Followers

Saturday, February 27, 2016

ඇන්ටන් ජෝන්ස් ගේ ප්‍රේමවතීව මහදවල් නිරුවත් කර වෙඩි තැබුවාලු! Cold-Blooded Murders


ඇන්ටන් ජෝන්ස් මෙන්ම ප්‍රවීන ගේය පද සිත්තරෙකු වූද අප ජීවිතවල විශාල වපසරියකට උරුම කම් කියන අජන්තා රණසිංහත් නො එන්නම පිටව ගොසිනි. ඒ රූපසිංහ මාස්ටර් ගැයූ ලෙසම  නාමේ නොදිරණ හා කුණුකය දිරණ බව ස්ඵුට කරමිණි. ස්තූතියි ඔබ දෙපලටම අපේ ජීවිතවලට සතුටක් ගෙනාවාට. ඒ වගේම අනාගතේටත් අනන්තවත් කාලයකට ඒ සතුට ගෙනෙනු ඇත.

ෆාස්ට් ෆෝවර්ඩ් කළ කතාවක්.

එකල ගායකයෝ කවියෝ  මනම්පේරි කතන්දරය රසකර කර කිවූහ.  1971 ජවිපෙ කැරැල්ල සමයේදී රජයේ ආරක්ෂක අංශ අතින් සිදුවූ කෲර අදුරුමිෂඨ ම්ලේච්ඡ මිනිමැරුමක් වූ මෙය 1977  දී දේශපාලකයෝ යහමින් විණුවෝය. 1977 රජය පෙරලෙන්නටද මෙය එක් හේතුවක් විය.

එදා 1971 දී සිදුවූ කෲර සිදුවීමට සමාන ම්ලේච්ඡ සිදුවීමක් ඇඹිලිපිටියේදී ඊයේ පෙරේදා මිනිසුන් බලා සිටියදීම සිදුවිය. ප්‍රේමවතීගේ සිදුවීමෙන් අවුරුදු 45කට පමන පසුවත් පොලොසියේ තත්වය එසේය.

ජනපතිගේ පැවත්ම වෙනුවෙන් යහපාලනයට හොරුන් දූෂකයින් යයි කිවූ කොටස් ආණ්ඩුවට සම්බන්ධකර ගැනීමට සිදුවිය.

අවුරුදු 45කට පසුවත් පොලෝසියේ තත්වය එසේ නම්
හොරු සමග පයිරුපාසානයේ යෙදෙන බලවතුන් සිටී නම් අප ලබාගත් සියලුම ජයග්‍රහණ කණපිට පෙරලෙන්නට වැඩිවේලාවක් ගත නොවනු ඇත.

ඒ නිසා හොරු අල්ලන්න ආපු අය
ජනපති බලතල කපන්න ආපු අය
උතුරට සාමය ගෙනත් දෙනවයි කියපු අය
පවුල් බලයට විරුද්ධව හිටපු අය
තවම ලියලාවත් නැති ගිවිසුමක් කොහොම හරි පාස් කරගන්නවයි කියන අය
තවම ලියලාවත් නැති දෙයක් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතැයි කියන අය ගැන සැකයෙන් බැලීමට ඇති තරම් හේතු තිබේ.

පසුව මනම්පේරි වෙනුවෙන් වේදිකාවල කඳුලු පෙරා බලයට පැමිණි එකල විරුද්ධ පක්ෂය විසින් මුලු ලංකාවම ලේවිලක් බවට පත්කරන ලදි. 77 ඇඬු ඇන්ටන් ජෝන්ලාත් 88-89 දී හා පසුව සොයාගන්නවත් නොහැකිවිය. පවතින මේ වර්තමාන තත්වය කොක්කු සිල් අරගත් තත්වයක් මිස යහපාලනය ස්ථාපිත කිරීම ඉතාම දිගු ගමනක් බව දැන කටයුතු කිරීම යෙහෙකි.

අපේ සිංහලේ උන් හැරෙන හැරෙන පැත්තට හැරී වැල යන අතට මැස්ස ගහන මොකක් හරි වරදක් කරල ඇති ඒකනේ මරන්නේ කියන අති උතුම් ජාතියකි.


ඇන්ටන් ජෝන් ගැයූ ප්‍රේමවතී මනම්පේරි තරුණිය බයිලාවට සවන් දෙන්න, ක්ලික් කරන්න.


20 comments:

  1. මරු ආ කල මිතුරේ බේරෙන්න බෑ සසරේ...
    කාගෙද මට වරද නොතේරේ.. - ඇන්ටන් ජෝන්ස් -

    මේ අයුරින් අපි සංසාරේ අතරමගදි වෙන් වෙන්න ඇති - අජන්තා රණසිංහ -

    ReplyDelete
    Replies
    1. අමාරු ජීවිතෙන් පාර මාරුවෙන්න
      මරු ගීතවලින් මාර වැඩක් කළ
      මරු වැඩ්ඩො ඩබලක්

      Delete
  2. ප්‍රේමවතීගේ සිදුවීමෙන් අවුරුදු 45කට පමන පසුවත් පොලොසියේ තත්වය එසේය////////// +++++++++++

    ReplyDelete
    Replies
    1. මෙය නිවැරදි අදහසක් වැරදියට කීමකි.

      ප්‍රේමවතීව මැරුවේ ආමි එකෙන් නේද?

      Delete
    2. gono e army eka ayithi e kale rajayata neweyida

      Delete
    3. රසිකොලොජිස්ට් සමග එකඟයි.
      ඒත් රජයේ ආරක්ෂක අංශ කියා මා යොදා තිබෙන්නේ ඒ හේතුව නිසයි. ඒත් ගම්‍යවන අදහසක් නිසා එය වෙනස් කළ යුතුයි.

      Delete
  3. Premawathie's murder suspects Lieutenant A. Wijesuriya, a Volunteer member of the Ceylon Army, attached to the 3rd Gemunu Watch, and a member of the Volunteer Force were brought into trial and found guilty for attempted murder on the April 17, 1971 by shooting her with Sterling sub-machine guns, an un-identified soldier shot her head with a rifle to death. The two accused were sentenced to 16 years rigorous imprisonment.[3] Later in 1988 Lieutenant A. Wijesuriya was killed by the suspected JVP hit team at Matara as a punishment for the murder of Premawathie.

    (Wikipedia)

    ReplyDelete
  4. Lieutenant A. Wijesuriya was killed by the suspected JVP hit team at Matara as a punishment for the murder of Premawathie.

    අප්පට හුඩු විචාරක ලොක්කත් බයිලා කියනවා 88/89 කරපුවා ගැන කොයිවෙලේ හරි කයිද දන්නේ නෑ

    ReplyDelete
  5. දෙදෙනාටම නිවන් සුව.

    නොදන්න දේවල් කතා කරන්න ගිහින් අපහසුතාවට පත් වීමට කැමති නෑ.....

    ReplyDelete
    Replies
    1. අපහසුවට පත්වීම කෙසේ වෙතත් වැදගත් දෙය ඉදිරීයට දැමිය යුතුයි
      සාකච්ඡාව පිණිස

      Delete
  6. ඔවුන්ට නිවන් සුව!!

    මිනිස්සු මැරෙන එක නවත්වන්න බැහැ. හැබැයි පොලිසිය මිනි මරන එක නවත්තන්න පුලුවන්. නමුත් ඒකත් කවදාවත් නවතින එකක් නැහැ මේ විදිහට.Aru

    ReplyDelete
    Replies
    1. රාළහාමි මං පොලිසියේ රාළහාමි මං -නීතිය ආරක්ෂා කරන නිලධාරියා මං

      කියන සින්දුව අපි පුංචි කලේ ඉඳලා අහලා තිබ්බත් නීතිය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන් හරියට දැකලා නැහැනේ.නීතිය ආරක්ෂා කරන නිලධාරීන්ට වඩා ඉන්නේ නීතිය කඩනකම් හැංගිලා බලාගෙන ඉන්න උන්නේ.

      මිනී පෙන්නලා බලේට එන උන් කලින් උන්ට වඩා මිනි මරනවා.

      Delete
  7. පොස්ට් එකේ තියෙන කතාවට අගතියක් මිසක් කිසිම සුගතියක් වෙලා නෑ මාතෘකාවෙන්.. :(

    ReplyDelete
    Replies
    1. සමහරවිට මගේ මාතෘකාවයි කන්ටෙන්ට් එකයි අතර කෙලින්ම සම්බන්ධයක් නැත යයි පෙනෙන්න පුලුවන්. නමුත් මාඑයින් කවුලු කීපයක්ම විවෘත කරනවා.

      Delete
  8. එළිපිට හොරු එලවන්නට තවත් හොර රැළක් යොදාගත් අපි, ඒ හොරුන්ටත් හොරකම් කරන්නට ඉඩ දී පසුකාලීනව උන් එළවිමට පැරණි හොරුන්ම පත් කරගනිමුද?

    ReplyDelete
  9. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්