Followers

Thursday, April 30, 2015

ඩොලර් පවුම් හීන Quick රුපියල්වලින් හැබෑකරගන්න Political ජිල්මාට් ඉගෙනගන්න එන්න අපේ මැයි රැලියට



අද වන්දනාගමන බයිබරි කොමිසන් එක හරහා හයිඩ් පාක් එකට
හෝව්!... හෝව්...!
නිවැරදිකිරීමයි!

නාරාහේන්පිටටයි යන්න ඉන්නෙ.

ගිහියන් සුදු වතින්ද
පොඩ්ඩක් හෝව් තවම තීරනය කර නැති නිසා
නන්නත් වර්ණයෙන් සැරසී

ගිහියන් නොවන අය අදාලවර්ණයෙන් සැරසී

එන් ජී ඕ කාරයින්ගේ උගුල්වලට නොරැවටී
විශ්වාස තැනකින් සහතික කල ජාතික කොඩියක්ද
බීමට ගන්නා වතුර බෝතල්ද
තිබේ නම් පුස්කාපු පරණ ෆයිල්ද රැගෙන
කොළඹ කනත්ත අසලට දහස ගනනින් පැමින රොක්වන්න

ඒ එස් පීගේ සල්ලිවල බරට අපේ සල්ලි යටවී
ඇතිබැවින් ඇදීම ඇබීන්දක් අමාරුවී තිබේ.
ඒ නිසා කාලට වැඩියෙ බලාපොරොත්තුනොවන්න.
බත් වෙනුවට කුරහන් රොටියක් බැගින් දීමට සිදුවී තිබේ.

සටන් පාට දැනටමත් ටෙක්ස්ට් කර තිබේ.
කරුණාකර  හොඳට කියවා කඩපාඩම් කර පැමිණෙන්න,
මේවා අරුන්ගෙන් අහුලගත්ත කොල කෑල්ලක තිබුනු ඒව නොවේ
මතක තියාගනිල්ල..අපේම ඒව කියල


අධිකරණය දේශපාලන හස්තයෙන් මුදවාගනු
බයිබරි කොමිසම කුඩුකරනු
හොරකම දුරලනු
සාධාරණ ඡන්දයක් තබනු.
රතුපස්වල ජනයාට බීමට ජලය දෙනු
ශිරානි බණඩාරනායක නැවත සේවයේ පිහිටවනු
වටරැක හිමියන් නිදහස් කරනු
අධ්‍යාපනයට 16%ක් වෙන්කරනු
සෙලින්කෝ කොල්ලකරුවන් කෝ
මන්ත්‍රීවරුන් පක්ශ මාරුකිරීම නවතනු
පවුල් බලය එපා
සියලුම කලු සල්ලි සුදුකරනු
ආදායම් බදුදෙපාර්තමේන්තුව ගිනි තබනු
රටවිරුවන් වීරවරියන් වහල්බවින් නිදහස් කරගමු

කම්කරුවන්ගේ දිනේ උන් ගැන මොනවත් නැද්ද සර්.

උන්ට ගුණසිංහපුරෙන් ඉල්ලාගන්න කියාපල්ල

(දයල් බතීත් යන්නෙ එහේ)

Tuesday, April 28, 2015

හංසය බිල්ලට- හූනියම කැපුවා- කපුවා කපෝති ? Is Swan Bleeding ?




අම්මේ යාන්තං ඇති, 
1978 ඉඳන් අල්ලපු විලිරුජාවේ එක බබෙක් ලැබුනා.
ඒ අතරතුර ජන සංහාර, ආර්ථික හා සමාජ පරිහානි ආදී එකි නොකී දේ දහසක් සිදු උනා.  ලංකාවට හෙණ ගැහුව. 
ඇත්තටම මොනවද නූනේ

ලස්ස 62ක් වූ හංසයාට ආදරය කළ ජනයා වෙනුවෙන් යම් සාධාරණයක් කිරීමට මෛත්‍රීත්, 19 සම්මත කරගැනීමට වැඩ කළ සැම සමත් වී තිබෙනව. බලාපොරොත්තු වූ පරිදිම එය ඉතාම දුෂ්කර කර්තව්‍යයක් විය. එය කාටත් වඩා අවබෝධයෙන් සිටියේ, සිටින්නේ මෛත්‍රීවීම අපගේ වාසනාවක් වී ඇත.

ඒ ක්‍රියාවලියේදී හංසයා බිලිදුන්නාද යන්න නිරීක්ශකයින්ගේ - හංසයාට ආදරය කල සැමගේද සිත තුල නැගෙන සාධාරණ පැනයක්.

පසුගිය ජනපති පාර්ශවයෙන් එන බලපෑම සුලුපටු නොවෙතත් මෛත්‍රී එයට හිසනමනු ඇතැයි සිතීමට ඉඩ නැතත් මූල්‍ය අපරාධ අංශය ගැන මෛත්‍රී පල කර ඇති අදහස් හංසයාට පිහියෙන් අනින්නට ලෑස්තිවන්නේද යයි සැකයක් මතුවේ. මහබැංකු සිද්ධිය වැනි සිද්ධීන් විසින් දියෙන් කිරි වෙන්කර ගැනීමට මෛත්‍රීට ඇති බාධකවලට හොඳ උදාහරණයකි.

පැහැදිලි ස්ථිර විනයක් ප්‍රතිපත්ති මත පදනම් වූ නවරජයක් පත්කරගැනීම හංසයාට ආදරය කළ සැමගේ මීලඟ බලාපොරොත්තුව බව කියනු කුමටද?


දියවන්නා ලබ්බේ තොවිලේ අවසන්
බෙරේ පලුතිබේදැයි හොඳ හැටි බලපන්
කපුවන් සුදු ඇඳන් සාටකේ ඉනේ බැඳන්
හූනියන් කැපීද හන්සය බිල්ලට කුදලං ???


මගේ මේ මොහොතේ සිතට නැගෙන සතුට 19සඳහා වැඩකල කැප කල ප්‍රාර්තනා කල සැම සමග බෙදාගනිමි. අවදියෙන් නොසිටියහොත් ඒ සතුට ඉතාම තාවකාලික වෙන්නට ඉඩතිබෙන බවද දනිමි.




නේපාලයට නැවත බුදු කෙනෙකුන් අවශ්‍යය වී ඇත.

Image result for nepal animal sacrifices

නේපාලයේ දුකට පත් ජනයා ගැන දුක්වෙමි.

හසන්ත මහත්තය කියනව නේපාලය බෞද්ධ රටක්ලු.

වැරදියි!

බෞද්ධයො ඉන්නෙ 10%ක් පමණයි

80%ක් හින්දු කස්ටිය.

ජනවාරි 8දට කලින් තිබුනු විදියට ලංකාවත් නවතින්නේ නේපාලය වගේ තත්වෙක.

 නායකයො මිථ්යාදෘශ්ටිකයො

කක්ක කරන්නත් රාහු කාලය බලල තමයි වැසිකිලියට යනව කියන්නෙ?

ඒවායේ හොඳ පැත්තකුත් තියෙනව.

එහෙම නොවුනනම් 2016 වෙනකම් මිථ්යාදෘශ්ටිකයො ඉන්නව.

දවස පටන්ගන්නේම ස්තෝත්‍ර කියමින්,

දවස පුරාම පිරිත් මන්ත්‍ර මෙන් ජප කරමින් බෞද්ධ දර්ශනයත් මිථ‍යාදෘශ්ඨියක් වෙත ගෙනයමින් තිබුනේ.

දැන් ඔක්කොම ඉවරයි කියල හිතුවොත් අපිට වැරදිලා?

ජනවාරි 8න් යම් බ්‍රේක් පාරක් ගැහුව විතරයි.

 ඇස් කන් පියාගෙන දේශපාලකයින්ට කොන්ත්‍රාත් එක භාරදී සිටියොත්

හොල්මන් අවතාර නැවතත් නැගිටිනු ඇත.

Wednesday, April 22, 2015

සුදු කොඩි සන්නිය

















(සුදු කොඩියක් අතැති 
සුදු ඇඳගත් විශාල මිනිසෙක්
වැනි වැනී ගීයක් ගයමින් කොඩියත් 
හිසින් ඉහලට දෙපසට වනමින් එයි
 මැණික් කටුවට යටින් පිරිත් නූල් අතරින්
 රන් පාටට යමක් දිලිසේ )

මං අලි හොඳ  චූටි බබා
මං වැරදි ගොඩක් කොලා //

කුපාඩියන්ගේ කුපාඩිකම් වහලා
වලත්තයන්ගේ වලත්ත කම් වහලා
හොරුන්ගේ හොරකම් වහලා

මං අලි හොඳ  චූටි බබා
 වැරදි ගොඩක් කොලා //

ආයි නං ඉතිං
වැරදි නං කොරන්නෑ ආයිබෝං
මයිත්‍රී ( සෙමින් තමාටම කියාගනී ඕකගෙ මෑණියන්ටත් ආදරෙයි මං ) 
හා..... මයිත්‍රීව
අනේ අර හරි සීදේවී මිනිහා 
හිච්චි මලයාත් නැති උනා 
ලඟදී පව් මට දුකේ බෑ
අඩි හතක් යටට දානවා එච්චරයි බං
යවල හිටං මේ සුදු කොඩිය ගහනවා ඕං

වැරදි ගොඩක් කොළා මං
මට සමාවෙයල්ල බං //

(සුදු කොඩිය පොරවක 
දැවටා ඇති බව පෙනෙන්නේ ලං වන විටය )

Monday, April 20, 2015

සාදුකින් පෙලනවුන් දැන් ඉතින් ලෙමන් පෆ් කන්න නැගිටියව්


උපවාසයක් ලු දියවන්නාවේ

අපොයි ගිය කලක් 
රටේ ජනයාගේ ඡන්දය දී පත්කල 
ජනයාගේ බදු මුදලින් නඩත්තු වන දේශයේ වගාඩම්බර දේවස්තානය

ලංකාවේ නීති හදන උත්තරීතරම තැන 
අරක්ගෙන සිටින බහිරවයින් කීපදෙනෙකු
ලෝකයා ඉදිරියේ රෙදි ගලවාගන්නායුරු බලව්
උඩ බලාගෙන කෙලගහගන්න අපූරුව බලව්
මෙයද
සොරුන්ව රකින 
ශ්‍රී ලාංකික අනන්‍යතාවය

 අවසන් පාර්ලිමේන්තු දින කීපය විය හැකි නිසා මෙහි සිටින බොහෝ දෙනාගේ;
දැන් හැකි තරම් කාලයක් සැතපීම හොඳයි.
රටට ජනතාවට සේවය කරන්නනේ ඉතින් මේ, 
අවසන් පිටපතද රඟ දක්වා අවසන් කර දස්ස පක්ෂභාවය පෙන්වනු මැනවි.

 පිරිසක් විසින් පාලිමේන්තුවත් වටකරලලු, බලමු ඊලඟ අදියර?

Friday, April 17, 2015

නිමල් මෙන්ඩිස් මලේ නීලගෙ විකාර ඉවසන්න බැරුවද? Perhaps Nimal Mendis had enough?



හිටපු ජනපති ලොක්ක කවුරුත් කීව පරිදි මේ සම්මතේකට හොල්ලන්න බැරි ලොක්කෙක් කියල ඔහු ගැන බලාපොරොත්තු තියාගෙන මුලු ජීවිතයම ගොඩනැගූ, සිහින මැවූ බොහෝ අයගේ හීන මාලිගා කඩා වැටී චකබ්ලාස් වී සිටින නරි සෙට් එක දැන් මෛත්‍රී වැටෙන කම් බලා සිටිති. තාවකාලික ආණ්ඩුව ව්‍යවස්තා සංශෝදන ආදී යහපාලන ආයතන හා යහ සංස්කෘතියක් ගොඩනැගීම ඇරඹීමට හදාගත් උපකරනයක් මිස දිගු කාලයක් දුවන්නට හැකිවන ලෙස දෘඪ පදනමක්,  දැඩි විනයක් හා ආර්ථික උපායමාර්ගයක් මත ගොඩනැගූ ආණ්ඩුවක් නොවේ.  ඒනිසා නොයෙකුත් අඩුපාඩු දුෂණ අක්‍රමිකතා චෝදනා මතුවෙන්නට ඉඩ ඇත.

ඒත් බොහෝ අය කියන ලෙස මේ කැඳ හැලිය අනෙකාගේ ඈශ්චර්‍යට වඩා මයිල දහසක් හොඳ දිශාවට ලංකාව ගෙන ගොස් ඇත.

මාස්ටර් "සර්ගෙන්" හා ඔහුගේ පවුලේ ගෝලබාල ඇම්බැට්ටයන්ගෙන් සිරිලංකාවට විවේකයක් ගෙනදුන්නේ බුද්ධිමත් ඡන්දදායකයා විසිනි. එවන් සර් කෙනෙකුට පුද්ගලික හේතු නිසා  නැවත රටබාරදීමට හොඳින් හෝ නරකින් බලයගන්න යයි විලිලැජ්ජ නැතිව කියනා කලාකාරිනියක ගොඩනැගීමට දායකවූ පව දරාගන්න බැරුවද නිමල් මෙන්ඩිස් හදිසියෙන් අපෙන් සමුගත්තේ.?

අපට ජීවිත කාලයක් රසවිඳින්නට නිර්මාණ කීපයක්ම දායද කල මාස්ටර් සර්, නිමල් මෙන්ඩිස්, ඔබට ස්තූතියි, සුභ ගමන්!

ඔබ සතුටින් ඔබේ ගමන යන්න. ඔබ වැනි කලාකරුවන් විසින් පෙන්වූ මග ගමන් කල පිරිස් අවදියෙනි. යක්ෂයා වෙත අප මව්බිම ගෙන යන්නට ටිකක් අමාරුවෙයි!

බහිරවයින්, මලප්‍රේත කුම්භාණ්ඩයින්, වැඩකරන අහිංසක ජනතාවගේ රීරි මාංස උරා බොමින් ජනයා මුලාකරන මිථ්‍යාදෘෂ්ටික සැට් එක කුපිත වීම සාමාන්‍ය දෙයකි.

Monday, April 13, 2015

රතන සූත්‍රය -රැවුල කැපූ මහින්ද වෙනුවට රැවුල කැපූ ඔසාමා ??

                                                                         

දැන් හූ කියන්න වෙලාතියෙන්නෙත් හෙමිහිට
නීතිය තදයි. ඒතරමට. හ්ම්..
සෙල්ලන් නෑ.

Image result for image of mithreepala sirisena


                                                           * *  *
ලංකාවට ඉතාම වාසනාවන්ත දොරටුවක් විවෘත කළ 2015 වේ,
සිංහල අවුරුදු ලබන්නත් ලඟයි.
හැමටම සුභ නව වසරක් වේවා ! යි
පතමින් උක්ත කාරණාවට එමු.

2015 වසර ලංකා ඉතිහාසයේ නොවූවිරූ වෙනසක් ඇතිකල වසරක්.
එහි ප්‍රතිපලයක් ලෙස ලඟදීම නිදහස් පාර්ලිමේන්තු ඡන්දයක් එනු ඇත.

                                                                 * * * *
අගමැති රනිල්වන ජාතික ආණ්ඩුවක කටුසටහනක් දැන් තිබේ. නුදුරු අනාගතයේදී  ඡන්දයෙන් පත්වන ආණ්ඩුවද මේ කටුසටහන පාදක කරගෙන තනන ආණ්ඩුවක අවශ්‍යතාවය මතුකර ඇත්තේ සතිපතා දිනපතා පන්සල් යන පරාජිතයින් නොකඩවා මාධ්‍යයන් මගින් පෙන්වා බිල්ලෙකු මතුකොට 19 සංශෝධන කඩාකප්පල් කොට ජනතාව විසින් දිනාගෙන ඇති නිදහස යටපත්කොට භිය-පදනම් වූ පාලනයක් නැවත ඇටවීමට දරණ නිහීන උත්සහයන්ය. ජනමාධ්‍යයවලින් පුදුමයකට වගේ රජයේ ජනමාධ්‍යය පවා  යහපාලන ප්‍රතිපත්තිවලට වඩා පැරදුනු මහින්දට ප්‍රචාරයන් දෙන බව ස්වාධීන නිරීක්ශකයෝ කියනව.

Image result for image champika ranawaka

පුදුමයකි.
මහින්දපාලනය බිඳ දැමීමට පෙරමුණගත් හෙළ උරුමය රනිල් ප්‍රමුඛ රජයට විරුද්ධව වැඩකරගෙන යනු පෙනේ. මේ කෙටි සටහන ඔවුන්ගේ ගමන ගැනයි.
Image result for image nalin de silva
ඡන්දයක් ලඟ එන විට
තමන්ගේ ඡන්ද කොහෙද තියෙන්නේ කියල නොදැන
පිස්සු කෙලින්න තරම් චම්පික හා රතනට පිස්සු නැත.

මහින්ද යන්නේ ඒ ඇත්තන්ට ගැලපෙන මාවතේ නොවෙයි
කියල දැනගෙන එයාට කකුල් මාට්ටුවක් දැමීම පමණමයි කලේ.

 මහින්ද ගිය විදියට ගියා නම්,
බදුල්ලෙන් ඌවෙන් හරීන්ල ආපු ගැම්මෙන් ආව නම්
 යූ එන් පිය ඉතාම බලවත්වී ඇවිත්
මහින්දගෙ නැට්ටෙ එල්ලිලා හිටපු දිව්‍යලෝකේ ගිය රොත්තට යන එන මං නැතිවෙනවා.
 ඒ නිසා තමයි රතන රැවුල කපපු මහින්ද කෙනෙක් හොය හොයා අභිනිශ්ක්‍රමණය කලේ.

දැන් නැවතත් ඔවුන් මහගෙදර පැත්තට හැරෙනව. ගොනා ඒ පැත්තට හැරෙනකොට ඒ පැත්තෙ න්‍යායාචාර්‍යවරුන් කුලප්පුවෙලා. 
Image result for image of rathana

මොකද්ද මේ ගේම් එක.

නලින් අර පැත්තෙන් එයාගෙ සායම අරිනව. රෙදිගලවනව. ඒ මොකද?

1. එන වර-2020 ජනපතිවරණයට මෛත්‍රී ඉදිරිපත්වෙන්නේ නැත.
   එයා 2020 ජනපතිවරනයට ඉදිරිපත්වනබව කනින් කොනින් කියවේ.

2. එයාට තිබෙන සුදුසුකම්, ජාතික ඇඳුම, උගත්කම, ගමේ පෙනුම, හොරකමට විරුද්ධය., පෞරුෂය....

3. වික්ටර් එයාවභෞතීස්ම කරනවා ජාතික චින්තනයේ අයිතිකරුවා කියල. පන්සල් යන කණ්ඩායම කියන පරිදි ඒ අයට තිබෙනවයි කියන ලස්ස පනස් අටට හෝ විස්සට 2020දී අයිතිකරුවෙකු ලෙස එයා පත්වෙයි කියන භය. පන්සල් යන කණ්ඩායමට නව න්‍යායාචාර්‍යවරයෙකුද අවශ්‍යවී ඇතිබව  ඇත්ත එළිවෙන පාලනයක් තුල, ඔවුන් ගෙන යන බංකොලොත් වැඩපිළිවෙල විසින් ඔප්පුකර ඇත.

 කෙසේවේවා පලමුව එන ඡන්දෙ ගොඩදාගන්න අවශ්‍යයවෙනව. මහිතන්නේ හෙළ උරුමය යන්නේ ඒ පාරේ ඉව අල්ලමින්. 2020 ජනපතිවරන පාරේ.

රතන සාදු රැක්මන් කොරන කෙනා රැවුල කපපු ඔසාමා කෙනෙක් වගේ කියලයි ඉතිහාසෙ දන්න අය කියන්නෙ?? අලුත් අවුරුද්ද කාල ඉමු ඔන්න ඔහෙ ඕන එකෙක් ආවම අපේ මොකෝ!
Image result for image sinhala avurudu

Friday, April 10, 2015

හොරු හිටං හොරුන්ට හූ කියති, පුදුමයි!







හොරුන්ට හොරු හූ කියති
හොරු හොරු හොරුන්ගෙ පන්සල්වලට යත්
හොරු හොරකම්වලට සමාවදේ යයි කියත්
ලෝකෙට හොඳ රටට හොඳ ජනයාට හොඳ යයි
ඕනම බූරුවෙකුටෙ පෙනෙන දෙයක් වෙනුවෙන්
හොරුන්ට කප්පම් දෙන්න වෙලා තිබෙන රටක්
පුදුමයි.!


පක්ශ ලේකම් යයි කියන කෙනෙකු
කියා තිබුනේ අපි  බැඳුම්කර සීමා වැඩිකිරීමේ
යෝජනාව පරාජය කලේ රවීගේ  කයිවාරුව නිසා බවය.
(රට ගැන සිතා නොවේ)
පුදුමයි.!


කරන්නට තිබෙන අකටයුතුකම් සියල්ලම කලත්
ඡන්දෙන් පැරදුනු දුෂ්ඨයෝ සිල් සුදු රෙදි පොරෝගෙන
බුදුන්ගේ සිවුර කිලුටු කල සමහරුන් සමග එක්වී
නටන නාඩගම්,
පුදුමයි.!


ඒ මදිවට මෛත්‍රීව පරදවන්න හැමදේම කල අය
මෛත්‍රීටත් අයිතිවාසිකම් කියනව,
පුදුමයි !

ඒකට සෙට්වෙච්ච කලාකාරයො ටිකකුත්,
පුදුමයි!

පසුගිය ආන්ඩුව පෙරලුනේ නැත්නම් බලන්න තිබුනා සෙල්ලම.

"සත්‍යාගාරය" නවතා ඇති බව ආරංචියි.
පුදුමයි.!



ඩීල් දාන,
හැම බලකේන්ද්‍රයකටම තමගේ හෙන්චයියන් රිංගවා
සියබලය
මුදල්බලය තහවුරු කරගැනීම සඳහා
මහ පරිමාණ බදුගෙවීම් පැහැර හැරීම් කරන
සිය මාධ්ය ආයතන සිය උවමනාවන් වෙනුවෙන් පාවිච්චිකරන ලොක්කන්ටත්
සුදු ඇඳුම් ඇඳ ඒ කොටස්වෙනුවෙන් දැන හෝ නොදැන පෙනී සිටින අයටත් ජයමගුල්.

ලෝකෙම ඉන්න දේශප්‍රේමීන් බලාගෙන ඉන්නෙ  මොකද වෙන්නෙ කියල.

Thursday, April 2, 2015

දැං හිටං මෙහෙම නං

Image result for image of signal posts

මෛත්‍රී ඔබ දැන් ඉවසුවා ඇති

රැජිනත්, චීනත්, ඉන්දියාවත්, ඇමරිකාවත් දැන් ශේප්

දැන් ඡන්දෙ දීපු 62ලස්සයක් ජනතාව ශේප්කරගන්න වේලාවයි.

දැන් හොරු හුරතල් නොකර

දැන් රට සවාරි නතර කොට

දැන් කරුණාකර වාඩිවෙනු මැනවි

දැන් පාර්ලිමේන්තුවේ

වැඩේ කරනවද නැද්ද දැන්

ජේ ආර් මහින්ද මේ අයව සිග්නල් කණු කලේ ඇයිද හිටං කියල අසනු මැනවි.

දැන් නොකෙරෙන වෙදකමට

කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකකුත්  ඕනලුද දැන්

ජේ ආරුයි එම් ආරුයි මේ අයව සිග්නල් කණු බවට පත් කලේ මොකද? ඒ කල දේ හරි යයි ඒ අය ඔප්පු

කොරන්නද යන්නේ දැන් ??

Wednesday, April 1, 2015

නෙලුම් යාය, මාතලන්, බස්සී හා සම්මාන ලාභීන්-Congratulations! ( late but not too late.) ස්තූතියි අජිත් ධර්මා

Image result for image of moonlit night

අද හඳ පායල
හොඳටම නොවුනත්
සෙවනැලි
කලුවර
ලස්සනේ බෑ,
හඳ දිහා බලාගෙන හිටිය.
වලාකුලු ඇවිදින් වහගන්නව
සුලඟට ඒවා ගහගෙන යනව බෝම හෙමින්
ආයි හොඳට එලියයි

පසන්,
සිරිලාල්,
මහගෙදර ලොකු අයිය(තිස්ස අබේසේකර ),
කරුණාසේන ජයලත්,
ජෝති,
මිල්ටන් ඩබල,
ක්ලැරන්ස්
ඇයි මැරෙනකම් බිව්වේ නැතිනම් මැරෙන්නම බිව්වේ ?
කැතාසිස් නැතිනම් භාව විසුද්ධිය පතා නිර්මාන කරන බොහෝ අයගේ ස්වභාවය.
තමුන් වෙනුවෙන් නොවෙයි අනුන් වෙනුවෙන් නිර්මාන කරන ඇත්තන්ගේ ජීවිතේ ලේසිනෑ.
මයිකල් ජැක්සන් තව කෙනෙක්.

..

ගස්ලබ්බාගෙ බ්ලොගෙට මං දාපු කොමෙන්ට් දෙකක් හා උගේ පිලිතුරු මෙහි දක්වමි.

  1. සතියෙ දවස?( ඕල් ටැයින් ගෙවන්නේ කවුද ඇමතිලට? )
    හිස් පුටු ? (කිව්වට කස්ටිය ඉඳල තියෙනව )
    තේරුව පදනම ? (කුමක් වුවත් ආරම්ඹය හොඳයි කියා සැනසෙමු )
    බ්ලොග් කාරයෝ ලොකු වෙනසක් කලා ? (ඒකයි අත් ඉඹින්නේ)
    ReplyDelete

    Replies




    1. මොට ආයුධයකින් ඔලුවට ගැහුවා වගේ...
  2. කවිය කියන යෙදුම සුමට වැඩි
    පිහිය වගේ බොක්කට අනින
    පද ගැට මොලේ අඹරන
    ලියන ඔබට ගහමි සැලුට් එක
    ReplyDelete

    Replies


    1. නිල් කට්‍රොල් වැලක වැට්කොල් මල්..
      (ලිව්වෙ ඔහේ නේද?)
      හිස නමමි... ප්‍රති සැලියුටයද ගසමි.