Followers

Monday, April 4, 2016

අද හිටං අලුත් මං - සුද්ද වූ අදේශපාලනික කවියකි

කෙතෙක් කල්
සිටියත් 
අසුව 
නියඟෙට
දරුණු

වැස්සකට 
අසු වූ 
තෘණ පත්
දලුලා 
නිල්ලට හැදෙත්

ඊයේ සිදු වූ
 සියලුම දෑ
අමතක කොට
ජීවිතයකට 
සැරසෙත් අලුතින්ම

මමද 
එවන්
තෘණ පතක්
වෙමි
අද හිටං
----------------
අභාෂය ලැබුනේ සොඳුරු සිතගෙ අන්තිම පෝස්ටුවෙනි, බලාපොරොත්තුව
http://sodurusitha.blogspot.com.au/

6 comments:

  1. එහෙනං... කොච්චර වටිනවද හිටං ජය

    ReplyDelete
  2. ජනාධිපතිතුමා කියලා තිබුනා නේද එහෙම වෙමු කියලා හිටං

    ReplyDelete
  3. අද අලුත් වුවද
    හෙට වෙද්දී පරණ වනු ඇත
    දිනපතා අලුත් වන
    තන පතක් වුව මැනව......

    ReplyDelete
  4. අනේ අදයි දැක්කේ හිටං....හෙහේ..........කීවත් වගේ දැන් වැහි බින්දු කීයද වැටුනේ නම් තණකොළ ගාලට වැවිලා.

    ReplyDelete
  5. ලස්සන කවි ටිකක් නේ. තණ පතක් වගේ දළු ලන්න අලුත් අවුරුද්ද වෙනකම්ම ඉන්න ඕනෙද>

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්