Followers

Monday, September 26, 2016

ටොයියන් ලවාම ටොයින්ට බැස්ටිය දීමද අලුත්ම ගේම් එක?


අලුත්ම කට උලුක්වෙන ටයිටල් කියවමින් හොඳම ශ්‍රී ලාංකිකකයා තේරීමේ අද දෙරන රූපවාහිනි ශෝ එකේ සාධණීය ලක්ෂන නැතුවා නොවේ. අප සාමාන්‍යයෙන් අවධාරනය නොකරන පැතිවල සිට ජනයාගේ ජීවන තත්වය උසස් කරලීමට සිය කාලය ශ්‍රමය කැප කරන උසස් මිනිසුන් කරන කියන දේ අගය කරලීමට ඇරඹීමම සාධණීය කරුනකි.  සංගාට හා ප්‍රසිද්ධ අයට මෙය ලැබීම පුදුමයක් නොවන අතර දේශපාලකයින් නොමැතිවීම සතුටට මෙන්ම භීතියටද කරුනකි. විසික්ක වෙච්ච අය එහෙන් මෙහෙන් පෙන්වීම ටිකක් සැකයට හේතුවකි.
පසුගිය මැතිවරණයෙන් පනගැසුණු ජාතිකවාදයට වඩා තම රටට ආදරය කරන ගතියේ වාසිය මේ රූපවාහිනි නාලිකාව අරගෙනදැයිද සිතුනා. කෙසේ හෝ මේ ආකල්ප, ජාතිවාදය හා මිතුරු, ලඟම ගනුදෙනුකරුවන් බව අපි දනිමු. 

විගා උතුරේ කරන්නේ  වෙන් කරන මුදල්වත් ජනයාගේ යහපත් වෙනුවෙන් යෙදවීම නොව ජාතිවාදය ඇවිස්සීම බව පෙනේ. දෙමල සිහල සමගිය ඇතිවිය යුත්තේ තමන් කැමති- එනම් ජාතිභේදය අවුස්සන  දකුණේ පාලනයක් යටතේ පමණය යන්න ඔවුන්ගේ දර්සනය බව පෙනේ. දෙරනේ  විශිෂ්ටයින්ගේ සංගීතය යටින් දිවෙන හීන් නූල මෙයදැයි අවධානයෙන් සිටිය යුතු වෙමු. බයියන්ගේ අමුම අමු ජාතිවාදය දැන් අමු වැඩිය. එහෙම බැරි නම් මෙහෙම යමු කියා සිතා
 අලුත් පාරක යන්න සිතාගෙන වගේ.

එමෙන්ම මගේ ඉරිසියාකාර කුහක හිතට විස සහිත හිතිවිලිත් ආවා, 
එනම් ඇති හැකි,
ඉංග්‍රීසිය වහරන අයට එන්න එන්න යයි 
ආමන්ත්‍රනය කරන අතර 
බැරි බැරි අය 
රටෙන් එපිටටම තල්ලු කරන අතර 
මැද පෙරදිගට හෝ 
කොයි දීපංකරේක හෝ 
ගොස් සල්ලි හොයාගෙන විත් 
ටී වී එකක් අරගෙන අප කරන කියන දේ බලපල්ලා.


9 comments:

  1. දයල් කලින් දවසක් බලන්න යැයි කියූ වැඩසටහන තාම බලන්න බැරි වුණා.

    මේවා නම් බැලෙන එකක් ම නෑ.

    ගෙදරට දෙරණ චැනලය ගත්තා ද?

    ReplyDelete
  2. දයල්....මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එක...

    ReplyDelete
    Replies
    1. අද දෙරණ Sri Lankan of the year

      Delete
    2. http://www.derana.lk/Sri-Lankan-Of-the-Year-2016&vid=16705&page=1

      Delete
  3. ජාතිවාදයට හෝ අන්තවාදයට සිංහල , දෙමළ , මුස්ලිම් කියා ආත්මයක් නැත​. ඒවා විශබීජ මෙන් බැහැර කල යුතුය​.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම!!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්