Followers

Monday, April 18, 2016

පරණ මිතුරියකගේ එෆ් බී පිටුවට හොරෙන් ගියෙමි




මා දැන් සිංහල බ්ලොග් ලෝකයේ අවුරුදු හතරක් පහක් පමණ යම් අත්දැකීමක් ඇති බ්ලොග් කාරයෙකි.  දැනට විවිධ මාතෘකා යටතේ පෝස්ට් 500 කට අධික සංඛ්‍යාවක් පලකරල තියෙනව. කාලීන උවමනාව අනුව දේශපාලනය සම්බන්ධව ලියපුව තමයි වැඩිපුරම තිබෙන්නේ. සමහර රසිකයින් මට පේනව ඔවුන් කැමතියි මගේ අනෙක් පොඩි පොඩි කතා කියවන්න. සමහරුන් කැමතියි බුද්ධාගම ගැන ලියපුව කියවන්න.  ඉතින් මා නැවතත් මගේ සුපුරුදු ස්ටයිල් එකට යන්න කල්පනා කළ. එනම් විවිධ මාතෘකා යටතේත් ලියන්න. ඒ අනුව තමයි අද කෙටි සටහන ලියවෙන්නේ.

                                                               ****

ඇත්තටම අවුරුදු 24කට පසුවය මා ඇයව දැක්කේ. ඒකත් සිදුවූයේ අහම්බයකිනි.  ඇය මට කලින් අධ්‍යාපනයට සමුදී රැකියාවට පිවිසියේ  සෞඛ්ය පරීක්ෂකයෙකු වූ ඇයගේ පියා ශ්‍රී ලනිප දේශපාලනය කල වරදට කොළඹ කරමින් සිටි රැකියාවෙන් යූ එන් පී ආණ්ඩුවෙන් යාපනයට මාරු කලෙන් ඔහුට රැකියාවෙන් අස්වීමට සිදුවූ බැවිනි. දරුවන් හතර දෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ ඇය රැකියාවකට පිවිස පවුලේ වගකීම් කරට ගත්තාය. ඇයගේ දක්ෂකම් හුරුබුහුටිකම් නිසා වසර කීපයක් ඇතුලත ක්ෂේත්‍රයේ ඉහලටම ගියාය. අපට වාහනයක් ගැන සිතීමට පවා නොහැකි යුගයක ඇයට සිය සමාගමෙන් කාරයක් පවා ලැබුනි.

දිගුකතාවකි,
පසුව වැඩිපුර ලියමි
කෙසේ හෝ වේවා ඇය දැන් විවාහ වෙලාය.
ඇයත් බාහිරව එතරම් වෙනස්වී නැත. ඇයත් සතුටිනි.
මට දුකක් නොදැනේ.
නොමග ගිය මල්ලීට තවමත් ඔවදන් දෙනවා මට පෙනේ.
ඒ මල්ලි නිසා පවුල නැත්තටම නැතිවෙන්නට ගියත් තවමත් ඒ ආදරය එසේමය.
මල්ලීගේ පණ්ඩිත කම්ද එසේමය.
ඉදිරි දිනෙක හොරෙන් ඇයගේ එෆ් බී එකට තව වරක් එබී බැලීමට සිතේ.

30 comments:

  1. හොරෙන් නොගිහින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් අරින්න. උපේක්ශා වගේ ආඩම්බර කෙනෙක්නම් එක්සෙප්ට් කරන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. නැවත සම්බන්ධකමක් ඇතිකර ගැනීමේ උවමනාවක් නැත

      Delete
  2. Visit her LinkedIn page instead. She will get a notification.

    ReplyDelete
    Replies
    1. නැවත සම්බන්ධකමක් ඇතිකර ගැනීමේ උවමනාවක් නැත

      Delete
  3. Replies
    1. Totally agreed. Skeletons in different Closets tell thousand different Stories. The real image will be distorted when the imagination takes over.

      Delete
  4. තේරුනෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරි මා ලියා තිබෙන්නේ ශ්‍රේෂ්ඨ ලියවිල්ලකි
      ඟ කොටස් කියවන විට ඔබට යම් හැඟීමක් ලැබෙනු ඇත.

      Delete
  5. ඔබ එක් වරකින් නොනැවතී කිහිප වරක් යනු ඇතැයි මට සිතේ. මන්ද
    "ඇයත් සතුටිනි.
    මට දුකක් නොදැනේ.
    (නොමග ගිය මල්ලීට තවමත් ඔවදන් දෙනවා මට පෙනේ.
    ඒ මල්ලි නිසා පවුල නැත්තටම නැතිවෙන්නට ගියත්) තවමත් ඒ ආදරය එසේමය." නිසාය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම වෙයි කියල හිතෙනව

      Delete
  6. FB තිබබෙ නැත්නම්.......

    ReplyDelete
    Replies
    1. ඒත් මොනවහරි ක්‍රමේකින් හමුවෙයි ලෝකෙ දැන් හරි කුඩයි නේ

      Delete
  7. චයල්රෙඤකා ඹෛශලියත් එක්ක (පුරුදු හැංගිල හැහිල්ල) උඹ කොයි තරං සලිත වෙලාද හිරිගඩු පිපෙන්න ඇත්ත කියල හිතෙනවා මටනං...
    .

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මටත් හිතාගන්න බැරි උනේ
      මට එහෙම උනේ නැහැනේ

      Delete
  8. නැවත,නැවත ගිහින් බලන්න.
    අවුරුදු 24 පස්සේ දැක්කෙත් F.B එකෙන් එහෙනම්.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙයි සමහර විට!

      Delete
  9. අමතක නොවෙන මතක... වර්ණ ලියන දිනේෂුත් මෙහෙම මතකයක් ලියල තිබුණ මතකයි. බලන් ගියාම මිනිස්සු නොලැබුණු දේවල මතක හුඟක් රස විඳිනවනෙ.

    ReplyDelete
    Replies
    1. නොලැබු දේ ලැබූ දේට වඩා මතකේ රැඳෙනවා වගේ

      Delete
  10. මමත් සමහර වෙලාවට පරණ යාළුවන්ගේ පේජ් එක බලනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක පාලුවක් දැනුනම විවේකයක් ලැබුනම නිතැතින් වෙන දෙයක්ද?

      Delete
  11. ආහ්....අතීතයට බුකිය දිගේ ඇවිදං යාම..ඕක මාත් කරනව

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක පාලුවක් දැනුනම විවේකයක් ලැබුනම අතීතයට යාම නිතැතින් වෙන දෙයක්ද?

      Delete
  12. මාත් එහෙම කරල තියනවා.අනේ එයාව නොපෙනෙන්න මාව බ්ලොක් කරනව නම් කියල හිතිල තියනවා.හැබැයි මම එයාලව බ්ලොක් කරන්න යන්නෙත් නැ. මේක මහ පුදුම ලෝකයක්. ෆේස් බුකිය නිසා අලුත් වූ පරණ සම්බන්ධකම් තියනවා සමහරුන්ට.ඒවා කොච්චර අලුත් වෙලාද කියනව නම් හැඟීම් වලට වහල් වෙලා පරණ අයව සොයා ගිය අයෙක් ගැන කතාවක් මම දන්නවා.ලියන්න කියල හිටියත් කම්මැලි .....කාලෙකින් කමෙන්ටුවක් කොටන්නෙත්.... කාලය සියල්ල හොද කරනවා කියනෙකට ඔබේ කතාව උදාහරණයක් නේද?
    කවුද දන්නේ ...සමහර විට ඇයත් ඔබේ ප්‍රොපයිලයේ සරනව ඇති හොරෙන් හොරෙන් ...............

    ReplyDelete
    Replies
    1. කාලයට ඉඩ දීලත් බෑ සමහර දේ- ඉක්මන් වෙන්නත් ඔනෑ
      ඒත් තමාට තමා අවනතද - එහෙනම් ජීවිතේ ලස්සනයි කියල හිතේ
      සියලු නැටුම් අවසානයේ අපට අපගැන තිබෙන සැනසිල්ලයි ගෞරවයයි උතුම් කියල හිතෙනව

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්