Followers

Wednesday, July 13, 2016

ජවිපෙට පුලුවන්ද ආයෝජකයො ගෙන්වන්න, රම්බරී?


ජවිපෙට නැවත බිලිපුජාවකට යන්ට බෑ
චීනේ වර්ජන නෑ,
ආයෝජකයින්ට එන්න පුලුවන් බය නෑ
ආයෝජකයො ගෙන්වන්න රනිල්ට බෑ
ජවිපෙ හෙළ- උරුමය බලය ගත්තත් නැතත්
මී ලඟ අවුරුදු 10, 15 දී රට හසුරුවන නායකයින්
සැක නෑ, ඒ ගොල්ලො දැන් ෆුල් සෙට්
 ඔබාමා ඇමරිකාවේ ජනපති උනා

බණ්ඩාරනයකලා. එන් එම් ලා,
ඩී එස්ලා, පිලිප් ගුනවර්ධනලා, ගමේ තාලේ
අනිල් මුණසිංහලා දැන් ඉන්නේ ජවිපෙ.
ඉන්ග්‍රීසිය තමයි පොඩ්ඩක් අඩු,
ඒකත් ජාතිකවාදී උගතුන් ඉන්නව පුරවන්න අඩු

සරත් ෆොන්සේකා ඔහුගේ පක්ෂෙ පටන් ගත්ත කාලේ
ලියූ පෝස්ට් එකේ මා කීවා ඔහු නවතින තැන.
ඔහුට ඇමරිකන් වීසා නොලැබීම ප්‍රශ්නයක්ද නැද්ද?

මතක් තියාගන්න ජවිපෙ කියන්නේ
උගතුන්ගේ බුද්ධිමතුන්ගේ පක්ශයක්,
දුප්පතුන්ගෙ පක්ෂයක් නොවෙයි,
දුප්පතුන් වෙනුවෙන් වැඩකරන පක්ශයක්
මෙය අලුත්ම එක!

රනිල්ගෙ බැංකුවේ මිනිහත් පරාදයි
ගෝලයෝ අනාගන්නව
ඉතින්
88-89 සැම්පලේ, බාබිකිව් එකකට යන්නත් බෑ
කොල්ලො ටිකත් දැනට හොඳයි

ඒ අය ලව්ව කලින් ගත්ත වැඩ කොටසට
 දැන් ගෙවීමක් කරන්න අවශ්‍යයි,
බලමු මී ලඟ එපිසෝඩය දිග හැරෙන විදිය..?
 රම්බරී මං ආසයි උඹේ අලුත් නොම්මරේට බං

15 comments:

  1. "බණ්ඩාරනයකලා. එන් එම් ලා,
    ඩී එස්ලා, පිලිප් ගුනවර්ධනලා, ගමේ තාලේ
    අනිල් මුණසිංහලා දැන් ඉන්නේ ජවිපෙ."

    බණ්ඩාරනයක - නොම්බර එකේ ජාති වාදියෙකි, අවස්ථා වාදියෙකි,
    එන් එම්,පිලිප් ගුනවර්ධනලා- ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහමුලින්ම වලව්වේ ළමා තැනිගේ සාරි පොටේ එල්ලුව ඩබලයි
    පිලිප් ගුනවර්ධන - මොහු ඒදවස්වල කල වැඩකෑලි දිනේෂ් ගුනවර්ධන මේ දවස්වල බැරි බැරි ගතේ හෝ කරමින් සිටි
    අනිල් මුණසිංහලා - රදල යෙකි, ධනපතියෙකි

    ඇත්තනේන්නම් දැන් ජවිපෙ ඉන්න ඩයල් වල වැඩ එක්ක අර උන්දලට හැරෙන්නවත් බෑ තමයි, රතු පාට වෙනුවට රෝස වගේ පාටක් දාල රැවුල් කෑලි ටික කපල, දෑකැති මිටි විසිකරලා ගත්තනම් නොම්බර එකේ තවත් ධනපති පක්ෂයයක් බවට ජවිපෙ කන්වර්ට් කරන්න පුළුවන් තමයි. ජවිපෙ උන්දැල මේ යහපාලන ටොයියා කියන එව්වත් අහල ඔය හොරගල් අල්ලන කැත වැඩ නවත්තල වැඩටබහින්න. වැඩේ ගොඩ

    ReplyDelete
    Replies
    1. correction
      "බණ්ඩාරනයකලා. එන් එම් ලා,
      ඩී එස්ලා, පිලිප් ගුනවර්ධනලා, ගමේ තාලේ
      අනිල් මුණසිංහලා දැන් ඉන්නේ ජවිපෙ."

      බණ්ඩාරනයක - නොම්බර එකේ ජාති වාදියෙකි, අවස්ථා වාදියෙකි,
      එන් එම්- ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහමුලින්ම වලව්වේ ළමා තැනිගේ සාරි පොටේ එල්ලුව බුවයි
      ඩී එස් - යු.එන්.පිය නමැති දේශපාලනය වෙනුවට බිස්නස් කරන පක්ෂයක් පිහිටුවිය
      පිලිප් ගුනවර්ධන - මොහු ඒදවස්වල කල වැඩකෑලි දිනේෂ් ගුනවර්ධන මේ දවස්වල බැරි බැරි ගතේ හෝ කරමින් සිටි
      අනිල් මුණසිංහලා - රදල යෙකි, ධනපතියෙකි

      ඇත්තනේන්නම් දැන් ජවිපෙ ඉන්න ඩයල් වල වැඩ එක්ක අර උන්දලට හැරෙන්නවත් බෑ තමයි, රතු පාට වෙනුවට රෝස වගේ පාටක් දාල රැවුල් කෑලි ටික කපල, දෑකැති මිටි විසිකරලා ගත්තනම් නොම්බර එකේ තවත් ධනපති පක්ෂයයක් බවට ජවිපෙ කන්වර්ට් කරන්න පුළුවන් තමයි. ජවිපෙ උන්දැල මේ යහපාලන ටොයියා කියන එව්වත් අහල ඔය හොරගල් අල්ලන කැත වැඩ නවත්තල වැඩටබහින්න. වැඩේ ගොඩ

      Delete
  2. අපේ ලාංකිකයෝ මෝඩ ‍වග ඈතින් පෙනුනාට ඒ තරම්ම මෝඩ නෑ.. විපක්ෂයට ඕනිම නිසා 5-6ක් පත්කරලා එවනවා මිසක මුන් අන්ඩු කල යුතුයි කියලා මහජනයා සිතන්ෙන් නෑ..

    ReplyDelete
    Replies
    1. amila chathurangaJuly 14, 2016 at 7:13 AM

      +++++++++++++++++++

      Delete
    2. අපේ ජනතාව මෝඩකමෙත් හොද එක.......
      ඵ්කනෙ ඔයි පාර්ලිමේන්තුවට හොරු 220ක් පත්කරලා උන්ගේ හොර අල්ලපල්ලාය කියලා ජවිපෙ 5ක් පත්කරන්නෙ................

      ඉතින් කොහොමද ජාතියන්තරේට යන්නෙ..............

      Delete
  3. ජවිපෙ ප්‍රධාන ප්‍රශ්නෙ යල් පැනපු සමාජවාදෙ. ඔය සමාජවාදීන්ට ගම්වල දුප්පත්, පෝසත්, ආගමට බර මිනිස්සු , රජයේ සේවකයො කවුරුත් කැමති නෑ. ජවිපෙට ඡන්දෙ දෙන්නෙ මධ්‍යම පන්තියෙ උගත් මිනිස්සු ටිකක් විතරයි. ඔවුනුත් ඡන්දෙ දෙන්නෙ සමාජවාදෙ නිසා නෙමෙයි, ජවිපෙ පෙන්වන අවංකකමයි, ප්‍රතිපත්තිගරුක බවයි නිසා. ඔවුන්ට ආණ්ඩුවක් ගන්න නම් ඔය යල් පැනපු සමජවාදෙ පැත්තක තියල සාමාන්‍ය ජනතාව අතරට යන්න වෙනවා. සාමාන්‍ය ජනතාවට ඕනෙ ගමට වැඩක් කරන්න පුළුවන්, රස්සාවක් දෙන්න පුළුවන් මන්ත්‍රීයෙක් මිසක් ප්‍රතිපත්ති නෙවෙයි. ජවිපෙ ඒ ටික හඳුනාගන්නකම් ආණ්ඩුවක් ගන්නවා බොරු. අනික ලංකාවෙ ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ ක්‍රමේ තුලින්, එහෙම නැතුව විප්ලවයෙන් නෙවෙයි. 88/89 කාලෙ, හමුදාවට වැඩියෙන්ම ඔත්තු දුන්නෙ ඔය කියන පීඩිත ජනයම තමයි.

    ReplyDelete
    Replies
    1. ඵ්ක තමයි..............ජනතාව අතරට යන්න ඔන.....................

      ජනතාව අතරට යන්නෙ කොහොමෙයි.............................

      මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්න ඔන,කොමිස් ගහන්න ඔන,ස්ත්‍රි දුශන කරන්න ඔන,ලක්ශ 400/500 නිල රත ගන්න ඔන..................
      රස්සාවල් ටික ඉගනගත්ත නැති උන්ට දෙන්න ඔන,කුඩු විකුනන්න ඔන,කුඩු විකුනපු සල්ලි වලින් පන්සල් හදන්න ඔන.නිදන් හාරන්න ඔන.................

      අන්න එහෙම කරලා ජනතාව අතරට ගියොත් විතරක් බුද්දිමත් ජනතාව කල්පනාකොරලා බලයි චන්ද ටිකක් දෙන්න................

      අනේ හුකෙ කිව්වලු...................

      ලන්කාවෙ කොහෙද බන් ජනතාව ඉනේ ලන්කාවේ ඉන්නෙ ඌරු පට්ටියක ඉන්න ඌරො ටිකක්...................

      Delete
  4. ජෙප්පන්ට තනියෙන් බලය ගන්න බෑ... එකම මෙතඩ් එක විමල් මෙතඩ් එක...

    ReplyDelete
  5. ජෙප්පො බලේට එන්නෙ නෑ මේ සම්මජ්ජාතියෙදි..

    ReplyDelete
  6. ජවිපෙට පුලුවන්ද ආයෝජකයො ගෙන්වන්න, රම්බරී?

    මොකෝ බැරි , අයර්ලන්තෙන් ගේනවනේ

    ReplyDelete
  7. ජෙප්පො බලේට ගෙන්න නෙමේ උන්ව රටේ ප්‍රධාන විපක්‍ෂය කරගන්නයි ඕන.

    ReplyDelete
  8. ඇත්තෙන්ම ජෙප්පන්ට බලය දෙන්න බයක් තියෙනවා.

    කිව්වත් වගේ මාත් හිතන්නේ උන් ටික ප්‍රධාන විපක්ෂය කරලා - උන්ට ශැඩෝ කැබිනට් එකක් හදලා යූ.එන්.පී ශ්‍රී ලන්කා හවුල් ආන්ඩුවට ආන්ඩුවකට මග පෙන්වන හෝ කෙවිට අතේ තියන් මට්ටු කරන එකාගේ චරිතය රඟපාලා පෙන්නුවානම් . .

    රඟපෑමේ සාර්ථකත්වය උඩ කවදා හරි බලය ලබා ගන්න පක්ෂයක් වෙන්න පුලුවන් වෙයි කියන එකයි

    ReplyDelete
  9. සාමාන්‍යයෙන් ශ්‍රි ලoකාව කියන්නෙ විනයක් නැති,අවoක කම බොහොම අඩු ඵ් නමුත් හරි ලොකුවට පුම්බගෙන හැබැයි දත් ඇවරිය විතරක් ඵ්ලියෙ දාගෙන විරිත්තගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක්...................................
    දකුනු අසියාතිකයන්ට පොදු දුරදිග කල්පනා නොකිරිම සහ ලග වාසිය ගැන පමනක් හිතිම නම් අපූරුවට තියනවා...................
    මේවගෙ බහුතර ජනතාවක් ඉන්න රටකට ජවිපෙ වගෙ පක්ශයක් හරියන්නෙ නැ තමයි.............

    තරුනයෙක් විදියට මට පෙනෙන දේ තමයි , යම් යම් අඩුපාඩු තිබුනත් සෙසු පක්ශවලට සාපේක්ශව ජවිපෙ තියන ඉහල හැකියාවන් හැම අතකින්ම..........
    නමුත් බහුතර ජනතාව ඌරන් වුකල ඔවුන් නායකයන් ලෙස පත්කරගන්නෙ උරන්වමය කියන ඵක තමා ඇත්ත කතාව......................

    රටක පාලනයට පත්වන්නෙ ඵ් රටෙ ජනතාවට හරියන පාලකයො කියලා කතාවක් තියනවානෙ......................

    බස් ඵ්කේ ගියත් ටිකට් නැතිව යන්න බලන, කාර්යාලෙක පියන්ගෙ ඉදන් A4කොලයක් හරි හොරෙන් ගෙදර උස්සන් යන්න බලන ස්වය0 විනයක් නති පුරාජෙරුව පමනක් ඇති ජාතියක් කවදාවත් මේ පල් හොරුන්ව අත ඇරලා ජවිපෙට වෙන ඵකක් නැ.................

    සමාජවාදය කියන්නෙ රැවුලක් වවගෙන රතු කමිසයක් ඇදගෙන දාඩිය පෙරාගෙන ඉන්න ඵක නෙවෙයි නෙ..................
    ඵ්කදාස් නමසිය බරගනන්වල සමාජවාදියො හිටපු බාහිර ස්වරුපයට අද ඉන්න්න අය ඉන්න ඔන නැ.
    කලයට අනුව වෙනස් වෙන්න ඔන..............ඵහෙම නැත්නම් විනාශ වෙනවා....................

    ජවිපෙ අවුල රතු ශර්ට් රෝස වීමවත් රැවුල් කැපිමවත් නෙවෙයි..........................ඵ්දාවෙල ටුවර්ස් පසුගාමි සමාජයක් තිබීමයි.............එක ලන්කාවට විතරක් පොඩු අවුලකුත් නෙවෙයි................................

    සමාජවාදය වත් ජවිපෙ වත් උත්කර්ශයට නන්වන්න අවශ්‍යතාවයක් නැත.ඔනම පාලනක්‍රමයක අඩුපාඩු තියෙන්නට පුලුවනි.මොකද මිනිස්සුන් විසින් පාලනය කරන නිසාය.නමුත් සමාජවාදි ක්‍රමය සහ ජවිපෙ පිලිවෙත් වර්තමාන හෙලුවැලි ක්‍රමය වඩා සැහෙන්න මානව වාදීයි.....................නමුත් අවුල තන්හාව ක්‍රෝදය ඉර්ශ්‍යාව පිරුනු සමාජය නමති නරාවල ඉල්ලා සිටින්නෙ ඵ්ය නොවීමයි.තාත්ත ලග පරිස්සමට දුවව තියලයන්න බරි.පන්සලකට පල්ලියකට තනියෙන් දරුවෙක් යවන්න බැරි සමාජයක් ඇතුලෙ මොන සෝසලිසම්ද අයිබෝ ..................

    අලුත් ජනතාවක් පත්කරගැනීමේ අවශ්‍යතාවය තමා ඉතින්......................

    ReplyDelete
  10. ew koheda api genawa Basil Mahaththayawa. Api basil mahaththayta otunna danawa. Ekat aranil lokkath kamathi..

    ReplyDelete
  11. කොමෙන්ට් වලින් දායක වූ සැමට තුති.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්