Followers

Saturday, July 23, 2016

දයල් බතී මොන පක්සෙද?

මා කලිනුත් කියා තිබෙනව
මගේ පියා තද සිරි ලංකා කාරයෙක්.
මා දේශපාලනය ඉගෙන ගත්තේ
නව සම සමාජ පක්ශයෙන්,
 එය කෙරෙහි ඇති ගරුත්වය කිසිසේත්ම අඩු වී නෑ.
මොනව සිදු වුවත් NSSPය විසින්
ගොඩ නගා ඇති දේශපාලන සාහිත්‍යය ඉතා වැදගත්.

පසු ගිය පෝස්ටුව නිසා
උනන්දු වූ කෙනෙකු දෙදෙනෙකු
මා ජවිපෙ ගැන කලින් ලියා තිබෙන දෑ මොනවාදැයි
සොයා තිබෙනු
මගේ බ්ලොග් එකේ විස්තර බලන තැනට ගියාම පේනව.

පවතින දේශපාලන තත්වය අනුව
ජවිපෙ ඉදිරි දශකය තුල වැදගත් භූමිකාවක් රඟනු ඇත.
එසේ වුවත් අධි අපේක්ෂා තබා ගැනීම පසුගිය දිනෙක
ලාල් කාන්තගේ ප්‍රකාශවලින් පෙනුනා.
මා හිතනවා, හඳුන්නෙත්ති විසින්
ලාල් කාන්ත ගෙන යන භූමිකාවේ බලපෑම නිවැරදි කලා,
''ජවිපෙ සැලසුම නැත්නම් සටන් පාඨය
මීලඟ ආණ්ඩුව ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුවක්'' ලෙසින්.

බොහෝ අය හිතනවා 
ජවිපෙ අපේ මව්බිම නිවැරදි මාවතට ගැනීමේ
 කෙවිට අතට ගත යුතුය කියා.

ඔව් මී ලඟ ආන්ඩුව ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුවක් විය යුතුයි
නැත්නම් අපට අනාගතයක් නෑ.
කිරිඇල්ල විවෘතවම කියන්නේ 
ඒ අය දන්න විකල්ප් මාර්ගයක් නොමැති බවයි

ජවිපෙ මෙතරම් දුරට පෙන්වා තිබෙනවා 
ඒ ඇත්තන්ට කැප කල හැකි විනය ගරුක මිනිසුන් බව.
ප්‍රජාතන්ත්‍රවාදී ජවිපෙකට සිය පක්ෂයේ නැග්ම මෙන්ම 
රටේද නැග්මටද වැඩ කල හැකි බව ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනව.

7 comments:

  1. අවස්ථාවාදය අතින් නම් ජවිපෙ ප්‍රධාන පක්ෂ දෙකට සටනක් දිය හැකි මට්ටමක ඉන්නවා.

    පසුගිය මහ ඡන්දෙ දී මා බලාපොරොත්තු වුණේ ප්‍රධාන පක්ෂ දෙකට ආසන 80 බැගින් සහ ජවිපෙට ආසන 40 ක් ලැබේවි කියායි.
    https://rasikalogy.blogspot.com/2015/08/win-win-win.html

    ReplyDelete
    Replies
    1. අනේ ඔසී ඉන්න ඔයා කොහොමද මෙයා ලංකාවේ චන්දදයකොයෝ ගැන දන්නේ? විකාර!

      Delete
  2. ජවිපෙට බලය ලබා ගතයුත්තේ කෙසේද යන්න ගැන කිසිම වැටහීමක් නැහැ. ඔවුන් ඔප්පු කර ඇත්තේ ඔවුන් මහජන මුදල් නාස්ති නොකරන බව සහ ඔවුන් බලයේ සිටින පක්ෂයේ අය කරන හොරකම් සහ නාස්ති පෙන්න දීමට හැකියාවක් ඇති බව පමණයි. කලින් ඔවුන් බලය ලබා නොසිටි නිසා ඔවුන්ගේ හැකියාවන් සහ දර්ශණය ගැන මහජනයාට දැනීමක් නැහැ. ඇත්තේ ඔවුන්ගේ කැරලි වල මතකය පමණයි. ඔවුන් මේ ගැන සිතා බලා මහජනයාට අවශ්‍ය කුමක්දැයි සමීක්ෂණය කර ඒඅනුව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කල යුතුයි.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරොධී රැස්වීමේදී ඒවාට තේ දළු කඩන්නන්ගේ ළමයින්ට ඇතුලත් වීමට හැකියාවක් නැහැ වැනි බොලඳ කථා වලින් ඔවුන්ට මධ්‍යම පන්තිය ආකර්ෂණය කරගන්න බැහැ. පාවෙන ඡන්ද තිබෙන්නේ මධ්‍යම පන්තියේ බව ඔවුන් තේරුම් ගෙන නැහැ.අඩුම වශයෙන් හැමටම අවස්ථාව සැලසෙන ලෙස සිසු ණය ක්‍රමයක අවශ්‍යතාවය ගැන කිව්වා නම් ඔවුන් විසඳුම් දිය හැකි වුන් බව මිනිසුන් තේරුම් ගන්නවා. අනුන්ගේ වැරදි නිසා ඔවුන්ට අවස්ථාව ලැබෙයි කියා බලා සිටීමෙන් මේදේ වෙන්නේ නැහැ.

    ReplyDelete
  3. හැබයි ඉතින් ජෙප්පන්ට ඇමති කටු පහක් ලැබුන වෙලාවේ එයාලා කලෙත් කිරිඇල්ල කරපු දේම තමයි....

    ඒ කියලා ජෙප්පන්ට රට යනවට මගේ අකමැත්තක් නම් නෑ... නොයන එකයි කරුමේ... උන්ගේ පිරිස වෙනස් වෙන්න ඕන... ඉහළ ස්ථරයට හැම සමාජයකම උන් එන්න ඕන.. විශේෂයෙන් මධ්‍යම පන්තිය කියලා කියන සමාජයේ සිවිල් පොරවල්... දැන් ඔය සද්දේ දාන සිවිල් පොරවල් ටික බාගන්න පුළුවන් නම් ඒක ජෙප්පන්ගේ ජයග්‍රහණයක්.. ඒත් ඒකට එයාලා බයයි... ඒ බයම එයාලා හැමදාම ඔය තත්වයේම තියාවී..

    ReplyDelete
  4. JVP ekata marketing ba... Honda consultant kenek ona marketing walata...masekata laksha 5 - 6 k dunnath padu na...

    eka wenama kalawak.... Askimolata fridge wikunanan loke lankawe wanduranta JVP eka marketing karana eka amaru wadak nowei..

    habayi eka lathawata .. kalawata karanna ona...

    ReplyDelete
  5. මම නම් කියන්නේ පෙජ්ජෝ ලවා රට කරවන්න කලින් උන්ව රටේ ප්‍රධාන විපක්ෂය කරලා ඉන්න ඕන කියලායි.

    // ''ජවිපෙ සැලසුම නැත්නම් සටන් පාඨය
    මීලඟ ආණ්ඩුව ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුවක්''//

    ඒ කියන්නේ ජවිපෙ ආයෙමත් සන්ධානගත වෙන්න සුදානමින් ඉන්න බවක්ද ?

    ReplyDelete
  6. අප වැනි මෝඩ බයියන්ගෙ ඇසට නොපෙනෙන කනට නෝ ඇසෙන බඩට නොදැනෙන නමුත් උගත් බුද්දිමත් ටොයි මොලවලට පමනක් පෙනෙන දැනෙන ඒ අනබිබ්හවනීය යහපාලන් කදිම හුකෑසයන් අතරින් බිදක්
    චන්දිරික 3/4ක්ද යූඇන්පිය 1/4ට ටිකක් අඩුවෙනුත් යුද්දය ඉවර කර තිබෙන අතර මහින්ද බලය ගෙන වැඩේ කා තිබීම.එසේ යුද්දෙ කල අය සුදනන් වී මහින්ද යුද අපරාද කරුවෙක් වීම.
    මේ අතර පොන්සේකද තනියම යුද්දයක් කර තිබීම(එතකොට යුද්ද 2යි නෙ යකෝ)සහ එමයුද්දයේ යුද අපරාද සිදු නොවීම
    පුද්ගලයන් අතුරුදහන් වී ඇත්තේ එම(මහින්දගෙ) කාලයේ පමනක් වන අතර 88,89 කිසිවෙකු මැරී හෝ අතුරුදහන්වී නැත.මානව හිමිකම් කඩවීඩ නැත.
    ඇහට පෙනෙන සන්වර්දනයක් කල මහින්ද කර ඇත්තෙ රටේ අය නයකාරයින් කිරීම වන අතර ඊට වඩා දෙගුනයක පමන නයගෙන යහපාලනෙන් මොකුත් නොකෙරීම ආර්තික කලමනාකරනයයි.
    රටට ජාතියට කරන ලොකුම හතුරුකම නව පක්ශයක් හැදීම වන අතර රාජපක්ශලාගෙ ලොකුම රහස් හෙලි කරන්න්නෙ එසේ කලොත් පමනකි.මෙතෙක් ඔවුන්ට දඩුවම් කලෙ සිල්ලර වැරදි වලට පමනකි.එවිට ලම්බොගිනි,රන් අශ්වයින්,හෙලිකොප්ටර් ආදි සියල්ල හෙලිවනු ඇත.
    එතෙක් මෙතෙක් ශ්‍රී ලන්කා ද්වීපයෙ ම්යගිය 1ම තරුනයා තජුදීන් වන අතර මාද්යවේඩියා එක්නැලිගොඩය.60000 ක් තරුන තරුනියන් මරා දමා නැත.ප්‍රේමකීර්ති,සාගරිකා,රිචඩ් ඩ් සොයිසා ආදීන් මද්යවේදීන් නොවේ.
    යහපාලනේට සම්බන්ද නොවන ඕනෑම කෙනෙකු අල්පෙනිත්තක වන්චාවක් කලද ඔහුට නීතිය ක්‍රියත්මක වීමගැන රහස්පරීක්ශක රන්ජන්,ඩී අයි ජී අනුර,නීතිය නමන කූජිත වගබලා ගන්නා අතර මහබැන්කු කොල්ලය,ගල් අගුරු වන්චා,රේගු බදු වන්චා,නැව් වන්චා ආදී දේවල් යහපාලනේ නාමයෙන් නොසෙවිය යුතුය.
    වරින්වර චන්ද තබමින් මහජන මතය විමසීම ඒකදිපතිත්වය වන අතර චන්ඩ කල් දාමින් මාද්යයට තර්ජන කිරීම,විපක්ශය මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයයි.
    එකල කබිනට්ටුව 100 පැනීම මහජන මුඩල් විනස කිරීමක් වන අතර දැන් එය යහපාලනය ගෙන ඒමට අත්යාවශ්ය දෙයකි.
    එකල පොර්ට් සිටිය සෑදීමෙන් මහත් පරිසර විනාශයක් සිදුවී මෙරට චීන කොලනියක් වන අතර දැන් ඊතත්වඩා ලොකුවට එය සෑදීමෙන් පරිසරය ආරක්ශා වේ.
    මෙරට චීන කොලනියක් වූවොත් පමනකි ප්‍රශ්නයක් වන්නේ.ඉන්දියන් කොලනියක් වීම ප්‍රශ්නයක් නොවේ.
    යහපාලනය පැමිනිපසු එකදිගට මැච් පැරදීම යහපාලනයට අදාල නැති මුත් යම්හෙයකින් මැච් දිනුවොත් ඒ යහපාලනේ ආනුබ්හාවෙනි.
    එකී මෙකී නොකී විවිදාකාරවූ කදිම හුකෑසයන් කොතෙකුත් පවතින මේ යහපාලන ප්‍රහසනය තුලින් කිසිවක් සිදුවී නැති බව පැවසීම හුදෙක් ඔබේ බුද්දියේ දිගපලල අඩුකම ප්‍රදර්ශනය කිරීමකි.ඒ සදහ කලයුත්තේ ඔබේ හිසිකබල තුල ගොම පුරවා ගැනීම පමනි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්