Followers

Tuesday, May 26, 2015

ඇස් නැති කන් නැති නාසා නැති බඹ ලොව ජීවීන් වගේ අපේ ජීවිතේ මල්ලී!! A Bloody Hell on Earth

Meethotamulla garbage dump: tense situation in Kolonnawa

http://srilankans.com.au/sri-lankan-news/ada-derana-news/anger-over-kolonnawa-garbage-dump?page=33


මෛත්‍රී - රනිල් මැතිඳුනි

කොළඹට ගලක් ගහන් දුරකිනි
මේ මහ විනාශය සිදුවී ඇත්තේ
අහස පොලොව නුහුලන අපරාධයකි
සිදුව ඇත්තේ

වී ඇති පරිසර විනාශය
වදන් මදිය විස්තර කරන්නට
හුස්මක් ගන්නට බෑ මිනිකුණු ගඳයි
ලෙඩ රෝග බෝවෙලා පවුල් නැතිවෙලා
ලින් වතුර බොන්නට බෑ විශ වෙලා
පාසල් වසලා ගන්දස්කාරේ ඉවසන්නට බෑ
පන ඇති මිනිහෙකුට ඉන්නට බෑ පලාතකවත්
මිහිපිට නිරයකිය

පසුගිය රජයේ ප්‍රතිපත්තියමද
ඔබලාගේ ප්‍රතිපත්තියත් ?


කවුරු හෝ බොරදියේ මාලු බානා හැඩයි
නැතිනම් සාධාරණ විරෝධතාකරුවන්ට 
තුවාල කරන්නේ 
දඬුවම් කරන්නේ කවුද?

නොපමාව පියවරක් නොගත හොත්
අබ සරණයි කාට කාටත්

-----------------

Meethotamulla garbage dump:Kolonnawa UC files action against CMC

Kolonnawa Urban Council Chairman, D.P. Ravindra Udayashantha and Councillor Saliya Wickremesinghe filed a complaint against Colombo Municipal Council Mayor A.J.M. Muzammil with the Human Rights Commission with regard to the Meethotamulla garbage dumps that worsen by the day due to the CMC dumping more than 1,500 tonnes of garbage daily.

Saturday, May 23, 2015

xක යනු කුණුහරුපයකි Desperation




වාසු පාර්ලිමේන්තුවේදී රනිල් අගමැතිට
කුණුහරුපයෙන් බැන වැදීම දැක්වෙන වත් පොතේ සැරිසරණ
වීඩියෝව බැලීමෙන් පසු මෙසේ ලිවීමට සිත්විය.
මා වාසුවාදියෙක් නොවේ.
මේ සම්බන්ධව දැන් දන්ගෙඩියට දක්කා තිබෙන්නේ වාසුය
දැන් වැරදි මිනිහා වී තිබෙන්නේ වාසුය.
වාසුට කතා නායකගෙන් ලැබුන point of order එක අනුව,
නැගී සිට රීති ප්‍රශ්නයක් මතුකිරීමට යද්දී තමයි මේ බහින් බස්වීම සිදුව ඇත්තේ,
ඒ අතරතුරදී රනිල් කියනවා ඇසුනා.
'ඔයාගේ ඔය රැවුල කපාගෙන එන්න එතකොට මොලේ පෑදේවි' කියල.
ඒ කතාවත් හොඳ නෑනේ!
ඉහ නිකට දිහා බලල එපායෑ, අපේ අගමැති තුමා කතාකරන්න?
වාසු ඉතාම සර්දාවෙන් ආර්ක්ෂාකළ කස්ත්‍රෝ වර්ගයේ රැවුලට අවමන් කිරීමට අපේ විරෝදය පල කරන අතර xක යන්න කුණුහරුපයක් නොවෙන බව වෙනත් බ්ලොග් කරුවෙක් ප්‍රකාශ කර තිබුනා. එහි සාහිථ්‍යමය අර්ථය ලෙස පලතුරු ගෙඩිය/පලය බව ද පුරුශ ලිංගික පදය ගෙඩියා ලෙසද ස්ත්‍රී ලිංගික පදය මොකද්දැයි නොදන්නා බවද කියන්නට යෙදුනා.
සාමාන්‍ය ව්‍යවහාරය අනුව එය ගෙඩිය බව කියනු කැමැත්තෙමි.
යාල්පානම්වල දැරියක් කාලකන්නි පිරිසක් විසින් ගෙඩියක් ලෙස දැකීම නිසා එය අනවසරයෙන් නෙලා තලා පෙලා කෙලෙසා මරාදමා ඇත. මෙයත් අවුරුදු 30ක යුද්දයේ නොවිසඳනු පැත්තකි. යුද්දය ඇති උනේත් අපි කාලයක් අනෙක් අය-විරුද්ධ පාක්ශිකයින් වෙනත් ජාතිකයින්  xයන් ලෙස දැකීමේ පුරුද්ද හා සංස්කෘතිය හේතුවෙන්ද?

වාසුම දෙසූ ජන අරගල මාරුතය විසින් ඔහුව පොදු ජනයා අතරින් ඈතට විසිකර දමා ඇත. ලොකු ගස්වල අතු ඉති ජරබාරස් හඬ නගමින් ඇදහැලෙනු ඇසේ. යු එන් පී විරෝධී මන්ත්‍රය ජපකිරීමෙන් එතරම් ගුණයක් ලැබෙන පාටක් නැත.
අද දවසේ අප ඉදිරියේ ඇති කාර්යභාරය යූඑන් පී විරෝදයට ලඝුකිරීමට ජනයා සූදානම් නැත.
පාර්ලිමේන්තු වරප්‍රසාද උදෙසා පෙන්වන දේශපාලන නන්නත්තාර බවින් මිඳීමට තවමත් පමානැත.

අනිත් පැත්තට ගත්තාම
ගෙඩිය යන වචනය කුනුහරුපයක් කිරීම සම්බන්දයෙන් වාසුට අපේ බලවත් විරෝධය.

-----
පලි
ඔහුට නැති එකක් තිබෙන බව හැඟෙන වාසුගේ ප්‍රකාශය ගැන ඔහු සතුටු විය යුතු බව එක් පාර්ශවයක් කියන අතර නැති එකක් තිබෙන හැඟෙන ප්‍රකාශ කිරීම ගැන ඔවුන්ගේ බලවත් විරෝධය ප්‍රකාශ කරන බව තව පාර්ශවයක් කියනු වත්පොතේ දැක තිබේ.

Wednesday, May 13, 2015

දලෙයි ලාමාට වැඩියෙ මහයාන කස්ටිය

අපි ජාතියක් හා
බුද්ධාගම්කාරයන් ලෙස
ඇත්තටම නිදහස් වන්නේ කවදාද?
මහිතන්නේ යම් තරමකට හෝ
දලෙයි ලාමාට ආරාධනය කොට
එතුමාගේ දේශනයකට සවන්දීමෙන් පසුවය කියල

ඇයි මෙතුමා මෙතරම් බිල්ලෙක් වී ඇත්තේ?

ඇයි එතුමාට ආරාධනය කරන්නට භය?

එතුමාගේ 'ලොකු ඔලුව',
මහායාන බුද්ධාගම නිසාම නොව

චීනයේ බලපෑමය?

මහිතන්නේ ඔහු රජකෙනෙක් සේ හැදී වැඩුනත්
ඔහුගේ නිදහස් චින්තනය නිසාය

ඔව් පුලුවන්නම් දීල බලමු

දහසක් ජනයාට පලතුරු මිලදීගන්න,
පරිභෝජනය දරාගන්න බැරි රටේ
පලතුරුවලින් පාරවල් මෙන්ම චෛත්‍යත් වහන රටේ
දලෙයි ලාමා තුමාගේ නිදහස් චින්තනයට
පුලුවන් නම් ඉඩදීලබලමු

දලෙයි ලාමාට වඩා
සිල්ක් සිවුරු අඳින කස්ටිය
හොරුන්ට පිරිත් නූල් බඳින කස්ටිය
මහයානය
කියලයි මට නම් හිතෙන්නේ

බැරිවෙලාවත් දෙමල ජනයාට අසාධාරණයක් කලා යයි කීවොත්
71 තරුණයන් මරා දැමූ බව කීවොත්
77 ගෙවල් ගිනිතැබූ බව කීවොත්
83 දෙමලුන් මැරූ බව කීවොත්
88-89 සිංහල තරුණයන් මරා දැමූ බව කීවොත්
දැන් ඉන්න බොහෝ කහ චීවරධාරීන් බුදුන්ව විකුණාගෙන කන බව කීවොත්
යන භය මිස
වෙන කිසිවක් ද?

Saturday, May 2, 2015

බණ ටෝකින්

පින්වතුනි


වෙසක් හඳත් ඈතින් මුදුන් වේගෙන එනව
වෙසඟේ සිසිල අප ගතටත් හිතටත් දැනෙනව
ඒත් එක්වරම හිතයන්නේ කරදරයට පත්ව ඇති බුදුන් ඉපදුන දේශය වෙත
බුදුන් බිහිකල දේශයේ අද 6800ක මලමිනි ගොඩගහල
අවාසනාවන්ත තත්වයක්.
2004 දෙසැ 26දා ඔබට මතක ඇති සුනාමි ඛේදවාචකය අවුරුදු 30ක යුද්ධයෙන් නැතිවූවාට වඩා ජීවිත සංඛ්‍යාවාක් එක් මොහොතකින් අහිමි උනා
ජීවිතයේ අනියත බව
අප ස්වභාව ධර්මයාගේ සුවච කීකරු යටත් වැසියන් බව
අද රජගෙදර සිටින්නා හෙට මහ මගට ඇද වැටෙන බව
මොනවට කියාපාන්නේද?

මේ ලෝකධර්මයන් ගැන
අටලෝධර්මයන් ගැන ජීවිතයේ අස්තිරබව ජීවිතයේ තේරුම ගැන මනුස්ස ජීවිතයේ වටිනාකම ගැන අපට කියාදුන් බුදුන්ගේ ධර්මය අප කෙසේ ඉගෙනගනිමුද?

දියුණු වූ ලෝකයත් විද්‍යාත්මක දැනුමත් සමග ඉදිරියට නොගිය ලංකාවේ සමාජයේ කොටසක්වන පන්සල හා එහි භාරකරුවන් දෙස බලාවත්

දැන් කාලේ පන්සල්වල කෙරෙන කටයුතු
කහ චීවරධාරීන්ගේ කතාබහ කටයුතු
දිහා බලාවත්කෙනෙකුට බුද්ධ ධර්මය ගැන පැහැදීමක්
ඇතිකරගන්නට පුලුවන්වේවිද
හික්මුනු කෙනෙකු කතාබහ කරන අඟ පසඟ පිහිටුවගන්නා ආකාරය මේ යයි පසක් කර ගත හැකිද
නිවුනු සරල ජීවිතය මෙය යයි අදහසක් ඇතිකර ගත හැකිද

ඇත්තටම කොහෙද මේ ධර්මය පවතින්නේ
බුද්ධ ධර්මය තිබෙන්නේ පොත්වලද?

මේ උදාහරණය බලමු!

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පිහිටුවා ඇති ලංකාවේ පාර්ලිමේන්තුව දෙසබලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන පැහැදීමක් ඇතිකර ගත හැකිද ?

ජනවාරි 8 සිදුවු වෙනස ඇතිඋනේ පාර්ලිමේන්තුවට පිටිනි.
මන්ද පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් එදිනෙදා ප්‍රශ්නවල සිරවී සිටින බැවිනි.
වැල යන අතට ගහ උලුවස්සා ක්‍රමයට කටයුතු කරනු විනා අන් මඟක් ඔවුනට නොපෙනේ. එය අභාග්‍යයකි. කෙසේ වෙතත් පුරවැසියන් විසින් ඔවුනට දෙවැනි අවස්ථාවක් ලබාදී තිබේ.

පන්සල ගැනත් එසේ සිතීම වරදක්ද?
ගමේ විහාරයක වසන භික්ෂුවකගේ දිනචරියාව ගතහොත්..
පාරිභෝගිකයාට අවශය කාරණාකාරණාවලට දවස ඉඩ මදිය
මල ගෙවල්, මගුල්, පිරිත්, බණ, බුද්ධ පූජ, පිරිත්නූල් බැඳීම, අංගුලිමාල පිරිත්.....

බණ ටෝකින් එක අදට නිමය