Followers

Tuesday, May 3, 2016

ජාතිවාදයේ පාඩම්, මේවා ගුටි කාල ඉගෙන ගත්ත ඒව. Lessons learnt hard way!



මා ජීවිතේටම කම්මුල් පාරක් කා තිබෙන්නේ එක වරකි.
මා එයට දොස් කියන්නේ එකල,
එනම් චිත්‍රකථා පත්තර කරළියට ඒමට පෙර තිබුනු
චිත්‍ර කථා පොත් කියවීමේ පුරුද්දටය.
ඊටත් වඩා ''ලන්දේසි හටන'' ටය.
එකල එය මාර පිස්සුවක් විය.
මට වෙනත් කථා වල නම් මතක නැත.
මෙය මතක හිටියේ මට වැදුනු කම්මුල් පාර නිසාය.

එක පලාතේ ජීවත් වූ,
මට පහරදුන් ඩෙන්වර්
මට හමුවූයේ අවුරුදු 20කට පමන පසුවය.
පුංචි බොරැල්ලේ ඉස්පිරිතාලෙකදීය.
 මෑන්ස් එක පාරටම ඇසුවේ උඹ කොහොමද බං දයාල් උස ගියේ කියල.
මං කොච්චර මිටි වුවත් ඩෙනාට වඩා චුට්ටක් උසය.

ඩෙනාලා ඇතුලු පවුල් කීපයක් අප සිටින පලාතේ ජීවත් වූහ.
අද පමනක් ජීවත් වන හෙටක් ගැන නොසිතන පිරිසක් ලෙස ඔවුන් ප්‍රසිද්ධය.
 ස්කූටර්, හොඳ මියුසික් සෙට් අප්, පාටි, වල රසය ලැබුනේ ඒ ගෙවල්වලිනි.
 ඒ කොල්ලෝ සෙට් එක ක්‍රීඩාවට ලැදිය.
පාරේ විකට් සිටුවා කරන ක්‍රිකට් ක්‍රීඩාවෙන් අහල පහල අයට
යම් කරදරයක් වුවත් එච්චරම ගානක් කාටත් නැත.

මා මේ කියන දිනවල පිස්සුවෙන් මෙන්
 ලන්දේසි හටන කියවන කාලයයි.
ලංදේසීන් ගැන මා තුල වෛරයක්ද
දේශ වාත්ශල්‍යයෙන් ඔද වැඩී තිබුනු සමයයි.
 ඒත් මේ ලන්දේසීන් යනු කවරහුද?
මා පහ හය පන්තියේ උගනිමින් සිටි කාලය විය යුතුය.

දිනක් අපි පාරේ සෙල්ලම් කරමින් සිටිනා අතර
මගේ ඉවසුම් රහිත කුතුහලයෙන් මඩනා ලද සිතැතිව
හා වෛරය දේශවාත්ශල්‍ය ප්‍රදර්ශනය කිරීමට සිතා
ඩෙනාගෙන් මෙසේ ඇසීමි.

ඒ උඹලද ලන්දේසි කියන්නේ.?

"පටාර්"

මේ සිදුවීම සිදුවී දැන් අවුරුදු 40ක් වත් ගතවී ඇත.
ඒ පාර තවම රිදුම් දෙයි.

ඩෙන්වර්, ට්‍රෙවෝ හා ජෙරොම් ඇතුලු පවුල් සෙට් එක
 තැන් තැන විසිර ගොස් පසුව ඔස්ට්‍රේලියාවට ගියා යයි කියවුනි.
තවම මම උන් සොයමි.
ඒ වැඩියක්ම ඩෙනාට වඩා උගේ නංගී නිසාය.
මට ආදර ලියුමක් ලියූ මෙලොව සිටින එකම කෙල්ල ඒකි බැවිනි.


https://nalakagunawardene.com/tag/%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92-%E0%B7%84%E0%B6%A7%E0%B6%B1/

https://kolambagamaya.blogspot.com.au/2015/10/blog-post_29.html

http://www.silumina.lk/2011/09/25/_art.asp?fn=av1109255

34 comments:


  1. "පටාර්"

    මේ සිදුවීම සිදුවී දැන් අවුරුදු 40ක් වත් ගතවී ඇත.
    ඒ පාර තවම රිදුම් දෙයි.

    "Once bitten twice shy"

    ReplyDelete
    Replies
    1. ඩෙන්වර්ට ස්තුති වියයුතුයි ඒ පාඩම කියා දුන්නාට

      Delete
  2. ජාතිවාදය,අන්තවාදය අවුස්සන හැම එකාටම දෙන්න ඕනේ කම්මුල් පාරක්

    ReplyDelete
    Replies
    1. සෑම කෙනෙකුටම සමානව සැල්කීමේ ගුණය පුරුදු පුහුණු කළ යුතු මහඟු ගුණයක්. එය නීතියෙන් මෙන්ම දේශපාලනිකව සමාජීයව ආරක්ෂා හා පෝෂණය කල යුතුයි.

      Delete
  3. මහනුවර අපේ පාසලෙත් ඩෙන්වර් කෙනෙක් සිටියා.ඒ පමණක්ද වැන්ක්‍යුලන්බර්ග්,වැන්හැන්ලම්බර්ග්,මයිකල්,වයිට්,ග්‍රෙගරි මේ සියලු දෙනා 80 දශකයේ මැද භාගයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වුහ අපේ පන්තියේ සිටි ඩෙන්වර්ටද සුන්දර නැගණියක් සිටි අතර ඇය පාසල් යන අතරතුරේදී බස් රථ අනතුරකින් මියගිය බව මතකය.

    ReplyDelete
    Replies
    1. ඔවුන් අපේ සමාජයට ගෙනා විවිධත්වය අපට අහිමිවී ගියාදෝයි සිතේ.
      නංගි ගැන දුකයි

      Delete
  4. ලන්දේසි හටන'; ධර්මශ්‍රී කල්දේරාගේ නේද ?

    ReplyDelete
    Replies
    1. සුසිල් ප්‍රේමරත්නගෙ.

      "ශ්‍රී වික්‍රම" විජය ශ්‍රී කල්දේරාගෙ මං හිතන්නෙ. not sure though.

      Delete
    2. ලන්දේසි හටන’ ධර්ම ශ්‍රී කල්දේරාගේ කතාව. චිත්‍ර නිර්මාණ සුසිල් ප්‍රේමරත්නගෙනි.
      ශ්‍රී වික්‍රම, බිලිපූජාව සුසිල් පේමරත්නගේ මගේ හිතේ.

      Delete
    3. ලන්දේසි හටන, බිලි පූජාව, තිසා, ඊට පස්සේ සිළුමිණේ ගියා බන්ධුල හරිශ්චන්ද්‍ර ඇඳපු ලස්සන කතාවක් 'දේවස්මිතා'. හරිම ලස්සනයි. බලන්න ඒ නමේ ලස්සන.

      Delete
    4. දැන් නම් ටික ටික මීටරේට වැටෙනවා. ඉස්සර සිලුමිණ ගත්ත ගමන් බලන්නේ අන්තිම පිටුවෙ චිත්‍ර කථාව

      Delete
    5. Thanks trans , aru, Pra Jay, vichaa

      Delete
  5. Are you referring to Denvor who lived in Punchi Borella (housing line down the Bo-tree, towards Nalanda), studied at Ananda College and became Rugby captain. His sister is very much younger to him?

    ReplyDelete
    Replies
    1. you remember his sister very well ha ha, I think they are not Sumedha, , are you looking for her too..

      Delete
    2. Ha..ha..... No no I am staying in touch with him now.. but some of your descriptions really goes with him and our small age...nothing romantic though.. cheers.

      Delete
  6. Hollandesche = හොලන්දේසි = ඕලන්දේසි = ලන්දේසි

    ReplyDelete
    Replies
    1. අදයි දැණගත්තේ. තෑන්ක්ස්!!!

      Delete
    2. ////Hollandesche = හොලන්දේසි = ඕලන්දේසි = ලන්දේසි////

      ප්‍රා......ලන්දේසි කියන එකෙන්ද දන්නේ නැහැ ලන්සි කියලා හැදුනේ?

      Delete
    3. ස්තූතියි සැමට එකතුකිරීම් වලින් මගේ ලිපිය රසවත් කලාට

      Delete
  7. ආදරේට අඩෝ ලන්සියා කියලා කතාකරපු හෙන සෙට් එකක් හිටියා. බොහොමයක් හොටෙල් ට්‍රේඩ් එකේ හිටියා. සීයට අනූවක් විතර ඔස්ට්‍රේලියාවට ගියා. උන් හරි සිම්පල් මිනිස්සු. ජා මිනිස්සුත් ඒ වගේම ජොලි බුවාලා.

    දයාල් කියවලා තියෙනවාදCarl Muller ගේ The jam fruit tree පොත. හරි ශෝක් ,බර්ගර්ස්ලා ගැන.

    ReplyDelete
    Replies
    1. අරූ, ඊට වඩා හොඳයි J. B. Müller ගේ The Burghers.

      https://books.google.lk/books/about/The_Burghers.html?id=sntuAAAAMAAJ&redir_esc=y

      Delete
    2. කියවලා නැහැ. හොයාගන්න ඕන. බර්ගර්ස්ලා ගැන කියවන්න ආසයි.

      Delete
    3. http://www.sundaytimes.lk/070513/Plus/018_pls.html

      Delete
  8. Are you from Pannipitiya by any chance ? We had some friends with the same names in Pannipitiya.

    ReplyDelete
    Replies
    1. No I am not, thanks for the interest anyway

      Delete
  9. ඩෙන්වර් කෙසේ වෙතත් මුණගැහේවායි පතමු ඉතිම්...

    ReplyDelete
  10. Atthtama sinhala api burgers lata kivuwe karapothu lansi kiyala. eth un apita karapu warada mokakda

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ උන් උන් අතරේ තමයි ඔය කැරපොතු කතාව මුලින්ම තිබුනේ කියලා. එකම වර්ගේ නැතුව...ඒ කියන්නේ ඩච් බර්ගර් කෙනෙක් වෙන පෘතුගීසි හරි වෙන කෙනෙක් බැන්දොත් ,මික්ස් වුනොත් කිව්වේ " දිස් බගර් ඊස් කැරපොතු ලංසියා මචං. බට් වී ආ ඔරිජිනල් ලන්සීස්" කියලා උන් උන්ම විහිලු කරගත්තා මගේ හිතේ. පස්සේ අපි හැමෝටම කැරපොතු ලන්සියා කිව්වා. අපි තරුන කාලේ නම් හරියට බර්ගර් යාලුවෝ හිටියා. අපි ෆිට් එකට කතාකරේ...අඩෝ කැරපොත්ස් හරි අඩෝ කොක්‍රෝච් කියලා. හොඳම ෆිට් එකක් නම් කැ* ලන්සියා කියලත් කිව්වා.

      උන් අපේ රටෙන් යන්න පටන් ගත්තේ සිංහල රාජ්‍ය භාශාව වෙලා සිංහලෙන් විභාග රස්සා, අන\ම්, මන\ම් වෙන්න ගත්ත නිසා කියලයි කියන්නේ. සමහරක් ලන්සි බුවාලා හිටියා, උන්ට ඉංග්‍රීසි කතාකරන්න විතර්යි පුලුවන්,,,ලියන්න බැහැ. බොහොමයක් අය ඉගෙනගත්තෙ නැහැ හරියට පිස්සු නැටුවා.

      Delete
  11. //දේශ වාත්ශල්‍යයෙන්// නිවැරදි යෙදුම දේශ වාත්සල්‍යයෙන්.

    ඩෙන්වර් ගේ පාර හරියට වැදුනානම් ඩෙන්චර් එකක් දාන්න වෙනවා නේද? කොහොම වුනත් අර ආර්යා ගැන හොයාබලන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කරමි. තුති.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්