Followers

Wednesday, April 13, 2016

අලුත් අවුරුද්දයි මායි



ඉස්සර අලුත් අවුරුද්ද එනකම් බලන් ඉන්න ප්‍රධානම දේ ඉස්කෝලේ යන්න ඕන නැති වීම. නිවාඩුවක් ලැබෙන නිසා. අනෙක අලුත් ඇඳුමක් ලැබෙනව. එක් වතාවක් කඩෙන් ඇඳුම් ගන්න මුදල් නැතිව දෝ අම්මා ගෙදර මැසූ කමිසය මා ඇන්දේම නැත. එයින් අම්මා ඉතාමත් කනස්සල්ලට පත්වු බව දැනුනි. අම්මා බොහෝම බැගෑපත්වූවත් මා ඇන්දේම නැත. ඉන්පසුව කවදාවත් අම්මා ගෙදර කමිස මැසීමට වේලාව නාස්ති කලේ නැත.

අලුත් අවුරුද්දට ලැබෙන අනෙක් චෑන්ස් එක තමයි සල්ලි ඔට්ටුවට කැට ගැසීමට හා වෙනත් බෝල සෙල්ලම් කිරීමට අවසර ලැබීමයි. මන්ද බේරෙන්න බැරි ලොකු අයියාද එදිනට බූරුව පොලේ ඉන්න නිසාය. මට බූරුවා පොලේ සූදු කෙලීම සපුරා තහනම්ය. අලුත් අවුරුද්දේ බූරුව පොලද අමුතු එකකි. තෝන් ගන්නවා කියා එකෙක් හැම බූරුවා අතෙන්ම 10%ක් වැනි ප්‍රමානයක් ඩැහැ ගනී.

සමහරෙක් පොලිසිය ඔන්න එනෝ කියමින් බයකරයි, පසුව පොලොසිය නාවොත් ඌට සබ්බුව වදියි. වරක් පොලිසිය පැන අවුරුද්දේ බූරු පොලේ සිටියවුන් කීප දෙනෙකු අල්ලාගෙන පැදුරු ඔලුවේ හිස තබාගෙන පොලෝසියට දක්කාගෙන ගියහ.

මා අකමැතිම දේම නම් හවස් යාමයේ ඇතිවන කෝලාහලය. පරන කෝන්තර ඇදගෙන මරාගන්නට හදයි. ලේ හලාගනී. පහු පහුවන විට එවැනි ගෝරි බෝරි අඩුවන්නට විය.

දැන් හැමදාම බෝන උන අවුරුද්දට වැඩියෙන් බොයි.නෑ ගමන් යනවාද නොදනිමි. කෑම පිඟන් හුවමාරුව සිදුවෙයි.  සුභ පැතුම් හුවමාරුවෙයි. වැඩියෙන්ම ටෙක්ස්ට්වලින්. දුරකතනයෙන්. අවසානයේ අතේ තියෙන තුට්ටු දෙකට කෙලවෙනවා මිස බලාපොරොත්තුවන කිසිම දෙයක් අවුරුද්දෙන් වෙනවාදැයි සැකය.
ව්‍යාපාරිකයෝ නම් මොකක් හෝ සූත්තරයක් දමා වෙළඳාමක් කරගනී.
දේශපාලකයෝ අවස්ථාව බලා ඇණ ගසති.
ඇත්තටම අපි අවුරුදු කන්න දන්නවාද? ම හිතන්නේ දන්නේ නැත. විශ්වවිද්‍යාලයට නැතිනම් උසස් අද්‍යාපනයට එන තම බෝට්ටුවේම සිටින කෙනෙකු මැරෙන කම වදදෙන සමාජයක් බිහිවෙලා නම් මොන අවුරුදු කෑමක්ද? අපිට තිබෙන්නේ අවුරුදු කෑම නවත්වා එවැනි අමානුශික සමාජයක් බිහිවීමේ හේතු සොයාබලන ජාතික දිනයක් ලෙස අවුරුද්ද පාවිච්චි කරන්නටය.

ඒ වගේ ප්‍රස්නයක් දැම්මොත් ළමයෝ වැස්සක් එනවා කියා ලිස්සා යයිද,
එන අවුරුද්දෙ බලමු කියයිද,
පත්තරේ තිබුනද එහෙම එකක් කියා අසයිද?
බලමු අවුරුද්දෙන් පස්සෙ මොකද වෙන්නේ කියල.
 කියපුව බොහෝමයි.
කරපුව බොහෝම ටිකයි.



8 comments:

  1. කරතත් වැරදි අන් අය හැම දෙනා නිතී
    අපි හොඳ කරමු උන් ගැන වොරි නොවී නිතී
    නොකොලොත් එහෙම අපි ටිකවත් එහෙම හිතී
    ඉතුරු වෙන්නෙ නරකක් විතරක්නෙ නිතී

    ReplyDelete
    Replies
    1. ඇස් මහින්ද හිමිගේ එකක්ද ඔහේගේ එකක්ද....

      අපූරුයි.....!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. බොලව් අවුරුද්දට බොන බිවිල්ල
      නිනව් නැතුව දුවනා දිවිල්ල
      දකිව්, හැදෙනවා අම්මප දැවිල්ල
      බිඳිව් බොරු අවුරුද්දේ සැකිල්ල

      Delete
  2. දයල් බතී. මට තියන ප්‍රශ්නේ අපි මනුස්සකම් නැතිවිම් ගැන කතා කරනවා, ඒ ඇයි නැති වෙන්නේ කියන දේට අපිට හරි උත්තරයක්වත් විසඳුමක් වත් නැති එකයි. කොහොම උනත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

    මම ලියපු මනුස්සකම ගැන පද ටිකක්...

    කීප පාරක් උත්සහා කරන්න වුනා මේ කොමෙන්ටුව දාන්න...

    ReplyDelete
    Replies
    1. කෙසේ හෝ අමාරුවෙන්
      කොමෙන්ට් එකක් දැම්මටචතූට තුති

      නැන්වීමට නම්
      මිනිසත් කම්
      බැඳ සිටින මුඛවාඩම්
      ගලවා වැඩ කල යුතුවෙම්

      Delete
  3. නවක වදය තියෙන්නේ කැම්පස් වල විතරක් නෙමේ. ඒක ලාංකිකයාගේ මනස තුළ කිඳා බැහැල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක මනුස්ස ස්වභාවයක් මහිතේ
      ඒවට තමයි සම්ප්‍රදායන්
      සංස්කෘතීන්
      අධ්යාපනය
      සිස්ටමස් -systems තිබෙන්නේ

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්