Followers

Sunday, April 24, 2016

ස්ත්‍රී යට ඇඳුම් සෝදා වනමු Another taboo subject - your kind advice is appreciated




ඇරියස් තියෙන කතා කීපයක් තියෙනව. පැරණි මිතුරියගේ එෆ් බී පිටුවට හොරෙන් ගොඩ උනෙමි හා අවුරුදු ගනනකට පෙර මා වල්පොල රාහුල හිමියන් ගැන ලියූ ලිපියක ඊ ලඟ කොටස් ආදී වශයෙන්..
ඒ වගේම මගේ ලිපි අතරින් සාරිය ගැන මා ලියූ කෙටි සටහන සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙන පෝස්ට් එකක්. කරුනු එසේ වෙද්දී ඊයේ පෙරේදා  සිදු වූ එකතුවකදී මිත්‍රයෙක් මතුකල කාර්ණාවක් ඒ ඇරියස් ඔක්කොම පරයා ඉදිරියට ආවා. ඔහු මතු කලේ මාතෘකාවට මා යෙදූ ඇඳුම් වර්ගය සම්බන්ධවයි.

බයෙත් බෑ අප්පා.
මතකනේ කතන්දරට කාඩ් එකකුත් වගේ වැදුනනේ ජොක්කු ගැන ලියල.

ඔහු ( මිත්‍රය) සැර ජාති දෙක තුනක් අරගෙන සප්පායම් වෙලා එහෙම හිටියේ.
එහෙම නැතත් මිත්‍රය කියන්න ඇවසි දෑ විහිලුවෙන් තහලුවෙන් ලස්සනට කියන්න දන්න කෙනෙක්.

මිත්‍රය මෙහෙම කියනව.

''ඔබ දැකල තියෙනවද ඔබගේ මවගේ, සහෝදරියකගේ හෝ කවුරු හෝ ස්ත්‍රියකගේ යට ඇඳුම් ? ''

එතැන සිටි 50 පැනපු අය ඔක්කොම කීවේ අ... හ්ම්- නැත, කියායි.

මිත්‍රය ආයි කියනව,

"'දැන්
ගෑනිගෙයි
දුවලගෙයි ඒව අපි තමයි හෝදන්න ඕන"

හ්ම්

හ්ම්

හ්ම්

හ්ම්

ෆේස් බුක් එකේ තිබුනු දික්වැල්ල වයින් ස්ටොර්ස් එකේ ''බඩු'' ගන්න සාරී ඇඳගත් ස්ත්‍රීන් කීප දෙනා සිටි පින්තූරය මතක් විය.

දැන් ස්ත්‍රීන්ගේ යුගයයි.
භූමිකාව මාරුවී ඇත.
අපි නරඹන්නෝ වෙමු.

වැඩි දෙනා ඒ ගැන වැඩි දුර කථා කලේ නැත,
සමහර විට ස්ත්‍රී ආධිපත්‍යයෙන් බැටකන අප ආතතියට පත්වීමට ඉඩ ඇති නිසා විය හැකිය.

අපේ අම්මල හා සහෝදරියන්ගේ නොදුටු ඒවා ගැන කථාවද ප්‍රෙහෙලිකාවක් සේ නතරවින.

ඉවසනු බැරිව මිත්‍රයාම නිහඬ බව නැවත බින්දේය.

ඒ විතරක්යෑ
''වනන්නත් ඕන,
වේලුනාට පස්සෙ ගන්නත් ඕන."

45 comments:

  1. ඔබගේ යාළුවා සමහර විට මෙවන් පැත්තකට යොමුවූ කෙනෙක් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම නැත. ඔහු මේ මැසිවිලි කියන්නේ දැන් එදිනෙදා පිරිමින්ට කරන්නට තිබෙන වැඩක් ගැනයි.

      Delete
  2. තමාගේ බිරිඳගේ යට ඇඳුම් හෝදන එක බිරිඳගේ යට ඇඳුම් නොදැක ඉන්න එක තරම් අවුල් නැහැ. පෝස්ට් එකේ එහෙමකතාවක් නොකිව්වත් සමහර ගෑණු අය ඉන්නවා යට ඇඳුම් වැලේ වනන්න්තෙත් කාටවත් නොපෙනෙන්න. අනිත් එක තමාගේ බිරිඳගේ යට ඇඳුම් හෝදන එක හෙවත් එකිනෙකාගේ ඇඳුම් හෝදගන්න එක ආධිපත්‍යයකට යටවීමක් නම් මෙච්චර කල් ආධිපත්‍යය දැරුවේ පිරිමිනෙ. පිරිමියෙක් ඕක කරන එක ආධිපත්‍ය මාරු වීමක් විදියට දකිනවා නම්, ඒ මාරුවිල්ල හොඳයි. වෙනසකටත් එක්ක.

    හැබැයි දුවගෙ යට ඇඳුම් හෝදනවා නම් ඒක අවුල්. හොඳම දේ දුවගෙ යට ඇඳුම් දුවට හෝදගන්න දෙන එක. ඒක අම්මවත් තාත්තවත් කරන්න ඕන නැහැ. ඔය වොෂින් මැෂින් එකේ වගේ නම් හෝදලා තියෙන ඇඳුමක් කාගේ වුනත් මොන ඇඳුම වුනත් පොඩ්ඩක් අරගෙන වැලට දැම්මා කියල මුකුත් වෙන්නෙ නෑ. මොකද අත් වල පලු දානවයැ ඇඳුම් ඇල්ලුවා කියල

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් ඉතාම අගය කරමි

      Delete
  3. "හැබැයි දුවගෙ යට ඇඳුම් හෝදනවා නම් ඒක අවුල්. හොඳම දේ දුවගෙ යට ඇඳුම් දුවට හෝදගන්න දෙන එක"

    මටත් ඕකම හිතුනා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට නම් එහෙම නොහිතේ

      Delete
  4. ඉයන්ගෙ කතාව හරිග මං ඒකට එකගයි

    ReplyDelete
    Replies
    1. බිරිඳගේ දරුවන්ගේ යට ඇඳුම් සෝදා තිබේ නම් ඔබට එහෙම හිතෙන්නේ නැත.

      Delete
  5. ඇයි ?? මොකද්ද වැරැද්ද ??

    මම නං වෙලාවක් තිබ්බොත් හෝදලා විතරක් නෙවෙයි නමල අල්මාරියටත් දාල දානවා..

    විකාර !!

    ReplyDelete
    Replies
    1. අරූ අය්යා කියනවා වාගේ ගලවන්න හොඳනම් හේදුවාම මොකද වෙන්නේ .බිරිඳ කියන්නේ තව දුරටත් ගෙදර වැඩ කාරියක් නෙවෙයි .මේ වාගේ උදව්වක් වත් නැත්නම් වැඩක් තියනවාද ....

      අතින'ත ගත් දා ඉඳලා
      තම හිමිට සරණ - දූ පුතුන් සරණ කළ
      බිරින්දෑවරුන් සංසාරේ
      බුදුවරු වෙන්නද පෙරුම් පුරන්නේ
      බිරින්දෑවරුන් සංසාරේ

      කරදර ලිප ලා - උයා පිහා ගෙන
      සැමියාටයි දරුවන්ටයි කවලා
      උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
      දුක් ගිනි කන්දක සැතපෙනවා
      අතින'ත ගත් දා ඉඳලා....

      කඳුළැලි වියලා - හදතුළ සඟවා
      සෙනෙහස ආදරයෙන් බෙදලා
      ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
      සත් ගුණ පමණක් මොලවනවා
      අතින'ත ගත් දා ඉඳලා....

      ගායනය/සංගීතය - සේනානායක වේරලියද්ද
      ගී පද - මහින්ද කේ. ප්‍රේමසිරි

      Delete
    2. පත්තර මල්ලි කට උත්තර නැත
      මන් ආස ගීතයක්, වේරලියද්දගෙ අර කෝච්චියට පැනල දිවිනසාගන්නා ගීතයත් නියයි.

      Delete
  6. ගලවන්න හොඳනම් හේදුවාම මොකද :D මම කියන්නේ වයිෆ්ගෙ එව්වා ගැන only.

    ReplyDelete
  7. අපෙ ගෙදර ඉස්සර නං අම්ම තමයි ඔය මොන ඇඳුමත් හේදුවෙ... බැන බැනම මගේ ඒවත් හේදුව... මල්ලිගේ ඒවත් හේදුව... තාත්ත ලේන්සුවක්වත් හෝදගත්තෙ නෑ.. ඒත් දැං... අම්මට සබන් අල්ලන්න බෑ... තාත්ත තමයි ඔක්කොම කරන්නෙ.. ඇඳුම් හේදිල්ල විතරක් නෙවෙයි... වළං හේදිල්ලත්... අම්මට දූවිලි විස හින්ද ගේ අතුගෑවිල්ලත් තාත්තගෙ දිනපතා රාජකාරියක් වෙලා.. තාත්ත ඒ විදියට වෙනස් නොවුන නං මෙලහට අම්ම මැරිල ගිහින්... මිනිස්සු කියන්නෙ ඔලුව ඇතු‌ලෙ 10% විතර වැඩ කරන මොළයක් තියෙන සත්තු ජාතියක්... ඔය 10% ඇති හොඳටම අවශ්‍යතාවය අනුව, වෙලාව අනුව වෙනස් වෙන්න... එහෙම වෙනස් වෙන්න බැරි උන් හොඳ සත්තු වත්තෙ කූඩුවක් ඇතුලට දාන්න...

    ReplyDelete
    Replies
    1. කලකින් අපටත් හිරු පායලා
      ඔබේ තාත්තා ගැන මටත් ආදරයක් හිතුනා

      Delete
  8. හරි වැඩක්නේ යකෝ ගෑනිගේ ජංගි හේදුවා කියල හෙන ගහනවද

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මගේ මිත්‍රයගේ කතාවට අනෙක් අය හ්ම් හ්ම් ගෑවේ ඒක තමයි,
      නැතත් වෙන චොයිස් එකක් නැත

      Delete
  9. රෙදි හෝදන්නේ හෙවත් මැෂිමට දමන්නේ , නමන්නේ ඔක්කොම කරන්නේ බිරිඳය. එකම එක පාරක් කරන්නට ගොස් කළු සුදු පාට ඒවා ඔක්කොම එකට දමා ඇගේ හොඳම ඇඳුම් හා මගේ නිල් කමිස ටිකද ඔක්කොම ලස්සන බතික් පාටකට හැරුණි. එදා සිට මැෂිම ලඟට යාමවත් තහනම්ය. මේ තහනමට මම බොහෝ කැමතිය.

    ReplyDelete
    Replies
    1. මා අතිනුත් ඔය වැඩේ උනාට
      මට ඔබට වගේසෙතක් උනේ නැත, අයියෝ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. පුරුෂ මූලික සීන් එකක් නෙවෙයි කියන්නේ...
    මගෙ අනාගත ගෑණිනං මට රෙදි හෝදන්න දෙන එකක් නෑ...
    ඒ තරං හොඳට හෝදන්න දන්නව

    ReplyDelete
  11. Excise Notification 447 of 29.4.1955:
    Section 12 (c): No liquor shall be sold or given to a woman within the premises of a tavern.

    The question as to what constitutes a 'tavern' has been left unanswered by the parent law, which does not define the word. Senior officials of the Excise Commissioner's Department state that originally the main Excise Ordinance provided for arrack, toddy and foreign liquor taverns, which were given out on rent on tenders to the highest bidder by the Department.

    But since the late 1970s the arrack tavern system was done away with, and on a gazette notification, they were converted into "Foreign Liquor 11 Restaurant Licences." But in today's context the word 'tavern' would mean a 'place of sale' or retail shop.

    "Although this may be argued as not being a strict interpretation, a tavern can be understood to mean a liquor shop because that was the originally intended meaning to the word," said a senior excise official who did not wish to be named. Therefore as the law stands today the sale of even one bottle of any kind of liquor to a female at a retail shop is a technical offence under the Excise Ordinance.

    Excise Notification 417 of Ceylon Government Gazette No 100266 of 5.7.1951:
    (b) Prohibits the possession by any female of any quantity of arrack or fermented toddy in any public place throughout the whole island except under the authority of a permit or pass duly granted under that Ordinance.

    This provision bars a woman from the possession of alcohol at any 'public place'. The interpretation relied on by the Excise Dept. for 'Public Place' includes a public road, railway station, bus stand. etc. Therefore while a woman is permitted possession, for example inside the premises of a licensed restaurant, the right to possess any kind of alcohol by a woman, does not extend outdoors.

    ReplyDelete
    Replies
    1. ගැහැණුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින චෙෆාකි නම් අද කාලයේ වීරයාට ජයවේවා.

      Delete
    2. ඔය විකාර නීතිය නම් මලම විකාරයක් තමයි.. කේක් වලට ඕනෙ වෙන වොඩ්ක බ්‍රැන්ඩි රම් එහෙම ගෙන්නගන්න බෝතලේට බෝතලයක් පගාව දෙන්නොනෙ අපෙ තාත්තට
      .. ඒ කේක් හදන එකත් පාඩුයි ඉතින්..

      Delete
    3. ඔය විකාර නීතිය නම් මලම විකාරයක් තමයි.. කේක් වලට ඕනෙ වෙන වොඩ්ක බ්‍රැන්ඩි රම් එහෙම ගෙන්නගන්න බෝතලේට බෝතලයක් පගාව දෙන්නොනෙ අපෙ තාත්තට
      .. ඒ කේක් හදන එකත් පාඩුයි ඉතින්..

      Delete
    4. මචං....ඔය සුරාබදු පනත නම් රාජසිංහ කාලේ එකක්. බාර්වල දිනපතා පොත් හදන්න ගියාම මල පනිනවා. එක්සයිස් එකෙන් එන දවසට මේවා තිතට තියෙන්නත් ඕන. මොකක් හරි ලෙඩක් අදිනවා. ඒ කාලේ හිටියා පැන්ශන් ගිය එක්සයිස් බුවෙක්. මිනිහට ගානක් දුන්නාම ඔය වැඩ ටික කරලා දෙනවා.

      Delete
    5. චෙෆාකි සෑහෙන්න මාන්සි වෙලා ස්තූතියි
      හිරු, ඔයාගේ තාත්තා නම් මරු අනේ ශෝක් කොල්ල

      අරූ නම් සුරා - බදු- බඩු ඇක්ස්පර්ට් වගේ

      Delete
  12. යකෝ අපේ ඒවා ඒ මනුස්සයන්ට හෝදන්න හොඳ නම්.. අපි එයාලගෙ ඒවා හේදුවට මක්කා වෙනවද... අර කිව්වා වගේ අතේ පලු දානවය... ඔතන තියෙන්නේ හීනමානය..

    ReplyDelete
    Replies
    1. මහිතන්නේ
      ගලවන්න හොඳ නම්
      හෝදන්න
      මොකද බ්‍රේක් ගහන්නේ කියන එකනේද මාත ඇත්තටම අදහස් කරේ
      බොරු එපා හරිය

      Delete
  13. සමහර රටවල pet grooming කියල ජොබ් එකක් තියෙනවා. විශේෂයෙන් බල්ලන්ව නාවා පිරිසිඳු කර , නියපොතු කපා, ලෝම පීරීම වැනි වැඩ ඒකට අයත්. මට මතකයි යමෙක් කියනවා women grooming ජොබ්ස් තිබුණනම් ඔහුගේ ජොබ් එක අතහැර එය කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. //women grooming ජොබ්ස් තිබුණනම්//

      hair styling, pedicure, manicure, beauty treatment, massage

      Delete

    2. ඉයන්, ප්‍රා ජේ
      ඔව් ඕනතරම තියෙනව දැනටත්, ඒ වගේම මේල් ප්‍රොස් ජොබ් එකත් ඇතුලුව

      Delete
  14. //එතැන සිටි 50 පැනපු අය ඔක්කොම කීවේ අ... හ්ම්- නැත, කියායි.//

    එක්කො උන්ට ඇස් නෑ, නැත්නම් ගෑණු බ්‍රා-ලස් පෑන්ටි-ලස් ඉඳල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ha ha ඔබ ගොඩක් දුරට හරි වෙන්න පුලුවන්

      Delete
  15. මට නම් ගැටළුවක් නැත.
    අරූයියා උඩින් කියා ඇතිදේට මමත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. අරූගේ හොඳ ගෝලයෙක් වගේ!

      Delete
  16. යට වූවත් එය ඇදුමකි....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට යටනේ
      ඒකනේ කුහුල...ආසාව

      Delete
  17. මට මතක් උනේ අර යුද්ධෙ අවසාන කාලෙදි ප්‍රවෘත්තියක් තිබුණ ප්‍රභාකරන් ගෙ වයිෆ් මදිවදනිගෙ බොඩි එක හම්බුණාය කියල, වැලක වනල තියෙද්දි...

    ReplyDelete
    Replies
    1. ප්‍රභා හෝදල තියෙන්නේ

      Delete
  18. දැන් එතකොට හෙදුවත් වැරදි යි, හේදුවේ නැතත් වැරදි යි ද?

    ඒ කියන්නේ හෝදන්න එපා ද?

    ශෝක් එකට තියෙයි එතකොට...

    ReplyDelete
    Replies
    1. තැනේ හැටියට හ්ම්
      සමහර විට හේදීම ප්‍රශ්නයක්

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්