Followers

Wednesday, April 20, 2016

බක් යුද්ධය - මාතුගාමා ජාතකය- Fresh Graduate's quest for the welfare of poor

                                         

චූලෝදර මහෝදර යුද්ධකළ මැණික් පුටුව වගේ එකක්
ස්තුතියි.
ස්තුතියි.
ස්තුතියි.  දයල් බතීට නැවතත් සෑහෙන පිරිසක් එකතුවෙලා තිබෙනව අන්තිම පෝස්ට් එක කියවන්න. මගේ අනුමානය හරි. අපේ රසිකයෝ දේශපාලනේට වැඩියෙම කැමති නෑ. අනෙක මට සමාවෙන්න ඕන අනෙක් බ්ලොග් කරුවන්ගේ පෝස්ට් කියෙව්වත් නිතරම කොමෙන්ට් නොදැමීම ගැන. ලොතරැයික්වත් ඇදුනොත් ඉක්මනට පැන්සොන් ගිහිල්ල ෆුල් ටයිම් ඒ වැඩේ කරනව.

ඉතින් මෙවර පෝස්ට් එක බුද්ධාගම සම්බන්ධව.
මං හොඳ බුද්ධාගම් කාරයෙක් වගේම,
හින්දු භක්තිකයෙක්,
මුසල්මානුවෙක්, කතෝලිකයෙක්,
 ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඒ නිසා වරදවා වටහා ගන්න එපා.
කලින් ලියල තියෙනව වගේ විභාග පාස්වෙන්න අනෙක් ප්‍රස්න වල්දී මං ඔය හැම වර්ගෙම තැන්වලින් පිහිට යැදල තියෙනව. ඉතින් මුල අමතක කරනව  එහෙම නොවෙයි ඕන්. අනාගතේටත් ඒ තැන්වලට යනව.

බක් පෝය;
 චුලෝදර මහෝදර ගෝරිය බේරන්නට වැඩි බුදුහිමි නිසා අපට ඉතාම වැදගත්වේලු. බුදු හිමි තෙවරක් වැඩියත්  නිල වශයෙන් ලංකාවට බුද්ධාගම ගෙනාවේ මිහිඳුහිමියන්ලු. ලංකාවට බුද්ධාගම ගෙන ආවේ බුදුහිමියන් විසින්ම නේද? මා මේ ප්‍රශ්නය කලින් මතුකලා බර කාලෙකට පෙර. සෑහීමට පත්වෙන්න පුලුවන් පිළිතුරක් ලැබුනේ නැහැ.  මතක විදියට. කලින් තිබුනු රජ පාලනය තුලදී තමයි එහෙම උනේ. නැවතත් අපි බෝලෙ දාලා බලමු යහපාලනය තුල.
මං එහෙම කිව්වේ ඕනම දේකට කාලය බලපාන නිසා.

අද මා විසින් ගෙතූ කතාවක් ලියන්නයි සූදානම

                                                      මාතුගාමා ජාතකය

                             බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙක එක් අප්සෙට් පොරක් උන් වහන්සේ වෙත එළඹ එකත්පස්ව සිට වැඳ නමස්කාර කොට තමන් ලඟ ඔබ වහන්සේ අප්සෙට් යා හැකි ප්‍රශ්නයක් තිබේ, එය විමසන්නට අවසරදැයි ඇසීය. එකෙණෙහිම උන්වහන්සේ වදාලේ ඔබ ප්‍රශ්නය අසන්නට පෙරම අප්සැට් වී ඇති සැටි පෙනේ. කෙසේ හෝ අසන්නැයි වදාලෝය.

පොර හිතූ තරම්ම අප්සැට් නැත.. අප්සැට් පොර සිය ප්‍රශ්නය ඇසීමට පෙර මුට්ටිය රුවා ලීමට සිතුවේය. මා ඔබ වෙසෙන ජේතවනාරාමයට ගැලකින් ගමන් කරනාතුර දුටුවා. පාරදිගටමට යදින යාචකයින් පිරිසක් හා උන් පසුකොට දේවාලය තුලට ගොස් මීයන්ට කිරි පූජා කරන භක්තිවන්තයින් පිරිසක්. ඉතින් සුවාමීනී මේ භක්තිවන්තයින් අර යාචකයින් පිරිසට ඒ කිරි බොන්නට දුන්නා නම් උන්ගේ බඩගින්න නිවෙනවා නේද? යි පිළිවිසීය.

පරිබ්‍රාජකය,
 ඔබ මේ මෑතකදී තක්සලාවෙන් පිටවූ නවක උපාධිදාරියෙක් බව පෙනේ.
පාරදිගේ පේළියට යදිනා යාචකයින්ට කිරි උවමනා නැත. උන්ට ඇවසි කහවනුයයි වදාලේය. හවසට ගොස් මත් පැන් බී දූ කෙලියේ යෙදෙන්නටය.
අප්සැට් පොර උස්සලා පොලවේ ගැසු ගාණට අන්ද මන්ද වී මඤ්ඤන් වී ගියේය. ඔහු  අසන්නට පැමිණි ප්‍රශ්නය සඟවා ගෙනම එහෙනම් සුවාමීනී මට යන්නට අවසරයි කියා වැඳ නමස්කාර කර පල්ලන් බැස යන්නට ගියේය.

පරිබ්‍රාජකයා නොපෙනී යනතුරු සිටි උන්වහන්සේ සැරියුත් හා මුගලන් දෙස බැලුවෝය. උන්වහන්සේ දෙනමම දිවැස් ඥාණය ප්‍රගුණ කර තිබූ බැවින් සිය මුණු  පහත කරගෙන ලා මඳහසක් පානු දුටුවෝය.

'' හොඳයි සැරියුත්ම දෙසන්නකෝ.''

එවර සැරියුත් මහ තෙරුණ් පසුබිම් කථාව දෙසා වදාළේය.

''මේ දැන් නිකම ගිය පරිබ්‍රාජක තෙමේ ලංකා ද්වීපයේ මතුගම ග්‍රාමයෙන් මෙහි පැමිණියෙක්.
 එහි ගොඩ නගන්නට නියමිත අසූඅට රියන් බුදු පිළිමය අරබයා ප්‍රශ්නයක් නගන්නයි ඔහු පැමිණියේ.
ඊට පලමුව සිද්ධාර්ථ ගෞතමයන් කුමන වර්ගයේ කෙනෙකුදැයි මුට්ටියලා දැනගැනීමටයි
ඔහුගේ අභිප්‍රාය වූයේ.
සිද්ධාර්ථ ගෞතමයින්ගේ
අනපේක්ෂිත පිළිතුරෙන් අන්දමන්දවී ලයි ඔහු පිටව ගියේ.''

ඔහු අසන්නට සැරසී පැමිනි ප්‍රශ්නය නම්

සුවාමිනී භාග්‍යවතුන් වහන්ස,

අප වෙසෙන ග්‍රාමයේ වත්පොහොසත් කම් ඇති උන් බොහෝ සිටිත්.
ඔවුහු පුණ්‍ය කර්මයක් සඳහා ගඩොල් සාරා සඞඛ්යිය ලක්ශයක්ද
සිමෙන්ති හා සුණු කොට්ට ලක්ෂයක් බැගින් දානය දීමට සැරසී සිටිත්.
 ශ්‍රම දානයකට සැරසුනු බොහෝ උලු වඩුවෝද සිටිත්.
අප ග්‍රාමයෙහි මේ අරභයා විවාදයක්ද ඇති වී තිබේ.
විවාදය නම්
මේ ගොඩ්නැගිලි ද්‍රව්‍යවලින් ලෝකයේ විශාලම බුදු ප්‍රතිමාව
ගොඩ නැගිය යුතුය යන්න එක් කොටසක් කියන
අතර තව පිරිසක් කියන්නේ
මේවා භාවිතා කොට නිවෙස් අහිමි දුප්පත් අයට නිවෙස් තනා දිය යුතු බවයි.
                                                          *     *      *    *
"සත්තකින්ම් ඉතා හොඳ සාකච්ඡාවක්" සිද්ධාර්ථ ගෞතමයන් වදාලහ.

''මුගලන් ඔබවහන්සේ දෙසන්න ඔහු ඇයි ප්‍රශ්නය නො අසාම යන්න ගියේ කියල''

''ඔව් ඔහු හිතුවා-ඔහු උපකල්පනය කළා,
කලින් ප්‍රශ්නයට ඔබ වහන්සේ දුන්නු පිළිතුර අනුව
මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ඔහුට අපේක්ෂාකරන එක නොවෙයි කියල ''

''ඔව් මුගලන් අර අහිංසක දුප්පත් මිනිසුන්ට ලැබෙන ගෙවල් ටික ලැබෙන එක නැතිවේවි.
අපි රාහුලව යවමු එයාව වහාම කැටුව එන්න.,
තවම වැඩිදුර ගිහිල්ල නෑ.
රාහුල ඔය වැඩවලට කැමතියීනේ.''

''අනෙක ලඟදී තක්සලාවෙන් පිටවූ කෙනෙක් නේ.
තේරුම් මදි,
අට්ටාලේ උඩ වාඩි වෙන්න හනික යන්න ඇති.''
  තව ශ්‍රාවකයෙකු කියනු ඇසින.

9 comments:

  1. යාන්තන් රජෙක් චුත උන නිසා චෛත්‍ය කීයක්ද හදන්න ගිය එකට හෙනම ගහලා ගියා...

    ReplyDelete
  2. බුදුපිලිම පංසල් පල්ලි නං කොච්චර තියේද? දැන් දැන් තියෙන තැන්වලටත් කස්ටමර්ලා අඩුයි..ඔයිට හොදයි ඔය සල්ලි වලිං මසාජ් පාලර් එක්ක දැම්මනං මතුගම දිහා ඉන්න දෙමල කෙල්ලොන්ට හරි එදාවේල රස්සාවක් ලැබේවි..

    ReplyDelete
  3. මේ දයලේ කාගෙදො ඇන්ටි කෙනෙක්ගේ පිංතූරයක් මාතෙගෙයි ඊට යට කොමෙන්ටුවයි වහගෙන කිහාංකො.. සැක්සි කෑල්ලක්..
    මං මේ බැලුවෙ මේක ඇවිත් මොන කුමන්තනයක්ද කියල..
    දැං ඉතිං අදිරාජ්ජවාදී කුමන් තන ත් නැති එකේ...
    වෙන කාටවත් පේන්නෙ නැතෙයි.. රතු සාරියක් ඇදං ඉන්න සැක්සි ඇංටි කෙනෙක්..


    දැං ඔය පිළිම කේස් එක බිසිනොස් එකක් වෙලා.. අරේහෙ මොනරගල උන්නාන්සෙ තාම ගරනව පිළිමෙ වැඩ ඉවර වෙලත්
    තව කට්ටියක් ඇවිදි එකක් තව කට්ටියක් හිටං ඉන්න එකක්..
    ඕ ගැන කතා කරන්න ගිහං මාව එක කට්ටියක් අපවත් නොකරා විතරයි
    සෑහෙන බත්තිවන්තයො පිරිසක් දැං ඉන්නෙ

    ReplyDelete
  4. මිස්ටර් පරිබ්‍රාජ ආවායින් පස්සේ මෙන්න මෙහෙම හයිබ්‍රිඩ් උත්තරයක්ලු බුදු හාමුදුරුවො දුන්නෙ. ඔය එකතුකරන සල්ලි වලින් දුප්පත් අයට ඉන්න තට්ටු නිවාස හදන්න. ඊට පස්සේ ඒක වැහෙන්න ඊට උඩින් පිළිම වහන්සේ කෙනෙක් හදන්න. අර කාසි එහෙම දාන්න තියෙන තැන හදලා ඒකෙන් වැටෙන කාසි පිලිමෙ යට තියෙන ගෙවල් වලට වැටෙන්න සලස්සන්න. කිරි, පළතුරු වගේ දේවලටත් එහෙමයි. එතකොට මිනිස්සු පිලිමෙටත් වඳිනවා, දුප්පත් අයට ගෙයක් විතරක් නෙමෙයි සල්ලිත් ලැබෙනවා. එකම අප්සෙට් එක ආදායම නැති නිසා පන්සලේ හාමුදුරුවෝ ..... නෑ ඒක හිතාගන්න..

    ReplyDelete
  5. ආගමත් ව්‍යපාරයක් වෙලා තියෙන එකේ ඔව්වායෙනුත් ආදායම් අනුව ආණ්ඩුව බදු ගන්න ඕනේ හිටං.

    ReplyDelete
  6. මම හිතුවේ මේ me Game of Thrones ගැන කියන්නේ කියල. කොහෙද.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්