්න කතා කියන කෝටිපති හිටපු විමල් ඇමති, වාසු ආදී උතුර දකුණ මාරුවෙලා වයර් ශෝට්වෙලා ගන්නම දෙයක් නැති හමගිය වම ලෑස්තිවෙන්නෙ මෙයින් ටිකක් උස්සන්න. අම්මල රැවටේද?

සිරා දේශපාලන කතා අස්සෙ
මං වෙනස් කතාවක්  දෙකක් කියන්නයි යන්නෙ
ඒකෙන් තේරෙන්නෙ නෑ
මේ දවස්වල තියෙන අමුතුම කුමන්ත්‍රණකාරී තත්වය
අමතක කර දැමිය යුතුය කියල.

ඇත්තටම මේ සිද්දිය වෙලා සෑහෙන කල්
අවුරුදු බර ගාණකට පෙර,
බස් ගාස්තුව ශත 5 කාලෙ කතාවක්.
 පොඩි කාලෙ - ගැටය සන්දියේ කළ දූෂණ වැඩක් ගැනයි අද කතාව

       නඩුවක් දැම්මනම් ඒව අවලංගුවෙන්නත් කල්

ජනමූල ජැකාලා ප්‍රමුඛ ස්‍රේස්ට කලාකාර සෙට් එකත්
මුඛය නොව අධෝමුඛයෙන් කතාකරන්න අරගෙන
මර--වින් හා ඔවුන් අතර වෙනස මොකද්ද කියලත් හිතෙනව
දයාන් පඬිතුමා කියනව රනිල් අගමැති උන එක
ලෝකෙ කොහෙවත් වෙලා නෑලු, වැරදියිලු
වැනි සිද්ධියක් ඒ කියන්නෙ ආණ්ඩු පක්ශෙ ඡන්දෙන්
විරුද්ධ පක්ශෙ නායකය අගමැති වෙන එක.
රට බෙදෙන්න ඉඩ තියෙනවලු
එක පාරටම ව්‍යවස්තාව වෙනස්කරන එක පුද්ගලිකව
මෛත්‍රීටත් රටේ දේශපාලන ස්ථාවරභාවයට පහරක් වෙන්න පුලුවන්ලු

         ඉස්කෝලෙ යන කාලෙ මා හවස අමතර පංතියකට ගියා
         මා සිටි පලාතෙ කිට්ටුම බස් නැවතුමේ සිට සත 25ක දුර බස් එකෙන් යන්න ඕනෙ.
         ශෙක්ශන් එකක් පයින් ගියොත් ශත පහක් ඉතිරි කරගන්න පුලුවන්. ටියුෂන් පන්තිය ලඟ තිබෙන           අන්නාසි කඩයේ පැණි බේරෙන අන්නාසි කෑල්ලක් ශත 5කි. දැන් තේරෙනව මං කියන්න යන්නෙ මොකක්ද කියල ඔබට තේරෙනව. අර පැණි බේරෙන සුවඳ අන්නාසි කෑල්ල වෙනුවෙන් ශෙක්ශන් එකක් පයින් අදින එක ලොකු වැඩක් නොවේ. නමුත් ඒ විතරක් නොවේ. ආණ්ඩුවේ දූෂණ ලැයිස්තුව අදට අවසන් කර මගේ දූෂණ වාර්තාව හෙළිකරමි.

මත්තලට යන එක ඩොලර් බිලියන 18ක පාඩුවක් සිදුකරන බැවින් මත්තල් ගමන් නතර වේ.
උතුරු එක්ස්ප්‍රස් මාර්ගය ඉදිකිරීම් නතර කරයි
විධායක සභාව පත්කෙරේ
රතන හිමි සමාජ වෙබ් අඩවි විසින් කරන ලද සේවය පසසයි.

          ඒ විතරක් නොවේ. මා කීප දිනක් වැඩිපුර අන්නාසි කෑමට ලොල්වීම නිසා
        බස් ගාස්තු නොගෙවා බස් එකේ හොරෙන් ගොස් තිබේ.




Thursday, January 15, 2015

මහින්දගේ පරාජය ගැන වැඩියෙම සතුටුවන්නේ කවුද?


අමෙරිකාව, බටහිර ප්‍රමුඛ ජාත්‍යන්තරය- දැන් චීනයේ බලපෑම අවසන්ය      -     නැත

ඉන්දියාව, විශේෂයෙන් දකුණු ඉන්දියාව-                      නැත

මෛත්‍රී, චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රී ලනිපය-                                 නැත

රනිල් ප්‍රමුඛ යූ එන්පිය, වාසනාව ඉහේ කඩා වැටුනට -  නැත

උතුරෙ ජනතාව, - ඒ අයගෙ නායකය නැතිකළාට පලිය ගත්තා- නැත

ජෝතිෂ‍යට විශ්වාස නොකරන එයට විරුද්ධ ජනතාවට - නැත

මල්වතු අස්ගිරි නායක කාරකාදීන්- රේස් පැද්දාට-           නැත

නාගරික පැල්පත් ජනයා- ඒ අයව පැල්පත්වලින් එලවා දැම්මාට-  නැත

මොනාද උනා දන්නැති අතුරුදන්  මාධ්‍යවේදීන්ගේ පවුල්වල අය- නැත

සුමනදාසගේ හතුරෝ- අනාවැකිය වැරදුනාට-      නැත

හෙළ උරුමය ඇතුලු පොදු අපේක්ශක සන්ධානය- නැත.

ඩඩ්ලි අයියා ඇතුලු පොලොන්නරුවෙ ජනයා - නැත

ක්‍රිස් නෝනිස් -- සජින් දම්මල ගැහැව්වට අන්තිම හිනාව කාගේද--නැත

ජනරාල් ෆොන්සේකා ඔහුව හිරේ දැම්මත් දැන් කවුද හිනාවෙන්නේ last laugh-    නැත

ආයෝජකයින්- දැන් 10%ක් ඉල්ලන්න කවුරුත් නැති හන්ද - නැත

මර්වින් තොත්ත කුක්කු බබාද?- පුතාව ඇප නොදී තියා ගත්තට - නැත.

ශිරානි බණ්ඩාරනායක- ඇයව නිග්‍රහ කොට සේවයෙන් පහකිරීම ගැන - නැත.

වටරැක විජිත හිමි- එහිමිට කරන  ලද නිග්‍රහය අකටයුතුකම් ඉවසීම- නැත.

නිමල් සිරිපාල ද සිල්වා - විපක්ෂ නායක කම ලැබුනට

යසාරාට- දැන් ඔස්ට්‍රේලියාවේ සරණාගත ඇප්ලිකේෂන් එක දාන්න පුලුවන්, අර රගර් කැප්ටන්ගෙ මරනය ගැන හෙළිකලාට-නැත

ඉහත දුගඳ ඉහඳ පනුසත්ව නොව
ලඟම කෙනෙක්. බෝම බෝම ලඟම කෙනෙක්.
ස්ත්‍රියක්.
එහෙමයි ලෝකෙ දේවල් සිදුවෙන්නේ.!
අරුම පුදුමයි.
ඒත් ඇත්තයි!
සරල ජීවිතය තරම් වටින දෙයක් මිහිපිට නෑ.

බිය නොදත් සොලංඟාරච්චිට හැඬූ කඳුලෙන් සිටි බිරියට මේ ගෞරවය උරුමයි


පසුගිය කාලේ 
අමාරු කාලේ 
බිය ජනක කාලෙ
 මාධ්‍යයෙන් පෙන්වූ වීරයො කීප දෙනෙක් හිටිය
ඒ අතුරින් එක් අයෙක් තමයි සෝලංඟාරච්චි

සියලුම ලොව පුරා විසිරී සිටින ලංකා දේශප්‍රේමී බ්ලොග්කරුවන්ද
වෙහෙස හා භිය නොතකා ලියන බ්ලොග් කරු අජිත් පැරකුම් ජයසිංහ
අනුර කුමාර දිසානායක
රන්ජන් රාමනායක
කවදත් කෙලින් කතාකරන බාහු
ජනතාවට ශක්තියක් උනා.

 නිමක් ඉමක් නොදුටු ඒ කෲර
පීඩනයෙන් අපව මුදවාගත්තාට
තව නම් නොකිය උන මාධ්‍යයෙන් නොපෙන්වූ පෙන්වූ සහසක් වීරයන්ට මේ පෝස්ටුව උපහාරයක් වේවා!

වෙනස් කම් වෙන්න රෝල් මොඩල් අවශ්‍යය. අත්‍යවශය. මේ එවැනි තරුණ කෙනක්.
ඒ කියන්නේ පරමාදර්ශි, නැත්නම් අනෙක් අයට බලාගෙන ඉගෙනගන්න හැදෙන්න.. චරිත



Tuesday, January 13, 2015

ලාංකිකයො පරදන්න බැරි ජාතියක්-"මරල හරි කොරන්න" බැරි ඒකයි.


අපි කෝමත් ආතල් එකේ ඉන්න කස්ටියක්.

අපිට ක්ලික් වෙන්න ටිකක් කල් යනව,
හැබැයි ක්ලික් උනොත් ඇමරිකන් කාරයාට උනත් අබසරණය..

උදාහරණයකට ගන්න අපි-ලාංකිකයො ක්‍රිකට් ක්‍රීඩාකරන ආකාරය.
පලමුවෙනි ගේම් එක අසූචි නාගෙන පරදිනවාය.
ඊලඟ ගේම් එක අනෙක් පැත්තට අසූචි නාන්න දෙනවාය.

ඉතින්,.. අපේ කස්ටිය සෙට් උනොත් කියල වැඩක් නෑ.

අපි ඇති තරම් ලේ හලල තියෙනව
ඇති තරම් ජීවිත නාස්ති කරල තියෙනව
අපි දැනටමත් අවුරුදු 50ක් පිටුපසිනුයි සිටින්නේ.
එයට හොඳම උදාහරණය තමයි
කටුනායක- කොළඹ එක්ස්ප්‍රස් මාර්ගය
එය වෙනුවෙන් දාපු පාලම් කෑල්ල පෑලියගොඩ තිබුන අපට මතක ඇති කාලෙ ඉඳන්,
ඒත් කෙසේ හෝ සම්පූර්ණ වූයේ මේ ඊයේ පෙරේදා

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අතින්, ජීවන තත්වය අතින්
 අපි පල්ලෙහාට ගියා උනත් කෙටි කාලයකින් අපේ අවුරුදු 50 අල්ලගන්න පුලුවන්.
කොටි පරදන්න බෑ කීවට,.... සෙට් උනා ගේම දුන්නා
එහි හරි වැරදි නොවෙයි මං මේ කියන්නේ
මහින්ද පරදන්න බෑමයි කියලයි කීවේ
ඒත් සෙට් උනා, ..... ගේම දුන්නා..


ලාංකිකයො පරදන්න බැරි ජාතියක්

මෙදා පාර ක්ලික් වෙන එක කලේ රජයේ මාධ්‍යය නොවේ.
නිදහස් අන්තර් ජාලයයි. අකුරුයි
ඒ නිසා පච-කටකතා-මරිසි කාරයන්ට ලාංකිකයන්ව අන්දන්න ලේසි වෙන්නේ නැත.

ලාංකිකයො පරදන්න බැරි ජාතියක්

ලාංකිකත්වය
බයියන්ට නොතේරෙනම එක!
"මරල හරි කොරන්න" බැරි ඒකයි.

දයාසිරි පව්!


ඔබලාට මතක නම්
දයාසිරි මෛත්‍රීට කියපු කතාව
.....

කියපුව කරපුව මිනිසුන්ට තවම මතකයි
තවම දවස් පහයිනේ
තව දවස් 10ක් ගියාම මිනිසුන්ට අමතකයි
දයාසිරි කොහෙද හිටියෙ
අතාවුද කොහෙද හිටියෙ
විජිතමුනි කොහෙද හිටියෙ
කෙහෙලිය කොහෙද හිටියෙ

ඊට පස්සෙ පටන්ගනී
සද්දේ
අනේ පව්!
ලංකාවේ මිනිහෙකුට කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ ඔච්චරයි
ලැජ්ජා නහරයද මොකද්ද කියන චප්ප කරගන්න එක.

Saturday, January 10, 2015

දළදා වැඳීම හා පත්තිරිප්පුවේ දේශනාව

Image result for image of vatareka vijitha

රතනට ඕනෑ
රූපවාහිනිය
සොමේගෙ,  රේනුකාගෙ
පචවාහිනිය කෙරුමෙටද?

මයිත්‍රී ආපුදා ඉඳන්
ඉන්නේ වැඳගත්ත ගමන්
වැන්දා ඇති
අද දෙවෙනි දවස, අමතකද?

බුදු හාමුදුරුවො හිටියනං
එලෝ ගන්නවා සිකුරුයි
වැඳ වැඳ හිටියා ඇති
වැඩ කරපල්ලා
පොරොන්දු වු ලෙස

මයිත්‍රී මහතුනි
ඉඩදෙන්න එපා
වෙන කාටවත් ඔබගේ
දින චරියාව ලියන්න
ගොනාට අන්දලා
ගොයියා බයියා කරලයි
මුං නවතින්නේ

දළදා වඳිනට
ප්‍රථම
මා නම් යන්නේ
ගරු වටරැක විජිත වඳිනට

Friday, January 9, 2015

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි - පාඨලී චම්පික රණවක

විදේශ මාධ්‍ය පුරෝකථනය කර තිබුනා, පශ්චාත් ඡන්ද සමයේ දිග ඇදෙන ලේ වැගිරීමක් ගැන. ඒත් එහෙම දෙයක් උනේ නෑ. ඒ ජන බලය නිසයි. අපේ ශිෂ්ඨභාවයට නැවත පැමිණීම ගැන අප අප ගැන බොහෝ සන්තෝෂ විය යුතුයි. නායකයා ආදර්ශමත්වන විට අන් අයටද එසේ වීමට බලකරයි.
Dayal Bathee
----------------------------------------------------------

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි
- පාඨලී චම්පික රණවක

සිරිමන්ත රත්නසේකර

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර නිර්භීතව මැඬපැවැත්වූ මැතිවරණ කොමසාරිස්‌තුමන්ට හා පොලිස්‌පතිතුමන්ට ගෞරවනීය ස්‌තුතිය පුද කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (09 වැනිදා) සඳහන් කළේය.

ජනාධිපතිවරණ පරාජය ආසන්නවත්ම ආරක්‌ෂක අංශ මෙහෙයවා පරාජය ආපස්‌සට හැරවීමට ආරක්‌ෂක අංශ ප්‍රධානියකු කටයුතු කළ බවට හෙතෙම චෝදනා කර සිටියේය.

එම අවස්‌ථාවේදී එම නිලධාරීන් නොබියව, නොපැකිලිව, කටයුතු කිරීම තුළින් රට ලේ විලකට යැමට තිබූ අනතුර වළක්‌වා ගැනීමට හැකිවූ බවත් පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

පාඨලී චම්පික රණවක අදහස්‌ පළ කළේ ඊයේ (9 වැනිදා) බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
http://www.divaina.com/2015/01/10/news12.html

Thursday, January 8, 2015

ගෞරව තනියෙන් බදාගන්නට ගිය මහින්දට වෙච්ච දේ ඔබටත් ඕනද?

ඕනම වැඩක් කරන්න යනකොට
නක්කල්, කින්ඩි. කෝචොක්,නෝන්ඩි ඔක්කොම දානව
කොහෙ කරන්නද බං ඕවා,
ඌට අමු පිස්සුනේ..
සුදු වෑන් එකේ ගිහින් ඇඩ්‍රස් නැතිකරගන්නව ඕක.
ඔහොමයි කියන්නෙ මුලින්.
වැඩේ හොඳට කෙරුනට පස්සෙ
ක්‍රෙඩිට් එක ගන්න මාර ෆයිට් එක.
පෝලිම පැනගෙන මේ එන්නේ.කස්ටිය..

දැන් සයිබර් අවකාසෙත් ක්‍රෙඩිට් ගන්න
එක් එක් දේශපාලකයින්ගෙ සපොර්ටර්ල
අරය ඉස්සර උනා මෙයා ඉස්සර උනා
මෙයා අරහෙම කලා මෙහෙම කලා කියල
අලුත් වටයකින් කඩේ යන  රොත්තක් හැදීගෙන එනව.

ගෞරව තනියෙන් බදාගන්නට ගිය මහින්දට වෙච්ච දේ ඔබටත් ඕනද?

හරීන්, අනුරකුමාර, හර්ශ ද සිල්වා, රනිල් ආදීන් කල වැඩේ අපේ හිතේ තියාගෙන ඉස්සරහට යමු.
ඕනවට වැඩියෙ ශයින් වෙන්න ගියොත් ...?

මෛත්‍රීට උදව්කරමු.
අවදියෙන් සිටිමු.

Wednesday, January 7, 2015

යුද්ධය වගේම ජනාධිපති ක්‍රමයත් විකුණං කෑවා ඇති

මෛත්‍රීට තිබෙන්නේ 65%ක ප්‍රමාණයේ රැල්ලකි.
ඒත් මහින්ද 33%ට බහින්නේ නැත.
මෛත්‍රී දිනවිය යුතුය.
ඒකෙ දෙකක් නැත.
ඒත් දැන් තිබෙන තත්වය පැහැදිලියි,
අතීතය පොඩියක් හාර අවුස්සල බැලුවම තවත් පැහැදිලියි.
මහින්ද තමන් පමනක් ශයින් වෙන්න ගියා.
දුර ගියා වැඩියි.
ජේ ආරුත් එහෙමයි
ප්‍රේමෙ ජවිපෙ එක්ක සෙට් වෙලා තමයි ජනපති උනේ.
මහින්දටත් එහෙමයි උනේ.
චන්ද්‍රිකා මහින්දව අගමැති කලේ මෛත්‍රී බෑ කීව නිසයි.
 පසුව  කදිරගාමර්ව සනයිපර් ඇටෑක් එකෙන් ඉවත් කල නිසයි.

මගේ  පලමු මනාපය මෛත්‍රීට දෙවන මනාපය සිරිතුංගට, තුන පෙරටුගාමීන්ට?
මගේ 3න මනාපයවත් මහින්දට නොදෙන්නේ නාමල්ව සින්තටික් ලෝයර කෙනෙක් කරන්න හොරට විභාග ලියූ බැවිනි.

යහ පාලනය යනු 2500% නොව 10% කොමිස් ගැහීම සාධාරණීකරණයද?
මෛත්‍රීගේ කතාවලිනුයි මට මෙය හිතුනේ. අපි කල්පනාකාරීව සිටිය යුතුයි.

18වෙනි සංශෝධනය ඒ අවස්ථාවේම පරාජය කල යුතුව තිබුනා?
 ජනගහනයෙන් 40%කගේ දෛනික ආදායම රුපියල් 250යි.
දිනකට එක් කාන්තාවක් මැදපෙරදිග මරණයට පත්වේ.
ආදී ප්‍රශ්නවලට නිශ්චිත විසඳුම් වෙනුවට අපට සිදුවී ඇත්තේ අපේ ප්‍රශ්න විසඳා ගැනීමට අප විසින් ම ගොඩ නැගූ කෑදර පාලකයෙකු පැන්නීමටයි.

පුරවැසියනි අවදිව සිටිමු.
මෛත්‍රී අහිංසක ගොවියෙකි. ඉංග්‍රීසි බැරිය
ඇට්ටර කෛරාටික  සෙට් එකට මෛත්‍රීව නටවන්න ඉඩ නොදෙමු.

හරියට බැලුවොත් යුද්ධෙට වඩා පාලකයො අපිට විකුණල තියෙන්නෙ ජනාදිපති ක්‍රමය. ඒකාධ්පතියන් බිහිකරන මේ ක්‍රමය ඇතිඋනේ 1978, එදා සිට අද දක්වා, අපිට කියනව මේක අහෝසි කල යුතුයි කියල. යුද්ධෙ 83-ආරම්ඹ වෙලා 2009 ඉවර කලයි කියන්නෙ.
ඒත් මහින්ද කියන්නේ එයා ගිය ගමන් ඒක නැවත එනවලු. ඒ කියන්නෙ යුද්ධෙ සම්පුර්ණයෙන් අවසන් කර නැත. එතන තව අච්චාරුවක් කෙසේ හෝ යුද්ධයක් නම් පේන තෙක් මානෙක නැත.  එකාධිපති ක්‍රමය නම් පේන්න ඇඟට දැනෙන්න පවතිනව.

ඒකාධිපතියන් බිහිකරන ජනපති ක්‍රමය අපට විකුණුවා ඇති.
අපේ ප්‍රශ්නවලට විසඳුම් දැන් අපට ඕනා.
උප්පරවැට්ටිවලට අපි රැවටෙන්නෙ නෑ කියන සිරිතුංගටත් පෙරටුගාමීන්ටත් දෙවන හා තුන්වන මනාප දෙන්නේ එබැවිනි.