Followers

Saturday, December 31, 2016

චීන්නු ලස්ස ගානක් ලංකාවට එනව නම් අපොයි...

චීන්නු ලස්ස ගානක් ලංකාවට එනව කියල ආරංචියි.
එනව කියන්නේ ඒගොල්ලන්ගේ කර්මාන්තශාලා එක්ක.
එහෙම නැතුවත් බෑ
අපේ වැඩ කරන්න පුලුවන් අය ඉන්නේ ත්‍රී වීල් අස්සෙනේ.....

අනෙක අපේ අය කොහොමත් දස්ස සේවා සපයන්න තමයි.
ඕන බඩකඩුත්තුවක් සප්ලයි කරයි.
ඒ ඇත්තො අවංකවම ත්‍රී වීල් අස්සෙ ඉඳගෙන ඕනම දෙයක්
ඉල්ලන ඕනම දෙයක්
සප්ලයි කරයි...

මට නිකමට හිතුනේ කැරපොත්තෙක්වත් ඉතිරිවෙයිද දන්නේ නෑ කියල.
ඇයි ඕකුන් නොකන දෙයක් නෑනේ.

අනේ අපේ කැලෑවල ඉන්න අහින්සක සත්තු ටික.
අනෙක හම්බන්තොටට යාල ළඟයිනේ..

හැබැයි ඒකෙන් හොඳම හොඳ දෙයක් වෙයි,
ගම්මිරිස් වේලන්න වී ගබඩා කරන්න වෙන්නේ නෑ.
මත්තල කරදරයක් නැතුව දුවාගන්න පුලුවන් වෙයි!!
සර්ප විෂ රොහල් අංශ වහන්න වෙනවා.

නැද්ද ආයිබෝන්!

Friday, December 30, 2016

ගහපු පොල් ඔක්කොම කැරකිල දඩෝරියන්... අපේ ඔලුව උඩමනේ..


ආයි නම් පොල් ගහනව කියා හිතන එකක්වත් නෑ. ගහපු පොල් ඔක්කොම කැරකිල දඩෝරියන්... අපේ ඔලුව උඩමනේ... ඒකා බද්ධ විපස්සේ ගන්නම දෙයක් නෑ. No address . පන්සලක් නෑරම ගියා. අභයාරමේ පදිංචිවෙලා හිටිය. ඉන්න තැනක් නෑ කිය කිය කෑ ගගහ හිටිය. බස්වලින් මිනිස්සු ඇදලා ඇදලා ගිරිය පුප්ප පුප්පා කෑ ගහල පාගමන් ගිහිල්ල..දැන් කියනව ආණ්ඩුව 2017 පෙරලනෝ, හැබැයි මං ලොක්ක යටතේ වැඩකරනෝ...

අනෙක් පැත්තෙන් ගහපු පොල් කැරකිලා විමලෙටත් වැදුන වගේ. ආණ්ඩුවේ සවුදම යන්න, රීබට් වෙන්න, රෙදි ගලවෙන්න පට්ට ටෝක්ස් දෙන විමලෙට වෙච්ච වැඩේ! බැලුවොත් මෑන්ස්  FCID එකේ පැය හතයි පැය හතයි. මේ ව්‍යාග්‍රා කේස් එක නැතුව. ඒකට යන්න වෙන්නේ වෙන තැනකටනේ හිටං..
සිරිසේනයෝ කෝ මේ සිරිසේන පල ගෙදර... කිව්ව හාදයනේ මේ.. ඈ බං ඉහ නිකට බලලවත්ද එහෙම කථා කොලේ හෑ..තේරෙන්නෙ නැද්ද දැන්වත් කඩේ ගියා නේද? කඩේ ගියා නේද.හිටං.?

පරණ අවුරුද්දෙ ඒවා වැඩක් නෑ දැන්.

කෙසේ වෙතත් සිරිසේන ජනපති තුමා කෙලින් ඉන්නවා.
අපේ ජනපති තුමා හොරෙක් නොවෙයි. ගෙවුනු දැවුරුද්දෙන් පෙරල ගත්තම අද ඉතිරිවෙලා තිබෙන හොඳම එකම එක..
ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් රටේ පෑදිලා තියෙනවා. හැම කෙනෙකුගෙම  විරෝධය පාන්න ඉඩ ලැබෙන හඬට කන්දෙන තත්වයක් ඇති වී තිබෙනවා. එය යහපාලනේට කඩේ ගිය අපට සැනසිල්ලක්. අවුරුදු දෙක තුල ප්‍රගතිශීලි ජනතාව ලද ජයග්‍රහණයක් ඒක.

2017 වසර සංවර්ධනයට පා තබන අවුරුද්ද. නව ව්‍යවස්තාවක් එන අවුරුද්ද. මොන ප්‍රශ්න තිබුනත් මැති ඇමතිවරුන්ට වාහන දුන්න. දීමනා වැඩිකරල දුන්න. ඔව් බලමු අගමැතිතුමාගේ සිහිනය මල් පල ගැනෙන හැටි. අපි හැමෝගෙන හීනය, ලංකාව සාමකාමී සමුර්ධිමත් රාජ්‍යයක් වන බව දැකීමට.

Thursday, December 29, 2016

ලංකාවේ යහපාලන ඡන්දය ගැන කාටත් ඉස්සෙල්ල දැනගන්නේ තාජුඩීන්

දිනමින, ඩේලි නිව්ස් පත්තරවල

තාජුඩීන් ගැන නැවතත්

ලියවෙන්න පටන් අරගෙන.

දේශප්‍රේමී ඡන්ද ටික ජේ වී පියට යයි කියන බයට විජේදාසල වැඩ පටන් අරගෙන,

රතනල, චම්පිකල හැන්ගි හැන්ගි වෙස් මුහුණු බඳිනවලු.

(කොහොම බැන්දත් නටන්න වෙන්නේ එළියෙනේ...)

රවිරාජ් නඩුවෙ සැකරුවෝ ඔක්කොම නිදහස්

එක්නැලිගොඩ කේස් එකත් එහෙමම වෙයි?

ඒ විතරක් නොවෙයි, විජේදාසට එළියට යන්න වෙයි වගේ.

.යන්න ඉස්සෙල්ල හමුදාවල කස්ටිය ශේප්කරගෙනම යන්න වගේ..

ඒ කියන්නේ ලඟදී ඡන්දයක් එන හැඩයි,

Wednesday, December 28, 2016

ලංකාවේ නුදුරේම ඡන්දයක්?

ලංකාවේ නුදුරේම ඡන්දයක් එන බව කාටත් ප්‍රථම දැනගන්නේ කවුද?

Monday, October 24, 2016

මෛත්‍රීගේ වැවෙන උඩු රැවුල කපනු! Metamorphosis of Mithree continues- Can we stop?



පරණ ආන්ඩුව මුල්ලේරියාව හන්දියේදී හැරුණු බව අපි දුටුවා.
ඊයේ පෙරේදා සිදු කළ,
මෛත්‍රීගේ අභද්‍ර ප්‍රකාශයෙන්
මේ ආණ්ඩුව පදනම් ආයතනයේදී හැරුණු බවද කියන්නේ?
ආණ්ඩුවේ පදනමටම ගැහැව්වා කියලද කියන්නේ?

පරණ ආණ්ඩුව ආරස්සා කොරන මාෆියාවක්, මාධ්ය මාෆියාවක්
ගත් මාර්ගයේ ප්‍රතිපල ලැබෙමින් පවතී.

ඉංග්‍රීසි බැරි සල්ලි කාර
සරොම් කාර මුදලාලිගේ
මාර්ගයද මෛත්‍රී තෝරන් තියෙන්නේ?
සල්ලිය බලය පවුල් ජාල රකින මාර්ගය??

ආණ්ඩුව ආ කාලයේ තිබුනු සාහිත්‍ය සම්මන්ත්‍රණ,
කවි සංවාද,
සිංහල බ්ලොග් කාරයින්
ලොකු කොරන තැන් වැඩියේ පෙනෙන්නට නැත

 වාලම්පූරිය ඝණ දෙවි පූජා ආදියට
විසාල ප්‍රචාරයක් තැනක් ලැබෙමින් පවතී.

සජිත් ප්‍රේමදාස ප්‍රාදේශීය නායකයෙකුට වඩා  ඉහල තනතුරු වලට නොසුදුසු කෙනෙකු යයි ඔප්පු කරමින් ඇත.

නිවී යමින් තිබුනද අලු යට සැඟ වී ඇති ගිනි පුපුරු වලට පිඹින යාපන සරසවියේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම අනුමත කල හැක්කේ සිහිසුන් අයට පමණි. අල්ලස් කොමිසමේ දිල්රුක්ෂිට හා එෆ් සී අයි ඩියට ජනපතිගේ දොස් කීම හා මෙය සමගාමීව සිදුව තිබේ.

රට කැලඹූ මහ අපරාධ වංචා වලට සම්බන්ධ උන්ව රකින තැනකට ප්‍රසිද්ධියේ බලවතුන් යොමු වෙමින් ඇත. බලය සඳහා ලොකු උන් කඳ වුරු වලට වෙන් වන විට බයිට් එකට ගන්නේ පොඩි එවුන්ය.

ඡන්ද දිනන සිරි ලංකා කාරයෙක් නම් ඔවුන්ව වට පිටේ ආරක්ශ හිතවත් වලල්ලේ තබාගෙන ඉහලින් ක්‍රමය වෙනස් කිරීමට එනම් 19 වන සංශෝධනය ආදී හා නව ව්‍යවස්තාව ගෙන ඒමයි මෛත්‍රීගේ වැඩ පිළිවෙල! කටයුතු සිදුවන හැටියට 19 ට වූ හැටියට නව ව්‍යවස්ථාව වෙයිද?? එසේ වෙනවා යයි තද විශ්වාසයක් මා තුලද තිබේ. නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මෛත්‍රී උපායමාර්ගිකව යම් යම් පියවර ගන්නවා යයි සිතමු. අල්ලස් කොමිසම හා එෆ් සී අයිඩියට පහර ගැසීම හා ප්‍රභුන් අත් අඩංගුවට ගැනීමට තමාගෙන් අවසර ගන්නට ඕනා යයි පැවසීම උපාය මාර්ගයේ කොතනට ෆිට් වෙනවාද-ගැලපෙනවාද  යන්න නම් විසාල ප්‍රස්නයකි.

ජනතා බලවේග සිහි එලවාගෙන කටයුතු නොකලොත් පදනම් ආයතනයෙන් ඇරඹුනු මේ නව යුගයේ සරසවි සිසුන් වෙනත් වාමංශික ක්‍රියාකාරීන් ආණ්ඩුවේ දොස් දකින උන්, උන්ගේ කුණු ගොඩවල් වලට, දූෂණයට මර්දනයට පමණක් නොව ජාතිවාදයට විරුද්ධ උන් පවා මිය යන්නට නියමිතය. පොලොවෙන් අඩි හයක් යටට යන්නට පෙර මෛත්‍රී සිය සූට් කේස් එක රැගෙන පොලොන්නරු යනු වෙනුවට එංගලන්තයේ පදිංචියට යන්නට වේදැයි කෙනෙකු තුල සැකයක් මතුවේ.

ජනතා විරෝධය නිසා අවුරුදු දහස් ගනනක් පැරණි සිරිතක් වූ නේපාලයේ මහ ඝව ඝාතනය නවතා දමා තිබේ.
ඇමරිකාවේ බලයට පත්වෙන්නට වලි කන ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්න උන් දිහා බලන කල ලෝකයට නායකත්වය දෙන්නට වෙනත් බලවතුන් අවශ්‍ය බව පෙනේ.

Wednesday, October 5, 2016

අත් හරින්න පින් වතුනි- අත් හරින්න- අපි අල්ලගන්නම්

ගිහියනට දම් දෙසනව
අත් හරින්න
පින් වතුනි
අත්හරින්න..
ඉතිං දහම් අහල
ඒව පිළිපැදල
ගිහියො අත් හරිනව.

ඉන්පසුව ඒ අත්හරින දේ වෙන කට්ටියක් බදා ගන්නව.
අත්හරින හැමදේම බදාගන්න එකද දැන් කාලේ අභි දර්මේ.
නරියා සහ කේජු කථාවට සමානයි නේ??

--------------------------------------
සත්‍යෝදය-මහාචාර්‍ය වල්පොල  රාහුල - පිටුව 37

කියවන්නා- (ප්‍රශ්නය)තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම සම්පූර්ණ පිරිසිදු අදහසක් නොවන බවත් ප්‍රාර්ථනා කිරීම, අන්තිම වශයෙන් ඉවන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නොවන බවත් ඔබ කියන්නෙහිය. මෙය මට තේරුම් ගත නොහැක. කරුණාකර ඔබගේ අදහස පහදා දෙන්නෙහිද?

රාහුල- ඔව්, මම එය තෝරා දෙන්නට වෑයම් කරමි. නමුත් එය වච්නයක් දෙකකින් කළ හැක්කක් නොවේ. සත්‍යය සෙවීමේ අභිලාෂයෙන්, කිසිත් බැඳීමක් නැතිව, නිදහස්ව සාකච්ඡා කිරීමෙන් පසු ණුවනින් සිතා බැලීමෙන් වැටහෙනවා ඇත. පොතපතින් හෝ ගුරු මුඛයෙන් උගත්දේ පමණක් සත්‍යයයයි සිතා ගෙන කලින්ම සත්‍යයට සීමාවක් තබා ගත් පුද්ගලයෙකුට කවදාවත් සත්‍යය අවබෝධ කළ නොහැක. එනිසා කිසිවකටත් වාල් නොවී නිදහස්ව සිතන්නට පුරුදු විය යුතුය.
තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම පිරිසිදු අදහසක් නොවන බවත්, ප්‍රාර්තනා කිරීම අන්තිම වශයෙන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නොවන බවත් තෝරා දෙන්නම්....

Monday, September 26, 2016

ටොයියන් ලවාම ටොයින්ට බැස්ටිය දීමද අලුත්ම ගේම් එක?


අලුත්ම කට උලුක්වෙන ටයිටල් කියවමින් හොඳම ශ්‍රී ලාංකිකකයා තේරීමේ අද දෙරන රූපවාහිනි ශෝ එකේ සාධණීය ලක්ෂන නැතුවා නොවේ. අප සාමාන්‍යයෙන් අවධාරනය නොකරන පැතිවල සිට ජනයාගේ ජීවන තත්වය උසස් කරලීමට සිය කාලය ශ්‍රමය කැප කරන උසස් මිනිසුන් කරන කියන දේ අගය කරලීමට ඇරඹීමම සාධණීය කරුනකි.  සංගාට හා ප්‍රසිද්ධ අයට මෙය ලැබීම පුදුමයක් නොවන අතර දේශපාලකයින් නොමැතිවීම සතුටට මෙන්ම භීතියටද කරුනකි. විසික්ක වෙච්ච අය එහෙන් මෙහෙන් පෙන්වීම ටිකක් සැකයට හේතුවකි.
පසුගිය මැතිවරණයෙන් පනගැසුණු ජාතිකවාදයට වඩා තම රටට ආදරය කරන ගතියේ වාසිය මේ රූපවාහිනි නාලිකාව අරගෙනදැයිද සිතුනා. කෙසේ හෝ මේ ආකල්ප, ජාතිවාදය හා මිතුරු, ලඟම ගනුදෙනුකරුවන් බව අපි දනිමු. 

විගා උතුරේ කරන්නේ  වෙන් කරන මුදල්වත් ජනයාගේ යහපත් වෙනුවෙන් යෙදවීම නොව ජාතිවාදය ඇවිස්සීම බව පෙනේ. දෙමල සිහල සමගිය ඇතිවිය යුත්තේ තමන් කැමති- එනම් ජාතිභේදය අවුස්සන  දකුණේ පාලනයක් යටතේ පමණය යන්න ඔවුන්ගේ දර්සනය බව පෙනේ. දෙරනේ  විශිෂ්ටයින්ගේ සංගීතය යටින් දිවෙන හීන් නූල මෙයදැයි අවධානයෙන් සිටිය යුතු වෙමු. බයියන්ගේ අමුම අමු ජාතිවාදය දැන් අමු වැඩිය. එහෙම බැරි නම් මෙහෙම යමු කියා සිතා
 අලුත් පාරක යන්න සිතාගෙන වගේ.

එමෙන්ම මගේ ඉරිසියාකාර කුහක හිතට විස සහිත හිතිවිලිත් ආවා, 
එනම් ඇති හැකි,
ඉංග්‍රීසිය වහරන අයට එන්න එන්න යයි 
ආමන්ත්‍රනය කරන අතර 
බැරි බැරි අය 
රටෙන් එපිටටම තල්ලු කරන අතර 
මැද පෙරදිගට හෝ 
කොයි දීපංකරේක හෝ 
ගොස් සල්ලි හොයාගෙන විත් 
ටී වී එකක් අරගෙන අප කරන කියන දේ බලපල්ලා.


Sunday, September 25, 2016

සිංගාලයකු නොවේ සිංහයෙකුයි අපේ සංගා-Best cricketer of the world and ROLE MODEL- SRI LANKAN OF THE YEAR!

මෙය ලීවේ 2011 ජූලි 26

ආදරණීය සංඝා, මහේල ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයන්, cricket and politics


ඉස්සර ඔසියෝ ලංකාවට එන විට බය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

දැන් ඔසියෝ ලංකාවට එන්නේ බයෙනි.

එය ලාංකීය ක්‍රීඩකයින්ගේ දක්ශතාවය, නිවැරදි නායකත්වය නිසා සිදු වූවකි.

එමෙන්ම ඉතිහාසයේ සරදමයි, අටලෝ දහමයි.

ඔස්ට්‍රෙලියානුවන් සමග පැවැත්වීමට නියමිත තරඟ වලින් ඉහලම ජය පතමු.

මෙවර මයිකල් ක්ලාර්ක් එන්නේ පොන්ටින් එකල හිටිය උද්දාමයෙන් නොවේ.

 බල බිඳුනු නායකයෙකු නැත්නම් ගඩාෆි වගේ කෙනෙකු  ලෙසය.

 එය ඊයේ පෙරේදා ඔසී පුවත් පත්වල තිබුනු දේවල් වලින් එය හැඟී යයි.

ඔහුට කන්ඩායමේ සම්පූර්න සහයෝගය අඩුය.

politics වලට පොඩි square cut පහරක් 
සංඝා, මහේල ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින් දැනුවත්ව හෝ නොදැනුවත්ව 
දුශ්කර කාලයේ ලංකාවේ ජාත්යන්තර ප්‍රතිරූපය වර්ධනය 
කිරීමට උරදුන්නෝ වෙත්. එහි ප්‍රතිපලයක් වශයෙන් සංඝා මුරලි, මහේල 
ඇතුලු සැමගේ ප්‍රතිරූපයද, සිවිල් බලයද, බැංකු ගිනුමද ලංකාව තුල 
ගොඩනැගුන බව රහසක් නොවේ.
සංගා ඇතුලු අපේ ක්‍රිකට් ක්‍රීඩක තරු යන එන කරන කියන දෑ පුවත් 
පත්වල හෙඩ් ලයින් යන තත්වයක් ඇතිවී ඇත.
ලෝඩ්ස් හිදී මැතකදී කරන ලද කතාව නිසා  ඔවුන් කියනා දේවලට නව 
අගයක් ලැබෙමින් ඇත.
ඔවුන් මතක තබා ගත යුතු වඩාම වටිනා දෙය නම් තරුන ජනයාත් පොදු 
ජනයාත් පරමාදර්ශි චරිත ලෙස role models, ඔවුන් දෙස බලා සිටින බවය. 
ඒ වගේම මාධ්ය දෙපත් නයෙක් බවය, නයා බෝඩ් එකක් බවය,
මේ මාධ්ය වල අවසාන අයිතිය ඇත්තේ දේශපාලන පක්ශවල 
නායකයන් අත බවය.
ලේක් හවුස්, රූපාවාහිනි- ආන්ඩුවේ
ඩේලි මිරර්, ලංකාදීප- රනිල් වික්‍රමසිංහ
ලක්බිම,-තිලංග සුමතිපාල සහ පවුල
දිවයින- දැන් අයිතිය ආන්ඩුවේ ඇමැති කෙනෙක්
බලය ඇත්තෝ අත්දැකීම් අඩු, ජනප්‍රිය, තරුණ, පුද්ගලයින් තම වසඟයට 
ගෙන නයා බෝඩ් එකේ නයා කිට්ටුවට යන්නට හරිති.
සනත්ටද අර්ජුනටද පබාටද මෝරපු සරත් ෆොන්සේකාටද එය පොදුය. 
අවසානයේ තරවූ බැංකු ගිනුම රැකගන්නට,
 පත්වෙන ආණ්ඩු, 
පාන්ඩු වූවත් උප්පරවැට්ටි දමමින්, පිනුම් ගසමින්
පවතින පාණ්ඩුවේ ලගින්නම සිදුවන්නේය.
ජාතියක් ලෙස ආඩම්බරයෙන් කෙලින්(ඍජුව) සිටින්නට, කෙලින්(ඍජු) 
මිනිස්සු අවශ්ය කාලයයි මේ, 
අවස්තාවාදීන්ට බිලිබාගන්නට ඉඩ නොතබමු.



බ්ලොග් එකට කොමෙන්ට් එකක් විදියට දැමූ කවියත් බලන්න.

සංගා කිව්වේ සිය හිත්පතුලේ දෑ      නොසංගා
අංගා සැම සපිරිය සිත්වල සොම්නස      නංගා
සංගායනාවකි ක්‍රීඩාවට හොරු කරලයි    බංගා
සිංගාලයෙකු නොවෙ සිංහයෙකුය අපෙ  සංගා

පොඩි අවවාදයක් දෙනු රිසිවෙමි  දෑ  අබිමානෙන්
ලංකාවේ බැරි කතා පිට රටදී වුව   පරෙස්සමෙන්
කැකුන තලනවිට කාටද ජොලි නුඹ      දැනගන්
සූකර සුද්දන් කොටවා අප වාසිය ගනීද    බලප
න්

Tuesday, September 13, 2016

සමහර බණ පරදයි භූත විද්‍යා දේශන



'සමහර බණ
පරදයි භූත විද්‍යා දේශන
අප වඳින පුදන
බුදු මග යන පැවිදිජන
පුදුමයි
දහමකට රටකට ගිය කල'

බුදුදහම වෙනත් මිථ්‍යාදෘෂ්ටීන් අතරින්
පෙරා පිරිපහදු කරගත්තේ නැවත එහි යන්නට නොවේ.
හැම ලාංකිකයින් 5 දෙනෙකුගෙන්ම කෙනෙකු බරපතල රෝගියෙකි.
අම්මලා නැති ගෙවල් ලස්ස ගණනකි.
ප්‍රශ්නවලට මුහුණ දුන් අය සිතන්නේ
මේවා වෙන්නේ භූත බලවේග, කරුමේ නිසා කියායි.

ලෝකයට ඇරෙන දොරටු වසා කූඩුකරගෙන සිටින ජනයාට
භූතයින් සමග සටන් කරනවා ඇර වෙන මගක් නැත.
නව රජය විසින් ඒ කූඩුවේ දොරටු විවර කරමින් සිටිනවා.
ඒ සමගම
අධ්යාපනයේත්
සෞඛ්‍යයේත්
කලාවේත්
නව දොරටු විවෘත කරගෙන යා යුතුයි.

ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන
 කලාව පැත්තෙන් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා,
අහන්නත් සතුටුයි.

Monday, September 5, 2016

කැ .. පො... කේ පී fu...g, puf..තා, ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ.

https://www.facebook.com/awiswasakarannaa/videos/504112649766526/


සිංහල බ්ලොගර්වරුන්ට ජනයා තුල යම් ගරුත්වයක් ඇතිබව නම් නොකියාම බැරිය. 
මාතෘකාවයි අන්තර්ගතයයි පරස්පරයි හොඳ නැතැයි පැමිණිල්ලක් එන්නට පුලුවන්. ඒකට කමත්වා.

-------
බ්ලොග් ලියන්න ඇවිල්ල අසරණ අම්මටත් බැනුම් අස්සවන්න බෑ බං
ඒත් මේ බ්ලොග් කට්ටට මොනවත් ඉඳල හිටල නොලියත් බෑ බං
පී හෙවත් පො වැඩ අපිට කරල පුරුදුත් නෑ බං
බ්ලොග් ලියා ලී කෑලි යකඩ කෑලි, බෝතල්,
ලොකු අය සමග ෆොටෝ ගැනීමට හෝ වෙනත් දේ තෑගි ගැනීමට, එ අස්සෙන් මගේ පොතක් හෝ සී ඩී එකක් එලි දක්වා ගැනීමට, ඊලඟ ආණ්ඩුවේ ලොක්කෙක් වීමට බලාපොරොත්තුවක් නෑ බං

මං තීරණය කොලා මින් ඉදිරියට එක xxx... වත් වට්ටක්කයෙකුටත්
ඉඩ දෙන්නේ නෑ මේ බ්ලොග් එකේ ඇනෝ කොමෙන්ට් දාන්න කියල හිටං

ඒ පාර එකෙක් කියයි සයියෝ උඹ අරූට බයයි නේ කියල කියල හිටං
බයක් නැතිවුනත් පොඩි රෙස්පෙට් එකක් නෑයි කියනව නම්ඒ ක බොරු!

මොනා කරන්නද මන්ද?
ඇනොලාට ඉඩ දුන්නොත් ඇනෝ වේශයෙන් ඇවිල්ල අම්මටත් බනිනනව
ඇනෝලව කැපුවොත් උන් තරහවෙලා මෙතන එක ගිනි විජ්ජුම්බරයයි.
සයියෝ ඉල්ලල ගත්ත ප්‍රස්න.??
මගේ අක්මාවට මේ තරම්ම ඉවසන්න පුලුවන් වේවිද සැකයි, බං?

දැනුමැත්තන් සිය දැනුම අන් අය සමග බෙදාගන්නා විට සිය ශීර්ෂයන් ඉදිමුවා ගෙන අය පහත් කොට සැලකීමත් පසුගිය කාලයේ නැට්ට්වල් පශ්චාත්භාගයේ සඟවා සිට දැන් ඇවිත් පාට් දැමීම පෙරගමන් කරුවන්ගේ අවමානයට පාත්‍රවීම වැලක්විය නොහැකි බවත් මගේ තේරුමයි.

ඔහොම යං ඔහෝම යං
අපිත් කෝම කෝම හරි ඉන්නන්
ඕගොල්ලොත් ඉන්න
විවිධත්වයේ එකමුතුව අමාරුයි, ඒත් ලස්සනයි
හිත් රිදීම් ඇතිවෙනව,
කාලයත් සමග සුව වෙනව

ඔහොම යං ඔහෝම යං බං

අමාරුවෙන් හදා ගත්ත ගෙපැල දාල වෙන කොහෙ යන්නද? බං

ගල් කන්දේ හාමුදුරුවෝ කිව්ව වගේ
යුද්ධයේ
වියරුව
කෲරත්වය
නොදකින
නොදුටු
එහි වියරුවෙන් මොලේ විකල් නොවූ
පරම්පරාවක් හැදෙනකම්
ලාංකික විකෘති සංස්කෘතියේ අභාෂය
නැතිවනු තුරු
පිරිසිදු ජලය වත්කරමින්
ඉවසීමෙන් ගමන් කල යුතුවෙමු

--------------
ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ.

Saturday, September 3, 2016

ඇනෝනිමස් රණ්ඩුව Anonymous Tantrums, පුරු- තග්- ජන ,තග්- ජන, පොර -තග් -ජන





බ්ලොග් මා නිතරම නොලිව්වත් නිතරම කියවනවා. මෙය අප හැමදෙනා විසින් ගොඩනගාගත් කාටත් යට නොවන පුරවැසි වේදිකාවයි. එය රැක ගත යුතුයි. දියුණු කර ගත යුතුයි. ඔය ලී කෑලි යකඩ කෑලිවලින් බෙදීමට ලක් කල නොහැකි ලෙස ශක්තිමත් විය යුතුයි. යහපාලනය කරා හැකි තරමින් තල්ලු කිරීමට ඉතාම හොඳින් යොදාගත හැකි මාධ්‍යයක් නිසා ඒ ගැනත් අවධානය අඩුනොකල යුතුයි.

අන්තිමට කියූ දෙය  අත්දුටුයි විශ්වාසයි.

අප විශාල බලාපොරොත්තු නැතිව වුවත් දින වූ හංසයාගේ ඇඟේ මඩ ගා තටු කපා නන්නත්තාර කර ඇති තත්වයක බ්ලොග්කරුවන් අතරම ප්‍රශ්න ඇති වීම ඉච්ඡා භංගත්වය නිසා ඇතිවූවක් බව මම විශවාස කරමි.

ඇනෝනිමස් කොමෙන්ටු ගැන මාතලන් ක්‍රෝධාවේශයෙන් ලියූ දෑ  කියෙව්වා. ඒ පිළිබඳව මගේ අදහස නම් ඇනෝනිමස් කොමෙන්ටුවලට ඉඩ තබා තියේ නම් හොඳ නරක දෙකම ඉවසීමට හැකි විය යුතුයි කියලයි. තරඟය ඉරිසියාව සාමාන්‍යය දෙයකි මන්ද අපි පෘතග්ජනයින් වෙමු. ඒත් තග් ජනයින් බවට පත්නොවෙමු. අර මොකද්ද එක සඟවාගෙන මොකද්ද එකෙන් කෙලින අය නොවෙමු.

ජනවාරී 8 විප්ලවයේ ස්තිර තැන්පතු නන්නත්තාර නොවීමේ වගකීම බ්ලොග්කරුවන්ටත් පැවරේ.
හොරය බොරුවට වෙනත් සලුවක් පෙරවලාද?
සයිටම් එක්ටා ආදී රට ඉදිරියට දමා ඇති මස්කටුවලින් අප දේශය සැබෑ ලෙසම ඔත්පල වී ඇති ප්‍රශ්න යටකර දමා ඇද්ද? පාද යාත්‍රා සයිටම් විරෝධයන් මේ ආණ්ඩුවට ප්‍රශ්න කල් දැමීමට හේතු සපයා දීලා වගේ නේද?

බලන්න, යට ගසන අවුරුදු 6ක තට්ටු මාරුවේ ප්‍රතිපල

යුද්ධ හා කැරලි කෝලාහලවලින් මැරුනු සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
විදේශවල වැඩකරන ජනයාගෙන් අම්මලා ලක්ෂ දහයක් ඉක්මවයි
රජයේ සේවකයින් දාහතර ලක්ෂයකි
ලංකාවේ පස් දෙනෙකුගෙන් කෙනෙක් රෝගියකි
ත්‍රී වීල් සංඛයාව අට ලක්ෂයකි
ආයතනවල පුරප්පාඩු 150000කි
ලංකාවේ කෙනෙකුගේ සාමාන්‍ය මාසික වේතනය රු 28000
මැද පෙරදිග යන කතකගේ සාමාන්‍යය මාසික පඩිය 40000
ලෝකයේ   ඉහලම
ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලංකාවෙන්
ලෝකයේ අන්තර්ජාලයෙන් වැඩිපුරම සෙක්ස් ගැන හොයන්නා ඉන්නේ ලංකාවේ
ළමයි කුඩා කල සිට ශිෂ්‍යත්වය අරමුනු කොට ත්‍රීවීල් එකක් ගෙන හංදියේ නවතාගෙන සිටීම අරමුණු කොට අම්මාව හෝ විවාහ වී සිය භාර්යාව විදේශසේවයට යැවීම අරමුනු කොට ජීවත්වේ
රජය හැකි තරම් බදුබර දමා ගෙන එන පිච්චියට කෙලවයි
ව්‍යාපාර ෆෝන් එකක් ටී වී එකක් ෆ්‍රිජ් එකක් විකුනා ගෙන ගෙන එන පිච්චියට කෙලවයි
ව්‍යවසායකයින්ට අවශ්‍ය පුහුණු ශ්‍රමය මෙහි නැත.
පෝට් සිටිය ආර්ථික නගරය වී ඇත.
කලින් කියූ නරක පරිසර බලපෑම දැන් හොඳවී ඇත.

මෙතැන නොලිය වුනු දහසක් දේද ඇත.


ඒ වගේම කිසිදාක නොතිබුනු යම් නිදහස් තත්වයක් උදාවී තිබේ. එය කී කලකටද කියා තීරණය කිරීම භාර අපටමය.

Thursday, September 1, 2016

රාජිතයි මාධ්‍යයයි අතර ඩීල් එක?


ජනවාරි අට ආ සුදු හංසයට  මොකද උනේ?
ඩීල් වලින් මඩ ගෑවී තටු කැපී
හංසයා දැන් පාත්තයා වීලා වගේ නේද?

කා අතරත් වගේම දේශපාලකයින් හා මාධ්‍යය අතරද ඩීල් තිබේ.
දේශපාලකයින් තමන්ව අමාරුවේ නොදමන ප්‍රශ්න අහනවාට හරිම මනාපය.
පසුගිය දිනවල මාධ්‍ය රාජිතගෙන් අහනවා..
ඇමතිතුමනි මොනවාද ජනපති තුමා කියූ ඔහු සඟවා සිටින රහස්..?
රාජිත මුහුණ ප්‍රභාෂ්වර වු අතර
 සිනාව කණ දක්වා පැතිරිණ.

කියමු බලන්න රාජිත තමන්ගෙන් මාධ්‍ය අසනවාට අකමැතිම ප්‍රශ්නය?

ඒ වගේම අනෙක් දේශපාලකයිනුත්....?
මඳක් හිතල බලමු එක් එක් දේශපාලකයා ගැන..

Saturday, July 23, 2016

දයල් බතී මොන පක්සෙද?

මා කලිනුත් කියා තිබෙනව
මගේ පියා තද සිරි ලංකා කාරයෙක්.
මා දේශපාලනය ඉගෙන ගත්තේ
නව සම සමාජ පක්ශයෙන්,
 එය කෙරෙහි ඇති ගරුත්වය කිසිසේත්ම අඩු වී නෑ.
මොනව සිදු වුවත් NSSPය විසින්
ගොඩ නගා ඇති දේශපාලන සාහිත්‍යය ඉතා වැදගත්.

පසු ගිය පෝස්ටුව නිසා
උනන්දු වූ කෙනෙකු දෙදෙනෙකු
මා ජවිපෙ ගැන කලින් ලියා තිබෙන දෑ මොනවාදැයි
සොයා තිබෙනු
මගේ බ්ලොග් එකේ විස්තර බලන තැනට ගියාම පේනව.

පවතින දේශපාලන තත්වය අනුව
ජවිපෙ ඉදිරි දශකය තුල වැදගත් භූමිකාවක් රඟනු ඇත.
එසේ වුවත් අධි අපේක්ෂා තබා ගැනීම පසුගිය දිනෙක
ලාල් කාන්තගේ ප්‍රකාශවලින් පෙනුනා.
මා හිතනවා, හඳුන්නෙත්ති විසින්
ලාල් කාන්ත ගෙන යන භූමිකාවේ බලපෑම නිවැරදි කලා,
''ජවිපෙ සැලසුම නැත්නම් සටන් පාඨය
මීලඟ ආණ්ඩුව ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුවක්'' ලෙසින්.

බොහෝ අය හිතනවා 
ජවිපෙ අපේ මව්බිම නිවැරදි මාවතට ගැනීමේ
 කෙවිට අතට ගත යුතුය කියා.

ඔව් මී ලඟ ආන්ඩුව ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුවක් විය යුතුයි
නැත්නම් අපට අනාගතයක් නෑ.
කිරිඇල්ල විවෘතවම කියන්නේ 
ඒ අය දන්න විකල්ප් මාර්ගයක් නොමැති බවයි

ජවිපෙ මෙතරම් දුරට පෙන්වා තිබෙනවා 
ඒ ඇත්තන්ට කැප කල හැකි විනය ගරුක මිනිසුන් බව.
ප්‍රජාතන්ත්‍රවාදී ජවිපෙකට සිය පක්ෂයේ නැග්ම මෙන්ම 
රටේද නැග්මටද වැඩ කල හැකි බව ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනව.

Wednesday, July 13, 2016

ජවිපෙට පුලුවන්ද ආයෝජකයො ගෙන්වන්න, රම්බරී?


ජවිපෙට නැවත බිලිපුජාවකට යන්ට බෑ
චීනේ වර්ජන නෑ,
ආයෝජකයින්ට එන්න පුලුවන් බය නෑ
ආයෝජකයො ගෙන්වන්න රනිල්ට බෑ
ජවිපෙ හෙළ- උරුමය බලය ගත්තත් නැතත්
මී ලඟ අවුරුදු 10, 15 දී රට හසුරුවන නායකයින්
සැක නෑ, ඒ ගොල්ලො දැන් ෆුල් සෙට්
 ඔබාමා ඇමරිකාවේ ජනපති උනා

බණ්ඩාරනයකලා. එන් එම් ලා,
ඩී එස්ලා, පිලිප් ගුනවර්ධනලා, ගමේ තාලේ
අනිල් මුණසිංහලා දැන් ඉන්නේ ජවිපෙ.
ඉන්ග්‍රීසිය තමයි පොඩ්ඩක් අඩු,
ඒකත් ජාතිකවාදී උගතුන් ඉන්නව පුරවන්න අඩු

සරත් ෆොන්සේකා ඔහුගේ පක්ෂෙ පටන් ගත්ත කාලේ
ලියූ පෝස්ට් එකේ මා කීවා ඔහු නවතින තැන.
ඔහුට ඇමරිකන් වීසා නොලැබීම ප්‍රශ්නයක්ද නැද්ද?

මතක් තියාගන්න ජවිපෙ කියන්නේ
උගතුන්ගේ බුද්ධිමතුන්ගේ පක්ශයක්,
දුප්පතුන්ගෙ පක්ෂයක් නොවෙයි,
දුප්පතුන් වෙනුවෙන් වැඩකරන පක්ශයක්
මෙය අලුත්ම එක!

රනිල්ගෙ බැංකුවේ මිනිහත් පරාදයි
ගෝලයෝ අනාගන්නව
ඉතින්
88-89 සැම්පලේ, බාබිකිව් එකකට යන්නත් බෑ
කොල්ලො ටිකත් දැනට හොඳයි

ඒ අය ලව්ව කලින් ගත්ත වැඩ කොටසට
 දැන් ගෙවීමක් කරන්න අවශ්‍යයි,
බලමු මී ලඟ එපිසෝඩය දිග හැරෙන විදිය..?
 රම්බරී මං ආසයි උඹේ අලුත් නොම්මරේට බං

Tuesday, July 12, 2016

ලෝකයේ පලමු ඉලක්කම් කවිය, විරුද්ධභාෂී, මධුභාෂී

1956

1964

1971

සුදු නන්දා මාලිනි, සුනිල් ආරියරත්න, විරෝධාකල්ප,

1988-1989

සිරස, රතු භාෂි මධුභාෂිනි, සුනිල් ආරියරත්න, විරුද්ධභාෂය,
2016

රනිල්ට ආයෝජකයෝ ගේන්න බෑ
අපිට බලය දෙන්න

සමාජ වාදය හා විප්ලවය

දේශපාලන වැදගත්කමක් තියෙන කථා දෙකක් මට ඇසුනා
මේ දෙන්නගෙන්

1. ලාල් කාන්ත
2. දීප්ති කුමාර ගුණරත්න

ලාල් කාන්ත කියන්නේ මේ ආන්ඩුවට
විදේශ ආයෝජන ගේන්න බෑ
හේතුව අපේ රටේ ලාභ ශ්‍රමය දැන් නෑ.
සමාජවාදී අණ්ඩුවක් නැතුව මොකවත් කරන්න බෑ.

දීප්ති ප්‍රකාශ කරන්නේ
වර්තමානයේ විප්ලවය
කියන්නේ මොනවත්
නොකරම ඉන්න එක කියල

ඒ අතරෙ තවත් දුටු දෙයක් නම්..

අකිල විරාජ් TRAINEE අධ්‍යාපන ඇමතිට
හරියට කතාවක් කරගන්න බෑ.
(ඕක පොඩි එකෙකුට දීපන්කෝ.)

ලංකාවේ අද දවසේ විප්ලවය
ජනවාර්ගික සාමය උදාකිරීමයි
හැමට සමාන අවස්තා ලැබෙන
උසස් තත්වයේ
අධ්‍යාපනයක් ඇතිකිරීම සමාජවාදයයි.
අන්තර්ජාල පහසුකම් සැමටම ලැබීමත්
දැනුවත් සමාජයක් බිහිකිරීමට උදව්වනු ඇත.


Monday, July 11, 2016

අද දවසේ ලංකාවේ සමාජවාදය

එදා ලෙනින්ලා
රුසියාවේ බලයගත් පසුව
සමාජවාදය ලෙස හඳුනාගත්තේ
සැම නිවාසකටම විදුලිය දීමයි.
ඒ අනුව
අද දවසේ
ලංකාවේ සමාජවාදය කියන්නේ මොකද්ද?
කියල මං හිතල බැලුවම
යම් දෙයක් ඔබත් දන්න දෙයක්
ඔලුවට ආවා..
හරි සරලයි

Wednesday, June 29, 2016

අර්ජුන් මහේන්ද්‍රන් සුභ ගමන්!- Bye Bye Arjun Mahendran

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හා පුරවැසි බලය ප්‍රමුඛව වෙනත් සංවිධානද එකතුව පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ පැවති රැස්වීම යහපාලනය වෙනුවෙන් වචනයක් හෝ කථාකළ ඕනෑම කෙනෙකුට ආස්වාදයක් වේ යයි සිතමි.

එසේම එවන් ජනතා පීඩනයක් අත්‍යවශ්‍ය‍යම අවධියකයි රජය තිබෙන්නේ. යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අලුත් පරපුරට හා එයට කිට්ටුවෙන් සිටි කලාකරුවෙක් දෙන්නෙක් පවත්නා රජය පිළිබඳව සිය ජුගුප්සාව හා කලකිරීම ප්‍රකාශ කර තිබෙනවා. හමුවෙන හමුවෙන හැම කෙනෙකුම අත ඇති කොලවලට අත්සන් කොට මාව විශ්වාස කරන්න යයි මෛත්‍රී කියූ බව අපට හොඳට මතකයි. ඉතින් සමහරුන් මෙසේ ඉච්ඡා භංගත්වයට පත්වීම පුදුමයක් නොවේ.

ජවිපෙද, සම්පන්දන් ඇතුලු විපක්ශයද මා සලකන්නේ යහපාලනයේ ස්තිර තැන්පතු වශයෙනි. ජවිපෙ ආණ්ඩුවිරෝදය ඉතාම හොඳට කලමණාකරනය කරනවා. තියුණු විවේචන එල්ලකරනවා, හඳුන්නෙත්ති කෝප් එක හරහාද, සම්පන්දන් සිය සරල ජීවිත පැවත්ම හා ගනන් බලා කරන විවේචන හා ක්‍රියාකාරකම් හරහා රජයට විශාල සවියක් වගේම සිය මාර්ගය නිවැරදි කර ගැනීමට වේවැලක් වනවා.

ඒකාබද්ධ විපක්ශය දැලකට කොටුවී ඇති පක්ශීන් රාශියක් මෙන් සද්ද නගන තැනක් බවට පත්වෙමින් යයි. ඒත් වැට් බද්දට එරෙහි හර්තාල් නැතිනම් කඩ වැසීමේ ව්‍යාපෘතිය සිදු උනේ කෙසේ දැයි සොයාබලන්ට වටී.

ඇමතිවරුන්ට වාහන ගැනීම ලේසියෙන් කිරීමට, අර්ජුන් මහේන්ද්‍රන් හුරතල්කිරීමට ජනතාව ඉඩ දුන්නේ නැත. තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත් රජයේ ආයතනවල වගවීමේ වගකීම තීව්‍ර කරනු ඇත. බදු අයකිරීම හා පැහැර හැරීමට ක්‍රියාමාර්ග ගැනීම විදිමත් කිරීම සඳහා ක්‍රියා මාර්ග ගනිමින් තිබේ. පොරොන්දු වූ පරිදි විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ පොරොන්දුව ඉෂ්ඨ කිරීම මෛත්‍රී කළ යුතුව ඇත.



කටුනායක ගුවන් තොටුපලේ සී සී ටී වී සවිකිරීමට එදිරිව යම් නිලධාරීන් කොට්ටාශයක් ගෙනගියේ ඉන්තේරුවෙන්ම පරදින සටනකි. සයිටම් එකත් ගෙනයන්නේ එස් බී ගේ බූරු හයියත් රැගෙන කරන සටනක් බව පෙනේ. ජවිපෙ පා ම බිමල් ර ප්‍රකාශ කළ කරුනු අනුව එය පරදින්නට නියමිත සටනකි. රාගම පී එම් සී මෙන් ජනතාවගේ ඇඟට කඩා නොවැටෙන සේ මේ ගැටලුවට විසඳුම සෙවිය යුතුය. සයිටම් සිස්යෝ ලස්ස සීයක් ගෙවා ඇත. සමහරුන් උ පෙ වැඩ දෙකක් වත් සමත් නැත. මේ විකාරයට තිත තිබිය යුතුව ඇත. මුදල්ගෙවා ඉගෙන ගන්න කැමති අයට පැහැදිළි ක්‍රමවේදයක් සකස් කල යුතුව ඇත.

ඉහත සඳහන් පුරවැසි බලයේ රැස්වීමෙන් පසුව ආන්ඩුව රත්වී ඇති බව පෙන්වන ක්‍රියාකාරකම් රාශියක් පසුගිය දිනවල එෆ් සී සී අයි ඩිය හා අධිකරණය හරහා සිදුවිය.

පොඩි පොඩි හොරු බොරුවට ඇතුලට ගත්තත්
අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය දීර්ඝ නොකලත්
ඇමතිලාගේ කාර් පර්මිට් තාවකාලිකව අකුලා ගත්තත්
ඇවන්ට් ගාර්ඩ් කැප්ටන්ව හිරබාරෙට ගත්තත්
බදූර්දීන්ගේ වනසංහාරය යටගියත්
ජෝන්ගේ පාරවල් කඩන  පිස්සු වැඩ යටගියත්
ආණ්ඩුවේ අති මහත් නොසැලකිල්ල නිසා සිදු වූ සාලාව විනාශයට යම් පිලියම් දුන්නත්
ගංවතුර බැස ගිහින් ම්නිසුන්ගේ අඳෝනාව මාධ්යයෙන් වසන් වුවත්
අගමැති ජනපති සරල කස්ටිය වූවත්
සැබෑ ප්‍රශ්නයේ ස්වභාවය එළියට එන්නේ
තලතා අතුකෝරල තුලිනි.
මැදපෙරෙදිග යාමට හැකි ස්ත්‍රීන්ගේ වයස සීමාව අඩුකිරීමට ගත් තීරනය.

පුරවැසි බලයට මෙන්ම සමාජ ජාලා මාධ්‍යට සවන් දෙන පාලකයින් පිරිසක් සිටීම වාසනාවකි.
එය කොයි කලකටද කියා තීරනය වන්නේ එල්ල කරන පීඩනය කොතරම් යථාර්ථවාදීද කියන එක මතය.

Monday, June 6, 2016

සිවුර දාගන්නා දුප්පත් දරුවන්ට දෙසරණේ පිහිටයි! ආජා ආජා හරේ රාමා හරේ ක්‍රීස්නා



දැන් විශ්ව විද්‍යාලවල අමනුස්ස නවකවදවලට එරෙහිව
නවකයින් සිය අයිතිවාසිකම් ගැන හිතලා 
නීත්‍යනුකූල පියවර ගන්න යොමුවෙලා
සමාජ ජාලාවලින් ගෙන ගිය නවකවද විරෝදයත් 
එයට හේතු වෙන්න ඇති. 
එය හොඳ තත්වයක් විදියටයි මා නම් දකින්නේ.

අයිස් කන්දක ජලය මතුපිට කොටස මෙන් 
ඉඳහිට එළියට එන 
පන්සල් හිංසන ගැනත් ඇසෙන්න පටන් අරගෙන
විශ්ව විද්‍යාලවලට එන අසරණ දුප්පත් ස්ත්‍රීන් 
වදහිංසාවලට ලක්වෙනවා මෙන්ම 
පන්සල්වලද දුප්පත්කමට 
මහණවෙන දරුවන්ට නොකියා බැරිම තැන මිසක් 
වෙන දේ එළියට එන්නේ නැත
දුප්පත්කමෙන් ගැලවීමට
සිවුර දාගන්නා දරුවන්ට දුප්පත් දරුවන්ට 
දෙසරණේ සරණයි
කියල තමයි දැන් දැන් කියන්න වෙන්නේ!

තාම නොවිසඳුනු ප්‍රස්න කීපයක් ඇත
කාමයෙහි වරදවා හැසිරීම යන සිල්පදය 
සමාදන්වන්නන්ගෙන් හරියටම අපේක්ෂාකරන්නේ මොනවාද?
බාලවයස්කාර සාමණේරවරුන්ට 
ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත්කිරීමක් 
විනය පිටකයේ නැද්ද?

සමහර කට කැඩිච්ච එවුන් කියන්නේ 
කාමයෙහි වරදවා හැසිරීම යනු 
හරි මාර්ගය තියෙද්දි වැරදි මාර්ගය යෑමයි කියල.
ඒවගේම අනෙක් පසින් සිදුහත් ගෞතමයන් රාත්‍රී ආහාරයෙන් 
වැලකීම ආදී විනයන් පැනවූයේ 
උන්වහන්සේ පිරිමින්ගේ හැටි හොඳ හැටි දන්නා නිසාය, 
රජබොජුන් අතහැර පිණ්ඩපාතයෙන් අහර
සොයාගත්තේ ඒවා හොඳින් තමන් ප්‍රත්‍යක්ශයෙන් දන්නා නිසාය.

ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන්වීමට හේතුවූ මේ කරුණු ගැන 
පන්සල් ලොක්කෝ සුදුසු ක්‍රියාමාර්ගයන් වහාම නොගතහොත් .....

දැනට බුදුදහමයි කියල කෙරෙන දේවලුත් බලනකොට..

නූල් බඳිනව
වැඩි දෙනාමෙලෝ තේරුමක් නොදත් පාලි ගාථා උදේ හවා ජපකරණව
සුද්දවූ ජලය පොවනව
සොලෝක කියනව
වේලාවල් බලනව
මරු සිටින දිශාව
රාහු කාලය බලනව
තව එකයි අඩු?
තව එකම එකයි අඩු?
තැන තැන අසපු හදාගෙන සාදුවරුත් පහල වෙලා
තව එකම එකයි අඩු?

පන්සල් ලොක්කෝ- රටේ ලොක්කෝමේ ඔක්කොම එකතුවෙලා
ගෙනියන ජීවන පිළිවෙත් විලාසිතාවන් වලින් කියන්නේ ඔවුන් පින්පව් විස්වාස නොකරන බවය.
ඉතින් වැඩි කල් නොයාමා
හරේ රාමා හරේ ක්‍රීස්නා
ආජා! ආජා !
තව එකම එකයි අඩු?

Wednesday, May 25, 2016

මහ නගර සැලසුම්වලට පෙර ජාතික ප්‍රස්නේ විසඳල හිටියනම් හොඳායි! First Things First, Lessons Learnt Forgotten or What?

ජේ ආර් මහත්තේල
චීනෙටත් ඉස්සෙල්ල
77 විවෘත ආර්තිකේ ගෙනාවට
අපේ ගමන අතරමග නැවතුනා
ඒ මොකද
දැන ගියොත් කතරගම
නොදැන ගියොත් අතරමග කියල තියෙනවනේ,..
ජාතික ප්‍රස්නේ විසඳල නොතිබුන එක තමයි හෙනේට හිටියෙ,
මහිතන්නේ එහෙමයි කියල
ඔබතුමන්ලා මොකද හිතන්නේ?
යහපාලන ආණ්ඩුවෙනුත් කියනව දැන් ලොකු ආයෝජන ගේනව කියල,
 පෝට් සිටිය, 
කොරියන් ආයෝජන ..
මගෙ පුංචි මොලේට හීනියට සැකයක් කාන්දු උනා
අපි ජාතික ප්‍රස්නෙ විසඳලද 
ලොකු ලොකු වැඩවලට අතගහන්නේ?
එදාට වඩා අද තත්වේ වෙනස්ද?
අපි කථාකරමු!
චීනේ අපිට පස්සෙ ඇවිල්ල ඇමරිකාවත් සල්ලිවලට ගන්න තරම් සල්ලි චීන ලඟ

_€€€€€€€€€€€€€€€€€€
Added later.

ඉකොනොමැට්ටා EconomattaMay 25, 2016 at 9:33 AM

ඉක්ටා ගැන කතා කරන විට බොහෝ දෙනෙකු සිතන්නේ මෙය දේශපාලනික දෙයක් බවයි. ගිවිසුම ඉක්ටාද, සීපාද නැත්නම් වෙනත් එකක්ද යන්නත්, ක්‍රියාත්මක කරන්නේ රනිල්ද, මහින්දද නැත්නම් ජවිපෙ වැනි වෙනත් පක්ෂයක් විසින්ද යන්නත් එතරම් වැදගත් නැත. ලංකාවේ ආර්ථිකයට ඊළඟ අදියරට පා තැබීමට අවශ්‍යනම් හැකි ඉක්මණින් සේවා අංශය තරඟකාරිත්වයට නිරාවරණය කළ යුතුය. ලංකාවට ලෝකයට විවෘත විය හැකි කවුළුව ඇත්තේ ඉන්දියාව හරහා බැවින් ඉන්දියාවට විවෘත වීම ලෝකයට විවෘත වීමට හොඳ ප්‍රවේශයකි. කෙටියෙන් කියනවානම් 'ඉන්දියාව විසින් ලංකාව ගිල ගැනීමට පෙර ලංකාව විසින් ඉන්දියාව ආක්‍රමණය කළ යුතුය'. ලංකාවට මෙය කිරීමේ හැකියාව තවමත් තිබේ. එහෙත්, ඒ තත්ත්වය වැඩි කලක් නොපවතිනු ඇති අතර මේ අවස්ථාවේ ඉක්මන් නොවුණොත් අග්නිදිග ආසියානු කෝච්චිය මිස් කරගත් ලංකාවට ඉන්දියානු කෝච්චියද මිස් වනු ඇත. කෙසේ වුවද, එසේ කිරීමට පෙර හෝ එසේ කරන අතර කළ යුතු වෙනත් 'හෝම් වර්ක්' කිහිපයක් තිබේ. පෙර ගිවිසුම් වලින් ලංකාවට වාසියක් ගැනීමට නොහැකි වුණේ මේ 'හෝම් වර්ක්' හරියට නොකළ නිසාය. මේ දේවල් මට ඉඩ ලැබෙන පරිදි කරුණු සහිතව විස්තර කිරීමට පුළුවන. කෙසේවුවද, පවතින දේශපාලන වාතාවරණය හැත්තෑ හතේ තත්ත්වයට වඩා බොහෝ වෙනස්ය. රටේ බහුතර ජනතාවගේ කැමැත්ත නැතිව ප්‍රතිසංස්කරණ කරන්නට යාමෙන් නැති ප්‍රශ්න ඇති විය හැකිය. ඒ නිසා යන ගමනක් යා යුත්තේ රටේ ජනතාව සමඟය.

Wednesday, May 18, 2016

සොඳුර මට අණදෙන්න අණදෙන්න -මානසිකව වැටිල ඉන්නකොට ඔබ අහන ගීතය කුමක්ද




ඉස්සර ....කිව්ව ගමන්ම ආයි මානසිකව වැටෙනව ඇයි ඉතින් අතීතකාමයද නොස්ටැල්ජියාවද මොකද්ද කියල  මඩගහනවනේ. ඇත්තටම එය මඩකට වැඩියෙ ලෙඩක්. ලෙඩක් හඳුනගන්න ඩයග්නොස්ටික් ටූල්  එකක්. 

ඉතින් වැටුනු මානසිකත්වය ඉහත ගීතයට කන්දීල නැවතත් පුබුදුවල අරගෙන පිබිදුනු මනසින් යුතුව නැවත ලියන්නට පටන්ගත්තා.
සංගීතයට හැකියාවන් රැසක් තිබෙනව. 
පාලුව මකන්න, 
ශරීරය හා මනස පුබුදුවන්න, 
රෝග නිවාරණය කරන්න, 
සතුට දනවන්න,
 දුක දනවන්න.
අපිව නටවන්න,
 නයි නටවන්න ආදී වශයෙන්
 තවත් හැකියාවන් බොහෝඇති.
සමහරුන්ට කන්න ඕනත් නෑ සංගීතේ තියෙනවනම්, 
එතකොට එය ආහාරයකුත් වෙනව.
සමහරවිට බ්‍රා ගැලවෙනව. ඒ වගේම පුරුෂ පක්ෂයේ සස්පෙන්ඩරුත් ගැලවෙනතරමට පීඩනයන් එල්ලවෙනව ඇති. (වෙලෝනා නිසාම හොඳයි.)
අද මේ පෝස්ටුවේ දේශපාලනය ගාවගන්න හිතුවෙම නෑ.  

ඇත්තටම මට දැනගන්න ඕන උනේ ඔබ මානසිකව වැටුනහම මොනවගේ ගීතවලටද ඔබ සවන්දෙන්නේ කියල.
වැඩක් කරන්න වැඩට යන්න කම්මැලි උනහම මම නිතරම අහන නැත්නම් ඇහෙන ගීතය තමයි සොඳුර මට අණදෙන්න අණදෙන්න..


Tuesday, May 3, 2016

ජාතිවාදයේ පාඩම්, මේවා ගුටි කාල ඉගෙන ගත්ත ඒව. Lessons learnt hard way!



මා ජීවිතේටම කම්මුල් පාරක් කා තිබෙන්නේ එක වරකි.
මා එයට දොස් කියන්නේ එකල,
එනම් චිත්‍රකථා පත්තර කරළියට ඒමට පෙර තිබුනු
චිත්‍ර කථා පොත් කියවීමේ පුරුද්දටය.
ඊටත් වඩා ''ලන්දේසි හටන'' ටය.
එකල එය මාර පිස්සුවක් විය.
මට වෙනත් කථා වල නම් මතක නැත.
මෙය මතක හිටියේ මට වැදුනු කම්මුල් පාර නිසාය.

එක පලාතේ ජීවත් වූ,
මට පහරදුන් ඩෙන්වර්
මට හමුවූයේ අවුරුදු 20කට පමන පසුවය.
පුංචි බොරැල්ලේ ඉස්පිරිතාලෙකදීය.
 මෑන්ස් එක පාරටම ඇසුවේ උඹ කොහොමද බං දයාල් උස ගියේ කියල.
මං කොච්චර මිටි වුවත් ඩෙනාට වඩා චුට්ටක් උසය.

ඩෙනාලා ඇතුලු පවුල් කීපයක් අප සිටින පලාතේ ජීවත් වූහ.
අද පමනක් ජීවත් වන හෙටක් ගැන නොසිතන පිරිසක් ලෙස ඔවුන් ප්‍රසිද්ධය.
 ස්කූටර්, හොඳ මියුසික් සෙට් අප්, පාටි, වල රසය ලැබුනේ ඒ ගෙවල්වලිනි.
 ඒ කොල්ලෝ සෙට් එක ක්‍රීඩාවට ලැදිය.
පාරේ විකට් සිටුවා කරන ක්‍රිකට් ක්‍රීඩාවෙන් අහල පහල අයට
යම් කරදරයක් වුවත් එච්චරම ගානක් කාටත් නැත.

මා මේ කියන දිනවල පිස්සුවෙන් මෙන්
 ලන්දේසි හටන කියවන කාලයයි.
ලංදේසීන් ගැන මා තුල වෛරයක්ද
දේශ වාත්ශල්‍යයෙන් ඔද වැඩී තිබුනු සමයයි.
 ඒත් මේ ලන්දේසීන් යනු කවරහුද?
මා පහ හය පන්තියේ උගනිමින් සිටි කාලය විය යුතුය.

දිනක් අපි පාරේ සෙල්ලම් කරමින් සිටිනා අතර
මගේ ඉවසුම් රහිත කුතුහලයෙන් මඩනා ලද සිතැතිව
හා වෛරය දේශවාත්ශල්‍ය ප්‍රදර්ශනය කිරීමට සිතා
ඩෙනාගෙන් මෙසේ ඇසීමි.

ඒ උඹලද ලන්දේසි කියන්නේ.?

"පටාර්"

මේ සිදුවීම සිදුවී දැන් අවුරුදු 40ක් වත් ගතවී ඇත.
ඒ පාර තවම රිදුම් දෙයි.

ඩෙන්වර්, ට්‍රෙවෝ හා ජෙරොම් ඇතුලු පවුල් සෙට් එක
 තැන් තැන විසිර ගොස් පසුව ඔස්ට්‍රේලියාවට ගියා යයි කියවුනි.
තවම මම උන් සොයමි.
ඒ වැඩියක්ම ඩෙනාට වඩා උගේ නංගී නිසාය.
මට ආදර ලියුමක් ලියූ මෙලොව සිටින එකම කෙල්ල ඒකි බැවිනි.


https://nalakagunawardene.com/tag/%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92-%E0%B7%84%E0%B6%A7%E0%B6%B1/

https://kolambagamaya.blogspot.com.au/2015/10/blog-post_29.html

http://www.silumina.lk/2011/09/25/_art.asp?fn=av1109255

Sunday, April 24, 2016

ස්ත්‍රී යට ඇඳුම් සෝදා වනමු Another taboo subject - your kind advice is appreciated




ඇරියස් තියෙන කතා කීපයක් තියෙනව. පැරණි මිතුරියගේ එෆ් බී පිටුවට හොරෙන් ගොඩ උනෙමි හා අවුරුදු ගනනකට පෙර මා වල්පොල රාහුල හිමියන් ගැන ලියූ ලිපියක ඊ ලඟ කොටස් ආදී වශයෙන්..
ඒ වගේම මගේ ලිපි අතරින් සාරිය ගැන මා ලියූ කෙටි සටහන සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙන පෝස්ට් එකක්. කරුනු එසේ වෙද්දී ඊයේ පෙරේදා  සිදු වූ එකතුවකදී මිත්‍රයෙක් මතුකල කාර්ණාවක් ඒ ඇරියස් ඔක්කොම පරයා ඉදිරියට ආවා. ඔහු මතු කලේ මාතෘකාවට මා යෙදූ ඇඳුම් වර්ගය සම්බන්ධවයි.

බයෙත් බෑ අප්පා.
මතකනේ කතන්දරට කාඩ් එකකුත් වගේ වැදුනනේ ජොක්කු ගැන ලියල.

ඔහු ( මිත්‍රය) සැර ජාති දෙක තුනක් අරගෙන සප්පායම් වෙලා එහෙම හිටියේ.
එහෙම නැතත් මිත්‍රය කියන්න ඇවසි දෑ විහිලුවෙන් තහලුවෙන් ලස්සනට කියන්න දන්න කෙනෙක්.

මිත්‍රය මෙහෙම කියනව.

''ඔබ දැකල තියෙනවද ඔබගේ මවගේ, සහෝදරියකගේ හෝ කවුරු හෝ ස්ත්‍රියකගේ යට ඇඳුම් ? ''

එතැන සිටි 50 පැනපු අය ඔක්කොම කීවේ අ... හ්ම්- නැත, කියායි.

මිත්‍රය ආයි කියනව,

"'දැන්
ගෑනිගෙයි
දුවලගෙයි ඒව අපි තමයි හෝදන්න ඕන"

හ්ම්

හ්ම්

හ්ම්

හ්ම්

ෆේස් බුක් එකේ තිබුනු දික්වැල්ල වයින් ස්ටොර්ස් එකේ ''බඩු'' ගන්න සාරී ඇඳගත් ස්ත්‍රීන් කීප දෙනා සිටි පින්තූරය මතක් විය.

දැන් ස්ත්‍රීන්ගේ යුගයයි.
භූමිකාව මාරුවී ඇත.
අපි නරඹන්නෝ වෙමු.

වැඩි දෙනා ඒ ගැන වැඩි දුර කථා කලේ නැත,
සමහර විට ස්ත්‍රී ආධිපත්‍යයෙන් බැටකන අප ආතතියට පත්වීමට ඉඩ ඇති නිසා විය හැකිය.

අපේ අම්මල හා සහෝදරියන්ගේ නොදුටු ඒවා ගැන කථාවද ප්‍රෙහෙලිකාවක් සේ නතරවින.

ඉවසනු බැරිව මිත්‍රයාම නිහඬ බව නැවත බින්දේය.

ඒ විතරක්යෑ
''වනන්නත් ඕන,
වේලුනාට පස්සෙ ගන්නත් ඕන."

Wednesday, April 20, 2016

බක් යුද්ධය - මාතුගාමා ජාතකය- Fresh Graduate's quest for the welfare of poor

                                         

චූලෝදර මහෝදර යුද්ධකළ මැණික් පුටුව වගේ එකක්
ස්තුතියි.
ස්තුතියි.
ස්තුතියි.  දයල් බතීට නැවතත් සෑහෙන පිරිසක් එකතුවෙලා තිබෙනව අන්තිම පෝස්ට් එක කියවන්න. මගේ අනුමානය හරි. අපේ රසිකයෝ දේශපාලනේට වැඩියෙම කැමති නෑ. අනෙක මට සමාවෙන්න ඕන අනෙක් බ්ලොග් කරුවන්ගේ පෝස්ට් කියෙව්වත් නිතරම කොමෙන්ට් නොදැමීම ගැන. ලොතරැයික්වත් ඇදුනොත් ඉක්මනට පැන්සොන් ගිහිල්ල ෆුල් ටයිම් ඒ වැඩේ කරනව.

ඉතින් මෙවර පෝස්ට් එක බුද්ධාගම සම්බන්ධව.
මං හොඳ බුද්ධාගම් කාරයෙක් වගේම,
හින්දු භක්තිකයෙක්,
මුසල්මානුවෙක්, කතෝලිකයෙක්,
 ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඒ නිසා වරදවා වටහා ගන්න එපා.
කලින් ලියල තියෙනව වගේ විභාග පාස්වෙන්න අනෙක් ප්‍රස්න වල්දී මං ඔය හැම වර්ගෙම තැන්වලින් පිහිට යැදල තියෙනව. ඉතින් මුල අමතක කරනව  එහෙම නොවෙයි ඕන්. අනාගතේටත් ඒ තැන්වලට යනව.

බක් පෝය;
 චුලෝදර මහෝදර ගෝරිය බේරන්නට වැඩි බුදුහිමි නිසා අපට ඉතාම වැදගත්වේලු. බුදු හිමි තෙවරක් වැඩියත්  නිල වශයෙන් ලංකාවට බුද්ධාගම ගෙනාවේ මිහිඳුහිමියන්ලු. ලංකාවට බුද්ධාගම ගෙන ආවේ බුදුහිමියන් විසින්ම නේද? මා මේ ප්‍රශ්නය කලින් මතුකලා බර කාලෙකට පෙර. සෑහීමට පත්වෙන්න පුලුවන් පිළිතුරක් ලැබුනේ නැහැ.  මතක විදියට. කලින් තිබුනු රජ පාලනය තුලදී තමයි එහෙම උනේ. නැවතත් අපි බෝලෙ දාලා බලමු යහපාලනය තුල.
මං එහෙම කිව්වේ ඕනම දේකට කාලය බලපාන නිසා.

අද මා විසින් ගෙතූ කතාවක් ලියන්නයි සූදානම

                                                      මාතුගාමා ජාතකය

                             බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙක එක් අප්සෙට් පොරක් උන් වහන්සේ වෙත එළඹ එකත්පස්ව සිට වැඳ නමස්කාර කොට තමන් ලඟ ඔබ වහන්සේ අප්සෙට් යා හැකි ප්‍රශ්නයක් තිබේ, එය විමසන්නට අවසරදැයි ඇසීය. එකෙණෙහිම උන්වහන්සේ වදාලේ ඔබ ප්‍රශ්නය අසන්නට පෙරම අප්සැට් වී ඇති සැටි පෙනේ. කෙසේ හෝ අසන්නැයි වදාලෝය.

පොර හිතූ තරම්ම අප්සැට් නැත.. අප්සැට් පොර සිය ප්‍රශ්නය ඇසීමට පෙර මුට්ටිය රුවා ලීමට සිතුවේය. මා ඔබ වෙසෙන ජේතවනාරාමයට ගැලකින් ගමන් කරනාතුර දුටුවා. පාරදිගටමට යදින යාචකයින් පිරිසක් හා උන් පසුකොට දේවාලය තුලට ගොස් මීයන්ට කිරි පූජා කරන භක්තිවන්තයින් පිරිසක්. ඉතින් සුවාමීනී මේ භක්තිවන්තයින් අර යාචකයින් පිරිසට ඒ කිරි බොන්නට දුන්නා නම් උන්ගේ බඩගින්න නිවෙනවා නේද? යි පිළිවිසීය.

පරිබ්‍රාජකය,
 ඔබ මේ මෑතකදී තක්සලාවෙන් පිටවූ නවක උපාධිදාරියෙක් බව පෙනේ.
පාරදිගේ පේළියට යදිනා යාචකයින්ට කිරි උවමනා නැත. උන්ට ඇවසි කහවනුයයි වදාලේය. හවසට ගොස් මත් පැන් බී දූ කෙලියේ යෙදෙන්නටය.
අප්සැට් පොර උස්සලා පොලවේ ගැසු ගාණට අන්ද මන්ද වී මඤ්ඤන් වී ගියේය. ඔහු  අසන්නට පැමිණි ප්‍රශ්නය සඟවා ගෙනම එහෙනම් සුවාමීනී මට යන්නට අවසරයි කියා වැඳ නමස්කාර කර පල්ලන් බැස යන්නට ගියේය.

පරිබ්‍රාජකයා නොපෙනී යනතුරු සිටි උන්වහන්සේ සැරියුත් හා මුගලන් දෙස බැලුවෝය. උන්වහන්සේ දෙනමම දිවැස් ඥාණය ප්‍රගුණ කර තිබූ බැවින් සිය මුණු  පහත කරගෙන ලා මඳහසක් පානු දුටුවෝය.

'' හොඳයි සැරියුත්ම දෙසන්නකෝ.''

එවර සැරියුත් මහ තෙරුණ් පසුබිම් කථාව දෙසා වදාළේය.

''මේ දැන් නිකම ගිය පරිබ්‍රාජක තෙමේ ලංකා ද්වීපයේ මතුගම ග්‍රාමයෙන් මෙහි පැමිණියෙක්.
 එහි ගොඩ නගන්නට නියමිත අසූඅට රියන් බුදු පිළිමය අරබයා ප්‍රශ්නයක් නගන්නයි ඔහු පැමිණියේ.
ඊට පලමුව සිද්ධාර්ථ ගෞතමයන් කුමන වර්ගයේ කෙනෙකුදැයි මුට්ටියලා දැනගැනීමටයි
ඔහුගේ අභිප්‍රාය වූයේ.
සිද්ධාර්ථ ගෞතමයින්ගේ
අනපේක්ෂිත පිළිතුරෙන් අන්දමන්දවී ලයි ඔහු පිටව ගියේ.''

ඔහු අසන්නට සැරසී පැමිනි ප්‍රශ්නය නම්

සුවාමිනී භාග්‍යවතුන් වහන්ස,

අප වෙසෙන ග්‍රාමයේ වත්පොහොසත් කම් ඇති උන් බොහෝ සිටිත්.
ඔවුහු පුණ්‍ය කර්මයක් සඳහා ගඩොල් සාරා සඞඛ්යිය ලක්ශයක්ද
සිමෙන්ති හා සුණු කොට්ට ලක්ෂයක් බැගින් දානය දීමට සැරසී සිටිත්.
 ශ්‍රම දානයකට සැරසුනු බොහෝ උලු වඩුවෝද සිටිත්.
අප ග්‍රාමයෙහි මේ අරභයා විවාදයක්ද ඇති වී තිබේ.
විවාදය නම්
මේ ගොඩ්නැගිලි ද්‍රව්‍යවලින් ලෝකයේ විශාලම බුදු ප්‍රතිමාව
ගොඩ නැගිය යුතුය යන්න එක් කොටසක් කියන
අතර තව පිරිසක් කියන්නේ
මේවා භාවිතා කොට නිවෙස් අහිමි දුප්පත් අයට නිවෙස් තනා දිය යුතු බවයි.
                                                          *     *      *    *
"සත්තකින්ම් ඉතා හොඳ සාකච්ඡාවක්" සිද්ධාර්ථ ගෞතමයන් වදාලහ.

''මුගලන් ඔබවහන්සේ දෙසන්න ඔහු ඇයි ප්‍රශ්නය නො අසාම යන්න ගියේ කියල''

''ඔව් ඔහු හිතුවා-ඔහු උපකල්පනය කළා,
කලින් ප්‍රශ්නයට ඔබ වහන්සේ දුන්නු පිළිතුර අනුව
මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ඔහුට අපේක්ෂාකරන එක නොවෙයි කියල ''

''ඔව් මුගලන් අර අහිංසක දුප්පත් මිනිසුන්ට ලැබෙන ගෙවල් ටික ලැබෙන එක නැතිවේවි.
අපි රාහුලව යවමු එයාව වහාම කැටුව එන්න.,
තවම වැඩිදුර ගිහිල්ල නෑ.
රාහුල ඔය වැඩවලට කැමතියීනේ.''

''අනෙක ලඟදී තක්සලාවෙන් පිටවූ කෙනෙක් නේ.
තේරුම් මදි,
අට්ටාලේ උඩ වාඩි වෙන්න හනික යන්න ඇති.''
  තව ශ්‍රාවකයෙකු කියනු ඇසින.

Monday, April 18, 2016

පරණ මිතුරියකගේ එෆ් බී පිටුවට හොරෙන් ගියෙමි




මා දැන් සිංහල බ්ලොග් ලෝකයේ අවුරුදු හතරක් පහක් පමණ යම් අත්දැකීමක් ඇති බ්ලොග් කාරයෙකි.  දැනට විවිධ මාතෘකා යටතේ පෝස්ට් 500 කට අධික සංඛ්‍යාවක් පලකරල තියෙනව. කාලීන උවමනාව අනුව දේශපාලනය සම්බන්ධව ලියපුව තමයි වැඩිපුරම තිබෙන්නේ. සමහර රසිකයින් මට පේනව ඔවුන් කැමතියි මගේ අනෙක් පොඩි පොඩි කතා කියවන්න. සමහරුන් කැමතියි බුද්ධාගම ගැන ලියපුව කියවන්න.  ඉතින් මා නැවතත් මගේ සුපුරුදු ස්ටයිල් එකට යන්න කල්පනා කළ. එනම් විවිධ මාතෘකා යටතේත් ලියන්න. ඒ අනුව තමයි අද කෙටි සටහන ලියවෙන්නේ.

                                                               ****

ඇත්තටම අවුරුදු 24කට පසුවය මා ඇයව දැක්කේ. ඒකත් සිදුවූයේ අහම්බයකිනි.  ඇය මට කලින් අධ්‍යාපනයට සමුදී රැකියාවට පිවිසියේ  සෞඛ්ය පරීක්ෂකයෙකු වූ ඇයගේ පියා ශ්‍රී ලනිප දේශපාලනය කල වරදට කොළඹ කරමින් සිටි රැකියාවෙන් යූ එන් පී ආණ්ඩුවෙන් යාපනයට මාරු කලෙන් ඔහුට රැකියාවෙන් අස්වීමට සිදුවූ බැවිනි. දරුවන් හතර දෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ ඇය රැකියාවකට පිවිස පවුලේ වගකීම් කරට ගත්තාය. ඇයගේ දක්ෂකම් හුරුබුහුටිකම් නිසා වසර කීපයක් ඇතුලත ක්ෂේත්‍රයේ ඉහලටම ගියාය. අපට වාහනයක් ගැන සිතීමට පවා නොහැකි යුගයක ඇයට සිය සමාගමෙන් කාරයක් පවා ලැබුනි.

දිගුකතාවකි,
පසුව වැඩිපුර ලියමි
කෙසේ හෝ වේවා ඇය දැන් විවාහ වෙලාය.
ඇයත් බාහිරව එතරම් වෙනස්වී නැත. ඇයත් සතුටිනි.
මට දුකක් නොදැනේ.
නොමග ගිය මල්ලීට තවමත් ඔවදන් දෙනවා මට පෙනේ.
ඒ මල්ලි නිසා පවුල නැත්තටම නැතිවෙන්නට ගියත් තවමත් ඒ ආදරය එසේමය.
මල්ලීගේ පණ්ඩිත කම්ද එසේමය.
ඉදිරි දිනෙක හොරෙන් ඇයගේ එෆ් බී එකට තව වරක් එබී බැලීමට සිතේ.

Thursday, April 14, 2016

යහපාලන ආණ්ඩුව Bye Bye FCID and Welcome ???? අපිට මැදඇඟිල්ල?

උඹලගෙ 
යහපාලන ආණ්ඩුව කොහොමද දැන් 
කියල සමහරු අහනව මගෙන්

මොකද ....අපි කැස්සනේ...
කුලියට නොවෙයි හැබැයි

පැවතුනු ආණ්ඩු කිසිවක් 
අපේ ආණ්ඩු නම් නොවෙයි 
ඒව බලවතුන්ගේ ආණ්ඩු

කෙසේ වෙතත් 
ගිය ආණ්ඩුවට වැඩියෙ 
යහපාලන ආණ්ඩුවේ වෙනස
 මට පේන හැටියට 
මෙන්න මේ වගේ උදාහරනයකින් 
පැහැදිළි කරන්න පුලුවන්. 

පිරිසක් ඉන්න ෆොටෝ එකක් ගැන හිතන්නකෝ
පින්තූරෙ අඩු වැඩි වශයෙන් ඉන්නේ එකම කස්ඨිය. 
හැබැයි පසුබිම වෙනස් කරලයි තියෙන්නේ. 
තිබුනු මඩ පාට වෙනුවට සුදු පසුබිමකයි කස්ඨිය ඉන්නේ. 
ඇඳුම්වල තියෙන ලේ පැල්ලම් මඩ පැල්ලම් හොඳට පේනව.

පසු බිම මඩ පාට නම් කරන්න එපා යහලුවනේ. 
ජෝන්ල වගේ.

කැස්ස අපිට, යන එනමං නැතුව යනවා


Wednesday, April 13, 2016

අලුත් අවුරුද්දයි මායි



ඉස්සර අලුත් අවුරුද්ද එනකම් බලන් ඉන්න ප්‍රධානම දේ ඉස්කෝලේ යන්න ඕන නැති වීම. නිවාඩුවක් ලැබෙන නිසා. අනෙක අලුත් ඇඳුමක් ලැබෙනව. එක් වතාවක් කඩෙන් ඇඳුම් ගන්න මුදල් නැතිව දෝ අම්මා ගෙදර මැසූ කමිසය මා ඇන්දේම නැත. එයින් අම්මා ඉතාමත් කනස්සල්ලට පත්වු බව දැනුනි. අම්මා බොහෝම බැගෑපත්වූවත් මා ඇන්දේම නැත. ඉන්පසුව කවදාවත් අම්මා ගෙදර කමිස මැසීමට වේලාව නාස්ති කලේ නැත.

අලුත් අවුරුද්දට ලැබෙන අනෙක් චෑන්ස් එක තමයි සල්ලි ඔට්ටුවට කැට ගැසීමට හා වෙනත් බෝල සෙල්ලම් කිරීමට අවසර ලැබීමයි. මන්ද බේරෙන්න බැරි ලොකු අයියාද එදිනට බූරුව පොලේ ඉන්න නිසාය. මට බූරුවා පොලේ සූදු කෙලීම සපුරා තහනම්ය. අලුත් අවුරුද්දේ බූරුව පොලද අමුතු එකකි. තෝන් ගන්නවා කියා එකෙක් හැම බූරුවා අතෙන්ම 10%ක් වැනි ප්‍රමානයක් ඩැහැ ගනී.

සමහරෙක් පොලිසිය ඔන්න එනෝ කියමින් බයකරයි, පසුව පොලොසිය නාවොත් ඌට සබ්බුව වදියි. වරක් පොලිසිය පැන අවුරුද්දේ බූරු පොලේ සිටියවුන් කීප දෙනෙකු අල්ලාගෙන පැදුරු ඔලුවේ හිස තබාගෙන පොලෝසියට දක්කාගෙන ගියහ.

මා අකමැතිම දේම නම් හවස් යාමයේ ඇතිවන කෝලාහලය. පරන කෝන්තර ඇදගෙන මරාගන්නට හදයි. ලේ හලාගනී. පහු පහුවන විට එවැනි ගෝරි බෝරි අඩුවන්නට විය.

දැන් හැමදාම බෝන උන අවුරුද්දට වැඩියෙන් බොයි.නෑ ගමන් යනවාද නොදනිමි. කෑම පිඟන් හුවමාරුව සිදුවෙයි.  සුභ පැතුම් හුවමාරුවෙයි. වැඩියෙන්ම ටෙක්ස්ට්වලින්. දුරකතනයෙන්. අවසානයේ අතේ තියෙන තුට්ටු දෙකට කෙලවෙනවා මිස බලාපොරොත්තුවන කිසිම දෙයක් අවුරුද්දෙන් වෙනවාදැයි සැකය.
ව්‍යාපාරිකයෝ නම් මොකක් හෝ සූත්තරයක් දමා වෙළඳාමක් කරගනී.
දේශපාලකයෝ අවස්ථාව බලා ඇණ ගසති.
ඇත්තටම අපි අවුරුදු කන්න දන්නවාද? ම හිතන්නේ දන්නේ නැත. විශ්වවිද්‍යාලයට නැතිනම් උසස් අද්‍යාපනයට එන තම බෝට්ටුවේම සිටින කෙනෙකු මැරෙන කම වදදෙන සමාජයක් බිහිවෙලා නම් මොන අවුරුදු කෑමක්ද? අපිට තිබෙන්නේ අවුරුදු කෑම නවත්වා එවැනි අමානුශික සමාජයක් බිහිවීමේ හේතු සොයාබලන ජාතික දිනයක් ලෙස අවුරුද්ද පාවිච්චි කරන්නටය.

ඒ වගේ ප්‍රස්නයක් දැම්මොත් ළමයෝ වැස්සක් එනවා කියා ලිස්සා යයිද,
එන අවුරුද්දෙ බලමු කියයිද,
පත්තරේ තිබුනද එහෙම එකක් කියා අසයිද?
බලමු අවුරුද්දෙන් පස්සෙ මොකද වෙන්නේ කියල.
 කියපුව බොහෝමයි.
කරපුව බොහෝම ටිකයි.



Monday, April 4, 2016

අද හිටං අලුත් මං - සුද්ද වූ අදේශපාලනික කවියකි

කෙතෙක් කල්
සිටියත් 
අසුව 
නියඟෙට
දරුණු

වැස්සකට 
අසු වූ 
තෘණ පත්
දලුලා 
නිල්ලට හැදෙත්

ඊයේ සිදු වූ
 සියලුම දෑ
අමතක කොට
ජීවිතයකට 
සැරසෙත් අලුතින්ම

මමද 
එවන්
තෘණ පතක්
වෙමි
අද හිටං
----------------
අභාෂය ලැබුනේ සොඳුරු සිතගෙ අන්තිම පෝස්ටුවෙනි, බලාපොරොත්තුව
http://sodurusitha.blogspot.com.au/

Thursday, March 31, 2016

මී ලඟ අංචිය - පොල් ගහලා නටපන් නෑනෝ - What is next plot on the card?


හැම පන්සලටම යමු නෑනෝ
හැම මල ගෙදරම යමු නෑනෝ
පොල් ගහලා නටපන් නෑනෝ
ගම්මිරිස් අඹරා තවරන් නෑනෝ
ට්‍රාන්ස්ෆෝමර් ලා ලා අඳුරේ නෑනෝ
පාතාලේ නැගිටුවා ගනිං නෑනෝ
රැස්වීම් තියලා බයකරන් නෑනෝ
ජපානේ ගිහිල්ලා කලු සුදුකරන් නෑනෝ
ඉක්ටා එපෝ කෑ ගහපං නෑනෝ
ජිනීවා ගොස් අඬමුද නෑනෝ
සුයිසයිඩ් ජැකට් තියලා බයකරං නෑනෝ

රජාට රජාවගේ කන්න කියා දුන්නනෙ නෑනෝ
ඒත් මූ කන්නෙ නෑනේ නෑනෝ

ආණ්ඩුවෙන් ශ්‍රී ලනිපෙ එවුන් අදිමුද නෑනෝ
ලොකු උදව්වක් නෑනෝ කරපං නෑනෝ

කුමාර් ගුණරත්නමුත් ඇතුලට දැම්මා නෑනෝ
දැන් කාගෙ කොල්ලොද කඩේ යවන්නේ නෑනෝ

ඊලඟට අපි කුමක් කරමුද නෑනෝ
ශ්‍රී ලනිපය කැඩුවොත් දෙකට නෑනෝ
ගෙදර ගියත් මග හිටියත් අපි නසී නෑනෝ
මගෙ නෑනෝ

Thursday, March 24, 2016

තම්බියෙක් ගැන ඇයි ඔතරම් වේදනා


මහ සිකුරාදා යේසුස්ට වහන්සේට
පුද්ගලයෙකු ලෙස,
අසරණ ජනයාගේ ගැලවුම්කාරයෙකු ලෙස
සිදුවූ මහ විපත අසාධාරනය ගැන
කම්පාවන නොවන කෙනෙකු මිහි මත මත සිටීද

සහසක් සිත් සතන් නැලවූ
සහසක් උතුරේ දකුනේ අසරන ජනයාට බලාපොරොත්තූවක් වූ
විජය කුමාරණතුංග සහෘදයාට සිදුවූ මහවිපත ගැන
දුක්නොවන කෙනෙකු ලංකාවේ සිටීද

88-89 සන්දියේ
කිව නොහැකි ශාරීරික වදහිංසාවලට ලක්වී
කිසිම දෙයකට සම්බන්දයක් නැති අසරන
මියගිය දසදහසක් උන් ගැන
කම්පානොවන සිතක් ලංකාවේ කෙනෙකුට තිබිය හැකිද

මව්වරුන්ගේ කිරි බී ආදරය කරුණාව ලැබ උස් මහත්වී
නිදහස් අධ්‍යාපනයේ දිලෙන තරු රැස
විශ්ව විද්‍යාලයේදී උසස් අධ්‍යාපනය ආයතනයේදී හමුවන
දුප්පත් අසරන කාන්තාවන්ට
වදදෙන්නට තරම් ම්ලේච්ඡවන්නේ  පොන්නයො-වන්නේ කෙසේද

සතෙකුටවත් හිංසාවක් කරනවා බලාඉන්න බැරි
අහිංසක ජනතාවක් වූ ලාංකිකයින්
මේතරම් පහත් තැනකට පත්වූයේ කෙලෙසද?

තාජුඩීන්ගේ මරනය, කෲර ඝාතනය
සම්බන්ධව අන්තර්ජාලයේ තිබුනු
පෝස්ටුවකට ඇවිත්තිබු කොමෙන්ටුවකි
මා මාතෘකාව ලෙස යොදාගත්තේ

සංඝයාවහන්සේලා එක්ක හැප්පෙන්නෙ බලාගෙනලු
ලාංකීය සමාජය ශිෂ්ඨ සම්පන්න කිරීමේ නිලබලය හිමි
සසුනේ වහන්සේකෙනෙක්ගේ කාරුනුක දෙසුමකි ඒ

Wednesday, March 16, 2016

ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව ඇරඹින -තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු- Not to be Too Late.

War tactics  against every day people have just begun successfully
ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව  ඇරඹින
තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු

විදුලිය රට පුරාම හිට්ටෙව්ව
ජලයටත් ප්‍රශ්න ඇති උනා
මහ මාර්ගවලටත් ප්‍රශ්න ඇතිඋනා
කර්මාන්තවලටහා ජාතික ආදායම මෙන්ම
 ආයෝජනවලට බලපෑම් ඇති උනා
සාමාන්ය ජන ජීවිතය රෝහල් 
එදිනෙදා ජීවිකාව සොයාගන්නා සුලු කාර්මිකයින් 
හා කොන්ත්‍රාත්කරුවන්ට පහරක් වැදින.

ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව  ඇරඹින

තව පිරිසක්
සිසුන් නිතර නිතර මහපාරට දක්කයි
පාතාලය නිදහස් කෙරින
දොස්තරලා දෑසටවත් දැක නැති 
එක්ටාවක් අල්ලාගෙන ගෝරිකරයි
සයිබරයේ කෙප්ප සටන ගජරාමෙට දියත්වී ඇත
පන්සල්, ආදාහන උස්සව අරින්නේ නැත
හිරගෙවල් වල නිතරම
මිනිමරුවන්ට පිරිත් නූල්

ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව  ඇරඹින

පරිගණක පද්දති
රාජ්‍ය රහස් ලිපිගොනු
ජල මාර්ග
තෙල් ගබඩා
බේත් හේත්
ආහාර ගබඩා
ආදී ආර්ථික මර්මස්ථාන
වහ වහ රකිනු

තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු
මැරිච්ච කොටියෙක්ට
පන දීල නැගිට්ට්ල අරගෙන
දකුනු ඉන්දියාවේලු ඉන්නේ!?

Thursday, March 3, 2016

බ්ලොගර් කෙනෙක් ප්‍රධාන ධාරාවට යාමෙන් බ්ලොගර්ගේ රැස් ගිලිහේද?


(බලන්න නිල් පාට බිඳක් නැති ඈතින් පෙනෙන නිල්ල- කොළ පාට උනාට නිල්ල)

හූ, හූ, හොරු ඇල්ලුවාදැයි හොරුන්ම අසා වැඩි කල් ගත වුයේ නැත.
හොරෙක්, මහ හොරෙක් හොරු රැලක් දැලට අසුවිය. මෙන්න බොලේ හොරු හිටපු හැටියේ සීනිගම ගියහ. ඉන් මාස කීපයකට පෙර රජයක්, මහ රජයක් කරවූ ලොක්කන් හෙවත් හොරු හොර පොල් කඩා සීනිගම පොල් ගැසුවේ හොරු අල්ලන එෆ් සී අයි ඩී එක මක බෑ වෙලා යන්නටය. අපෝයි සීවරම් දෙයියනේ! වැදුනේ නායකයෙකුගේ පොකට් එකටය. දේවාලේ පිං කැටවලටය. දැන් සීනිගම දෙවියන් වහා කැමරා සවිකරන්නට යයි. එහෙම උනයි කියල, කිසිම සැකයක් හිතට ගන්නව නෙවෙයි ඕං.  දෙවියෝ එහි වැඩ සිටිනවාය.
හෝව් හෝව් පොඩියක් වේට්.. පොල් වැදිල තියෙන්නේ ලසිල්ටද මන්ද. ( එයාව ඉවත් කලේ නෑලු, තව අවුරුද්දකට දික් කලේ නැති එක විතරලු. හැබැයි අනෙක් අයගෙ කාලය අවුරුද්දකින් දික් කරලාලු. කාටද මේ පද පෙරලි අමාත්‍යාංශ ලේකම් තුමෝ? අපෝයි ගිය ආණ්ඩුවෙ මාධ්‍ය ප්‍රකාශකලා ඇණගත් විදිය දැන දැනත් දැක දැකත් මොකද්ද මේ නටන විගඩම?)

ජනපති අගමැති ගැන නොමැතිවුවත් දෙවරක් පැරදී කුජීත වූ මෑන්ස් ගැන ඒ ෆැමිලීස් එකේ අය ගැන ප්‍රවෘති පත්‍රවල රූපවාහිනියේ නොමැති දවසක් නම් නොවරදී. අපෝයි,

බයි වාදී දිවයින, සී නිව්ස් - මාලු නටනව; ඒවා කියවන විට, අපෝයි.
 තව පට්ට ජාතිවාදී හොරෙක් ඉතාලියෙද කොහෙද ටයි කෝට් ඇඳගත්ත හිටපු තානාපති කෙනෙක් මාටියා හගල මාට්ටු, අපෝයි රටේ සල්ලි, කෝ මහලොකු දේශප්‍රේමය.?

ඉට්කාදා ඉක්කාද මක්කද එක තවම තිබෙන්නේ ඩ්‍රාෆ්ට් කරන මට්ටමේය. අගමැතිම එය පිළිගනී. හැබැයි එයා ඉක්කාව සම්මත කරන බව සඵථ කරයි. තර්ජනය කරයි. තග දමයි. දොස්තර මාෆියාවේ කස්ටිය අතර ඉන්න කොහේවත් නැති කබ්බෝ නම් කර ෆෝම් කර බිල්ලෝ බිහිකරන්නට තටටමයි. දැකලවත් නැති මේකම කීයටවත් සම්මත කරන්න දෙන්නේ නැතිබව ජවිපෙ කියයි. පාරම් බායි.
(දැන් ජවිපෙ ලොක්කො සැට් එක හොඳ නලුවන්ය. රතුකොඩිය නැවතත් ගමේ දිය බුං ගහන් කොල්ලන්ට අහසින් පා යකර යවයි. කොරපු හරිය මතකයිනේ කොල්ලන්ට.)
මොකද්ද   මේ කේස් එක. හා සෙල්ලම ?
හොරා පොලිස් නේද.. ?
ආව් ආව් හොරා පොලිස් නේද?

මං මේ කියාගෙන ආවේ ලංකාවේ වත්මන් දේශපාලන තත්වයයි,
එහි තිබෙන විසුලුකාරී මඤ්ඤන් ස්වභාවයයි.
හොඳම පුද්ගලික උදාහරණය පැන්ෂන්ගිය මඤ්ඤන් නීති සිල්වාය.

''අද එකක්,
හෙට එකක්.
 එකට එකක් ප්‍රතිවිරුද්ධ අදහස්. ''

ඒ මදිවට බයිවාදී මාධ්යවලින් ශ්ලෝක මන්තර මෙන් ජපකරන සූත්‍ර ගාථා ජ්‍යොතිෂ අනාවැකි අතරට අතරට මේවාත් එක්කොට උලුප්පා නැව්ත නැවත පෙන්වයි.  තවමත් මිනිහා කට අරියි. ඊයේ කීවේ මොනවාදැයි මිනිහාටම මතක නැත.

මහමාර්ග තදබදය. නීති තදය. තද බදේ නැතත් අනෙක නම් හොඳය. ඒ උනාට ක්‍රමේ සැට් වී තියෙන්නේ පොලෝසියට ජරාව සැට් වෙන විදියටය. එය ජරාව වක්‍රව නොව කෙලින්ම නීතිගත වන ලෙසය. කොළඹ කොටුවේ ප්‍රධාන දුම් රිය පොලේ නිවේදකයා රස්තියාදුකාරයෙක් වගේය. කමිසෙ භාගෙට ඇරිලාය. ඇත්ත; ඉන්න හිටින්න බැරි තරම් රස්නෙය.ෆෑන් එක ගෑ වෙන්නත් මදිය. කතාකරන ඉන්ගිලිසිය ග්‍රීක් වගේය.

මිලියන් ගණනක් විදේශ සේවා නියුක්තිකයින්ගෙන් විශේෂයෙන් ගෘහ සේවිකාවන් විඳිනා දුක් ප්‍රධාන ධාරාවෙන්- දෘෂ්ඨිපථයෙන් පථ විදියට ඈත්කොට ඇත. දෘෂ්ඨිවිතානය මත වැටෙන්නේ සුන්දර දසුන්ය. කොලොන්නාව නරකාදී අපායක්ව බවට පත්කර ඇති කුණු මාෆියාවට බයේ එය උසාවි අස්සේ හංගා ඇත. එයට විරුද්ධව එන හංසයාව (ඔබට මතකද මන්ද ජනපති මෛත්‍රීගේ ඡන්ද ලකුණ) බලයට ගෙන ආ, ජනතාවට පහර දෙයි.

පරණ ආණ්ඩුව අරං තිබෙන ණය කන්දරාව තවම ගණන් බලා නැත.
 මේවා පාලනයට ප්‍රතිපත්ති තිබුනේ නැද්ද?

මේ ආදී වශයෙන් ලංකාව අද පත්ව තිබෙන පිස්සු මඤ්ඤත්වයට
පත්වීමට ප්‍රධාන හේතුවක් අපේ රාජ්‍ය ප්‍රතිපත්ති වල
තිබුනු මඤ්ඤත්වය නොවේද?.


ප්‍රසිද්ධ උදාහරණ

1. 56 භාෂා ප්‍රතිපත්තිය
2. ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය
3. 72 ව්‍යවස්තාව
4. 77 විවෘත ආර්ථික
5. අධ්‍යාපන ප්‍රතිපත්ති
6. කෘෂිකාර්මික ප්‍රතිපත්ති
7. කසල බැහැරකිරීමේ හා ප්‍රතිචක්‍රිය කිරීමේ ප්‍රතිපත්තිය etc, etc

ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය කෙසේද යත්
දැන් අධ්‍යාපන ක්ශේත්‍රයම පෞද්ගලික වී ඇති සෙයකි.
සෞඛ්‍ය ක්ශේත්‍රයම පෞද්ගලික වී ඇති සෙයකි
ප්‍රවාහන සේවයම පෞද්ගලික වී ඇති සෙයකි
ජනසතුකිරීමට පෙර තිබූ තත්වයට නැවත ගොස් ඇත.
ඊටත් වඩා අස්පට්ද මන්ද?

මහද්වීපයට අප සම්බන්ධ විය යුතුය, අනිවාර්‍ය්න්ම වියයුතුය.
ඉන්දියාව සමග මිත්‍රසම්බන්දකම් වගා කර ගත යුතුමය.
(උතුරේ විගාලා යටින් එයට විරුද්ධ නිසාද දකුණෙන් මතුවෙන ඉන්දියන් විරෝධයට උල්පන්දන් දෙන්නේ. )

ඒත් ප්‍රතිපත්ති...
ඒවා විසින් අපව විශාලා මහනුවරකට ඇද දැමූ නිසාද
ප්‍රතිපත්ති ගැන දෙවරක් තුන්වරක් සිතා බැලිය යුතුමය.

බංගලිදේශය සිය නිල ආගම මුස්ලිම් ආගම හලන්නට යයි,
උනුත් අපට ඉදිරියෙනි

අතුරු ප්‍රශ්නයක්!

ලංකාවේ බ්ලොගර්ලාටද ප්‍රතිපත්තියක් තිබිය යුතුද?


Saturday, February 27, 2016

ඇන්ටන් ජෝන්ස් ගේ ප්‍රේමවතීව මහදවල් නිරුවත් කර වෙඩි තැබුවාලු! Cold-Blooded Murders


ඇන්ටන් ජෝන්ස් මෙන්ම ප්‍රවීන ගේය පද සිත්තරෙකු වූද අප ජීවිතවල විශාල වපසරියකට උරුම කම් කියන අජන්තා රණසිංහත් නො එන්නම පිටව ගොසිනි. ඒ රූපසිංහ මාස්ටර් ගැයූ ලෙසම  නාමේ නොදිරණ හා කුණුකය දිරණ බව ස්ඵුට කරමිණි. ස්තූතියි ඔබ දෙපලටම අපේ ජීවිතවලට සතුටක් ගෙනාවාට. ඒ වගේම අනාගතේටත් අනන්තවත් කාලයකට ඒ සතුට ගෙනෙනු ඇත.

ෆාස්ට් ෆෝවර්ඩ් කළ කතාවක්.

එකල ගායකයෝ කවියෝ  මනම්පේරි කතන්දරය රසකර කර කිවූහ.  1971 ජවිපෙ කැරැල්ල සමයේදී රජයේ ආරක්ෂක අංශ අතින් සිදුවූ කෲර අදුරුමිෂඨ ම්ලේච්ඡ මිනිමැරුමක් වූ මෙය 1977  දී දේශපාලකයෝ යහමින් විණුවෝය. 1977 රජය පෙරලෙන්නටද මෙය එක් හේතුවක් විය.

එදා 1971 දී සිදුවූ කෲර සිදුවීමට සමාන ම්ලේච්ඡ සිදුවීමක් ඇඹිලිපිටියේදී ඊයේ පෙරේදා මිනිසුන් බලා සිටියදීම සිදුවිය. ප්‍රේමවතීගේ සිදුවීමෙන් අවුරුදු 45කට පමන පසුවත් පොලොසියේ තත්වය එසේය.

ජනපතිගේ පැවත්ම වෙනුවෙන් යහපාලනයට හොරුන් දූෂකයින් යයි කිවූ කොටස් ආණ්ඩුවට සම්බන්ධකර ගැනීමට සිදුවිය.

අවුරුදු 45කට පසුවත් පොලෝසියේ තත්වය එසේ නම්
හොරු සමග පයිරුපාසානයේ යෙදෙන බලවතුන් සිටී නම් අප ලබාගත් සියලුම ජයග්‍රහණ කණපිට පෙරලෙන්නට වැඩිවේලාවක් ගත නොවනු ඇත.

ඒ නිසා හොරු අල්ලන්න ආපු අය
ජනපති බලතල කපන්න ආපු අය
උතුරට සාමය ගෙනත් දෙනවයි කියපු අය
පවුල් බලයට විරුද්ධව හිටපු අය
තවම ලියලාවත් නැති ගිවිසුමක් කොහොම හරි පාස් කරගන්නවයි කියන අය
තවම ලියලාවත් නැති දෙයක් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතැයි කියන අය ගැන සැකයෙන් බැලීමට ඇති තරම් හේතු තිබේ.

පසුව මනම්පේරි වෙනුවෙන් වේදිකාවල කඳුලු පෙරා බලයට පැමිණි එකල විරුද්ධ පක්ෂය විසින් මුලු ලංකාවම ලේවිලක් බවට පත්කරන ලදි. 77 ඇඬු ඇන්ටන් ජෝන්ලාත් 88-89 දී හා පසුව සොයාගන්නවත් නොහැකිවිය. පවතින මේ වර්තමාන තත්වය කොක්කු සිල් අරගත් තත්වයක් මිස යහපාලනය ස්ථාපිත කිරීම ඉතාම දිගු ගමනක් බව දැන කටයුතු කිරීම යෙහෙකි.

අපේ සිංහලේ උන් හැරෙන හැරෙන පැත්තට හැරී වැල යන අතට මැස්ස ගහන මොකක් හරි වරදක් කරල ඇති ඒකනේ මරන්නේ කියන අති උතුම් ජාතියකි.


ඇන්ටන් ජෝන් ගැයූ ප්‍රේමවතී මනම්පේරි තරුණිය බයිලාවට සවන් දෙන්න, ක්ලික් කරන්න.


Monday, February 15, 2016

ගඩොල් භාගේ වැදිච්ච පාර පූස එළියේ

බයියන්ට පොරක් වෙන්න ගොස්
මෙන්න වෙච්ච වැඩේ, පව්!

කොහොමත් මේ මෑන්ස්ගේ ටිකක් නාහෙට අහන්නෙ නැති 
බයියෙකු නොවෙන 
කාටවත් රෙස්පෙට් නැති ගතියක් කලින්ම ඉඳන්ම තිබුන. 
දැන්වත් ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි 
බයිවාදය ඇරුනහම තවත් වාද මේලෝකෙ තිබෙන බව.

ෆීල්ඩ් මාශල් දියවන්නාවට ගොඩ බැහැල
නීතිපති පුටුව අලුත්වෙලා
අලුත් අවුරුද්දට අලුත් එලියක්
***
වැලිකඩ කුණු ටිකක් සුද්දකලත් හුණු ටිකක් ගෑවත් කස්ටිය උඩ පනිනව, 
ප්‍රභූ සිරකුටි 
ප්‍රභූ සිරකුටි
ගියත් මොකෝ යන්නේ ප්‍රභූ කුටියකටනේ!

කටිනුයි xකෙනුයි කතා කරන පැන්ශන් ගිය නීති සිල්වා මොනවදෝ බයිල වගයක් ආයි කියන්න කට ඇරල. මේව අහන අපිටයි පිස්සු. 
මේ පොරට නම් තදබල මානසික රෝගයක් තියෙනව.
මේ වගේ පිස්සු පොරවල් තමයි පරණ ලොක්කව ඇතිකෙරුවෙත් නැතිකෙරුවෙත්.
****
අප ඉන්නේ ආසියාවේ යුගයෙයි
කතරගම සිට දිල්ලියට පැය තුන හතරකින් බුලට් අධිවේගී දුම් රියෙන් යන කාලය වැඩි ඈතක නොවෙයි, ජිල්මාට්, බ්‍රේක් ගැහිලි, බෙලි කැපිලිවලින් එය නැවත්වීමට කාටවත් නොහැකි වනු ඇත. 
කෝච්චියට නගිනවාද? 
යන කෝච්චියට බුරනවාද ? 
බෙල්ල තියනවාද ?
නැතිනම් අප එයට කඩිනමින් සූදානම් වෙනවාද? 
අධ්‍යාපනයට, වෘත්තීය පුහුණුවට, Research වලට ආයෝජනය කරනවාද?

ලෝකයේ දක්ෂතම පුද්ගලයින්ට ගඩොල් භාග ගසා පන්නාගන්නා මානසිකත්වයක් ඇතිකරනවාද, 
නැතිනම් ඔවුනට ජීවත්වීමට වැඩකිරීමට නිර්මාණ කිරීමට පරිසරයක් අපි ඇතිකරනවාද?
මානව සම්පත් සංවර්ධනයට වැඩි බරක් දමනවාද ? 
අපගේ ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය වැඩිකරකරගෙන තරඟයට මුහුණදෙනවාද ?

සාමන්‍ය ජනතාව සියලුම දේ කැප කර මැදපෙරදිග වාල් වැඩ කරමින් ටිකට් එකක් අරගෙන තියෙන්නේ, කෝච්චියේ නගින්න.
ඉතින් මේ ගමන පයිත්යන් දේශපාලකයින්ට  එය නැවතිය නොහැක.
මෛත්‍රී මාවත ජනතාව තෝරගෙනයි තිබෙන්නේ
ප්‍රශ්න තිබේ. මීතොටමුල්ල කුණු ආදිය, 
මෛත්‍රී හා රනිල් මේවාට විසඳුම් කඩිනම් විසඳුම් දිය යුතුය. 
ඔවුනට පුලුවන්.
බයිවාදයේ ඔවුන් එරී නැත.

Saturday, January 2, 2016

මඩුවල්ගයේ රහස- Time To Revisit Our Cultural Strenghts





මා මීට කලින් ලියූ බ්ලොග්පෝස්ට් එකෙන් ඉල්ලා සිටියේ අපට මඩු වල්ගයක් නත්තල් තෑග්ගක් ලෙස එවන ලෙසය. ඒ, එයින් අපටම තලාගන්නටය. යහපාලන ආණ්ඩුවේ බලවතුන් නටන නාඩගම් දැක්කම කෙනෙකුට එහෙම හිතෙනවාය. එවනවා වෙනුවට මෛත්‍රී ඒකෙන් කාටද තලන්න ඕනෑ යයි කියා මාධ්‍යට ශෝක් තෑග්ගක් දුන්නේය. ශූර දේශපාලකයෙක් වන මෛත්‍රීගේ අතින් එය සිලිප් උනා නොව දුස්රා එකක් බවත් පිතිකරුවන් හා ප්‍රේක්ෂකයින් අඹරන්න දැමු දහං ගැට පන්දුවක් දැයි විමසා බලනු වටී.

කෙසේවතුදු මඩු වල්ග කතන්දරයෙන්, සරමෙන් වැසී තිබුනු වැදගත් කරුණු කීපයක්ම එළියට පැමිණියේ යයි සිතේ. ඒ අතරින් කීපයක් පහත දක්වමි.

1. සිරි ලංකාව පිළිබඳ පැහැදිළි ඉදිරි දර්ශනයක් වත්මන් නායකයාට නැතිබව

2. මෙවන් සංදර්ශන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට උපයෝගී කරගත හැකි බව-මඩුවල්ග කතාවලින් වෙන්නේ එවැනි ව්‍යවසායකයින් අධෛර්‍යයට පත්කිරීමකි.

3. ජාතික වස්තු දෙකක් මෙන් සැලකිය හැකි මහේලත් සංඝාත් සිය හැකියාවන්   රට ප්‍රවර්ධනයට යොදාගන්නා බව

4. විශාල බදු මුදලක් මෙවැනි විනෝදාංගවලින් නගර සභාවලට ඉපයිය හැකි බව

5. සිංහල භාෂාවේ රූඩින් සෘජු ඉංග්‍රීසි බසට පරිවර්තනය නිසා කියවන්නා විශාල අවුලකට යනබව-මඩුවලිගෙන් තලන්නට ඕනෑ බව කීවටා අපි කවුරුත් මඩුවලිගයක් ජීවිතේට දැක නැත.

                                                                     


පසුගිය අවුරුද්දකට ස්වල්පයක් වැඩිකාලයක තුල කෙරුණු මෛත්‍රීගේ සීමිත කියුම්කෙරුම්වලට සවන්දීමෙන් ඔහුගේ ඇදහිළි කීපයක ලක්ෂණ මතුකරගත හැකිය.

1. බණ්ඩාරනායක ප්‍රතිපත්ති

2. මැන්ඩෙලා ලෝලයෙකි-ඊයේ පෙරේදා දැක්ක, පූටින් ලෝලයෙකුත් බව

3. බෞද්ධාගමිකයෙකි, එහෙත් කෝවිල් යයි, මුස්ලිම් පල්ලියට යයි, ක්‍රිස්තියනි-කතෝලික දෙව් මැදුරට යයි.

4. ලංකාවේ සංස්කෘතිය ලෝකයේ හොඳම එකක් බව 

5. ද්විපාක්ශික ප්‍රජාතන්ත්‍රවාදියෙකි-තුන්වැනි පක්ෂයකට ඉඩ නොදේ

6. රැජින අත්මේස් ගලවා අතට අත දුන්බව ලොකු කොට ප්‍රසිද්ධියේ කිව යුතු බව

7. සිය ගැමිගතිය ලංකාව තුළ හොඳට විකිණිය හැකි බව

8. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනිපය තුල ජ්‍යෙෂ්ඨත්වයට සැලකීමක් කලේ නැත-  ජනපති අපේක්ෂකයා ලෙස තරඟකිරීමට ප්‍රධාන හේතුව

9. ජනපති වූයේ සිය සරම නිසා බව-සංස්කෘතියක් සදාචාරයක් සමගින් බ්‍රා කතන්දරය මතුවුයේ හා වෙනත් පාර්ශවයන් වෙතින් එන විරෝධය සමහන් කරගැනීම හා සිය සුදු සරම ආරක්ෂාකරගැනීම පිණිස විය හැක.

                               
                                                            
 අශෝක හඳගම සඳහන් කරනු ඇසුනා, 
ලංකාවේ ආර්ථිකය සවිගන්වන්නට සංචාරක කර්මාන්තය විවිධ අංශ උදාහරණයක් වශයෙන් Events Based Tourism නංවන්න අවශ්‍යයයි කියලා. එන් රික්ස්ගේ ප්‍රසංගය නරඹන්න ඉන්දියාවෙන් හා බංග්ලාදේශයන් පවා රසිකයින් පැමිණියා කියලා. ඇත්තටම මේවැනි ප්‍රසංග දිරිගැන්වීමයි කලයුත්තේ. මා කලිනුත් ලියා තිබෙනවා ලංකාවේ දාන මාන ෆෝන් කාඩ් ආර්තිකයෙන් මුදවාගෙන සැබෑ ආර්තික ක්‍රියාකාරීත්වයකට රට ගෙනියන්නට සංගා මහේල වැනි ජාතික වස්තූන්ගෙන් වැඩක් ගත යුතුය කියල. ඔවුන් එලෙසින්ම ඔවුන්ගේ කටයුත්ත කරගෙන යනවා. අප එයට දිරි දිය යුතුයි.
එමෙන්ම මඩු වල්ග කතාවෙනුත් මතුවන අපේ සංස්කෘතික, සම්ප්‍රදාය , අනන්‍යතාවයන්, ප්‍රාදේශීය අනන්‍යතාවන්, ප්‍රාදේශීය කර්මාන්ත, කලා සම්ප්‍රදායන් දියුණු කොට දේශීය හා අන්තර්ජාතික සංචාරක කර්මාන්තය නැංවීමට මඩුවල්ග කතිකාව අත්වැලක් කොට ගත යුතුය.

2015 විප්ලවීය වසරක්, 2016 එය ඉදිරියට ගෙනයන වසරක් කරගැනීමට නම් දේශපාලකයින් හා මාධ්‍ය විසින් දෙන ලණු නොකා රටේත් ජනතාවගේත් ඉදිරිය පිණිස වැඩපිලිවෙලක් දමාගැනීමට බලපෑම් කිරීමට උත්සුක විය යුතුය. සිංහලේ වැනි ජාතිවාදී උපා උපක්‍රමවල යටි අරුත් තේරුම් ගනිමින් ඒවා පරදවමින් ජාතික සමගියට යටිඋගුල් අටවන බලවේග තේරුම් ගෙන ඒවා පරදවමින් ඉදිරියට යෑමට අදිටන් කරගත යුතුවෙමු.
                                    

                                 ශුභ 2016ක් වේවා!