Followers

Wednesday, May 25, 2016

මහ නගර සැලසුම්වලට පෙර ජාතික ප්‍රස්නේ විසඳල හිටියනම් හොඳායි! First Things First, Lessons Learnt Forgotten or What?

ජේ ආර් මහත්තේල
චීනෙටත් ඉස්සෙල්ල
77 විවෘත ආර්තිකේ ගෙනාවට
අපේ ගමන අතරමග නැවතුනා
ඒ මොකද
දැන ගියොත් කතරගම
නොදැන ගියොත් අතරමග කියල තියෙනවනේ,..
ජාතික ප්‍රස්නේ විසඳල නොතිබුන එක තමයි හෙනේට හිටියෙ,
මහිතන්නේ එහෙමයි කියල
ඔබතුමන්ලා මොකද හිතන්නේ?
යහපාලන ආණ්ඩුවෙනුත් කියනව දැන් ලොකු ආයෝජන ගේනව කියල,
 පෝට් සිටිය, 
කොරියන් ආයෝජන ..
මගෙ පුංචි මොලේට හීනියට සැකයක් කාන්දු උනා
අපි ජාතික ප්‍රස්නෙ විසඳලද 
ලොකු ලොකු වැඩවලට අතගහන්නේ?
එදාට වඩා අද තත්වේ වෙනස්ද?
අපි කථාකරමු!
චීනේ අපිට පස්සෙ ඇවිල්ල ඇමරිකාවත් සල්ලිවලට ගන්න තරම් සල්ලි චීන ලඟ

_€€€€€€€€€€€€€€€€€€
Added later.

ඉකොනොමැට්ටා EconomattaMay 25, 2016 at 9:33 AM

ඉක්ටා ගැන කතා කරන විට බොහෝ දෙනෙකු සිතන්නේ මෙය දේශපාලනික දෙයක් බවයි. ගිවිසුම ඉක්ටාද, සීපාද නැත්නම් වෙනත් එකක්ද යන්නත්, ක්‍රියාත්මක කරන්නේ රනිල්ද, මහින්දද නැත්නම් ජවිපෙ වැනි වෙනත් පක්ෂයක් විසින්ද යන්නත් එතරම් වැදගත් නැත. ලංකාවේ ආර්ථිකයට ඊළඟ අදියරට පා තැබීමට අවශ්‍යනම් හැකි ඉක්මණින් සේවා අංශය තරඟකාරිත්වයට නිරාවරණය කළ යුතුය. ලංකාවට ලෝකයට විවෘත විය හැකි කවුළුව ඇත්තේ ඉන්දියාව හරහා බැවින් ඉන්දියාවට විවෘත වීම ලෝකයට විවෘත වීමට හොඳ ප්‍රවේශයකි. කෙටියෙන් කියනවානම් 'ඉන්දියාව විසින් ලංකාව ගිල ගැනීමට පෙර ලංකාව විසින් ඉන්දියාව ආක්‍රමණය කළ යුතුය'. ලංකාවට මෙය කිරීමේ හැකියාව තවමත් තිබේ. එහෙත්, ඒ තත්ත්වය වැඩි කලක් නොපවතිනු ඇති අතර මේ අවස්ථාවේ ඉක්මන් නොවුණොත් අග්නිදිග ආසියානු කෝච්චිය මිස් කරගත් ලංකාවට ඉන්දියානු කෝච්චියද මිස් වනු ඇත. කෙසේ වුවද, එසේ කිරීමට පෙර හෝ එසේ කරන අතර කළ යුතු වෙනත් 'හෝම් වර්ක්' කිහිපයක් තිබේ. පෙර ගිවිසුම් වලින් ලංකාවට වාසියක් ගැනීමට නොහැකි වුණේ මේ 'හෝම් වර්ක්' හරියට නොකළ නිසාය. මේ දේවල් මට ඉඩ ලැබෙන පරිදි කරුණු සහිතව විස්තර කිරීමට පුළුවන. කෙසේවුවද, පවතින දේශපාලන වාතාවරණය හැත්තෑ හතේ තත්ත්වයට වඩා බොහෝ වෙනස්ය. රටේ බහුතර ජනතාවගේ කැමැත්ත නැතිව ප්‍රතිසංස්කරණ කරන්නට යාමෙන් නැති ප්‍රශ්න ඇති විය හැකිය. ඒ නිසා යන ගමනක් යා යුත්තේ රටේ ජනතාව සමඟය.

15 comments:

  1. ha, ha. ape arthal kadanna epa.

    ReplyDelete
    Replies
    1. නැත ආතල් කඩන්නේ නැත
      තේරෙන විදියට මතක් කරල දුන්නා පමණි

      Delete
  2. ප්‍රශ්න විසඳුවොත් කොහොමද ඡන්දෙකට යන්නෙ...මොනව කරල දෙනව කියලද ඡන්දෙ ඉල්ලන්නෙ...අපේ මෝඩ ජනතාවට හරි යන්නෙ පොරොන්දු දේෂපාලනය තමා....

    ReplyDelete
    Replies
    1. දියවන්නාවට ගියාට පස්සෙ වෙන වෙන ගේම්...
      අනවරත පීඩනය එල්ල කිරීමෙන් පමණි යමක් දිනාගත හැක්කේ

      Delete
  3. අපේ මෝඩ ජනතාවට හරි යන්නෙ පොරොන්දු දේෂපාලනය තමා.... (2)

    ReplyDelete
  4. ජාතික ප්‍රශ්නෙ විසදන්න උත්සාහ කලොත් ' කොටි එනවෝ' නඩය 2004 දී කල දේ කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ආයිමත් හොර පවුලේ සංවර්ධනය විතරයි. ඔන්න ඔහෙ ඕක තියෙද්දි කරන්න් පුලුවන් දෙයක් කරල දාන එක ඇඟට ගුණයි.

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන හැටියට බිම් යථාර්තය මෙවැනි තත්ත්වයකි.

      Delete
    2. ජාතික ප්‍රශ්නෙට අත තියන්න නොදී..වවාගෙන කන්න කැමති සිංහල, දෙමළ, මුස්ලිම් පාපකාරී කල්ලි තවදුරටත් ක්‍රියාත්මකයි. ඕකයි අවුල...

      Delete
    3. කරන්න පුලුවන් දෙයක් කරල දාමු
      ඒවගේම දේශපාලන ස්තාවරය යම් තරමකට එදාට වැඩියෙ වැඩියි කියල හිතෙනව.

      Delete
  5. ජනතාවට යථාර්තය පහදා දෙන එක ආණ්ඩුවේ වගකීම.නමුත් අපේ ආණ්ඩු ඒ වගකීම හරියට ඉටු කරන බවක් පේන්නේ නැහැ.විපක්ෂයත්,ආණ්ඩුවත් විහිළු කතා කියමින් ඉන්නවා මිසක් මේ දේවල් ගැන හොඳ සංවාදයක් ගොඩ නගන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. යථාර්ථය පහදල දුන්නොත් ඒ අයටත් යන එනම්ං නැතිවෙයි කියල බය ඇති

      Delete
  6. //කෙටියෙන් කියනවානම් 'ඉන්දියාව විසින් ලංකාව ගිල ගැනීමට පෙර ලංකාව විසින් ඉන්දියාව ආක්‍රමණය කළ යුතුය'. ලංකාවට මෙය කිරීමේ හැකියාව තවමත් තිබේ. //

    agreed

    ReplyDelete
    Replies
    1. අපිට ඉක්මනින් හැඩගැසීමේ හැකියාව තියෙනව ඉන්දියාවට වැඩියෙ

      Delete
  7. මිනිස්සු දේශපාලනය කරන්නේ බලය ලබා ගන්න. දේශපාලනයේ ගාමක බලවේගය බලකාමයයි කියා බර වචනයක් අහලා තියෙනවා. ඉතින් ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් දීම දේශපාලනඥයින්ට බාරදුන්නොත් ඔවුන් එය කරන්නේ තම බලකාමී අරමුනුවලට හානියක් නොවන්නේ නම් පමනයි. උදාහරණයක් දැක්වුවහොත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ගැන ඇතිවූ සංවාදයේදී මනෝ ගනේශන්ගේ ප්‍රධාන කොන්දේසිය වුනේ තම පක්ෂයේ ආසන ගණන එකකින් හෝ අඩු නොවිය යුතුය යන්නයි.
    එසේම ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලැබුණහොත් ඒ හරහා ශ්‍රීලාංකික ජාතිකත්වයක් ඇතිවුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ගික පක්ෂවල බලය හීනවිය යුතුයි. එයට කිසිම වාර්ගික පක්ෂයක් එකඟවෙන එකක් නෑ.
    එමනිසා ආණ්ඩුවකට කලහැකි හොඳම විසඳුම වන්නේ ජනවාර්ගික අර්බුදයට කිසිදු විසඳුමක් ලබා නොදීමයි.
    ආණ්ඩුව කලයුත්තේ නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම, ඔත්තුසේවා හොඳින් ස්වාධීනව පවත්වා ගැනීම සහ යම් ජනකොටසක් ඉලක්ක කරගෙන විදේශ ආධාර ලැබීම පානය කිරීම වැනි කටයුතු පමණයි.

    උඹට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව. :D

    ReplyDelete
    Replies
    1. යම් වෙනස් පැත්තකින් ඔබ මෙය දෙස බලනවා, සිදුවනදේ බැලුවහම ඔබ කියන දේ තමයි වෙන්නෙ කියල හිතෙනව, එයින් ඔප්පු කරන්නේ පාර්ලිමේන්තුවට බලය දී කොන්ත්‍රාත් එක දුන්නට වැඩේ වේන්නේ නැත කියායි. ඒවගේම සිවිල් සංවිධාන පුරවැසියන්ගේ සංවිධාන ඉතාමත් ප්‍රබලව ක්‍රියාත්මක විය යුතුයි, ඒ හරහා ප්‍රතිසංවිධාන වෙනුවෙන් අනවරත පීඩනය එල්ල විය යුතුයි. පාර්ලිමේන්තුවේ තියෙන ආතල් කඩාගන්න තමන්ගේ වැඩ පැත්තකට දාලා අනුන්ගෙ වැඩ කරන්න කවුද කැමති?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්