Followers

Thursday, March 3, 2016

බ්ලොගර් කෙනෙක් ප්‍රධාන ධාරාවට යාමෙන් බ්ලොගර්ගේ රැස් ගිලිහේද?


(බලන්න නිල් පාට බිඳක් නැති ඈතින් පෙනෙන නිල්ල- කොළ පාට උනාට නිල්ල)

හූ, හූ, හොරු ඇල්ලුවාදැයි හොරුන්ම අසා වැඩි කල් ගත වුයේ නැත.
හොරෙක්, මහ හොරෙක් හොරු රැලක් දැලට අසුවිය. මෙන්න බොලේ හොරු හිටපු හැටියේ සීනිගම ගියහ. ඉන් මාස කීපයකට පෙර රජයක්, මහ රජයක් කරවූ ලොක්කන් හෙවත් හොරු හොර පොල් කඩා සීනිගම පොල් ගැසුවේ හොරු අල්ලන එෆ් සී අයි ඩී එක මක බෑ වෙලා යන්නටය. අපෝයි සීවරම් දෙයියනේ! වැදුනේ නායකයෙකුගේ පොකට් එකටය. දේවාලේ පිං කැටවලටය. දැන් සීනිගම දෙවියන් වහා කැමරා සවිකරන්නට යයි. එහෙම උනයි කියල, කිසිම සැකයක් හිතට ගන්නව නෙවෙයි ඕං.  දෙවියෝ එහි වැඩ සිටිනවාය.
හෝව් හෝව් පොඩියක් වේට්.. පොල් වැදිල තියෙන්නේ ලසිල්ටද මන්ද. ( එයාව ඉවත් කලේ නෑලු, තව අවුරුද්දකට දික් කලේ නැති එක විතරලු. හැබැයි අනෙක් අයගෙ කාලය අවුරුද්දකින් දික් කරලාලු. කාටද මේ පද පෙරලි අමාත්‍යාංශ ලේකම් තුමෝ? අපෝයි ගිය ආණ්ඩුවෙ මාධ්‍ය ප්‍රකාශකලා ඇණගත් විදිය දැන දැනත් දැක දැකත් මොකද්ද මේ නටන විගඩම?)

ජනපති අගමැති ගැන නොමැතිවුවත් දෙවරක් පැරදී කුජීත වූ මෑන්ස් ගැන ඒ ෆැමිලීස් එකේ අය ගැන ප්‍රවෘති පත්‍රවල රූපවාහිනියේ නොමැති දවසක් නම් නොවරදී. අපෝයි,

බයි වාදී දිවයින, සී නිව්ස් - මාලු නටනව; ඒවා කියවන විට, අපෝයි.
 තව පට්ට ජාතිවාදී හොරෙක් ඉතාලියෙද කොහෙද ටයි කෝට් ඇඳගත්ත හිටපු තානාපති කෙනෙක් මාටියා හගල මාට්ටු, අපෝයි රටේ සල්ලි, කෝ මහලොකු දේශප්‍රේමය.?

ඉට්කාදා ඉක්කාද මක්කද එක තවම තිබෙන්නේ ඩ්‍රාෆ්ට් කරන මට්ටමේය. අගමැතිම එය පිළිගනී. හැබැයි එයා ඉක්කාව සම්මත කරන බව සඵථ කරයි. තර්ජනය කරයි. තග දමයි. දොස්තර මාෆියාවේ කස්ටිය අතර ඉන්න කොහේවත් නැති කබ්බෝ නම් කර ෆෝම් කර බිල්ලෝ බිහිකරන්නට තටටමයි. දැකලවත් නැති මේකම කීයටවත් සම්මත කරන්න දෙන්නේ නැතිබව ජවිපෙ කියයි. පාරම් බායි.
(දැන් ජවිපෙ ලොක්කො සැට් එක හොඳ නලුවන්ය. රතුකොඩිය නැවතත් ගමේ දිය බුං ගහන් කොල්ලන්ට අහසින් පා යකර යවයි. කොරපු හරිය මතකයිනේ කොල්ලන්ට.)
මොකද්ද   මේ කේස් එක. හා සෙල්ලම ?
හොරා පොලිස් නේද.. ?
ආව් ආව් හොරා පොලිස් නේද?

මං මේ කියාගෙන ආවේ ලංකාවේ වත්මන් දේශපාලන තත්වයයි,
එහි තිබෙන විසුලුකාරී මඤ්ඤන් ස්වභාවයයි.
හොඳම පුද්ගලික උදාහරණය පැන්ෂන්ගිය මඤ්ඤන් නීති සිල්වාය.

''අද එකක්,
හෙට එකක්.
 එකට එකක් ප්‍රතිවිරුද්ධ අදහස්. ''

ඒ මදිවට බයිවාදී මාධ්යවලින් ශ්ලෝක මන්තර මෙන් ජපකරන සූත්‍ර ගාථා ජ්‍යොතිෂ අනාවැකි අතරට අතරට මේවාත් එක්කොට උලුප්පා නැව්ත නැවත පෙන්වයි.  තවමත් මිනිහා කට අරියි. ඊයේ කීවේ මොනවාදැයි මිනිහාටම මතක නැත.

මහමාර්ග තදබදය. නීති තදය. තද බදේ නැතත් අනෙක නම් හොඳය. ඒ උනාට ක්‍රමේ සැට් වී තියෙන්නේ පොලෝසියට ජරාව සැට් වෙන විදියටය. එය ජරාව වක්‍රව නොව කෙලින්ම නීතිගත වන ලෙසය. කොළඹ කොටුවේ ප්‍රධාන දුම් රිය පොලේ නිවේදකයා රස්තියාදුකාරයෙක් වගේය. කමිසෙ භාගෙට ඇරිලාය. ඇත්ත; ඉන්න හිටින්න බැරි තරම් රස්නෙය.ෆෑන් එක ගෑ වෙන්නත් මදිය. කතාකරන ඉන්ගිලිසිය ග්‍රීක් වගේය.

මිලියන් ගණනක් විදේශ සේවා නියුක්තිකයින්ගෙන් විශේෂයෙන් ගෘහ සේවිකාවන් විඳිනා දුක් ප්‍රධාන ධාරාවෙන්- දෘෂ්ඨිපථයෙන් පථ විදියට ඈත්කොට ඇත. දෘෂ්ඨිවිතානය මත වැටෙන්නේ සුන්දර දසුන්ය. කොලොන්නාව නරකාදී අපායක්ව බවට පත්කර ඇති කුණු මාෆියාවට බයේ එය උසාවි අස්සේ හංගා ඇත. එයට විරුද්ධව එන හංසයාව (ඔබට මතකද මන්ද ජනපති මෛත්‍රීගේ ඡන්ද ලකුණ) බලයට ගෙන ආ, ජනතාවට පහර දෙයි.

පරණ ආණ්ඩුව අරං තිබෙන ණය කන්දරාව තවම ගණන් බලා නැත.
 මේවා පාලනයට ප්‍රතිපත්ති තිබුනේ නැද්ද?

මේ ආදී වශයෙන් ලංකාව අද පත්ව තිබෙන පිස්සු මඤ්ඤත්වයට
පත්වීමට ප්‍රධාන හේතුවක් අපේ රාජ්‍ය ප්‍රතිපත්ති වල
තිබුනු මඤ්ඤත්වය නොවේද?.


ප්‍රසිද්ධ උදාහරණ

1. 56 භාෂා ප්‍රතිපත්තිය
2. ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය
3. 72 ව්‍යවස්තාව
4. 77 විවෘත ආර්ථික
5. අධ්‍යාපන ප්‍රතිපත්ති
6. කෘෂිකාර්මික ප්‍රතිපත්ති
7. කසල බැහැරකිරීමේ හා ප්‍රතිචක්‍රිය කිරීමේ ප්‍රතිපත්තිය etc, etc

ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය කෙසේද යත්
දැන් අධ්‍යාපන ක්ශේත්‍රයම පෞද්ගලික වී ඇති සෙයකි.
සෞඛ්‍ය ක්ශේත්‍රයම පෞද්ගලික වී ඇති සෙයකි
ප්‍රවාහන සේවයම පෞද්ගලික වී ඇති සෙයකි
ජනසතුකිරීමට පෙර තිබූ තත්වයට නැවත ගොස් ඇත.
ඊටත් වඩා අස්පට්ද මන්ද?

මහද්වීපයට අප සම්බන්ධ විය යුතුය, අනිවාර්‍ය්න්ම වියයුතුය.
ඉන්දියාව සමග මිත්‍රසම්බන්දකම් වගා කර ගත යුතුමය.
(උතුරේ විගාලා යටින් එයට විරුද්ධ නිසාද දකුණෙන් මතුවෙන ඉන්දියන් විරෝධයට උල්පන්දන් දෙන්නේ. )

ඒත් ප්‍රතිපත්ති...
ඒවා විසින් අපව විශාලා මහනුවරකට ඇද දැමූ නිසාද
ප්‍රතිපත්ති ගැන දෙවරක් තුන්වරක් සිතා බැලිය යුතුමය.

බංගලිදේශය සිය නිල ආගම මුස්ලිම් ආගම හලන්නට යයි,
උනුත් අපට ඉදිරියෙනි

අතුරු ප්‍රශ්නයක්!

ලංකාවේ බ්ලොගර්ලාටද ප්‍රතිපත්තියක් තිබිය යුතුද?


29 comments:

  1. 'බංගලිදේශය සිය නිල ආගම මුස්ලිම් ආගම හලන්නට යයි, උනුත් අපට ඉදිරියෙනි'.

    පිස්සු කතා කරනවද ඒ වගේද අපි සිංහ ලේ මිනිස්සු හි හී

    ReplyDelete
    Replies
    1. සිංහලේ ස්ටිකර් එකක් හොයාගන්නේ කොහොමද

      Delete
  2. බ්ලොගර්ලට ප්‍රතිපත්තියක් නැත්තෙ මොකද අර මාතලං සල්ලි ලැබෙන තරමට කඩේ දුවන් රෙදිත් නැතුව...

    ReplyDelete
    Replies
    1. සරසයෝ ලැජ්ජා නැතිකම දත් දොස්තරකමටත් වඩා ලොකුයි නේද? ඇයි ඕයි මේ වගේ දෙකයි පනහේ පොන්න වැඩ කරන්නේ.

      Delete
  3. තිබිය යුතු නැත............ පොදුවේ ප්‍රතිපත්ති කිසි තැනක තිබිය යුතු නැත...... පුද්ගලික ව තිබිය හැකිය....

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කරන්නේ ප්‍රතිපත්තියක් නැතිකම නොවෙයි නේද?

      Delete
  4. රටේ ප්‍රශ්නවලට වඩා අතුරු ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයක් වගේ.:P

    ReplyDelete
    Replies
    1. මෙය සිංහල බ්ලොග් ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක්, සුලුකොට තැකිය නොයුතුබවයි මට හිතෙන්නේ.එනම් සමාජයට කළ හැකි බලපෑම නිලවශයෙන් පිළිගැනීමයි.

      Delete
  5. මං මොකුත් කියන්නෑ...

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්තියද?

      Delete
  6. අපොයි,
    කමෙන්ට්කරන්නත් එහෙම එකක් ඕනෙ වෙයිද?
    කොහෙන්ද ගන්න තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. live and let live is the policy some one said so is mine
      ඒ නිසා එහෙම එකක් ඕනෑම නැත

      Delete
  7. // පොල් වැදිල තියෙන්නේ ලසිල්ටද මන්ද. ( එයාව ඉවත් කලේ නෑලු, තව අවුරුද්දකට දික් කලේ නැති එක විතරලු. හැබැයි අනෙක් අයගෙ කාලය අවුරුද්දකින් දික් කරලාලු. කාටද මේ පද පෙරලි අමාත්‍යාංශ ලේකම් තුමෝ? අපෝයි ගිය ආණ්ඩුවෙ මාධ්‍ය ප්‍රකාශකලා ඇණගත් විදිය දැන දැනත් දැක දැකත් මොකද්ද මේ නටන විගඩම?) //

    යහපාලනේ උන්නැහෙලාට ඔයිට වඩා අගනා පොයින්ට් එකක් තිබුනා...

    ලැසිල් ගේ සා පෙල සහ ඌ පෙල සහතික පරීක්ශා කොලා, ඌ පෙල සහතිකයක් තිබ්බේම නැහැ.. සා පෙලත් අන්තිමයි කියලා පත්තරේ දැම්මනම් ලැසිල් ලොක්කා මීක් කියන්නේ නැතිව නැස්ට අහවල් තැන ගහ ගන්නවා නිසැකය!

    ReplyDelete
    Replies
    1. සාපෙ උපෙවත් නැතිව වැඩේ මේතාක් දුරට ගොඩ දාගත්ත එක ලොකු දෙයක්. පොල් වැදිල තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකට වගේ?

      Delete
  8. බ්ලොගර්ස්ලට එහෙම දෙයක් ඕන නෑ.... හැබයි මොකා උනත් දැන ගන්න ඕන ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න...

    මොකෝ මේක අම්මට සිරි ලංකාව නිසා....

    මම නම් හිතන්නේ අනෙක් මාධ්‍යවල ඉන්න උන්ට වඩා බ්ලොගර්ස්ලගේ මාධ්‍යකරණය ඉදිරෙයෙන් තියෙනවය කියලයි... මොකෝ මේ තරම් නිදහස් මාධ්‍යක් වෙලත්... බුකියේ වගේ කාළකන්නි මේකේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් කොහෙන් හරි කොනක් අල්ලගන්න බලන් ඉන්න නරි වටේම.
      මේකේ ශෙයාර් කර කර ඉන්නම බෑනේ, රටේ වෙන දේ ගැන නිතරම හොයල බලල තාර්කිකව යමක් ලියන්න ඕනැනේ!

      Delete
  9. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  10. ඔය තියෙන විධිහට ලියන් ගියහම හොඳයි කියල මමත් හිතන්නේ. බ්ලොගර්ස් ල කොහොමත් ඉදිරියෙන් ඉන්නේ. හැබැයි රටක් පාලනය කිරම මෙන්ම පැවතීම සඳහා ද ප්‍රතිපත්ති සමුහයක් තිබීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. පිළිගැනීම එක්කම තවත් දේ පස්සෙන් එනවා. පරෙස්සමින්
      මොහාන් සමරනායකට වෙච්ච් වැඩේ අපි දැක්කනේ.

      Delete
  11. /* ලංකාවේ බ්ලොගර්ලාටද ප්‍රතිපත්තියක් තිබිය යුතුද? */

    මගේ අදහස් නම් ඉතා කෙටියෙන් මෙසේය.
    http://rasikalogy.blogspot.com/2015/11/ethical-blogging.html

    ReplyDelete
  12. බ්ලොගර්ලාට නිදහසේ ලියන්න,අදහස් දක්වන්න පුළුවන් කම තියෙන්නේ ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් පටලවන්න බලන් ඉන්න කස්ටිය වැඩියි

      Delete
  13. ප්‍රතිපත්ති වලට බ්ලොගර්ලා සිටිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ සංඛ්‍යාව ගැනද?

      Delete
  14. ඔය හදන්නේ බ්ලොගර්ට තග දාලා වර්ඩ්ප්‍රෙස් නග්ගලා ගන්න... අපි අහු වෙයි ඕවට....හෙහ්

    ReplyDelete
    Replies
    1. හොඳ ඇපල් ලැපක්වත් ලැබේ නම් හ්ම් සලකා බැලිය හැක.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්