Followers

Wednesday, June 29, 2016

අර්ජුන් මහේන්ද්‍රන් සුභ ගමන්!- Bye Bye Arjun Mahendran

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හා පුරවැසි බලය ප්‍රමුඛව වෙනත් සංවිධානද එකතුව පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ පැවති රැස්වීම යහපාලනය වෙනුවෙන් වචනයක් හෝ කථාකළ ඕනෑම කෙනෙකුට ආස්වාදයක් වේ යයි සිතමි.

එසේම එවන් ජනතා පීඩනයක් අත්‍යවශ්‍ය‍යම අවධියකයි රජය තිබෙන්නේ. යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අලුත් පරපුරට හා එයට කිට්ටුවෙන් සිටි කලාකරුවෙක් දෙන්නෙක් පවත්නා රජය පිළිබඳව සිය ජුගුප්සාව හා කලකිරීම ප්‍රකාශ කර තිබෙනවා. හමුවෙන හමුවෙන හැම කෙනෙකුම අත ඇති කොලවලට අත්සන් කොට මාව විශ්වාස කරන්න යයි මෛත්‍රී කියූ බව අපට හොඳට මතකයි. ඉතින් සමහරුන් මෙසේ ඉච්ඡා භංගත්වයට පත්වීම පුදුමයක් නොවේ.

ජවිපෙද, සම්පන්දන් ඇතුලු විපක්ශයද මා සලකන්නේ යහපාලනයේ ස්තිර තැන්පතු වශයෙනි. ජවිපෙ ආණ්ඩුවිරෝදය ඉතාම හොඳට කලමණාකරනය කරනවා. තියුණු විවේචන එල්ලකරනවා, හඳුන්නෙත්ති කෝප් එක හරහාද, සම්පන්දන් සිය සරල ජීවිත පැවත්ම හා ගනන් බලා කරන විවේචන හා ක්‍රියාකාරකම් හරහා රජයට විශාල සවියක් වගේම සිය මාර්ගය නිවැරදි කර ගැනීමට වේවැලක් වනවා.

ඒකාබද්ධ විපක්ශය දැලකට කොටුවී ඇති පක්ශීන් රාශියක් මෙන් සද්ද නගන තැනක් බවට පත්වෙමින් යයි. ඒත් වැට් බද්දට එරෙහි හර්තාල් නැතිනම් කඩ වැසීමේ ව්‍යාපෘතිය සිදු උනේ කෙසේ දැයි සොයාබලන්ට වටී.

ඇමතිවරුන්ට වාහන ගැනීම ලේසියෙන් කිරීමට, අර්ජුන් මහේන්ද්‍රන් හුරතල්කිරීමට ජනතාව ඉඩ දුන්නේ නැත. තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත් රජයේ ආයතනවල වගවීමේ වගකීම තීව්‍ර කරනු ඇත. බදු අයකිරීම හා පැහැර හැරීමට ක්‍රියාමාර්ග ගැනීම විදිමත් කිරීම සඳහා ක්‍රියා මාර්ග ගනිමින් තිබේ. පොරොන්දු වූ පරිදි විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ පොරොන්දුව ඉෂ්ඨ කිරීම මෛත්‍රී කළ යුතුව ඇත.



කටුනායක ගුවන් තොටුපලේ සී සී ටී වී සවිකිරීමට එදිරිව යම් නිලධාරීන් කොට්ටාශයක් ගෙනගියේ ඉන්තේරුවෙන්ම පරදින සටනකි. සයිටම් එකත් ගෙනයන්නේ එස් බී ගේ බූරු හයියත් රැගෙන කරන සටනක් බව පෙනේ. ජවිපෙ පා ම බිමල් ර ප්‍රකාශ කළ කරුනු අනුව එය පරදින්නට නියමිත සටනකි. රාගම පී එම් සී මෙන් ජනතාවගේ ඇඟට කඩා නොවැටෙන සේ මේ ගැටලුවට විසඳුම සෙවිය යුතුය. සයිටම් සිස්යෝ ලස්ස සීයක් ගෙවා ඇත. සමහරුන් උ පෙ වැඩ දෙකක් වත් සමත් නැත. මේ විකාරයට තිත තිබිය යුතුව ඇත. මුදල්ගෙවා ඉගෙන ගන්න කැමති අයට පැහැදිළි ක්‍රමවේදයක් සකස් කල යුතුව ඇත.

ඉහත සඳහන් පුරවැසි බලයේ රැස්වීමෙන් පසුව ආන්ඩුව රත්වී ඇති බව පෙන්වන ක්‍රියාකාරකම් රාශියක් පසුගිය දිනවල එෆ් සී සී අයි ඩිය හා අධිකරණය හරහා සිදුවිය.

පොඩි පොඩි හොරු බොරුවට ඇතුලට ගත්තත්
අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය දීර්ඝ නොකලත්
ඇමතිලාගේ කාර් පර්මිට් තාවකාලිකව අකුලා ගත්තත්
ඇවන්ට් ගාර්ඩ් කැප්ටන්ව හිරබාරෙට ගත්තත්
බදූර්දීන්ගේ වනසංහාරය යටගියත්
ජෝන්ගේ පාරවල් කඩන  පිස්සු වැඩ යටගියත්
ආණ්ඩුවේ අති මහත් නොසැලකිල්ල නිසා සිදු වූ සාලාව විනාශයට යම් පිලියම් දුන්නත්
ගංවතුර බැස ගිහින් ම්නිසුන්ගේ අඳෝනාව මාධ්යයෙන් වසන් වුවත්
අගමැති ජනපති සරල කස්ටිය වූවත්
සැබෑ ප්‍රශ්නයේ ස්වභාවය එළියට එන්නේ
තලතා අතුකෝරල තුලිනි.
මැදපෙරෙදිග යාමට හැකි ස්ත්‍රීන්ගේ වයස සීමාව අඩුකිරීමට ගත් තීරනය.

පුරවැසි බලයට මෙන්ම සමාජ ජාලා මාධ්‍යට සවන් දෙන පාලකයින් පිරිසක් සිටීම වාසනාවකි.
එය කොයි කලකටද කියා තීරනය වන්නේ එල්ල කරන පීඩනය කොතරම් යථාර්ථවාදීද කියන එක මතය.

16 comments:

  1. වැඩි කාලයක් තියෙන්න දෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. හොරු එක්ක ඩීල් එකක් දෙකක් දාගන්නකං විතරයි?
      දාල උන්වනිදහස් කරකං විතරයි

      Delete
  2. දැන්මම සුභ පතන්න හදිසි වෙන්න එපා. ළඟදීම මෙයාට වෙන මොකක් හරි තනතුරක් දෙයි. අර ප්‍රභාකරන්ට මුදල් ගෙඩි පිටින් දුන්න භාණ්ඩාගාරයේ ලොක්කත් රනිල්ගේ උපදේශක් හැටියට දැන් වැඩ කරනවානේ.

    ReplyDelete
  3. මුලින්ම ඔය ඇමතින්ගෙ කාර් කතාව ගැන කියනවා නම්, ඒක පරිපූර්ක ඇස්තමේන්තුවක්. ඒ සඳහා මුදල් වියදම්කර, ඒ සඳහා පාලිමන්ට් අනුමැතිය ගැනීමට ඉදිරිපත් කරන ලද්දක්. දැනගන්නට ඇති ආකාරයට බොහොමයක් වාහන ඕඩර් කරලා, සමහරක් වරායට ඇවිල්ලත් ඉවරයි. ඒ නිසා නැවැත්තුව කථා මිනිස්සු අන්දන්න කරන දෙයක් විතරයි.
    අනිත් එක ඔය දේශපාලකයන්ගෙන් අති බහුතරයක් හොරු, අවස්ථාවදියො. අවංක අය හිටියෙ අපේ තාත්තලගෙ නැත්නම් සීයලගෙ තරුණ කාලෙ. ඉතින් එහෙව් තක්කඩියන්ගෙන් සාධාරණ සමාජයක් බලාපොරොත්තුවීම විහිළුවක්. විරෝධතා දැක්වීම, බලකිරීම් කරන එක හොඳයි. ඒත් බලාපොරොත්තු කඩවුණා කිමින් ප්‍රලාප නැගීම, මට නම් හිනා යන කාරණයක්. මොකද මම වගේ තරුණයෙක්ට තේරෙනදේ, මේ තලත්තෑනි, උගත් , ඇසූ පිරූ , ජීවිතයේ පරිණත පුද්ගලයන්ට නොතේරීම අභාග්‍යක්.

    ReplyDelete
    Replies
    1. ලමයෙකුට පාඩම් කරන්න උදේ නැගිටින්න උනත් පොඩි පීඩනයක් දාන්න ඕනා

      Delete
  4. අර්ජුන් මහේන්ද්‍රන් ව යැවුවද??
    සුවර් ද?

    ඊයේ සිරිසේන ටීව්ට් කලේ තව පැය කීපයකින් අලුත් මහ බැන්කු අදිපතිතුමෙක් පත් කොරනවා කියලා.... පත් කොරාද?

    ReplyDelete
    Replies
    1. මෑන්ස් ගියා නේද?

      Delete
  5. යහපාලන ආන්ඩුවේ ඇමති කෙනෙක් පුරවැසි බලයේ හරක් විජේසූරිය මහාචාරිය තුමා ට MA උපාදිය ප්‍රදානය කිරීම නම් පහුගියදා සිජ්ජ වුනා....

    (MA = මොලේ අරිසස්)

    ReplyDelete
    Replies
    1. සරත් විජේසූරිය හොඳ සෞඛ්‍ය සම්පන්න මනුස්සයෙක්
      දොස්තරවරුන්ගේ මහපොතේ කොහෙද තියෙන්නේ ඔය වගේ ලෙඩක් ගැන

      Delete
  6. තලතාගේ යෝජනාව ධෛර්යමත් කල යුතු යෝජනාවක් නොවේ.එකට රන්ජන් ඇතුළු පිරිසක් විරුද්ධ වූ බව ආරංචියි.කෙසේ වෙතත් ඒ විදියට රට යන වයස් මට්ටම අඩු කිරීමෙන් බොහෝවිට විදේශ ගත වෙන්නේ ගෘහ සේවයට නිසා එක සමාජ ප්‍රශ්න වැඩිකිරීමක් වෙන්නත් පුළුවන්.

    රජය බලයට ගෙන්න පෙනි සිටපු "පුරවැසි බලය"ඇතුළු සිවිල් සංවිධාන රජයේ අතකොලු නොවීම සතුටක්.

    ReplyDelete
  7. මට නම් දැන් මේ කේස් ගැන නෝ ඉන්ටරෙස්ට්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කීප් ඉට් අප්

      Delete
  8. ඔය සැම දෙයක්ම හුදු වචන විතරයි . අපි ජීවත් වෙන්න ඕන විදිය පවා තීරණය කරන්නේ එක එක ආයතන අපි බදු ගෙවන යන්ත්‍ර පමණයි.

    ReplyDelete
    Replies
    1. බදුගෙවන එක අපිකවුරුත් කල යුතු දෙයක්
      රජයන් සිය සේවාවන් පවත්වාගෙන යන්නේ බදු මුදල්වලිනි

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්