Followers

Wednesday, March 25, 2015

නපුරු රජුන්ද අන්ධ භක්තියද හලමු! Big No to Vicious Kings and blind faith

ලංකාවේ අනාගතය ගැන
පැහැදිළි සැලැස්මක්
ඉදිරි දැක්මක් නැති
සුදු රෙදි ඇඳන් ඉන්න
ගිලිහුනු බලය ගන්න
ඕනම දෙයක් කරන්න ලෑස්ති
කරන ලද මගෝඩිවලින් බේරෙන්නෙ
භයට සෙනග වටකරගන්න
දෙතුන් දෙනෙකුගේ
උවමනාවන්ට රැවටී
ගෑනු මිනිස්සු පිටරටට විකුණා
අනුන්ගෙන් කකා බිබී ඉන්න
කරන්න වැඩක් නැති
ගස් ගල් වන්දනාවේ යමින්
හැම දෙයකටම සාදුකාරදෙමින්
ඉදිරියක් නොපෙනෙන මිනිසුන්
අරක්කු කාලට බත් පාර්සලේට
නොමිලේ ලැබෙන වන්දනා ගමනට....
**

ඇහැලේපොල කුමාරිහාමි ලව්ව
සිය පුතු වංගෙඩ්යේ දාකොටන්න
මද්දුම බණ්ඩාරලගෙ හිස් ගැසූ
නපුරු වඩුග රජුන් සිටි 
යුගයන් ඉවරයි

බටලන්ද සුදුවෑන් 
භීෂණ, ආර්ථික ත්‍රස්තවාදී යුගයන් නිමාවකට ගෙන ආ යුතුව ඇත

Saturday, March 21, 2015

සංඝක්කාර- මහේල හා මෛත්‍රී-රනිල්- Let's bust the Catch 22

රටේ ප්‍රධාන ධාරවේ සිදුවු හා සිදුවන අද දවසට වැදගත් යයි පෙනෙන අංශ දෙකක්ම සංවේදනය වූ බැවින් නැත්නම් නාථ දෙවියන් විසින් හීනෙන් ඇවිත් කියූ බැවින් යමක් ඒ ගැන කීම වටී යයි හිතුනා.

සංඝක්කාර හා මහේලගේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැන්ම ඒ  ඇත්තන්ගේ ක්‍රීඩාවේ සිය දස්කම් පිරිහෙමින් පවතින නිසාම සිදුවන දෙයක් නොවන බව අපව නොසිතූ ලෙස කූජිත ලෙස එලියට විසිවුනු තරඟාවලියෙන් පෙනේ. මතුපිටින් පෙනෙන අයිස් කන්දට යටින් විශාල ප්‍රමාණයේ අයිස් අතිවිශාල ප්‍රමානයක් තිබෙන බව නිසැකය.. සෑම තැනම බලය අල්ලාගෙන සිටින පවුල්, දේශපාලකයින්, නිලධාරීන්, හිටපු හා දැනට හිටින ක්‍රීඩකයින් හා පරපෝෂිතයින් රංචුවට මෙය හොඳ මගුලකි. නිධානයකි. හෙණ්ඩුවකි.

මා එදා පටන්ම කියූ ලෙසින් සංගාත් මහේලත් ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම ජෙනරල් ෆොන්සේකා ඇතුලු ත්‍රිවිධ හමුදා සිය කාර්‍ය සාක්ශාත් කරගැනීමට යම් කැපවීමක් කලේද ඒ හා සමාන කැපවීමක් හික්මීමක් දක්ශතාවයක් අන්තර්ජාතික තලයේ පෙන්නුම් කලහ. රට කෙරෙහි පහන් හැඟීමක් ඇතිකිරීමට ඔවුන්ගේ චර්යාව නොමදව ඉවහල්විය. ලෝකයාගේ අපකෙරෙහි තිබූ වෛරය තුනී කිරීමට ඉවහල්විය. ඒ අතින් අප මව්බිමට කරන ලද සේවය අතිමහත්ය. ඔවුහු ක්‍රිකට් ක්‍රීඩකයන් පමනක් නොවීය. වසර 2500ක ඉතිහාසයේ හික්මීම, දර්ශනය, පැසුණු බව ලොවට සරලව කියාපාන කැඩපතක් බඳු බුද්ධිමත්භාවයක්, වාග්චාතුර්‍යයක් ප්‍රදර්ශනය කළහ. වරක් මාවන් අතුපත්තු අන්තර් ජාතික මාධ්‍යට කීවේ ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමනක් බවත් පිටියෙන් එහාට අපේ කිසිම පසමිතුරු භාවයක් නැතිබවකි. එය මාධ්‍යවල ප්‍රසන්න ලෙස හුවා දක්වා තිබුනි.

ඔවුන්ගෙන් රටට ලෝකයට ලබාගත හැකි සේවය අතිමහත්ය. ලාභ දේශපාලන මලපුඩුවකට හසුනොකොට දූපතක් තුල සිරවී නිරතුරු වන්දනාගමන් යමින් පුද්ගල ගස් ගල් වන්දනා පදනම් කොටගත් පන්සල් හා දාන මාන, ෆෝන් කාඩ් ටියුශන් හා ටෙලිඩ්‍රාමා ආර්තිකයක සිරවී සිටින ජනතාව නිදහස් කරගැනීමට සැබෑ ආර්ථික ක්‍රියාකාරීත්වයක් ඇතිකර ගැනීමට ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට රටේ චින්තකයන් උත්සුක වියයුතුය.

උභතෝකෝටිකය බිඳිමු!

මං කොහෙදිද දැක්කා ඔය දේශපාලකයින් තනි තනි ගස් වගේ පිටතින් පෙනුනට පොලව යටින් මුල්වලින් ඔක්කොම සම්බන්දයි කියල. ඒ නිසා තමයි උභතෝකෝටිකය පෙන්වල මහජනයාව ගොනාට අන්දන්න වෙලාව ගන්නෙ කියල අපට හිතෙනව. මොකද්ද මේ උභතෝකෝට්කය නැත්නම් catch 22 එක, තුනෙන් දෙකක් නැතිව ව්‍යවස්තාව සංශෝධනය කරන්නට බැරි නිසා මේ පාර්ලිමේන්තුව තියාගන්න අවශ්‍ය බව පලමුව කීව. ඒ නිසා පාර්ලිමේන්තුව විසිරුවෙ නෑ. දැන් පාර්ලිමේන්තුව විශේෂයෙන් ශ්‍රීලනිපය කියනව 19 සංශෝදනේට කැමති නෑ කියල.???
වසර 5 සම්පුර්ණ නැති මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නෙ නැති නිසානෙ ඇත්තටම විසිරෙව්වෙ නැත්තෙ. දැන් වඳින්න ගිය දේවාලේ ඉසේ කඩන් වැටුන වගේ මේ වෙලා තියෙන දේ.
ජනතාවම බලාගත්තදෙන් මේ වෙච්චෙ දේ.
මේ අවසාන අවස්තාවයි.
ලෝක වාසි දේශප්‍රෙමී මිතුරනි
ආයි අපිව ගොනාට අන්දන්න ඉඩතියෙන්න එපා.
යුද්ධෙට වඩා මේ කෛරාටිකයින් අපට විකුණා ඇත්තේ ජනපතික්‍රමයයි.
එක්වන්න!

Thursday, March 19, 2015

ජනවාර්ගික සුහදතා කොමිසමක්‌ පිහිටුවීමේ වැදගත්කම!

http://www.divaina.com/2015/03/20/feature01.html

මේ ආණ්ඩුව පත්වුනු අලුත අජිත් පැරකුම් ජයසිංහ ගේ බ්ලොග් එකක සාකච්ඡා වෙමින් තිබුන පැරණි 17වන සංශෝධනය යටතේ තිබුනු කොමිශන් සභා නැවත බලාත්මක කරන්න අවැසියි යන්නට සමාන මාතෘකාවක්. මා එහිදී කොමෙන්ට් එකක සඳහන් කලා කියල යම් මතකයක් තියෙනව සමානාත්මතා කොමිසම ට සමාන අදහසක්.

පහත දැක්වෙන්නේ එවැනි ලිපියක්. ගත්තේ දිවයින් පත්තරෙන්



-------------------------------

ජනවාර්ගික සුහදතා කොමිසමක්‌ පිහිටුවීමේ වැදගත්කම

කැඩී ඉරිතැලී ගොස්‌ සිsටින අපගේ සමාජයේ වාසය කරන විවිධ ජනකොටස්‌ සමීප කර ඔවුන් අතර අෙන්‍යාන්‍ය වැටහීමක්‌ ඇති කිරීමට යම් ක්‍රියාදාමයක්‌ ආරම්භ කිරීම ජාතියක්‌ ලෙසින් ලාංකික අප සැමගේ වගකීමකි. ලංකාව යනු විවිධ ආගම්, සම්ප්‍රදායයන් හා සංස්‌කෘතීන් තිබෙන රටක්‌ වන අතර ඒ සැම සියවස්‌ ගණනාවක්‌ ඉපැරණිය. එසේ වුවද, මෙහි වාසය කරන ජනකොටස්‌වලට අයත් එම සම්ප්‍රදායයන්, සිරිත් විරිත් හා අගයන් ගැන අෙන්‍යාන්‍ය ගරුත්වයක්‌ ඇති කිරීම පිණිස කිසිදු චිරස්‌ථායි ක්‍රියාකාරකමක්‌ මෙතෙක්‌ සිදු කර නොමැත. ජනකොටස්‌ අතර එකිනෙකා ගැන තිබිය යුතු මෙම වැටහීම හා සුහදත්වය යනු ජාතියක්‌ ලෙසින් අප ශක්‌තිමත් වීමට අතිශය වැදගත් සාධකයක්‌ වන නමුත් මෙය සඳහා කිසිදු ආයතනයක්‌ නිල වශයෙන් පිහිටුවන්නට කිසිවිටෙක කිසිදු රජයක්‌ උනන්දු වූයේ නැත.

ගතවුණු ශතවර්ෂ කිහිපයක විවිධ කාලපරිච්ඡේදවල මෙරට ජනකොටස්‌ අතර සුළු මෙන්ම දැවැන්ත ගැටුම් හා ලේ වැගිරීම් සිදුවුණු බව අපි සැම මනාව දන්නෙමු. විශේෂයෙන් ගත වුණු දශක කිහිපය තුළ මෙවන් වේදනාකාරී භේද හා ගැටුම් ගණනාවක්‌ම අප රටෙහි හට ගෙන, අප මවුබිමේ පැවැත්මට පවා දරුණු තර්ජනයක්‌ බවට ඒවා වර්ධනය වූ සැටි අපි දුටුවෙමු. මෙම කුරිරු ගැටුම් නිසා ජන කොටස්‌ සෑම එකකටම ගැඹුරු කැළැල් හා අමතක කළ නොහැකි අමිහිරි අත්දැකීම් උරුම වී ඇත.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට තම අදහස්‌ දක්‌වමින් ජගත් බුහුමනට පාත්‍ර වී සිටින විද්වතෙකු මෙන්ම නීති විශාරදයකු වන විනිසුරු සී. ඡේ. වීරමන්ත්‍රී මෙම කරුණු ගැන අවධාරණය කර ඇත. සුවිශේෂී ලෙසින් තර්ක විතර්කවලට බඳුන්ව ඇති ප්‍රධාන ඉසව් දෙකක්‌ වෙතට වීරමන්ත්‍රී විනිසුරුවරයා අපගේ අවධානය ගෙන එයි. සාම අධ්‍යාපනය සහ විශ්වාසය ගොඩනැගීම මෙම ඉසව් ද්විත්වයයි. වත්මන් කාලවකවානුව වනාහි යෝජිත ජන වාර්ගික සුහදතා කොමිසමක්‌ පිහිටුවීමට ඉතාමත්ම යෝග්‍යතම කාලයයි. ඡන්ද පොරොන්දු ඉටු කිරීමේ පියවරක්‌ ලෙසින් වත්මන් රජයද 19 වැනි සංශෝධනය ලෙසින් ව්‍යවස්‌ථාවට සංශෝධන කෙටුම්පතක්‌ ඉදිරිපත් කර, එය ගැන දේශපාලන පක්‍ෂවල සහ මහජනයාගේ අදහස්‌ ද විමසා ඇත.

මාද රජයේ උක්‌ත යෝජනා අධ්‍යයනය කළ අතර ඒ අනුව ඇතැම් අදහස්‌ කිහිපයක්‌ ඉදිරිපත් කිරීම උචිත යෑයි සිතුවෙමි. 17 වැනි සංශෝධනය යටතේ ස්‌වාධීන කොමිසම් නැවත ගෙන ආ යුතුය. හා එය හරහා 18 වැනි සංශෝධනය අවලංගු කළ යුතුය යනු මාගේ අදහසයි. යෝජිත මේ සියලු කොමිසම් සභාවලට නිශ්චිත කාර්යභාර ඇති අතර ඒ සැම ඔවුන්ගේ අදාළ පරාසවලට සීමා කර ඇත. එසේ වුවද ජනකොටස්‌ අතර ඇති වන ගැටලුවලට අදාළ වැදගත් ඉසව් මේ මගින් ආවරණය වන්නේ නැත.

සමාජයීය හා සදාචාරාත්මක ඉසව්වල ප්‍රශස්‌ත මට්‌ටමේ දියුණුවක්‌ අත් කරගැනීමට නම් වත්මන් ලාංකික සමාජය විශාල කැපවීම් සිදු කළ යුතුව ඇත. අන්තවාදී කල්ලිවල අවතීර්ණය හා ඔවුන්ගේ පටු අරමුණු අත් කර ගැනීමට ඔවුන් ක්‍රියා කරන කාර්යක්‍ෂම විලාසය මිනිසුන් බොහෝ දෙනකුගේ හදවත් තුළ වෛරය රෝපණය කිරීමෙහි ජය අත් කරමින් සිටියි. මේ නිසා ගැඹුරු කැළැල් ඇති වෙමින් එය හරහා ජනකොටස්‌ අතර නිරන්තර ඈත් වීමක්‌ හට ගැනීමේ අවදානම වැඩි වෙමින් පවතියි. මෙම තත්ත්වය නැති කිරීම පහසු කාරියක්‌ නොවේ. සමාජ සංහිඳියාව ගොඩනැගීම උදෙසා පැහැදිලි ඉලක්‌ක නිශ්චය කර ගනිමින් හා සාමුහිකව ක්‍රියා කරමින් මනා ලෙස සම්පාදනය කරන ලද සැලසුම් ඉතා නැණවත් සහ මෘදු ලෙසින් ක්‍රියාවට නැංවිය යුතුය. එමෙන්ම මෙම කාර්යභාරය ජාතිය නැවත ගොඩනැගීමට අතිශය වැදගත් අවශ්‍යතාවක්‌ බවද අප සැම තේරුම් ගත යුතුය.

ඉතිහාසයේ මේ සඳහා නිදසුන් ගණනාවක්‌ දැකිය හැකිය. සමාජය, ආර්ථිකය හා භෞතික පරිශ්‍රය ආදිය මුල් කරමින් රටේ සිදු කෙරෙමින් පවතින සංවර්ධන ක්‍රියාවලි සේම මෙයත් ඉතා වැදගත් කරුණකි. මන්ද යත් ජනකොටස්‌ අතර සංහිඳියාවක්‌ නොමැතිව කිසිදු ඉසව්වක තිරසාර දියුණුවක්‌ සාක්‍ෂාත් වන්නේ නැති හෙයිනි.

මේ නිසා ජන වාර්ගික සුහදතා කොමිසම නමින් කොමිසමක්‌ පිහිටුවා ගැනීම ඉතා කාලෝචිත වනු හා ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම යෝජිත මෙම ආයතනයට පුළුල් ක්‍රියාකාරී පරාසයක්‌ ද ලබා දිය යුතුය. තවද ප්‍රතිසන්ධානය මුල් කරගත් වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමද අවශ්‍ය වෙයි. නිදසුනකට, අෙන්‍යාන්‍ය වැටහීමට දිරි දෙමින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම සියලුම දේශීය පැතිකඩවල ඇති විවිධත්ව පිළිගනිමින් එය ඉවසා ගැනීමේ ආකල්පයද සැමතුළ රෝපණය කිරීම හරහා සියලුම ජන කොටස්‌ අතර ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසයක්‌ ඇති කිරීම හා ජනයාගේ සමාජ, ආර්ථික, සංස්‌කෘතික සහ දේශපාලන දිවියෙහි සියලුම ජනකොටස්‌ සහභාගීත්වය උනන්දු කිරීමේ වගකීම මෙම කොමිසමට නතු කළ යුතුය.

සංහිඳියාව හා එක්‌සත් බව උනන්දු කරන අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් මෙන්ම පර්යේෂණ ව්‍යාපෘති ආදි කිසිවක්‌ මේ දක්‌වා අර්ථවත් ලෙසින් සැලකිල්ලට ගෙන නොමැත. මේ සියල්ල පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීමටද ක්‍රියා කළ යුතුය.

අප සැදුම් ලැබ ඇති මෙම බහුවිධ සමාජයේ ආගමික, සංස්‌කෘතික සහ අන් ආකාරයේ විවිධත්වයන්ට අෙන්‍යාන්‍ය ගරුත්වයක්‌ නිර්මාණය කර එයට දිරි දෙන අතර සමගිය හා සමාදානය තහවුරු කරන සමථනය, ප්‍රතිසන්ධානය, මැදිහත්වීම වැනි ගැටලු විසඳීමේ ක්‍රමෝපාය ද ප්‍රවර්ධනය කළ යුතුය. මෙයත් සමගම මෙම කරුණු සඳහා යාන්ත්‍රණ සහ ක්‍රමවේද ද සම්පාදනය කළ යුතුය.

මේ අනුව මෙම යෝජිත කොමිසමට පුළුල් ක්‍රියාකාරී පරාසයක්‌ තිබෙනු ඇත. මෙය වඩාත් ඵලදායී වීමට සියලුම ආගම් හා භෞමික ප්‍රදේශවලට අයත් වන්නන්ගේ සාමාජිකත්වය හා දායකත්වය මෙම ආයතනයට තිබීමද අතිශය වැදගත්ය. ගුයානාවේ මෙම මොඩලය ජයග්‍රාහීව ක්‍රියාත්මක කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ද මෙය සාර්ථකව ක්‍රියාත්මක කරන්නට හැකි නම් එය අප වැනි බහු වාර්ගික අන් රටවලට ද එය ආදර්ශයක්‌ වනු ඇත.

එස්‌. ඒ. සී. එම්. සුහයිල් කුවේට්‌හි හිටපු ලංකා තානාපති



Monday, March 16, 2015

රාජපස්සලාගේ ෆයිල් තිබේ නම් උඹ ගොඩ මල්ලියේ




  මාර්තු 15 ප්‍රඥප්තිය එනම් බොහෝ පක්ෂ එකතුව අත්සන්කොට එකඟවූ  පාර්ලිමේන්තුවට, පලාත් සභාවට හා පලාත් පාලන ආයතනවලට අපේක්ෂකයින් තේරීමේ නිර්දේෂ මධ්‍යයම කාරක සභාපත්වීම්වලට අදාල නැත. මයිත්‍රී විසින් මර්වින්ව ශ්‍රී ලනිපයේ මධ්‍යයම කාරක සභාවට පත්කරලාලු. පසුව පහල උසාවිවල නඩු අහපු ලොකු පෙරකදෝරුවන් හා ගොඩ පෙරකදෝරුවන් විසින් මේ තර්කය ගෙන එනු ලැබේ. මධ්‍යයම කාරක සභාවේ ඉන්නට හොඳ නම් පාර්ලිමේන්තු ගියාම මක්කද? ඊට පස්සෙ විමල් අහනව මරවින්ව සෙන්ට්‍රල් කොමිටියට හොඳනම් මහින්දව අගමැති අපේක්ෂකය කරාම මොකද? ඒ අනුව ඉහත ප්‍රඥප්තියට පලමුවෙනි සන්ශෝධනය ගෙන එනු ලැබේ. රාජපස්සලාට විරුද්ධව පයිල් තියෙන අයට ඉහත නිර්ණායක බලපාන්නේ නැත.

Friday, March 13, 2015

අරූටත් මට කියන්නට තිබෙන්නේ එයයි.!

මට මතකයි මාතලනුත් වරක් ඔහොම සමුගත්තා
එදා මං ලීවේ ඔබ එනතුරු මා දන්න හැටියට කරගෙන යන්නම් කියලයි
ඒ වගේම මාතලනුත් නැවතත්  ආවා.
මාත් හිටියා.
ඒවගේම ටැබූත් වරක් විස්සෝපයට පත්වී සිටියා.
එදා මා කීවේත් අපි මෙය කරන්නේ එනම් බ්ලොග් ලියන්නේ සද් පරමාර්ථයෙන් නම් මේ කර්තව්‍ය අතනොහැර කරගෙනයා යුතුයි කියල.
අරූටත් මට කියන්න්ට තිබෙන්නේ එයයි.
ඔබට කරන ගරු කිරීමක් හැටියටත්
ඔබ නැවත එනතුරු මේ වැඩේ දන්න හැටියට
 මගේ වැඩේ කරගෙන යන්නම්!

ඔබගේ රචනා විලාසය පරදවන්න නම් මට බැරිවෙයි!
----------------------------------------------

අරූගෙ අන්තිම ලිපි


නිහඬ විප්ලවය සහ නිහඬවු මා……….

ආදරනීය මිතුරනි.
නිහඬ විප්ලවයක ප්‍රතිපල ආදරයෙන් දකින්නෙමි. විප්ලවයව නිහඬ යැයි කියනා නිසාම, මමද කටහඬ අවදි කරේ බ්ලොග් තුල නොව, එංගලන්තයේ සිට දුරකතනයෙනි. මම බොහෝ දේ කතා කලෙමි. මම සතුටුවන්නේ මා රට වෙනුවෙන් දැක්වූ දායකත්වයටය. කිසිදු පෞදගලික බලාපොරොත්තු මා සතු නොවීය. ඒ කාගේවත් පිට පැට නොවීම මා සතුය. ඉදිරිය තීරනාත්මකය!!! නමුත් මා නිදහස් මිනිසෙක් බව හැඟේ.
අට ඉවරය! හෙට අප වෙනුවෙන්ය!! හෙට අප වෙනුවෙන් කියන්නේ, මේ අට වෙනිදා නිදහස් කල අහිංසක රට වැසියා ගැනය. තව දුරටත් ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන්නේ කෙසේද කියා, පෙරදා ලෙසින්ම බලා සිටින්නෙමි. අවස්තාවාදි මඩ ගොහොරුව තුල දඟලන මඩකරියන්ද, වැලි අස්සේ සැඟවෙන වැලි ගොව්වන්ගෙන්ද, ඔළුවේ ගූ ඇති ඉස්සන්ගේද බේරී සිටීම හැර, නිදහස් මතකයකින් හැසිරීම ලෙහෙසි පහසු නොවන බව මම වටහා ගත්තේ , නිදහස් යැයි කියනා බ්ලොග් ලෝකය තුලින්මය. ඒ මගේ ඇති පටු ආකල්පය නිසා යැයි කිසිවෙකු කිව හැක. නමුත් එය නිවැරදි නොවන නිසා මම නිහඬ වුනෙමි. මම බ්ලොග් ලෝකයට වඩා වෙනස් ආකරයකින් ඒ වෙනුවෙන් දායක වුනෙමි. මේ නිහඬ විප්ලවයට, ඉතා නිහඬව දායක වීමට ලැබීම මගේ පරම්පරාවේ මෙහෙවර ලෙස මම දකිමි.
මෙවන් ගමනකට ඉඩ පාදාදුන් සමස්ථ ජනතාවට මම සුබ පතන්නේ වෙන කිසිවක් නිසා නොව, මේ කෲර ඒකාධිපතියට විරුද්ධව හඬ නැගීම වෙනුවෙන්ම පමනි!!!නැවතත් මගේ ප්‍රණාමය!!
රාජකාරී කටයුතු නිසාවෙන් දැනට නිහඬ වෙනුමුත්, අදහස් තුලින් කිවයුතු වන්නේ, රට මොකාට ගියමුත්, ජනතා බලය, එක එකාගේ අතට පැවරීමට, අප සුදානම් නොවිය යුතුය බවය. මේ මෑතකදි පටන්ගත් හුටස්පර අළුත් රස්සාවෙන් පොඩි නිදහසක් ලැබුනු දවසක, මම අවුල් නොවී ඔබ හමුවන්නෙමි!!!!!
අවස්තාවාදයට තිත තබමු…..හැබෑ මිනිසා හඳුණාගමු…ඒ වෙනුවෙන් මඩකරි හිස් සහ බඩපිරි කුස් සහිත, නිවටයින්ගෙන් තොර ලෝකයක් සහ නිර්ව්‍යාජ බ්ලොග් ලෝකයකට සුභාසිරි!!!!!!!!!!

Tuesday, March 10, 2015

කියන්න එකක්. කරන්න එකක්. කමක් නෑ; කරන්න හොරෙන්!

පසුගිය දවස් කීපයේ,
ජීවිතයේ පලමු වතාවට
අපි ශ්‍රී ලාංකිකයින් විසින් අවුරුදු දහස් ගනනක් පුරාවට 
රැක ගෙන ආ සංඝ පරපුර ගැන 
මට හෘදයංගම, 
අවංක ආදරයක් ඇති උනා
Image result for image of ven sobhitha thero

මැදපෙරදිග ගොස් අපේ සහෝදරියන් විඳින
 දසවද පෙනුනත්
 මෙතුවක් කල් නොපෙනුනා සේ සිටි
 තක්කඩි පාලකයින්ගේ 
ව්‍යාපාරිකයින්ගේ ඇස් කන් අරවමින් 
සෝභිත හිමියන් කල ප්‍රකාෂයට මාගේ ප්‍රණාමය.



Image result for dambara amila

තවත් හිමි නමක් ප්‍රකාෂ කරලා තිබුනා  අලි ඇතුන් 
බැඳ ගෙන උන්ට කරනා කරදර අඩං තේට්ටං 
දෙන දසවද වලින් නිදහස් කරලා කැලයට යවමු කියලා.
උන්වහන්සේටත් මාගේ ප්‍රණාමය!
















අස්ගිරි මා නාහිමියෝ රහත් පල ලැබුවා යයි 
පාරම් බාන හිමි නමකට අවවාද කලා මස් කනව නම් හොරෙන් කන්න කියලා.
මේ ප්‍රකාෂය මහිතන්නේ ඉතාම විවාදපන්න ප්‍රකාෂයක්
එමෙන්ම සමහර දෙනෙකු සෝවාන් වෙන්න ඇති 
මේ ප්‍රකාෂය අහල.
අප රටේ සියලුම දුරාචාරයන්ට හේතුව 
මේ ප්‍රකාෂය තුල ගැප් වෙලා තියෙනව කියලයි 
මග පල නොලද මගේ පොඩි මොලේට තේරෙන්නෙ?
කියන්න එකක්. කරන්න එකක්.

කමක් නෑ; කරන්න හොරෙන්!

Sunday, March 8, 2015

ශ්‍රී ලංකාව පැරදුනාද? නැත. loss that Choreographed.


අද  සිඩ්නි ක්‍රිකට් පිටියේ මොකක්ද උනේ.
මං ගොං කමට හැමදාම කියන එක.
''Big Picture story'' and 
cricket market පිළිබඳව කතාවකි.

ලංකාව තමන් දිනීමට වඩා වඩා උත්සහ කලේ තමන් ඔස්ට්‍රේලියාව තරම්ම හොඳ බව පෙන්වීමටයි. 
ඉස්සරහට එන්නට තිබෙන තරඟවල තත්වය පෙන්වීමටයි. 
ඒවගේම ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟය දින්නා කියා ලංකාවට අත්වන විශේෂ වාසියක් නැත.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙළඳ පොල කඩා වැටුනොත් එයින් පීඩාවට පත්වෙන්නේ ඔස්ට්‍රේලියාව පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ද වෙළඳ පළටද එයින් බලපෑම් ඇතිවේ.

චන්දිමාල්ගේ කතන්දරය රඟ පෑමකි.?

හැම ක්‍රීඩකයාටම ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කිරීමේ අවස්ථාවද උදාකරදීමද සිදුවිය. එමෙන්ම අවසාන මහ තරඟවලට මුහුණ දීමට පුහූණුවීමත් මෙයින් සිදුවේ.

සංඝා හා ඩිල්ශාන් පෙන්නුවා ජෙෂ්‍යඨයින්ගේ හැකියාව, 
චන්දිමාල් හා මැතිව්ස් පෙන්නුව අනාගතය- ක්‍රිකට් ක්‍රීඩාවේ-වෙළඳ පලේ ශ්‍රී ලංකික සහභාගීත්වය.

අවසානයේ හැමෝම සතුටින්, මුදල්ගෙවා මැච් එක බැලූ ශ්‍රී ලාංකිකයා ඇර.

බලමු අපේ ආදරණීය පාඨකයින් මොනවද කියන්නේ කියල.



Wednesday, March 4, 2015

Isis අපේ අන්තවාදීන්ගෙන් පාඩම් උගත යුතුය.



ඉස්ලාම් අන්තවාදීන් ලංකාවේ අන්තවාදීන් එක්ක බලනකොට නිකන් ලදරුවන්.
අපේ හිටපු අන්තවාදීන් මරනයට නියමිත මෑන්ස්ලගේ බෙලි සීරුවට  ලස්සනට මුවහත් පිහිවලින් කපන්නේ නැත. අනෙක කැපූ බෙලි නිකන් තියෙන්න අරින්නේ නැත.
පාරවල් අයිනේ කොසු පොලුවල හිටවා මහජනයාගේ ගෞරවය පිණිස පේලියට සිටුවති.

සමහරවිට රාත්‍රිය සීතල නම් මරණකරුගේ ගෙල වටා පරන ටයරයක් දමා ගිනි තබා මැරෙන එකාත් මරන එකාත් සහයෝගෙන් ගිනි තපිති.
සීතලේ මැරෙනවාට වඩා මරණකරුට මෙය මඳක් සනීප නිසා වෙන්න ඇති.
ඒ අතින් නම් දෙපාර්ශවයම මානුශිකව සිතනවාය.

 ඒ වගේම බෙලිකපනවිට ආගම සිහිකර කිරීමත් ධර්ම චක්‍රය වැනි ධාර්මික ක්‍රම අපේ අන්තවාදීන් විසින් යොදාගැනීම අතින් යම් සමානකම්ද තිබේ.


Islamic State are renowned for carrying out brutal executions.

බඩ දරු අම්මලාගේ බඩවල් පලා තවමත් නොඉපදුනු දරුවන් ඉවතට ගෙන ගස්වල ගසා දැමීමට උගත යුතුය.
ළමයි බලා සිටියදීම මව්වරුන්ව කෙලෙසීමටද උගත යුතුය.
බෝම්බ බඩේ බැඳගෙන සීයක් හමාරක් මරාදැමීමට උගත යුතුය.
සිරකරුවන්ගේ ඇස් පන පිටින් උගුල්වා දැමිය යුතුය.




Tuesday, March 3, 2015

බිරිඳ මරා දමා තමාවත් මරාගත් ඝාතකයා



ජනතාවගේ, දේශප්‍රේමීන්ගේ පිනට පහල වූ පසු ගිය ආණ්ඩුව ජනයාගේ හිත සුව පිණිස ඝාතකයන් වර්ග කීපයක්ම නඩත්තු කළ බව දැන් දැන් පෙනී යයි.
1. මාධ්‍යවේදී ඝාතකයින්
2. සුදු වෑන්ඝාතකයින්
3. සිඟන්නන් ඝාතකයින්
4. රතුපස්වල ඝාතකයින්
5. වැලිකඩ සිරකරුවන් ඝාතකයින්
6. ආර්ථික ඝාතකයා

7. ආණ්ඩුව පෙරලුනාට පස්සේ අපට පෙනී යනවා සමහර ආණ්ඩුවේ ලොක්කෝ ඒ අස්සෙ උප්පැන්න සහතිකවල ඉලක්කන් එහාට මෙහාට කර ඒ ඒ දිනවල ඉපදුනු අය ''ඝාතනයකර දමනවා.''

ඇත්තටම මේ අයට මොකද්ද කියන නම.?

Monday, March 2, 2015

දේශපාලනයෙන් ඈත්වී සිටිය යුතු කෙලින් කතා කරන කෙලින් වැඩ කරන සමාජ විචාරකයන් සේ ජීවත් විය යුතු පරමාදර්ශී චරිත



----------------------------------


තමන් දේශපාලනයට එන  බවට වාර්තා පළ බව මිතුරන් මගින් දැන ගැනිමට හැකිවූ බවත්, එම කතාවල කිසිම පදනමක් නැති බවත්, දේශපාලනයට එක්වීමට තමන්ට කැමත්තක් නැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කරයි. 
සිය ෆේස්බුක් පිටිවෙන් වැඩිදුරටත් අද (03දා) අදහස් දක්වන සංගා සඳහන් කරන්නේ එම කතා බැහැර කරන ලෙසයි.

සංගාගේ නිවේදනය

"අන්තිම තරගයෙන් පසුව අපට සහාය ලබාදුන් පණිවුඩවලට ස්තූතියි. එය අපිට හොඳ ජයග්‍රහණයක් වුණා. තිරී හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. මම දේශපාලනයට එක්වෙනවා කියලා විවධ කටකතා පැතිරෙනවා කියලා මගේ මිත්‍රයන් මට කිවුවා. මේ කතා වලට කිසිම පදනමක් නෑ. ඒ වගේම ඒවා විශ්වාස කළ නොහැකි කටකතා. මම අතීතයේදී සඳහන් කළ පරිදි, සත්‍යවශයෙන්ම දැන් මෙන්ම අනාගතයේදීත් දේශපාලනයට එක්වීමට මට කැමැත්තක් නෑ. කරුණාකර මෙම කතා බැහර කරන්න. ඉරිදා පැවැත්වෙන ලොකු තරගය සඳහා සූදානම්වෙනවා. ඔබගේ අඛණ්ඩ සහායට ස්තූතියි.- සංගා"