Followers

Saturday, September 3, 2016

ඇනෝනිමස් රණ්ඩුව Anonymous Tantrums, පුරු- තග්- ජන ,තග්- ජන, පොර -තග් -ජන





බ්ලොග් මා නිතරම නොලිව්වත් නිතරම කියවනවා. මෙය අප හැමදෙනා විසින් ගොඩනගාගත් කාටත් යට නොවන පුරවැසි වේදිකාවයි. එය රැක ගත යුතුයි. දියුණු කර ගත යුතුයි. ඔය ලී කෑලි යකඩ කෑලිවලින් බෙදීමට ලක් කල නොහැකි ලෙස ශක්තිමත් විය යුතුයි. යහපාලනය කරා හැකි තරමින් තල්ලු කිරීමට ඉතාම හොඳින් යොදාගත හැකි මාධ්‍යයක් නිසා ඒ ගැනත් අවධානය අඩුනොකල යුතුයි.

අන්තිමට කියූ දෙය  අත්දුටුයි විශ්වාසයි.

අප විශාල බලාපොරොත්තු නැතිව වුවත් දින වූ හංසයාගේ ඇඟේ මඩ ගා තටු කපා නන්නත්තාර කර ඇති තත්වයක බ්ලොග්කරුවන් අතරම ප්‍රශ්න ඇති වීම ඉච්ඡා භංගත්වය නිසා ඇතිවූවක් බව මම විශවාස කරමි.

ඇනෝනිමස් කොමෙන්ටු ගැන මාතලන් ක්‍රෝධාවේශයෙන් ලියූ දෑ  කියෙව්වා. ඒ පිළිබඳව මගේ අදහස නම් ඇනෝනිමස් කොමෙන්ටුවලට ඉඩ තබා තියේ නම් හොඳ නරක දෙකම ඉවසීමට හැකි විය යුතුයි කියලයි. තරඟය ඉරිසියාව සාමාන්‍යය දෙයකි මන්ද අපි පෘතග්ජනයින් වෙමු. ඒත් තග් ජනයින් බවට පත්නොවෙමු. අර මොකද්ද එක සඟවාගෙන මොකද්ද එකෙන් කෙලින අය නොවෙමු.

ජනවාරී 8 විප්ලවයේ ස්තිර තැන්පතු නන්නත්තාර නොවීමේ වගකීම බ්ලොග්කරුවන්ටත් පැවරේ.
හොරය බොරුවට වෙනත් සලුවක් පෙරවලාද?
සයිටම් එක්ටා ආදී රට ඉදිරියට දමා ඇති මස්කටුවලින් අප දේශය සැබෑ ලෙසම ඔත්පල වී ඇති ප්‍රශ්න යටකර දමා ඇද්ද? පාද යාත්‍රා සයිටම් විරෝධයන් මේ ආණ්ඩුවට ප්‍රශ්න කල් දැමීමට හේතු සපයා දීලා වගේ නේද?

බලන්න, යට ගසන අවුරුදු 6ක තට්ටු මාරුවේ ප්‍රතිපල

යුද්ධ හා කැරලි කෝලාහලවලින් මැරුනු සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
විදේශවල වැඩකරන ජනයාගෙන් අම්මලා ලක්ෂ දහයක් ඉක්මවයි
රජයේ සේවකයින් දාහතර ලක්ෂයකි
ලංකාවේ පස් දෙනෙකුගෙන් කෙනෙක් රෝගියකි
ත්‍රී වීල් සංඛයාව අට ලක්ෂයකි
ආයතනවල පුරප්පාඩු 150000කි
ලංකාවේ කෙනෙකුගේ සාමාන්‍ය මාසික වේතනය රු 28000
මැද පෙරදිග යන කතකගේ සාමාන්‍යය මාසික පඩිය 40000
ලෝකයේ   ඉහලම
ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලංකාවෙන්
ලෝකයේ අන්තර්ජාලයෙන් වැඩිපුරම සෙක්ස් ගැන හොයන්නා ඉන්නේ ලංකාවේ
ළමයි කුඩා කල සිට ශිෂ්‍යත්වය අරමුනු කොට ත්‍රීවීල් එකක් ගෙන හංදියේ නවතාගෙන සිටීම අරමුණු කොට අම්මාව හෝ විවාහ වී සිය භාර්යාව විදේශසේවයට යැවීම අරමුනු කොට ජීවත්වේ
රජය හැකි තරම් බදුබර දමා ගෙන එන පිච්චියට කෙලවයි
ව්‍යාපාර ෆෝන් එකක් ටී වී එකක් ෆ්‍රිජ් එකක් විකුනා ගෙන ගෙන එන පිච්චියට කෙලවයි
ව්‍යවසායකයින්ට අවශ්‍ය පුහුණු ශ්‍රමය මෙහි නැත.
පෝට් සිටිය ආර්ථික නගරය වී ඇත.
කලින් කියූ නරක පරිසර බලපෑම දැන් හොඳවී ඇත.

මෙතැන නොලිය වුනු දහසක් දේද ඇත.


ඒ වගේම කිසිදාක නොතිබුනු යම් නිදහස් තත්වයක් උදාවී තිබේ. එය කී කලකටද කියා තීරණය කිරීම භාර අපටමය.

17 comments:

  1. මාතෲකාව නම් පට්ට...ඒත් අන්තර්ගතය නම් වැඩක් නෑ....

    හිට්ස් ගන්න වගේ එකකට නම් මේ ස්ට්‍රැටජිය හොදයි

    ReplyDelete
    Replies
    1. ටිකක් වෙලා හිටිංකෝ අන්තර්ගතේ කැරකිලා එයි!

      Delete
    2. වේලි වේලි ඉන්න අපට චෑන්ස් එකක් ආවම ගත්තයි කියල අප්සැට් ගහන්න ඕන නෑ.

      Delete
  2. කල දුටු කල වල ඉහගැනීම..

    දයල් බතීත් නැට්ට පාගාගෙන
    පොන්නයන්ට රෙන්න පබ්ලික් ටොයිලට් එකක් ඕපන් කලා වගෙයි..

    මේ තමයි අපේ රටේ මහත්මාවරුන්ගේ තත්වය..

    ReplyDelete
    Replies
    1. යහපාලනය තුල හොරුන්ට මොකෙන්ද කෙලින

      එවුන් ට සැඟවී සිටීමට නොහැක.
      යමු FCID , හැබැයි සාක්කි ඕනෑ.

      Delete
  3. //
    අප විශාල බලාපොරොත්තු නැතිව වුවත් දින වූ හංසයාගේ ඇඟේ මඩ ගා තටු කපා නන්නත්තාර කර ඇති තත්වයක බ්ලොග්කරුවන් අතරම ප්‍රශ්න ඇති වීම ඉච්ඡා භංගත්වය නිසා ඇතිවූවක් බව මම විශවාස කරමි. //

    පුයන්න කයන්න තමයි!

    ඔහෙලා මහ ලොකු ටොයියෝ කියලා හිතන් ඉන්න එවුන් උපාදි කටු පෙන්නලා, නැති සිවිල් බලයක් බලෙන් ම ලබාගෙන යහපාලනේ ගේන්න කියලා ටෝක් දුන්නාට, එවුන් ප්‍රොෆයිල් තියාගෙන ඇනෝ ඇවිත් බ්ලොග් ලියනා අනෙකුත් ඈයන් හට කෙලින වර්ගයේ අන්තිම පහත් වෙන්ඩ ටොයියන් බව පැහැදිලි ය!

    බ්ලොග් ලෝකේ ආරෝපිත චරිතයන් ය.

    වෙනත් බ්ලොග් කරුවෙකු ගේ සාර්තකත්වය බලා ඉන්න බැරි වුනාම ඊරිසියාවෙන් පෙලී ඇනෝ ඇවිත් බුල කෙලලා අහු වුනාම දර්මයට මාරු වෙන කෙලින් කතා නොකරන .. කෙලින් තව කෙනෙකු ගේ ඇස් දෙක දිහා බලන්න බැරි සියල්ල දත් මම පොර ජාතකේ සිටිනා තට්ට ශර්ලොක් හෝම්ස් ලා ය!


    ඉච්ඡා භංගත්වය my foot!






    ReplyDelete
    Replies
    1. කාටද ජයමගුල් කියන්නේ...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. අවවාදයයි ;මේ සාකච්ඡාවේදී ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ

      Delete
    4. //කාටද ජයමගුල් කියන්නේ... //

      එක යහපාලනේ කෑවට බොක්ක වෙනස් නේ....
      :D

      //මලිත්ට ගැහුවම චන්චලා අඬන්නේ මොකෑ මේ//
      දුක ට නේ ඇනෝ....

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. උඹැහැ මෙතන පෙට්‍රොල් ගහන්න ආවැයි?

      Delete
    2. අවවාදයයි ;මේ සාකච්ඡාවේදී ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  5. දයාල් බතී අපට බලපාන සැබෑ ප්‍රශ්න ගැන සඳහන් කරන අතර, ඇනො කොමෙන්ට් නිසා වල්ගය පාගා ගෙන ඇති "මං පොර තග් ජනයෙක්" ගැන කොචෝක් පාරක් ද දමයි. සත්‍ය වශයෙන්ම රටේ කතාකිරීමට ඇති තරම් ප්‍රශ්න තියෙද්දි, පුද්ගලික බ්ලොගයක තමන්ට අවාසි විදියට පලවූ කොමෙන්ටුවක් අල්ලාගෙන කුනුහරුප මඩ බ්ලොග් පලකරන ඊනියා බ්ලොග් වීරයන් ගැන නම් ඇති වෙන්නෙ පිලිකුලකි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්