Followers

Sunday, February 22, 2015

ගොයියා සහ බයියා



මහින්දව අගමැති කොරන්නලු..

නුගේගොඩින් ඇහෙනව:

එතකොට

ලංකාව අත්‍යවශ්‍යය වී ඇති

නවීනත්වය කවුද ගේන්නෙ?

අනේ..... ථෙරවාදය?

අඩුම තරමින්

වසර 2500කට පෙර ගෙනා නවීනත්වයවත්!

අපි, පව්!

Saturday, February 21, 2015

අපිට අපේ ජීවිතය දියල්ලා





නුගේගොඩට පැමිණි
දහස් සංඛ්‍යාත ජනයා
................
....................
............
ලාංකීය ජනජීවිතයේ තිබෙන
සැඟ වුන
සමහරවිට කාටත් කියන්නට බැරි තරම්
දුප්පත්කම
අසරණකමේ
දර්ශකයක් මිස
මහින්දව අගමැතිකරන්නම
ආපු අයම නොවේ.
භාගවෙලාවට
මේ ආ බොහෝ
පිරිමින්ගේ භාර්යාවන්
මැදපෙරදිග ගිහින් වෙන්නට ඇත
ස්ත්‍රීන්ගේ ස්වාමින්
බේබද්දන් විය හැක.


මොකා දින්නත් පැරදුනත්
මේ ජීවිතවල දියුණුවක් වෙන්නට
නම් සැලසුමක් දීර්ඝ කාලීන
සැලසුම් අවශ්‍යය
අත්‍යවශ්‍යය
ඒ අසරණයින් ඉල්ලා සිටින්නේ
නොමිලේ කොළඹට බස් ට්‍රිප් එකක්
අරක්කු භාගයක් බත් පාරසලයක් නොවේ
ස්ටේජ් එක උඩ ගිරිය පැලෙන කං කෑ ගහන
අමනයෙකුගේ වදන් වමනයක් නොවේ

ජීවිතයයි

Thursday, February 19, 2015

මිනිස්සු කුපිත කරන්න. එය ඔබටම පාරාවලල්ලක්වන දිනය වැඩි ඈතක නොවේ.



18 වන සංශෝධනයට 
           අත් උස්සපු බලවේගය
නාථ දෙවියන්ගෙ බලවේගය
නැකත්කාරයින් හූනියන් කාරයින්ගේ
              සුමනදාසගෙ බලවේගය
නුගේගොඩින් නැවත මතුවේ.
              භයානකයි.
අන්තිම භයානකයි
              හිට්ලර්ගේ මීටින් වලටත් මිලියන ගනන් සෙනඟ ආවා

අසාත් සාලිට පෙන්වන්න නොවෙයි මේ සෙනඟ ගෙනාවේ
               ආන්ඩුවට පෙන්වන්න
කරපු වැරදිවලට 
              අත් අඩංගුවට ගන්නවට භයේ

සෙනඟින් කළ වැරදි වහගන්න බෑ
සෙනඟින් ඊලඟ ජාතික ආණ්ඩුව එන එක නවත්වන්න බෑ
සෙනඟින් යූ ඇම් පිය ශක්තිමත් වී රනිල්ට ලැබෙන ඡන්ද වැඩිවෙන එක වලක්වන්න බෑ
සෙනඟින් මෛත්‍රීගේ පිළ තවත් ශක්තිමත් වන එක නවත්වන්න බෑ
සෙනඟින් මහින්දව අගමැති පුටුවට ගේන එක කරන්න බෑ.

අපට දුක
අපායේ ඉන්ටවල් ඉවරයි කියපු කතාව.
කට බොරුකිව්වත් දිව බොරු කියන්නෙ නෑ වගේ
මේ ලස්ස ගනන් ජනතාව ඉස්සරහ කියපු මේ අදුරුමිෂ්ඨ මිනිසාගේ කතාව 
ඇත්තටම අදුරුමිෂ්ටභාවයේ භියේ ගිලී ජීවත් වූ මේ මිනිසුන්ට එළඹී ඇති නිවුනු ස්වභාවය දරන්න බෑ වගේ.
මේ ඇත්තටද මේ කියල හිතෙනව 
Is it for real?

මහිතන්නෙ ඒ අය ගැන තමයි ඒ කීවේ
ඒ මේ අයට ලැබිල තියෙන ඉන්ටවල් එක
කරල තියෙන මගෝඩි වැඩවලට නීති විරෝධී වැඩවලට ලැබිය යුතු දඬුවම්වලට පෙර 
මේ ඔබේ විවේක කාලයයි
පුලුවන් තරම් මිනිසුන් ගෙන්වන්න, 
බොරු ප්‍රචාර යවන්න. 
මිනිස්සු කුපිත කරන්න.
එය ඔබටම පාරාවලල්ලක්වන දිනය වැඩි ඈතක නොවේ.
--------------------------------

නුගේගොඩ රැළියේ ඇත්තටම සිටි සෙනග ගණන මෙන්න

Monday, February 16, 2015

රනිල්ට, එජාපෙට වැඩි ය ලොකුයි ජෝන්ව!



මේ දිනවල
ආණ්ඩුවේ හා විරුද්ධ පක්ශෙ ඉන්න අය අතරින්
ටිකක් හිනාවෙලා ජෝක් එකක් ගහල ඉන්නේ
රනිලුයි, මෛත්‍රීයි විතරයි.
අනෙක් අය ඔක්කොම තක්කු මුක්කු වෙලා බිරන් තට්ටු වෙලා ඉන්නේ.
 දවස් සීයෙන් පස්සෙ මොනවයින් මොනා වෙයිද කියල දන්නෙ නැති හින්ද

ඒ වගේම මට චෝදනා එයිද
 ආවොත් නොමිනේශන්
නොලැබෙන්න ඉඩ තියෙනව ආදී
භයවීම්,
දෙගිඩියාවන්
මඤ්ඤං වීම්
අඤ්ඤකොරොස් වීම් නිසා,
මර (විකල් )වී
කක්ක ගල් වී ඇති නිසා.

හීනෙන් ගොක් කොල පේනව
 වැලිකඩ හිර ගෙදර කාණු හා කක්ක  ගඳ
කූරු ගනිනව වගේ
දැනෙනව ....

ඒ අස්සේ
 ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ නම් ලැයිස්තුව එලියට ඇවිල්ල
ලක්ශ දෙදහට වැඩියෙ තැන්පත් කරපු පාර්ලිමේන්තුවෙ කස්ටිය, ලොකු ලොක්කෝ, ක්‍රීඩකයො, පූජකවරු

ජනපතිට එයාගෙ ජොබ් එක 99ක් ශුවර්,
රනිල් හිතනව එයාගේ ජොබ් එක ශුවර්
මොකද ජාතික ආණ්ඩුවක් හැදීමට මෛත්‍රී එකඟ නිසා,
මෛත්‍රී කියන්නේ ශ්‍රී ලනිපයෙත් සභාපති,
පසුගියදා ශ්‍රී ලනිපය, මෛත්‍රීට පක්ශපාත විදියට තමයි තනතුරු පුරවගත්තේ.
එනම් ඔහුගේ ආධිපත්‍යය තහවුරු වෙන
ලෙස තමයි වැඩ කටයුතු සිද්ධ උනේ.
විධායක සභාවට මේ ඉන්න ධනපති නායකයො ඇත්තටම කැමතිද?
මේක ඒ අයගේ අනාගතයට හොඳ නෑ.
අනිවාර්‍යයෙන්ම ජාතික ආණ්ඩුවකට යන්නම වෙනව.
රතන හිමිත් කියන්නෙ ඒකමයි.

ජෝන් සම්බන්ධව රනිල්
පාර්ලිමේන්තුවට දෙන්නේ
කැච් Catch 22 එකකි-උභතෝකෝටිකයෙකි.
ජෝන්ට විරුද්ධව විශ්වාස භංගය ගෙනාවොත් පාර්ලිමේන්තුව විසුරෝනවාය.
පාර්ලිමේන්තුව විසිරෙව්වොත් සමහරුනට  පෙන්සොන් ලැබීමට නුසුදුස්සෝ වෙනවාය.
ජෝන් අස්කර වෙන කෙනෙකු පත් කර ගත්තා කියමු.
ඔහු මේ දූශකයින්ට විරුද්ධව ගොනු කර ඇති චෝදනා විභාග කරන්නට ගත්තොත්
දැන් පස්ස විපස්ස බොහෝ දෙනෙකුට නොමිනේශන් දෙන්නට සිදුවන්නේ නැත.
ජවිපෙ කියූ මහජන නියෝජිතයින්ට -අපේක්ශකයින්ට
Code of Conduct පමාවෙන්නේ ඒකද දන්නේ නැත.

මේ පාර්ලිමේන්තුව විසිරෙව්වොත් අවශ්‍ය සංශෝධන වලට 2/3ක් ගන්නේ කෝමද?
අනාගත පාර්ලිමේන්තුව කොයිවගේ වෙයිද?
මේ ඔක්කොම බලනකොට ජෝන් බාස්ව තියාගන්න එක හොඳය.

හැබැයි 2015 අප්‍රේල්/මැයි ඡන්දෙට ඉහත  (Catch 22- )උභතෝකෝටිකය
ඡන්ද දායකයාට අදාල නැත.

යූ එන් පියට  ලැබෙන ආසන ගාණක් අඩු උනා වගෙයි අපට දැනුනේ.


Saturday, February 14, 2015

මෛත්‍රීපාලනයේ හව්හරණය අත්‍යවශ්‍ය වී ඇත. ළමයින්ගේ ආරක්ශාව සහතික කළ වැඩ පිලිවෙලක් නැතිව දෙමාපියන්ට රට යෑම තහනම් කරනු.



දෙමාපියන් රට රැකියාවලට යෑමෙන් වඩාත් පීඩාවට 
පත්වන්නේ අසරණ ළමයින්ය.
ලිංගික අතවරවලට,
පහර දීම්වලට
ළමා ශ්‍රම වහල්බවට
අවසානයේ මරණයටද  ලක්වන අසරණයින්ට 
මෛත්‍රීපාලනයේ හව්හරණය අත්‍යවශ්‍ය වී ඇත.

රටට විදේශ විනිමය සපයන මේ විදේශ රැකියා
නියුක්තිකයිනට බොරු සෝබනයට 
විශ්‍රාම වැටුප් දෙනවාය, බදු රහිත කාර් දෙනවාය 
කියා දෙන කැරට් අලවලින් සමාජ ඒකකයක් 
ලෙස රට ගිය දෙමාපියන් නිසා අසරණවන 
පවුල්වලට සැබෑ සහනයක් නැත.

අවශ්‍ය, රැකියා කුසලතා නංවන
පවුල් රක්ෂණ සමාජ සංරක්ෂණ වැඩ පිලිවෙලකි.
අරාබි බස හා වෙනත් බස් ඉගැන්වීමේ නිසි ක්‍රමවේදයක්, 
වැඩපිලිවෙලක් අත්‍යවශ්‍යය.

රට යෑමට පෙර ඒ පවුල්වල ස්ත්‍රීන්ගේ, පුරුෂයින්ගේ
ළමයින්ගේ සෞඛය හා අධ්යාපනය කෙරෙන්නේ කෝමද
යන ප්‍රශ්නය අසා  ඒවා නිසි ලෙස විසඳ දෙන වැඩපිලිවෙලක්
ප්‍රාදේශීය සෞඛය, අධ්‍යාපන හා විදේශ රැකියා අංශ
 විසින් ඒකාබද්ධව දියත් කෙරෙන 
මහ පරිමාන වැඩ පිළිවෙලක් ලංකාවට අත්‍යවශ්‍යය වී ඇත.

මෛත්‍රීපාලනයේ හව්හරණය මෛත්‍රිය අත්‍යවශ්‍ය වී ඇත.

Thursday, February 12, 2015

ලොව මවිත කළ සද්දන්ත කුලේ සිංහයෙකුගේ පුනරාගමනය!


මහින්ද ලංකාවේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනයාට තවමත් වීරයෙකි.
ඔවුන්ගේ ඒ වීරයාට වීරයෙකු ලෙස සමුගන්නට ඉඩ දිය යුතුනොවේද?

Monday, February 9, 2015

සෞදි ලක් තානාපතිගෙ, තානාපති විජ්ජා සේවා-ලංකාදීපයෙන් උපුටා ගන්නා ලදි

DSC03752ලක් තානාපති සෞදියේ නැහිර සංචාරයකසඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ඉන්දික 2015-02-09 07:26:43

මම වැඩ කරන්නෙත් ශ්‍රී ලංකා තානාපති මේ ආව කියන අල්හාසා ප්‍රදේශයේ .... මෙහෙ ලංකාවේ අය නිතරම එන ලංකා හෝටලයක් තියනවා. අඩුම ගානේ පොඩි දැනුම්දීමක් කරල එන්න තිබුනනේ ... මේ ඔක්කොම බොරු දේවල් . එන්න ඇති කට්ටිය හම්බවෙන්නත් ඇති . එත් පූර්ව ප්‍රචාරයක් දීල තිබුන නම් අපිටත් එන්න තිබුන . මෙයාල තමන්ගේ වගකීම් යුතුකම් හරියට ඉටු කරනවානම් මේ රටවල් වල මිනිස්සු දුක් විදින්නෑ (බ)
දුමින්ද 2015-02-09 08:26:31
මේවා තානපති විජ්ජා සේවා (නදී)
ගයන් සමරනායක 2015-02-09 08:31:00
මෙම තානාපති කාර්යාලයෙන් කෙරෙන සේවය ගැන අපි නම් කිසිම සතුටක් නැහැ. මම පුද්ගලිකවම දන්නවා මෙම තානාපති කාර්යාල හරහා අපට අවශ්‍ය දේවල් වෙන්නේ නැති විත්තිය. මෙමෙ කාර්යාලයට දුරකථන පණිවිඩයක් දීල ආයුබෝවන් කිව්වොත් උඩ බිම බලන ශ්‍රී ලංකික අනන්‍යතාවයක් නොදන්නා සේවක පිරිසක් ඉන්නේ. මම මේක වගිකීමෙන් කියන්නේ. මොකද මම මේ අත්දැකීම් ලබපු නිසා. මට මෙහෙම නම් අසරණ මිනිසුන්ට කොහොම සලකනවද කියල මට හිතා ගන්නත් බැහැ.(නදී)
මොහමඩ් සෆ්රින් 2015-02-09 09:14:26
ඉන්දික ගේ කතාවට මමත් එකගයි.ඔවුන් යම් ප්‍රදේශයකට යනවා නම් ඒ ප්‍රදේශයේ ඉන්න ලාංකිකයෝ ඔක්කොටම අනිවාර්යෙන් දැනුම් දීමක් කරන්න ඕන. මමත් සෞදි ඇවිල්ලා අවුරුදු 3 වෙනවා අපි ඉන්නවද මැරිලද කියලවත් ඔවුන් දන්නේ නැහැ.(දිල්)


Friday, February 6, 2015

අජිත් පැරකුම් ජයසිංහ, හලාවත ජීවනී කාරියවසම් හා වාරියපොල නංගී මීලඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය

Image result for image of sri lankan parliament

මීලඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අය. ඔබේ අදහස් දක්වන්න

ජවිපෙ 10+
1. අනුර කුමාර
2. විජිත හේරත්
3.හඳුන්නෙත්ති
4.වසන්ත සමරසිංහ
5.සමන්ත විද්‍යාරත්න
6. Bimal rathanayaka
7ලාල් කාන්ත
8කාන්තාවක්
9කාන්තාවක්
10කාන්තාවක්

11කාන්තාවක්

විදේශ සේවයේ නියුතුවූවන් නියෝජනය 2


එජාපය 90 +

රනිල් වික්‍රමසිංහ
සජිත් ප්‍රේමදාස
රන්ජන් රාමනායක
සුජීව සේනාසිංහ
අජිත් සී පෙරේරා
..මංගල සමරවීර
...
.....
.............
.......
........
හෙළ උරුමය-5
චම්පික
රතන හිමි

Democratic Party
Gen Sarath Fonseka
Susul Kindelpitiya
viridu sural




ශ්‍රී ලනිපය-70-
...රාජිත..............
...ජීවනී කාරියවසම්
Image result for image of sri lankan parliament...........

අනෙක් පක්ශ, සංවිධාන හා පුද්ගලයින් 15
නිර්මාල් රංජිත්
වික්‍රමබාහු කරුණාරත්න
රජීව විජේසිංහ
ධර්මසිරි බන්ඩාරනායක
රාවය කතෲ-පුරවැසි

වික්ටර් අයිවන්
මාරයා, මාතලන්, අජිත් පැරකුම්-බ්ලොග්කරුවන් වෙනුවෙන්
සමාජ ජාල 2
වාරියපොල නංගී
ජයම්පති වික්‍රමරත්න



අලුත් පක්ශය-දේශපාලන නන්නත්තාර වූවන්ගේ පක්ශය-0

ශ්‍රී ලනිපය දාල ගියොත් යන පුද්ගලයට හරියන්නෙ නෑ කියල මහින්දමයි කීවේ, දැන් එයා විමල් එක්ක එකතුවෙලා අලුත් පක්ශයක් හදනවලු

මු කො හා වෙනත් ප්‍රජාතන්ත්‍රවාදීන්- 7
මුහීර් රහුමාන්

ටී එන් ඒ 15 
සුමන්තිරන්

සම්බන්ධන්
...........

පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනක නොසිටිය යුතු පුද්ගලයින්
1.මුතුහෙට්ටිගම
2 මර්වින්
3 විමල්
4 තිස්ස අත්තනායක
5 දුමින්ද සිල්වා
6 දි මු
7 ජෝන් අමරතුංග
8 පාලිත තෙවරප්පෙරුම

9..ගම්මන්පිල
..10 Sajin Vas......
.................
,,,,,,,,,,,,,,
,,,,,,,,,,,,,,


Monday, February 2, 2015

හොර අස්සං ගහන එක -සෙල්ලන්ද කොල්ලො?

තිස්සව අමාරුවෙ දැම්මේ කවුද
අස්සන් අනුනගෙ ගසාපන් කීවේ කවුද
ලස්ස ගනන් අත යටින් මාරුවූවේද
දස්සයො කරන වැඩද මේ- කෑවේ කාගේ ලණුද?