Followers

Tuesday, October 20, 2015

හොඳට නරකට දෙකටම සරමය, සරදමය! The Dialectic of the "Sarong"(Dialectics of common man's dress)

පොලෝසියක අත් අඩංගුවට පත් කෙනෙකු
ගෙල වැල ලා මියගොසිනි සිය සරමේ එල්ලි


අත් අඩංගුවේ සිටි යු එන් පිය
ගොඩ ආවේ සුදු සරමේ එල්ලී

රජ කමට සුදුසු සුදු සරම
පොලෝසියේ මැරෙන්නට සුදුසු කිලිටි සරම


ඔහු අත් අඩංගුවට පත් කළේ පොලෝසියය
පසු දින ඔහු මරණයට පත් කළේ සිය සරමය

අසරණයා අත් අඩංගුවට පත් කළේ අසරණ සරමය
යූ එන් පිය ගොඩ දැමූ සරම අසරණ සරණය

අසරණ අපට තිසරණ සරණය 

Dead body hanging 
on his own sarong was wearing 
 yesterday the man was taken to police custody 
suspected for no proof of identity

A man wearing the white sarong sitting in the highest chair
who rescued UNP from the custody
A man wearing dirty sarong has to prove his identity in his own country
justice?
The down trodden has no other protection than Triple Gems and God
if this still continues!

Saturday, October 10, 2015

මෙගා පොලී කමින්ග් ජනතා පොකට් අපි ගොයින් Megapolis, Mega Poli(interest payments) and Politricks



මින් අවුරුදු බර ගණනකට  පෙර 154 කිරිබත්ගොඩ- රත්මලාන බස් එකේ සින්දු කිවූ පෝලියෝ වැලඳුනු යාචකයෙක් මසිහියට නැගුනේ පසුගිය ජපන් ගිය රනිල් අගමැතිඳු කිවූ බණ ගැන පලවූ වාර්තා කියවීමෙනි. මේ තරුන යාචක තෙමේ එක දාස් නවසිය අනූ ගනන්වල හිරේද ලැග්ගේය. හේතුව මෙතැනට අනවශ්‍යය. මිත්‍රයෙකුගේ මාර්ගයෙන් අසන්නට ලැබුනු පරිදි මේ තරුණ යාචක තෙමේගේ දෛනික ආදායම ඒ දිනවල රුපියල් 800ක් පමණ වූවාලු. (මගේ මාසික පඩිය එකල 12000කි. පුද්ගලික සමාගමක විධායක මට්ටමේ රැකියාවකි.) මේ යාචක තෙමේ සියලුම ආදයම රාත්‍රී යාමේ බොරැල්ලේ රේස් බයි රේස් එකට පුදන්නේය. පසුවදා නැවතත් සින්දු කියමින් යාචක වෘත්තියට බසී. මොහු ගයන්නේ ජනප්‍රිය ගීතය. ප්‍රියා සුරියසේන මිල්ටන් මල්ලවාරච්චි ජෝතිපාලගේ ගීත ඉතාම ලයාන්විතව ගයන්නේ කබල් රබානකට තට්ටු කරමිනි. අසරණ පෙනුම හා පෝලියෝ රෝගයේ ලක්ෂන නිසාත් ගයන ගීතවල ඇති කන්කලු ගතිය නිසාත් කීයක් හෝ නොදෙන කෙනෙක් නැත.

ඔවුන් යම් ආයතනයකින් වෘත්තිය ලෙස පුහුණුකර ඇතිවාක් මෙනි. අපේ හදවතේ කරුණා රසය සැඟවී තිබෙන තැනටම ලජ්ජාව සැඟවී ඇති තැනටම නිවැරදි ලෙස තට්ටු කරයි.
එවැනි යාචක යාචිකාවන්ගෙන් නිතරම ඇසෙන කවියක් දෙකක තේරුම මතකය. ඔබටත් එසේම විය යුතුය.
මේ සැපට හදන කුණු කය කවදා හෝ දිරා යනව
ඉතිරිවන්නේ දුන් දේ පමනයි
ගුන දහම් දන්නෝ බෙදාගෙන තමයි කන්නේ
ඒ නිසා තියෙනව නම් මාරු කාසි කීපයක් දීල යන්න

මේකෙන් තමයි අසනීප වී ඇති තාත්තගෙ බඩගිනි නිවෙන්නේ
ඉස්කෝලෙ යන නංගිලට පොත් පත් අරන් දෙන්නේ මේ හමබවෙන සතයෙන්

 *   *   *

ඇත්තටම මට රනිල්ල ගැන නොවෙයි
අපේ මව් රට ගැන දුක හිතුන.
1950 ගනන්වල හැට ගනන්වල
ඩී එස් නැත්නම් පසුව ජේ ආර්ල විසින්
බුදු දහමේ පාටයක් කියා හිඟමන්
ඉල්ලු ලෙසම ඔවුන්ගේ බෑනණුවන් විසින්
ඉන් දශක පහකට හයකට පසුවද ආධාර ඉල්ලා යදිනු ඇසේ

*  * *
මේ මුදල්වලින් රේස් බයි රේස් සූදු නොකෙලී යයි කියන්නට පුලුවන්ද?
කෙනෙකු චීන යුවාන් වලින් මත්තල එයාපෝට් හැදුවේය.
මෙගා පොලී ගෙවන්නේ ඔහු නොවේ.

නහී වෙරේන් වේරානී
ජපන් යෙන් සරණං මෙගා පොලිසි-යෙන්
මෙගා පොලී කමින්ග් ජනතා පොකට් අපි ගොයින්
20% ඉවසීමෙන් සැනසීමෙන්

Sunday, October 4, 2015

ඕන පාටකින් සල්ලි ඕනෑ කර තිබේ! Cash Wanted in Any Color!

පේන විදියට
ජිනීවා යන්නේ ලොක්කන්ව එල්ලුම් ගහෙන් බේරන්නටය
සේයාගේ කේස් එක පාර්ලිමේන්තුවට භාර දෙන්නේ වනචාරීන් එල්ලුම් ගස් යවන්නටය
මාර ප්‍රතිපත්තියකි

හොරුන්ට දූෂකයන්ට නොමිනේසොන් දුන්හ
ජනයාට උන්ගෙන් කවුරු හෝ තෝරනවා මිස අන් දෙයක් නැති විය
වැරැද්ද ඡන්දය දුන් ජනතාවට පවරන ලදි
මාර ප්‍රතිපත්තියකි

එල්ලුම් ගසේ රාජකාරිය සමහර ජඩ මාධ්‍යය විසින් භාරගෙන ඇත
නඩු නොඅසාම සැකරුවන්ව එල්ලුම් ගස් යවනු ලැබේ
එල්ලුම් ගසේ රාජකාරිය පොලෝසියත් භාරගෙන තිබේ
සැකකරුවන්ව උසාවියට ගෙන යාමට පෙර නොමරා මරනු ලැබේ
එක මිනියක් වෙනුවෙන් නඩු නොඅසාම මිනි කීපයක් මරා අවසන්ය
සමහර අපරාධ සෙවීමට ඡන්දයට පෙර තිබු හදිසිය දැන් නැත
මාර ප්‍රතිපත්තියකි

අරයාගේ අය ආණ්ඩුබලය පාවිච්චි කිරීම පවුල් වාදයයි
මෙයාගේ දරුවන් ආණ්ඩු බලය පාවිච්චි කිරීම පවුල් වාදය නොවේ
මාර ප්‍රතිපත්තියකි

සල්ලි ඕන උනාම කලු සල්ලිත් සුදු වෙනවාය
රවීට දැන් ඕන පාටකින් සල්ලි ඕනෑ කර තිබේ
අල්ලනු බැරි බිලියන් ගෙන්වා ගන්වා විදික්‍රමය හරිම අපූරුය
මාර ප්‍රතිපත්තියකි

ඔනෑම පාටකින් මංත්‍රීවරුන්ද ඕනෑකර තිබේ
මෙය නම් ටිකක් පැරණි දැන්වීමකි