Followers

Saturday, January 2, 2016

මඩුවල්ගයේ රහස- Time To Revisit Our Cultural Strenghts





මා මීට කලින් ලියූ බ්ලොග්පෝස්ට් එකෙන් ඉල්ලා සිටියේ අපට මඩු වල්ගයක් නත්තල් තෑග්ගක් ලෙස එවන ලෙසය. ඒ, එයින් අපටම තලාගන්නටය. යහපාලන ආණ්ඩුවේ බලවතුන් නටන නාඩගම් දැක්කම කෙනෙකුට එහෙම හිතෙනවාය. එවනවා වෙනුවට මෛත්‍රී ඒකෙන් කාටද තලන්න ඕනෑ යයි කියා මාධ්‍යට ශෝක් තෑග්ගක් දුන්නේය. ශූර දේශපාලකයෙක් වන මෛත්‍රීගේ අතින් එය සිලිප් උනා නොව දුස්රා එකක් බවත් පිතිකරුවන් හා ප්‍රේක්ෂකයින් අඹරන්න දැමු දහං ගැට පන්දුවක් දැයි විමසා බලනු වටී.

කෙසේවතුදු මඩු වල්ග කතන්දරයෙන්, සරමෙන් වැසී තිබුනු වැදගත් කරුණු කීපයක්ම එළියට පැමිණියේ යයි සිතේ. ඒ අතරින් කීපයක් පහත දක්වමි.

1. සිරි ලංකාව පිළිබඳ පැහැදිළි ඉදිරි දර්ශනයක් වත්මන් නායකයාට නැතිබව

2. මෙවන් සංදර්ශන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට උපයෝගී කරගත හැකි බව-මඩුවල්ග කතාවලින් වෙන්නේ එවැනි ව්‍යවසායකයින් අධෛර්‍යයට පත්කිරීමකි.

3. ජාතික වස්තු දෙකක් මෙන් සැලකිය හැකි මහේලත් සංඝාත් සිය හැකියාවන්   රට ප්‍රවර්ධනයට යොදාගන්නා බව

4. විශාල බදු මුදලක් මෙවැනි විනෝදාංගවලින් නගර සභාවලට ඉපයිය හැකි බව

5. සිංහල භාෂාවේ රූඩින් සෘජු ඉංග්‍රීසි බසට පරිවර්තනය නිසා කියවන්නා විශාල අවුලකට යනබව-මඩුවලිගෙන් තලන්නට ඕනෑ බව කීවටා අපි කවුරුත් මඩුවලිගයක් ජීවිතේට දැක නැත.

                                                                     


පසුගිය අවුරුද්දකට ස්වල්පයක් වැඩිකාලයක තුල කෙරුණු මෛත්‍රීගේ සීමිත කියුම්කෙරුම්වලට සවන්දීමෙන් ඔහුගේ ඇදහිළි කීපයක ලක්ෂණ මතුකරගත හැකිය.

1. බණ්ඩාරනායක ප්‍රතිපත්ති

2. මැන්ඩෙලා ලෝලයෙකි-ඊයේ පෙරේදා දැක්ක, පූටින් ලෝලයෙකුත් බව

3. බෞද්ධාගමිකයෙකි, එහෙත් කෝවිල් යයි, මුස්ලිම් පල්ලියට යයි, ක්‍රිස්තියනි-කතෝලික දෙව් මැදුරට යයි.

4. ලංකාවේ සංස්කෘතිය ලෝකයේ හොඳම එකක් බව 

5. ද්විපාක්ශික ප්‍රජාතන්ත්‍රවාදියෙකි-තුන්වැනි පක්ෂයකට ඉඩ නොදේ

6. රැජින අත්මේස් ගලවා අතට අත දුන්බව ලොකු කොට ප්‍රසිද්ධියේ කිව යුතු බව

7. සිය ගැමිගතිය ලංකාව තුළ හොඳට විකිණිය හැකි බව

8. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනිපය තුල ජ්‍යෙෂ්ඨත්වයට සැලකීමක් කලේ නැත-  ජනපති අපේක්ෂකයා ලෙස තරඟකිරීමට ප්‍රධාන හේතුව

9. ජනපති වූයේ සිය සරම නිසා බව-සංස්කෘතියක් සදාචාරයක් සමගින් බ්‍රා කතන්දරය මතුවුයේ හා වෙනත් පාර්ශවයන් වෙතින් එන විරෝධය සමහන් කරගැනීම හා සිය සුදු සරම ආරක්ෂාකරගැනීම පිණිස විය හැක.

                               
                                                            
 අශෝක හඳගම සඳහන් කරනු ඇසුනා, 
ලංකාවේ ආර්ථිකය සවිගන්වන්නට සංචාරක කර්මාන්තය විවිධ අංශ උදාහරණයක් වශයෙන් Events Based Tourism නංවන්න අවශ්‍යයයි කියලා. එන් රික්ස්ගේ ප්‍රසංගය නරඹන්න ඉන්දියාවෙන් හා බංග්ලාදේශයන් පවා රසිකයින් පැමිණියා කියලා. ඇත්තටම මේවැනි ප්‍රසංග දිරිගැන්වීමයි කලයුත්තේ. මා කලිනුත් ලියා තිබෙනවා ලංකාවේ දාන මාන ෆෝන් කාඩ් ආර්තිකයෙන් මුදවාගෙන සැබෑ ආර්තික ක්‍රියාකාරීත්වයකට රට ගෙනියන්නට සංගා මහේල වැනි ජාතික වස්තූන්ගෙන් වැඩක් ගත යුතුය කියල. ඔවුන් එලෙසින්ම ඔවුන්ගේ කටයුත්ත කරගෙන යනවා. අප එයට දිරි දිය යුතුයි.
එමෙන්ම මඩු වල්ග කතාවෙනුත් මතුවන අපේ සංස්කෘතික, සම්ප්‍රදාය , අනන්‍යතාවයන්, ප්‍රාදේශීය අනන්‍යතාවන්, ප්‍රාදේශීය කර්මාන්ත, කලා සම්ප්‍රදායන් දියුණු කොට දේශීය හා අන්තර්ජාතික සංචාරක කර්මාන්තය නැංවීමට මඩුවල්ග කතිකාව අත්වැලක් කොට ගත යුතුය.

2015 විප්ලවීය වසරක්, 2016 එය ඉදිරියට ගෙනයන වසරක් කරගැනීමට නම් දේශපාලකයින් හා මාධ්‍ය විසින් දෙන ලණු නොකා රටේත් ජනතාවගේත් ඉදිරිය පිණිස වැඩපිලිවෙලක් දමාගැනීමට බලපෑම් කිරීමට උත්සුක විය යුතුය. සිංහලේ වැනි ජාතිවාදී උපා උපක්‍රමවල යටි අරුත් තේරුම් ගනිමින් ඒවා පරදවමින් ජාතික සමගියට යටිඋගුල් අටවන බලවේග තේරුම් ගෙන ඒවා පරදවමින් ඉදිරියට යෑමට අදිටන් කරගත යුතුවෙමු.
                                    

                                 ශුභ 2016ක් වේවා!




18 comments:

  1. Replies
    1. පුදුමයි,
      මහිතන්නේ යූ එන් පියට
      විශේෂයෙන් රනිල්ට එරෙහි මොනවත් මේ පෝස්ටුවේ නැති නිසා වෙන්නැති

      Delete
  2. http://surffishing.tripod.com/stingray.html

    ReplyDelete
  3. බෞද්ධාගමිකයෙකි, එහෙත් කෝවිල් යයි, මුස්ලිම් පල්ලියට යයි, ක්‍රිස්තියනි-කතෝලික දෙව් මැදුරට යයි.

    මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනිපය තුල ජ්‍යෙෂ්ඨත්වයට සැලකීමක් කලේ නැත- ජනපති අපේක්ෂකයා ලෙස තරඟකිරීමට ප්‍රධාන හේතුව

    ඇයි එව්වා බොරුද? මරා පල්ලි පන්සල් කෝවිල් යනකොට හොඳයි. සිරා ගියොත් වැරදියි.

    මරාට වඩා සිරා සීනියර්. සිරා මතිනිගේ කාලයේ මිනිහෙක්. මරා එතකොට දේශපාලනේට හුජ්ජ කොල්ලෙක්

    අම්මා, අක්කා, නංගි, වේසාකමේ යොදවලා ටුවරිස්ට්ලා ගොඩක් ගෙන්නවලා සල්ලි ගොඩක් හොයන්න පුළුවන්

    සංගා මහේල ජාතික වස්තු වන්නට ජාතික සේවයක් ඉටුකළ අය වෙන්න ඕනේ. පඩියට ක්‍රිකට් ගැහීම ජාතික සේවයක් නෙවේ.ඔවුන් අති දහ්ෂ, දුර්ලභ ක්‍රීඩකයින් නමුත් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති අපේ සංස්කෘතික සීමාවන් ඉක්මවා යනවානම් මඩු වල්ගෙන් පොඩි පාරක්වත් දෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ සමග එතරම්ම අවුලක් නෑ.
      අම්ම්ලා අක්කලාව වේස කමේ යොදවන්න කවුද කීවේ.
      සංචාරක කර්මාන්තය දැන් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් දශක ගනනාවක සිට.

      අම්මා අක්කලා වහල් සේවයට යවන එක අවුලක් නැද්ද

      පඩියට තමයි ඔක්කොම ජාතික වස්තුයි කියන හැම කෙනෙක්ම වැඩකරන්නේ,
      ඒ මිනිස්සුත් ජීවත් වෙන්නේ එපායෑ

      Delete
    2. දයල්, අම්මලා අක්කලා වෙසාකමේ යොදවන්න ඕනේ නෑ. ඉන්දුනීසියාවේ, තායිලන්තයේ, ඉන්දියාවේ සමහර පැතිවල දැන් ඒ වැඩේ ජයටම කෙරෙනවා කාලයක ඉඳලා. සංගීත සංදර්ශනයක් තියලා පහුවදා උදේ පිට්ටනියේ තිබිලා ජංගි සහ කොන්ඩෝම් හම්බවෙන්නේ, ඔය බ්‍රසීයර් ගලවලා විසිකරන්නේ, හොරෙන් හොරෙන් කොළඹ හෝටල්වල මේල් ස්ට්‍රිපර් ලා යොදවන්නේ අම්මලා අක්කලා විකිණීමේ පටන් ගැනීමක් හැටියට,

      සෝලියස් මෙන්ඩිස්, LTP මන්ජුශ්‍රී, මාර්ටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස, පඩිය බලාගෙන වැඩකලේ නැහැ. බිස්නස් කලේ නැහැ. අන්න නියම ජාතික වස්තු.

      ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඔව් ඒ වුනාට රට කන බිස්නස් නොකර.

      Delete
  4. අපේ රටට එන සුද්දෝ අහන්නේ මෙහේ මොනවද කරන්න තියෙන්නේ කියලා.. සුද්දන්ට එන්ටර්ටෙන්මන්ට් නැති උනොත් තව ටික දවසක් යනකොට මෙහෙට එන සුද්දෝ අනිවාර්යයෙන් අඩු වෙනවා.. ඔය එකෙක් දෙන්නෙක් එයි බණ භාවනා කරන්න... වත්මනෙහි ටුවරිසම් කියන්නේ මොක්කද කියලා නොදන්න හරක් ඉන්න රටක් මේක.. මැලේසියාව මුස්ලිම් රටක්.. ඒත් එහේ කැසිනෝ තියෙන තැන් ළෝක ප්‍රසිද්ධයි... බැංකොක් වලට එන්නේ ඒහේ නයිට් ලයිෆ් එකට... මෙහේ සීගිරිය තියෙනවා තමයි.. ඒත් රෑට කොළබවත් මෙළෝ දෙයක් නෑ... අපේ උන් හිතාගෙන ඉන්නේ අපේ සිරිත් විරිත් උන් පිලිගන්න ඕන කියලා.. ඒත් උන් මෙහේ ඇවිත් හොයන්නෙත් උන්ට පුරුදු දේ..

    සිරිසේන සමඟ අබ සරණ මිස වෙන සරණක් නැත.. මේ පෙන්වූයේ ඔහුගේ දේදපාලන අනාතභාවයයි...

    ReplyDelete
  5. සිරිසේන මේ පෙන්වූයේ ඔහුගේ සංස්කෘතික පසුගාමී බවයි

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඊට අමතරව, ජාතිය ආගම අනන්‍යතාවය ගැන කතා කිරීමෙන් ප්‍රතිරූපය පවත්වා ගැනීමට හිතුවා වෙන්නත් ඇති.

      Delete
    2. මහින්ද සමග එකට හිට ගත්තා වගේ කියල කිව්වොත්?

      Delete
  6. මඩු වලිගය දෙවැනි වුණේ බ්‍රා ඒකට විතරයි නේද????

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි පෙනෙන්නේ

      Delete
  7. හරියට හරි දයාල්.සිරිසේන ජනාධිපතිවරයා එම ප්‍රසංගය ගැන දැක්වූ අදහස් ජනපතිවරයකුට තරම් නොවේ.එක හරියට ගමේ පෙන්වන්න ආපු බයිස්කෝප් එකකට විරුද්ධව සරම කරට අරන් කඩේ ගාව කෑ ගහන මෝඩ ගැමියෙක්ගේ වැඩක් වගේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත,
      ඒ උනත ඕව ගොඩක් ඇට්ටිං

      Delete
  8. 2016 දී වත් මොනවා හරි කරමු. අමාරුම වැඩේ මේක ගෙනියන එක හරි විධිහට.

    ReplyDelete
  9. සුබ නව වසරක්.

    ReplyDelete
  10. සියයට සියයක් එකඟයි..... ඔය හැම එකාටම වගේ හීනමානෙකුත් ලාවට තියනබව පේනව..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්